අඩු වියදමින් ගෙයක් හදන්න

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලංකාවෙ දේශගුනේට සිමෙන්ති ගල් ගැලපෙනවද? මැටි ගඩොල් සිසිලයි කියන්නෙ ඇත්තද? ඔය වැඩේ කරන්න දන්න ශ්‍රමිකයෝ ඉන්නවද? ලේබර් කොස්ට්‌ එක වැඩි නැද්ද?

    ලංකාවේ දැන් ගඩොල් හොයගන්න අඩුයි.. ඒ වගේම බාස් කුලී වැඩි.. මේ ගලින් ගෙවල් හදන එක කියල දුන්නම ඕන කෙනෙකුට කරන්න පුලුවන්.. මුල් ගල් පේලිය ලෙවල් කරගන්න තමා වෙලාව යන්නේ,, ඊට පස්සේ උබට උනත එක උඩ එක තිය තිය ග්‍රවුට් දාන්න පුලුවන්.. විඩියෝ එක බැලුවාම උබට තේරෙවි වැඩේ..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    foundation dala tie beem dala ita passe oya gadol waling apitath ganta beda ganna puluwun da..?

    foundation එකට කම්බි දාලා හරි base වලවල් හදල ටයි බීම් දාලත් මුල පටන් ගන්න පුලුවන්.. මුල් ගල් පේලිය බැන්දට පස්සෙ උබට උනත් දිගටම කරගන යන්න පුලුවන්.. විඩියෝ එක බැලුවම තේරෙයි..
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මචං මේ ක්‍රමෙන් සාමාන්‍ය කාමර දෙකයි සාලෙයි කිචන් එකයි බාත් රූම් එකයි කෑම කාමරෙකුයි තියන ගෙයක් හදන්න සියලු වියදම් සහිතව (බඩු වලට වියදම් + ලේබර් කොස්ට් +etc) කීයක් වගේ යයිද??

    කන්ට්‍රැක්ට් දීල ඕක හදවන්න පුලුවන්ද ලංකාවේ එහෙම කන්ට්‍රැක්ට් ගන්න කම්පැනි තියනවද?උඩ වියදම ඇහුවෙ මෙහෙම කන්ට්‍රැක්ට් දීල හැදුවොත් කීයක් යයිද කියලා තමා


    එක depend මචන්,දැන් නම් plan අදින company ම construction වැඩත් කරනවා , මුලින්ම හොද එහෙම දෙකම කරන company එකක් සෙට් කරගෙන (ෆ්බ් එකේ තියෙනවා page ) උන්ට ඉඩම පෙන්නපන් ඊටපස්සේ උබේ requiemnt එක කියපන් (කාමර ගාන හෙම, බිත්ති බදින්නේ මොන්වගෙන්ද අනන් මනං ඔක්කොම ) එහ්ටකොට මුලින්ම උන් floor plan එක ඇදල එවයි , floor plan එකේ තියෙනවා සම්පූර්ණ ගෙරටම යන square feet ගාන ,

    උන් ගෙදර හදන්න යන ගාන කියන්නේ අන්න ඒ sqft වලට අනුව , මගේ නම් sqft එකකට 4300ක් වගේ ගත්තා

    මුළු cost එක ගෙදරට = මුළු sqft * sqft එකකට උන් ය කරන ගාන




    එකට උබ agree උනොත් උන් සම්පූර්ණ එස්ටිමටේ එකක් එවයි , අන්න එකේ තියෙනවා බිත්ති බදින්න හෙම යන ගණන්



     
    • Like
    Reactions: Didy and Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    එක depend මචන්,දැන් නම් plan අදින company ම construction වැඩත් කරනවා , මුලින්ම හොද එහෙම දෙකම කරන company එකක් සෙට් කරගෙන (ෆ්බ් එකේ තියෙනවා page ) උන්ට ඉඩම පෙන්නපන් ඊටපස්සේ උබේ requiemnt එක කියපන් (කාමර ගාන හෙම, බිත්ති බදින්නේ මොන්වගෙන්ද අනන් මනං ඔක්කොම ) එහ්ටකොට මුලින්ම උන් floor plan එක ඇදල එවයි , floor plan එකේ තියෙනවා සම්පූර්ණ ගෙරටම යන square feet ගාන ,

    උන් ගෙදර හදන්න යන ගාන කියන්නේ අන්න ඒ sqft වලට අනුව , මගේ නම් sqft එකකට 4300ක් වගේ ගත්තා

    මුළු cost එක ගෙදරට = මුළු sqft * sqft එකකට උන් ය කරන ගාන




    එකට උබ agree උනොත් උන් සම්පූර්ණ එස්ටිමටේ එකක් එවයි , අන්න එකේ තියෙනවා බිත්ති බදින්න හෙම යන ගණන්




    එලම මචං රෙප් ++
    උබට කීයක් ගියාද ඔක්කොටම ?
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    අඩු වියදමින් ගෙයක් හදන්න

    මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට තමා තේරෙන්නේ ගෙදරක තියෙන වටිනාකම. ඉතින් ගෙයක් නැති අයත් හිතනවා ඇති අලුත් ගෙයක් හදන්න. දැනට ගෙයක් තියෙන අය හිතනවා ඇති ගේ පොඩ්ඩක් ලොකු කරන්න.. නැත්තං ලස්සන කරන්න.. දැන් ගෙදර ඉන්න නිසා වෙලාව තියෙනවානේ.. එහෙනං මේ ටිකත් කියවලා අදහසක් ගන්න.

    maxresdefault.jpg


    කොහොම උනත් ඉදිකිරීම් කියන්නේ නම් මිල අධික, කාලය නාස්ති වෙන හා වෙහෙසකාරී වැඩක්. ඉතින් නවීන තාක්‍ෂණයත් එක්ක අලුත් අලුත් අදහස් අලුත් අලුත් නිෂ්පාදනයන් සිදු වෙනවා. මං මේ කියන්නේ අන්තර් සම්බන්ධිත ගඩොල්. තේරුණේ නෑනේ. "Interlock Cement Block" කිව්වාම තේරුණානේ. මේකෙන් ගොඩනැඟිලි ඉදිකිරීම් සරල කිරීම සිදු වෙලා තියෙන්නෙ. මේ බ්ලොක්ගල් වල නිමි මුහුණැත නිසා මිල අධික හා කාලය නාස්ති කරන කපරාරු වැඩ කරන්න ඕනේ නෑ සාම්ප්‍රදායික විදියට සිදුකරන ඉදිකිරීම ටිකක් සංකීර්ණයි. සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් කරන්න අමාරුයි. සාම්ප්‍රදායික ස්ලැබ් භාවිතයෙන් තොරව මෙම ක්‍රමය මඟින් තට්ටු දෙකකට උනත් ගෙවල් හදන්න පුලුවන්. මේකත් එක්ක යන තව පෙරනිම් නිෂ්පාදනය ගොඩක් තියෙනවා. ඒ කිව්වෙ පෙර නිමි ස්ලැබ්, කොලම්, උලුවහු ජනෙල් වගේ ගොඩාක් දේවල්. හැබැයි ඉතින් ඒව නැතුව මේ ගඩොල් වලින් ලස්සන අඩු වියදම් ගෙයක් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඔය උඩ තියෙන්නේ ඒ විදියට ලංකාවේ හදපු ලස්සන ගෙයක රූපයක්.තව මේ ගැන පහල විඩියෝ එකකුත් තියෙනවා..

    ඉස්සර වගේ බාස්ලා දාගන ගඩොල් බැදීම කරන්න ඕනේ නෑ. බිල්ඩිං බොක්ස් හදනවා වගේ එක උඩ එක තියන්න තමා කරන්න තියෙන්නේ.මේ ගල් මතුපිට හොදින් නිමිවෙන නිසා කපරාරු අවශ්‍ය වෙන්නේ නෑ. මේකෙන් අපිට උනත් හදන්න පුලුවන්. හැබෙයි පලවෙනි ගඩොල් පේලිය ලෙවල් එකට තියාගන්න ඕනේ.. ඊට පස්සෙ දවසෙන් උනත් කාමරයක් උනත් හදලා ඉවරකරන්න පුලුවන්. හයි වෙනකන් ඉන්න ඕනෙ කියලා නෑනේ.

    මේකෙන් ගොඩක් වාසි තියෙනව

    [1]වෙලාව ඉතිරුයි
    [2]කම්බි වැඩ අඩුයි.
    [3]අඩු සිමෙන්ති,
    [4]අඩු කම්කරුවන්
    [5]මුදල් ඉතිරි වෙනවා
    [6]ලස්සනයි.
    [7]කපරාරු කරන්න පේන්ට් කරන්න ඕනේ නෑ


    මේ ගල් සාමාන්‍ය ගලක් වගේ 5 ගුනයක විතර හයියයි.. වටිනාකම බැලුවොත් සාමාන්‍ය ගඩලොකට වඩා රුපියල් 10-15ක් වැඩි වෙනවා.. ඒ කිව්වේ රුපියල් 50-60ක් වගේ වෙයි. ඒත් මේ ගල්වලින් ගෙයක් හැදුවොත් මුලු වියදමින් 30%ක් විතර ඉතිරි කරන්න පුලුවන්. ඊලඟට මේක ගොඩක් කම්පැක් කරන හින්දා ඇතුලත රස්නය ගොඩාක් අඩුයි.. ඒකෙන් AC වලට යන ලොකු ගානක් ඉතිරු කරන්න පුලුවන් බිත්ති අතර හොදට තදට බැදිලා තියෙන්නේ ගඩොල් දහයකට සැරයක් විතර සිරස් කම්බියක් දානවා. මේ ගල්වල සිදුරු අතරින් ග්‍රවුට් දානවා.

    ඔය පහල තියෙන්නේ මේවා හදන සරල අච්චුවක්. මේ වගේ සරල අච්චුවක් හදලා ගෙදර ඉදලා උනත් ඔයාලට මේ ගල් හදලා වැඩේ කරන්න පුලුවන්. පහලම දාලා තියෙන විඩියෝ එකේ තියෙනවා මහා පරිමාණයෙන් එහෙම ගල් නිෂ්පාදනය කරන විදිය ගැනත්

    HTB1XXIDBpmWBuNjSspdq6zugXXaX.jpg_350x350.jpg


    මේ දව්ස්වල කොරෝනා එක්ක කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ගැන නිතරම ඇහෙනවනේ.. ඒකේ ගොඩනැගිලි හදලා තියෙන්නෙත් මේ ඉන්ටර්ලොක් බ්ලොක්ගල් වලින්.

    20200315_quarantinecentres_1.jpg


    මේ ඉන්ටර්ලොක් බ්ලොක්ගල් වලින් ගෙවල් හදන විදිය ගැනයි ලංකාවේ හදපු ලස්සනම ලස්සන ගෙවල් ටිකක් වීඩියෝ එකේ තියෙනවා. ඒක බලලා අදහසක් ගන්න.





    එහෙනම් ජය.:love::love: ගැටලු තියෙනවා නම් අහන්න.
    supiri
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    meka nam adu wiyadam athi. eth mata nam lassana na ban.

    NERD eke thiyena gewaluth baluwa. ewath ehemai adu wiyadam okkoma thiyenawa. kisima penumak nane. :no::no: