අට සිල් බැරි නම් පන්සිල් වත්...

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අට සිල් බැරි නම් පන්සිල් වත්...

    බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි,
    "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා.

    අට සිල්නෙ අමාරු අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු
    වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන් කරගැනීම අවශ්‍යය නැහැ. පන්සිල් රැකීම ඇත්තටම ඔය
    කියන තරමටම නිර්වාණයට අදාල ප්‍රතිපත්ති පූජාවක් ද?

    අපි උදාහරණයක් ගමු,

    ඔබව මදුරුවෙක් කනවා, ඔබට මදුරුවව මරන්නම හිතෙනවා නමුත් ඔබ මදුරුවා මරනව ද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔබට ආපු
    ඒ හැඟීමේ ඔබට පාලනය කරන්න පුලුවන් ද බැරිද කියන එක අනුවයි. ඔබට ඒ එන සිතිවිල්ල පාලනය කරලා මදුරුවා මරන එක
    නවත්තගන්න පුලුවන් කියන්නෙ ඔබ ඒ හැඟීම අත් හරිනවා.

    ඔබ දකිනවා පාරේ යන මනුස්සයෙක්ගෙන් රුපියල් 2000ක් බිම වැටෙනවා. ඔබ ඒක අහුලලා දෙනවාද නැත්තන් නිශ්ෂබ්දව ඉඳලා අහුලලා
    සාක්කුවෙ දාගන්නවා ද කියලා තිරණය වෙන්නෙ ඔබට ඒ මුදලට ඇති ආශාව සමහ ආපු සිතිවිල්ල අත් හරින්න පුලුවන් ද කියන එක මතයි.
    ඔබට පුලුවන් නම් කතා කරලා කියන්න මෙන්න සල්ලි බිම වැටිලා කියලා ඔබ ඒ 2000 මනසින් අත් හැරියා. ඒ 2000 අරගෙන කරන්න
    පුලුවන් කියලා හිතට ආපු ආශාවල් අත් හැරියා.

    ඔබට හිතෙනවා ඔබේ බිරිදගේ මිතුරියක් සමඟ හාද වෙන්න. නමුත් ඔබට පුලුවන් නම් ඒ හැඟීම පාලනය කරන්න ඔබ තුල බිරිඳගේ මිතුරිය
    ගැන ඇති උන ආශාව ඔබ අත් හරිනවා.

    මේ ආදී වශයෙන් පංච ශීලය ආරක්ෂා කිරීම තුල නිතැතින් ම ඔබව අත් හැරීමට පුරුදු කරනවා. අත් හැරීම කියන්නෙ භෞතික වශයෙන් තමා
    සතු දෑ අත් හැරීම ලෙසයි බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ, නමුත් බුදු දහමේ කියා දෙන අත් හැරීම යනු භෞතික සම්පත් කෙරෙහි
    ඇති ආශාවන් මනසින් අත්හැරීමයි. බුදු රජාණන් වහන්සේ පවා මෙය සංසාරය තුල ක්‍රමයෙන් පුරුදු කළ අයෙක්.

    ඔබ රැස් කරගන්නට වඩා කැමති පින් වුවත් වඩා වැදගත් වන්නේ කුසලයයි. පින කියන්නෙ මාසික වැටුපක් නම්, කුසලය කියන්නෙ රැකියාවයි.
    රැකියාව ඇත් නම් වැටුප තියෙයි. රැකියාව කියන්නෙ වැටුප් ඉපයීමට ඇති හැකියාවයි.

    ඉතින් ඔබම හිතන්න මෙයට ඔබේ කාලයෙන් අමතර ප්‍රමාණයක් වැය කරන්නට අවශ්‍යය නැහැ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී හොඳ දේ කරන
    ප්‍රතිපත්තිය අනුගමනය කරන්න, එවිට ඔබට සම්මතයට පටහැනී දෑ අත් හරින්නට සිදු වේවි අන්න එය ඔබව නිරන්තරයෙන් ම ඔබට නොදැනීම
    "මනසින් අත්හැරීම" ට පුරුදු කරාවි. හිතන්න , අපි මේ පාරත් වෙසක් සමරන්නෙ ඔලුබක්කො නටල ද? එසේත් නැත්තම් බුද්ධිමත් ලෙස
    බුදු දහම අවබෝධ කරගෙන අත් හැරීමට මනස පුරුදු කිරීමෙන් ද? තීරණය ඔබේ අතේ...



    www.himakalhara.info
    කලිනුත් පල කරපු ලිපියක කොටසක් නැවත පල කරනවා
     
    • Like
    Reactions: MNV

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    බොහොම වැදගත් අද පෝය දවසේ මෙවැනි අදහසක් ගෙන ආවට...නමුත් මම දන්න දෙයක් තියනවා ඉස්සර මම යම් ආයතනයක ඉගන ගන්න දවස් වල එහි ගුරු වරු අපිට INTERNAL execricise( මෙය භාවනාවකට සමාන නමුත් භාවනාවක් නොවෙයි) පැය තුනකට වඩා කරන්න එතකොට තමයි අපි බලාපොරොත්තු වන ප්‍රථිපල අත්කරගන්න පුලුවන් වෙන්නේ කියලා උපදෙස් දුන්නා.. ඒ දවස් වල අපි පැයක් කලා. සංසදයෙන් ඉවත් උනාට පස්සේ කාලයක් යනකං පැයක් කෙසේ වෙතත් විනාඩි 45ක් කලා ඒක විනාඩි 30ට බැස්සා කාලෙකදි. දැන් පැය බාගෙවත් කරගන්න බැරුව ඇග ගැහෙනවා.. උත්සහය නැතිඋන තැනදි අපිට ඒ කාලේ ලැබුණ තිබුණ හැකියාවන් දැන් අහලක වත් නෑ.....