අඩු වියදමින් ගෙයක් හදන්න

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අඩු වියදමින් ගෙයක් හදන්න

    මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට තමා තේරෙන්නේ ගෙදරක තියෙන වටිනාකම. ඉතින් ගෙයක් නැති අයත් හිතනවා ඇති අලුත් ගෙයක් හදන්න. දැනට ගෙයක් තියෙන අය හිතනවා ඇති ගේ පොඩ්ඩක් ලොකු කරන්න.. නැත්තං ලස්සන කරන්න.. දැන් ගෙදර ඉන්න නිසා වෙලාව තියෙනවානේ.. එහෙනං මේ ටිකත් කියවලා අදහසක් ගන්න.

    maxresdefault.jpg


    කොහොම උනත් ඉදිකිරීම් කියන්නේ නම් මිල අධික, කාලය නාස්ති වෙන හා වෙහෙසකාරී වැඩක්. ඉතින් නවීන තාක්‍ෂණයත් එක්ක අලුත් අලුත් අදහස් අලුත් අලුත් නිෂ්පාදනයන් සිදු වෙනවා. මං මේ කියන්නේ අන්තර් සම්බන්ධිත ගඩොල්. තේරුණේ නෑනේ. "Interlock Cement Block" කිව්වාම තේරුණානේ. මේකෙන් ගොඩනැඟිලි ඉදිකිරීම් සරල කිරීම සිදු වෙලා තියෙන්නෙ. මේ බ්ලොක්ගල් වල නිමි මුහුණැත නිසා මිල අධික හා කාලය නාස්ති කරන කපරාරු වැඩ කරන්න ඕනේ නෑ සාම්ප්‍රදායික විදියට සිදුකරන ඉදිකිරීම ටිකක් සංකීර්ණයි. සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් කරන්න අමාරුයි. සාම්ප්‍රදායික ස්ලැබ් භාවිතයෙන් තොරව මෙම ක්‍රමය මඟින් තට්ටු දෙකකට උනත් ගෙවල් හදන්න පුලුවන්. මේකත් එක්ක යන තව පෙරනිම් නිෂ්පාදනය ගොඩක් තියෙනවා. ඒ කිව්වෙ පෙර නිමි ස්ලැබ්, කොලම්, උලුවහු ජනෙල් වගේ ගොඩාක් දේවල්. හැබැයි ඉතින් ඒව නැතුව මේ ගඩොල් වලින් ලස්සන අඩු වියදම් ගෙයක් හදන්න පුලුවන් ලේසියෙන්ම. ඔය උඩ තියෙන්නේ ඒ විදියට ලංකාවේ හදපු ලස්සන ගෙයක රූපයක්.තව මේ ගැන පහල විඩියෝ එකකුත් තියෙනවා..

    ඉස්සර වගේ බාස්ලා දාගන ගඩොල් බැදීම කරන්න ඕනේ නෑ. බිල්ඩිං බොක්ස් හදනවා වගේ එක උඩ එක තියන්න තමා කරන්න තියෙන්නේ.මේ ගල් මතුපිට හොදින් නිමිවෙන නිසා කපරාරු අවශ්‍ය වෙන්නේ නෑ. මේකෙන් අපිට උනත් හදන්න පුලුවන්. හැබෙයි පලවෙනි ගඩොල් පේලිය ලෙවල් එකට තියාගන්න ඕනේ.. ඊට පස්සෙ දවසෙන් උනත් කාමරයක් උනත් හදලා ඉවරකරන්න පුලුවන්. හයි වෙනකන් ඉන්න ඕනෙ කියලා නෑනේ.

    මේකෙන් ගොඩක් වාසි තියෙනව

    [1]වෙලාව ඉතිරුයි
    [2]කම්බි වැඩ අඩුයි.
    [3]අඩු සිමෙන්ති,
    [4]අඩු කම්කරුවන්
    [5]මුදල් ඉතිරි වෙනවා
    [6]ලස්සනයි.
    [7]කපරාරු කරන්න පේන්ට් කරන්න ඕනේ නෑ


    මේ ගල් සාමාන්‍ය ගලක් වගේ 5 ගුනයක විතර හයියයි.. වටිනාකම බැලුවොත් සාමාන්‍ය ගඩලොකට වඩා රුපියල් 10-15ක් වැඩි වෙනවා.. ඒ කිව්වේ රුපියල් 50-60ක් වගේ වෙයි. ඒත් මේ ගල්වලින් ගෙයක් හැදුවොත් මුලු වියදමින් 30%ක් විතර ඉතිරි කරන්න පුලුවන්. ඊලඟට මේක ගොඩක් කම්පැක් කරන හින්දා ඇතුලත රස්නය ගොඩාක් අඩුයි.. ඒකෙන් AC වලට යන ලොකු ගානක් ඉතිරු කරන්න පුලුවන් බිත්ති අතර හොදට තදට බැදිලා තියෙන්නේ ගඩොල් දහයකට සැරයක් විතර සිරස් කම්බියක් දානවා. මේ ගල්වල සිදුරු අතරින් ග්‍රවුට් දානවා.

    ඔය පහල තියෙන්නේ මේවා හදන සරල අච්චුවක්. මේ වගේ සරල අච්චුවක් හදලා ගෙදර ඉදලා උනත් ඔයාලට මේ ගල් හදලා වැඩේ කරන්න පුලුවන්. පහලම දාලා තියෙන විඩියෝ එකේ තියෙනවා මහා පරිමාණයෙන් එහෙම ගල් නිෂ්පාදනය කරන විදිය ගැනත්

    HTB1XXIDBpmWBuNjSspdq6zugXXaX.jpg_350x350.jpg


    මේ දව්ස්වල කොරෝනා එක්ක කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ගැන නිතරම ඇහෙනවනේ.. ඒකේ ගොඩනැගිලි හදලා තියෙන්නෙත් මේ ඉන්ටර්ලොක් බ්ලොක්ගල් වලින්.

    20200315_quarantinecentres_1.jpg


    මේ ඉන්ටර්ලොක් බ්ලොක්ගල් වලින් ගෙවල් හදන විදිය ගැනයි ලංකාවේ හදපු ලස්සනම ලස්සන ගෙවල් ටිකක් වීඩියෝ එකේ තියෙනවා. ඒක බලලා අදහසක් ගන්න.




    එහෙනම් ජය.:love::love: ගැටලු තියෙනවා නම් අහන්න.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1. කුස්තුර වලට සිමෙන්ති දන්නෙ නැද්ද???
      [*]එලියෙ බිත්ති වතුරට ඔරොත්තු දෙන්වද??
      [*]සීලර් එකක් ගාන්න ඕනිද?? ඒකෙ ගනන් කොහොමද?
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    oita wada dome house hodai. laksha 6 idan thiyenawa. Laksha 10i full house ekama. dawas 21n hadalath denawa api mokuth mahansi wenna one ne. Maintenance free anika. Hulagata kadenneth ne. Shape eka thamai aula eka ok nam niyama option eka.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    1. කුස්තුර වලට සිමෙන්ති දන්නෙ නැද්ද???
      [*]එලියෙ බිත්ති වතුරට ඔරොත්තු දෙන්වද??
      [*]සීලර් එකක් ගාන්න ඕනිද?? ඒකෙ ගනන් කොහොමද?

    1. Block dekak ekathu wena then walata grout wakkaranawa.. block 10kata serayak wage siras kambiyak dala concrete wak karanawa.. anith hole his. A hinda sound proof wenawa.. cool ekath redenawa.
    2.Eliyata thama lassana. Dala thiyena video eka balanna. Ethakota idea ekak ei
    3. Compaction eka wedi nis water absorption godak adui.. kemathi nam water sealer or paint ganna puluwan.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oita wada dome house hodai. laksha 6 idan thiyenawa. Laksha 10i full house ekama. dawas 21n hadalath denawa api mokuth mahansi wenna one ne. Maintenance free anika. Hulagata kadenneth ne. Shape eka thamai aula eka ok nam niyama option eka.

    oya wage godak dewal thiyenawa.. meka apitama karanna puluwan simple deyak. Lankawe mewata hoda dimand ekak thiyenawa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ දේශගුනේට සිමෙන්ති ගල් ගැලපෙනවද? මැටි ගඩොල් සිසිලයි කියන්නෙ ඇත්තද? ඔය වැඩේ කරන්න දන්න ශ්‍රමිකයෝ ඉන්නවද? ලේබර් කොස්ට්‌ එක වැඩි නැද්ද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    මචං මේ ක්‍රමෙන් සාමාන්‍ය කාමර දෙකයි සාලෙයි කිචන් එකයි බාත් රූම් එකයි කෑම කාමරෙකුයි තියන ගෙයක් හදන්න සියලු වියදම් සහිතව (බඩු වලට වියදම් + ලේබර් කොස්ට් +etc) කීයක් වගේ යයිද??

    කන්ට්‍රැක්ට් දීල ඕක හදවන්න පුලුවන්ද ලංකාවේ එහෙම කන්ට්‍රැක්ට් ගන්න කම්පැනි තියනවද?උඩ වියදම ඇහුවෙ මෙහෙම කන්ට්‍රැක්ට් දීල හැදුවොත් කීයක් යයිද කියලා තමා
     
    Last edited: