අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අඩි_9_ක්_උස ගංජා ගස් දෙකක්

    අඩි 9 ක් උස ගංජා ගස් දෙකක් පොලීසියෙන් අල්ලයි - ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි


    දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්‍රදේශයේදී වී මෝලක් පිටුපස සිටුවා තිබූ විශාල ගංජා ගස් දෙකක් සමඟ සැකකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය පවසයි.

    අඩි නමකට පමණ උසැති මෙම ගංජා ගස් 2 මෙතෙක් හමු වී ඇති විශාලම ගංජා ගස් දැයි පොලිසිය සැක කරයි.

    අති විශාල වශයෙන් එහි කඳ ප්‍රදේශය වැඩී ඇති බවද පොලිසිය ප්‍රකාශ කළේය.

    සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ තමන් වී මෝලේ සේවය කරන අයකු බවත් මෙම ගස් දෙක එම ස්ථානයේ කාලයක් සිට තිබුණු බවත් ඒවා ගංජා ගස් බවට තමන් හඳුනා නොගෙන සිටි බවය.

    පොලිසිය කියා සිටියේ ගංජා ගස් දෙකක් පිළිබඳව ප්‍රදේශවාසියකු විසින් ලබාදුන් තොරතුරක් අනුව වැටලීම සිදුකොට ගංජා ගස් දෙක සොයාගත් බවය.

    කෙසේවෙතත් බැලූ බැල්මට මෙම ගංජා ගස් දෙක මොහු විසින් වගා කළේ ද එසේත් නැත්නම් එම ස්ථානයේ පැළ වී තිබූ එකක්ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කරයි.

    අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

    දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශය උප පොලිස් පරීක්ෂක ඒතී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකළහ.



    1528953827-ff_LL.jpg
     
    • Like
    Reactions: djnick

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව
     
    • Like
    Reactions: Rockstar Athelete

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.:lol:

    අපේ දේශපාලුවන්ට පුලුවන්නම් දන්නේ නෑ, මතක නෑ කියන්න.
    අපිටත් පුළුවන් වෙන්න ඕනා :lol:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,154
    547
    113
    Dubai
    පලාතේ කොල්ලෝ ඔක්කොම දුක් වෙනවා ඇති කව්රුත් මේ ගැන දන්නේ නැතුව හිටියා නම්. නැත්නම් ඔය ගස් දෙකේ මුල් වත් හොයා ගන්න වෙන්නේ නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "ඒ බැංකුවක් කියලා දැන් හිටියේ නෑ'' වික්කම සිංහ කීය.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනේ පව් මෙහෙම අහිසකයො තමයි අල්ල ගන්නෙ අර මහ බැකුව කඩපු පොන්න රනිලයි ඒක කඩල සල්ලි ගත්ත 118යි සපාන් එකේ ඉන්නව

    :lol::lol::lol::(:(:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගංජා ගස් කියලා දැනගෙන හිටියේ නෑ සැකකරු කියයි.:lol:

    ඇත්තටම ඒ ගස් ගංජා කියලා ඌ නොදැන ඉන්නත් පුලුවන්...
    අඹ ගහක් කොස් ගහක් පොල් ගහක් වගේ සමීපව ගංජා ආශ්‍රය කරන උන්ට නම් ගව්වක් එහා පැළයක් උනත් ස්කෑන් වෙනවා..
    ගංජා ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්න කෙනෙකුට ඕක තවත් ගහක් විතරයි... අඩි 9ක් උසට වගා කරන්න මොකෝ ඌ මෝල්ගහක්වත් හදාගන්න වගා කරන එකක්‍ නෙවෙයිනේ 😀😀
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇත්තටම ඒ ගස් ගංජා කියලා ඌ නොදැන ඉන්නත් පුලුවන්...
    අඹ ගහක් කොස් ගහක් පොල් ගහක් වගේ සමීපව ගංජා ආශ්‍රය කරන උන්ට නම් ගව්වක් එහා පැළයක් උනත් ස්කෑන් වෙනවා..
    ගංජා ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්න කෙනෙකුට ඕක තවත් ගහක් විතරයි... අඩි 9ක් උසට වගා කරන්න මොකෝ ඌ මෝල්ගහක්වත් හදාගන්න වගා කරන එකක්‍ නෙවෙයිනේ 😀😀


    :yes::yes::yes::yes:


    ඌ දැනගෙන හිටියනම් ඕක ඔච්චර ලොකු වෙනකන් තියෙන්නෙ නෑ . ඔත්තුව දීපු ප@ය කව්ද දන්නෙ නෑ . කොහොමද ඕක තව අවුරුදු 10ක් 15ක් ලොකු උනානම්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes::yes::yes:


    ඌ දැනගෙන හිටියනම් ඕක ඔච්චර ලොකු වෙනකන් තියෙන්නෙ නෑ . ඔත්තුව දීපු ප@ය කව්ද දන්නෙ නෑ . කොහොමද ඕක තව අවුරුදු 10ක් 15ක් ලොකු උනානම්


    ratatama denna tibba
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර ලස්ස තිස් ගානක් ගත්තු එකාට කට උත්තරයක්වත් නැහැ. මේ වගේ අහිංසකයෙක්ට තමයි ඔක්කොම, ඒ දිංගට උසාවිත් දාල. තැලෙන යකඩෙ දැක්කම පැණ පැණ තලනව කියන්නෙ ඕවට තමයි
     

    Similar threads