අඩී දියවැඩියාව කියපන්කො

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දියවැඩියාව ගැන මමත් සෑහෙන alert එකේ ඉන්නේ, මොකද අපේ අම්මටයි තාත්තටයි, දෙපැත්තෙ ම පවුල් වල සෑහෙන දෙනෙකුට දියවැඩියාව හැදිලා තියෙන්නේ. පසුගිය මාස කීපය ඇතුලත මම සෑහෙන විස්තර ටිකක් හොයා ගත්තා දියවැඩියාව ගැනයි, weight loss ගැනයි. පෙබරවාරි මාසයේ අග කිලෝ 82 ක් විතර හිටපු මම දැන් ඉන්නේ කිලෝ 62 යි.

    දියවැඩියාව හැදෙනවා කියලා මේ හැදෙන්නේ Type 02 diabetes කියන ප්‍රභේදය. ඒකෙදි, ඇගේ ඉන්සුලින් හැදෙනවා, නමුත් ඒ හැදෙන ඉන්සුයිලින් භාවිතයට ගන්න බැරි වෙනවා. ඒකට කියන්නේ insulin resistance කියලා. උඹට ඔය ඇවිල්ල තියෙන්නෙ insulin resistance කියන එක. ඉකමනට ක්‍රියාත්මක උනොත් මේක නැති කරගන්න පුළුවන්. Insulin resistance අවම කර ගන්න කරන්න පුළුවන් හොදම දේ තමයි, කෑම පාලනය සහ ශරීරයේ බර නිසි පරිදි පවත්වා ගෙන යන එක. ඔය එක එක බෙහෙත් වර්ග ගන්න කලින් මේ ටික කරලා බලපන්කෝ.

    BMI එක 23-18 range එකේ තියා ගන්න ඕනෙ. දැනට එහෙම නැත්නම්, හොඳ ඩයට් plan එකක් එක්ක workout කරන්න පටන් ගන්න. උඹට දියවැඩියාවෙන් බේරෙන්න සෑහෙන උවමනාවක් තියෙනවා නේද? ඒක සම්පූර්ණයෙන් ම මේ උඩින් කිව්ව දෙක මත රඳා පවතිනවා කියලා හිතා ගෙන කැපවීමෙන් වැඩ කරන්න.

    සීනි කෑම සම්පූර්ණයෙන්ම අතහරින්න වෙනවා. සම්පූර්ණයෙන්ම කියන්නෙ සම්පූර්ණයෙන්ම. පාන් පිටි සහ පාන් පිටි අඩංගු ආහාර කන එක නවත්තන්න වෙනවා. බත් කන එක අඩු කරන්න වෙනවා. මම බත් කන එක අඩු කරේ ටිකෙන් ටික. මුලින් කලින් කෑව ප්‍රමාණයෙන් 1/2 යි, ඊලගට 1/4 යි, පස්සෙ පොල්කටු හැඳි 01 යි. ඒ අඩු වෙන බත් ප්‍රමාණයට හරි යන්න එළවළු, පලා වර්ග, මස් මාළු බිත්තර බෙදා ගන්න. පිෂ්ටය තියෙන ආහාර ගොඩක් ම අඩු කරන්න(අල, බතල etc), කිරි බොන එක නවත්තන්න වෙනවා(කිරි පිටි including fresh milk). පලතුරු කනවා නම් ටිකක් කන්න, seeds nuts අවුලක් නෑ. හවසට කෝපි එකක් බොන්න සීනි නැතුව. Green tea ත් හොඳයි. හැබැයි මුලින් කිව්ව වගේ කන කිසිම කෑමකට සීනි ගාවගන්න එපා. බිස්කට් කිසි දෙයක් කන්න එපා. මොකද පිටි කනවා කියන්නෙ කෙලින්ම සීනි කනවා වගේ තමයි. මෙහෙම ටික දවසක් කරාම ඉබේම සීනි නැති කෑම වලට කට හුරුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පැණි රස ඕනෙම යි කියල හිතුනොත් පළතුරු මොනවා හරි පොඩ්ඩක් කන්න. බර අඩුකරන කිසිම බෙහෙතක්, කෘතිම කෑම වර්ග, දියවැඩියාවට හොඳයි කියන කෘතිම බෙහෙත් වර්ග ගන්න එපා මේ ටික කරනවා නම්.

    මුලින් මේ වගේ diet plan එකකට යන්න සෑහෙන අමාරු වෙයි, ඇයි ඉතින් අවුරුදු ගානක් පැණි රස සහ පිටි කෑම කාල කාල මේවා කන්න ගත්තම මොන මගුලක්ද කියල හිතෙයි. එහෙම හිතුනොත්, මේව කරාම උඹේ ශරීරයට ලැබෙන හොඳ දේවල් ගැන හිතලා motivate වෙයන්. ඔය කන්න එපා කියපු දේවල් ශරීරය ලෙඩ කරවන විශ සහිත කෑම කියල හිතපන්. මම නම් එහෙම කරේ. අනික් දේ තමයි, උඹ ඔහොම diet control කරනවා දැකලා සමහර එවුන් උඹව අධෙර්යමත් කරන්න එක එක බක පණ්ඩිත කතා කියාවි. මට නම් ඒක සෑහෙන්න උනා. “ඔහොම කාල පුළුවන්ද? ඔහොම කන්න ජීවත් වෙලා මොකටද? මේ කාලෙ හොඳට කාලා බීලා ඉන්න ඕනේ, ඔහොම පොඩ්ඩක් කාලා තව වෙන ලෙඩ හැදෙයි, ඔහොම කාල හරියන්නෙ නෑ ඔය ලෙඩේට බෙහෙත් ටිකක් ගන්න” වගේ එක එක කතා. ඒ කතා වලට sensitive වෙන්න නම් එපා. හැම වෙලාවෙම හිතපන් මේ ටික කරාම උඹට තව මාස කීපයකින් ලැබෙන හොඳ දේවල් ටික ගැන.

    මීට අමතරව, intermittent fasting කියන එකත් හොඳයි. ඒක දියවැඩියාව විතරක් නෙමේ පිළිකාව, High blood pressure, cardiovascular diseases වගේ ලෙඩ ගොඩකට හොඳයි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ කෑම කන එක දවසේ පැය කිහිපයකට විතරක් සීමා කරන එක. උදාහරණයක් විදිහට, දවසේ පැය 8 ක් විතරක් කෑම කනවා, ඉතුරු පැය 16 නොකා ඉන්නවා, වතුර විතරයි. උදේ 8 ට කෑවොත්, දවල්ට කනවා 1 කට විතර, ආයෙ 4 විතර මොනවා හරි snack එකක් ගන්නවා. ඊට පස්සෙ වතුර විතරයි පහුවදා උදේට කනකන්. හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් මේක කරන්න බෑ. මම මේකත් කරා, හැබැයි බර සෑහෙන ප්‍රමාණයක් අඩු වුනාට පස්සෙ සහ අඩුවෙන් කන්න පුරුදු උනාට පස්සෙ. මුලින් එක පාරට නම් මේක කරන්න අමාරු වෙයි.

    BMI එක 22 කට වගේ ගෙනාවට පස්සෙ, මෙහෙම strict විදිහට diet control කරන්න ඕනේ නැතිවෙයි.

    මේ ගැන motivate වෙන්න තව උදාහරණයක් දෙන්නම්. අපේ බාප්ප කෙනෙක් ඉන්නවා. පොරට දියවැඩියාව හැදිලා දැන් අවුරුදු 20 ක් විතර වෙනවා. හැදුන කාලෙ ඉදන්ම පොර හොඳට diet control කරා, බර සෑහෙන්න අඩු කරගත්තා. අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම metformin නැතුව, fasting blood sugar 110 ට අඩුවෙන් තියෙන්නේ. හැබැයි තාමත් diet control හොඳට ම කරනවා.

    මෙච්චර ලොකුවට comment එකක් type කරේ, කවුරුහරි මේක දැකලා තමන්ටම හොඳ දෙයක් කරගනී කියලා හිතලා. දියවැඩියාව නම් හදා ගන්න එපා මචන්ලා, දියවැඩියාව හැදුනා කියන්නේ ඒකත් එක්කම තෑග්ගක් විදිහට Blood pressure ත් එනවා. අම්මයි තාත්තයි බොන බෙහෙත් කන්ද දැක්කම මට සෑහෙන්න අවුල් බන්.

    මේ තියෙන්නෙ මගෙ Mi body composition scale එකේ මන් ගැන පෙන්නන data.


    Screenshot_2020-11-08-23-56-59-958_com.xiaomi.hm.health.jpg
    Screenshot_2020-11-08-23-57-04-713_com.xiaomi.hm.health.jpg

    Screenshot_2020-11-08-23-57-09-412_com.xiaomi.hm.health.jpg
    Screenshot_2020-11-08-23-57-15-313_com.xiaomi.hm.health.jpg

    Screenshot_2020-11-08-23-57-22-797_com.xiaomi.hm.health.jpg
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Okkoma baluwe naa ... Titel eka dakala baluwe ....



    Citrus Begmot kiyala Italy wala grow wena orange ekak thiyanawa eke peel eka extrac thiyanawa Iherbs.com eken ganin .. Jarrow kiyanne hoda brand ekak

    Okata ambanaka kettu wei.. sugar choleterol adu wei...

    Ashwagandha balapan.... thawa elakiri eke thibba ewa karapan... Habai mama kiwwa supplement eka nam okata patta... ape tatta metrformin bonawa 10years FBS around 130.. With metformin..

    Without metformin along with the supplement tatta 80wata bassa ..... Sugar .. patta ...
    habai ape tatta padiya. ..a nisa choleterol walata statin beth bonawa ..so ewata sugar wadi wenawa ..and he stopped the treatment as he found its not from doca ..kiyala lol .... now back to shetee metformin and crestor (for cholesterol)
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    මම.අද චෙක් කලා මචන් 105 යි.මේක තව අඩු කරන්නේ කොහොමද?
    Ubata pre diabetes, ikmanata bara adu karaganin suger kana eka nawaththapan. bath, piti kana eka adu karapan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම.අද චෙක් කලා මචන් 105 යි.මේක තව අඩු කරන්නේ කොහොමද?

    උබ ඉන්නෙ prediabetesවල මුල් අවදියෙ නිසා ලොකු අවුලක් නැති වෙයි. පැනි රස කෑම පුලුවන් තරම් අඩු කරපන්, තේ බොනවා නම් සීනි තේ හැදි එකක් විතරක් දාලා දවසටම තේ දෙකක් බීපන්, හැමදාම ජිම් එකකට ගිහින් හෝ ගෙදර අවම විනාඩි 40 ව්‍යායාම කරපන්.

    තව මාස තුනකින් FBS සහම HBA1c ටෙස්ට් දෙකම හොද තැනකින් (ex: ආසිරි වගේ) කරලා බලපන්.

    • Fasting blood sugar test. A blood sample will be taken after an overnight fast. A fasting blood sugar level less than 100 mg/dL (5.6 mmol/L) is normal. A fasting blood sugar level from 100 to 125 mg/dL (5.6 to 6.9 mmol/L) is considered prediabetes. If it's 126 mg/dL (7 mmol/L) or higher on two separate tests, you have diabetes.
    Source: https://www.mayoclinic.org/diseases-conditions/diabetes/diagnosis-treatment/drc-20371451
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ගොඩ දාගන්න පුලුවන්ද?
    oya kiyala thiyena tika karapan, goda daganna puluwan, research walin hoyagena thiyenawa, uba over weight nam ube den weight eken 10% adu karaganna puluwan nam ikmanain pre-diabetes reverse karanna puluwan kiyala.
     
    • Like
    Reactions: Kolama

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මම ගිය 06 වෙනිදා ( 06-11-2020) Blood Sugar බැලුවා
    එදා තිබුනෙ 231ට (FBS)

    ඇඩ බලදිදි 112ට අඩු වෙලා කියපන්කූ

    මම දන්නව අඩු වෙනවා කියලා. එත් මෙච්චර අඩු වෙයි කියල හිතුවෙ නෑ.
    හැබැයි මම ගොඩක් කෑමෙන් පරිස්සන් උනා.

    සීනි ඇටයක්වත් පාවිච්චි කලේ නෑ,
    රතු කැකුලු බත් කෑවෙ. වෙනදා කන වෙහෙර වගේ බත් එකේ ප්‍රමානය අඩු කෙරුවා.
    උදෙට රතු බත් හෝ කුරක්කන් රොටී, කුරක්කන් පිට්ටු, කවුපි, රතු බොන්චි, රතු කැකුලු කිරිබත් කෑවා.
    දවල්ට රතු බත් එක්ක, පරිප්පු, නිවිති, බොන්චි, කොල මැල්ලුම් තමා ගොඩක් කෑවෙ. දවස් 2ක් ඇරෙන්න අනිත් හැමදාම පොලොස් උයලා කෑවා.
    රෑට ගෝවයි, බොන්චි තම්බල කෑවා. එකම දවසක් බිත්තරයක් බැදලා කෑවා.

    බීම: කහට, බාර්ලි, කොතමල්ලි
    පලතුරු: ජම්බොල, ලාවට ඉදුනු දිවුල්, ඇබුල් කෙසෙල්, කාමරන්ගා.
    බිස්කට්: cream cracker

    ඉට අමතරව Doctor දුන්නු මෙම බෙහෙත් ගත්තා.

    Morning - Night: Metformin 500mg | MSJ yellow Tab 01 | තව white color half tablet
    Morning - gliclazide 40mg
    Night: becozinc
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මම ගිය 06 වෙනිදා ( 06-11-2020) Blood Sugar බැලුවා
    එදා තිබුනෙ 231ට (FBS)

    ඇඩ බලදිදි 112ට අඩු වෙලා කියපන්කූ

    මම දන්නව අඩු වෙනවා කියලා. එත් මෙච්චර අඩු වෙයි කියල හිතුවෙ නෑ.
    හැබැයි මම ගොඩක් කෑමෙන් පරිස්සන් උනා.

    සීනි ඇටයක්වත් පාවිච්චි කලේ නෑ,
    රතු කැකුලු බත් කෑවෙ. වෙනදා කන වෙහෙර වගේ බත් එකේ ප්‍රමානය අඩු කෙරුවා.
    උදෙට රතු බත් හෝ කුරක්කන් රොටී, කුරක්කන් පිට්ටු, කවුපි, රතු බොන්චි, රතු කැකුලු කිරිබත් කෑවා.
    දවල්ට රතු බත් එක්ක, පරිප්පු, නිවිති, බොන්චි, කොල මැල්ලුම් තමා ගොඩක් කෑවෙ. දවස් 2ක් ඇරෙන්න අනිත් හැමදාම පොලොස් උයලා කෑවා.
    රෑට ගෝවයි, බොන්චි තම්බල කෑවා. එකම දවසක් බිත්තරයක් බැදලා කෑවා.

    බීම: කහට, බාර්ලි, කොතමල්ලි
    පලතුරු: ජම්බොල, ලාවට ඉදුනු දිවුල්, ඇබුල් කෙසෙල්, කාමරන්ගා.
    බිස්කට්: cream cracker

    ඉට අමතරව Doctor දුන්නු මෙම බෙහෙත් ගත්තා.

    Morning - Night: Metformin 500mg | MSJ yellow Tab 01 | තව white color half tablet
    Morning - gliclazide 40mg
    Night: becozinc

    Machan umbe age eka kohomada ?
    Diabetes hadila kochchara kalda ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    මීට අමතරව, intermittent fasting කියන එකත් හොඳයි. ඒක දියවැඩියාව විතරක් නෙමේ පිළිකාව, High blood pressure, cardiovascular diseases වගේ ලෙඩ ගොඩකට හොඳයි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ කෑම කන එක දවසේ පැය කිහිපයකට විතරක් සීමා කරන එක. උදාහරණයක් විදිහට, දවසේ පැය 8 ක් විතරක් කෑම කනවා, ඉතුරු පැය 16 නොකා ඉන්නවා, වතුර විතරයි. උදේ 8 ට කෑවොත්, දවල්ට කනවා 1 කට විතර, ආයෙ 4 විතර මොනවා හරි snack එකක් ගන්නවා. ඊට පස්සෙ වතුර විතරයි පහුවදා උදේට කනකන්.

    UP
     

    nidarsha91

    Well-known member
  • last Saturday (29-01-2022) FBS
    View attachment 158953
    Machan aiye. FBS eka hodai. FBS eke results hoda una widiya uba dannanwane neda... A nisa hithata hodatama kick wenna HBA1C ekakuth karagaththa nan thamai hariyatama hari. Mokada FBS ekata cheat karanna lesi. Habai HBA1C ekata cheating harima amarui. Eeken aththama controlling hoyaaganna Puluwan.

    Suwen hitapan Brother !