~~//...අඩු වයසින් බැන්දොත් කෙලවෙනවලු..!!!
අඩු වයස් විවාහ 70% ක් අසාර්ථකලු!
දිනමිණ 27-03-2012 -සන්ධ්‍යා කරුණාරත්න
අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සියයට 70 ක් අසාර්ථක බව සමීක්ෂණ වාර්තාවකින් හෙළි කර තිබේ.
විශේෂයෙන් පේ‍්‍රම සම්බන්ධතා මත වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන්ගේ විවාහ ජීවිතවලින් සාර්ථක වී තිබෙන්නේ සියයට 30 ක් වැනි අඩු ප්‍රමාණයක් බව ද මේ සමීක්ෂණයෙන් හෙළි කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සක්යා සරසවි අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි වෙමින් ඇමැතිවරයා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පෙරේදා (25) මේ බව ප්‍රකාශ කළේය. අඩු වයසින් විවාහ වන මේ පුද්ගලයන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට කරුණු බොහොමයක් බලපාන බව ද ඇමැතිවරයා කීය.
ස්ථිර රැකියාවක් නොමැති වීම, අඩු ආදායම්ලාභීන් වීම, අඩු අධ්‍යාපනය ලැබූවන් වීම, දෙමාපියන්ගේ කැමැත්තකින් තොරව හා අනවබෝධය මත විවාහ වීම යනාදී කරුණු ඔවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වීමට බලපා තිබේ.
මෙරට මාතෘ හා ළමා මරණ ප්‍රමාණය ඉහළ යාමට ද අඩු වයසින් විවාහ වීම බලපාන අතර අඩු බර දරු උපත්, මවට හා දරුවාට මන්දපෝෂණය ඇති වීම යනාදී කරුණු ද මෙයට හේතු වේ.
නිසි අවබෝධයක් නොමැතිව විවාහ වීම මත බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ද ඇමැතිවරයා පැවැසීය. අඩු වයසින් විවාහ වන පුද්ගලයන්ගේ විවාහ ජීවිත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා දෙමාපියන් මැදිහත්ව උපදෙස් ලබා දිය යුතු බවත්, මෙවැනි විවාහ වළක්වා ගැනීම සඳහා දෙමාපියන් දරුවන් ගැන හොඳ අවබෝධයකින් හා විමසිල්ලකින් යුතුව කටයුතු කළ යුතු බවත් ඇමැතිවරයා කීය.