අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්
අඩි 9 ක් උස ගංජා ගස් දෙකක් පොලීසියෙන් අල්ලයි - ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි
දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්රදේශයේදී වී මෝලක් පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය පවසයි.
අඩි නමකට පමණ උසැති මෙම ගංජා ගස් 2 මෙතෙක් හමු වී ඇති විශාලම ගංජා ගස් දැයි පොලිසිය සැක කරයි.
අති විශාල වශයෙන් එහි කඳ ප්රදේශය වැඩී ඇති බවද පොලිසිය ප්රකාශ කළේය.
සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී කියා ඇත්තේ තමන් වී මෝලේ සේවය කරන අයකු බවත් මෙම ගස් දෙක එම ස්ථානයේ කාලයක් සිට තිබුණු බවත් ඒවා ගංජා ගස් බවට තමන් හඳුනා නොගෙන සිටි බවය.
පොලිසිය කියා සිටියේ ගංජා ගස් දෙකක් පිළිබඳව ප්රදේශවාසියකු විසින් ලබාදුන් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ගංජා ගස් දෙක සොයාගත් බවය.
කෙසේවෙතත් බැලූ බැල්මට මෙම ගංජා ගස් දෙක මොහු විසින් වගා කළේ ද එසේත් නැත්නම් එම ස්ථානයේ පැළ වී තිබූ එකක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශය උප පොලිස් පරීක්ෂක ඒතී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකළහ.