අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    5)අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරගන්නේ කොහොමද ??

    #මේකට නම් ගොඩක් ක්‍රම තියනවා හැබැයි අවස්ථාව අනුව ක්‍රමේ වෙනස්වෙනවා
    මීටරේ පාවිච්චි කලොත් පහසුවෙන් ගොඩදාගන්න පුළුවන්..
    තවදෙයක් කියන්න ඕන අමුද්‍රව්‍ය ගන්නකොට වියදම අඩුකරනවා කිව්වට රුපියල් 500යේ rate එකට
    යන දෙයක් රුපියල් 100ට නම් ගන්න බෑ

    #උදාහරණයක් කිව්වොත් වැලි quality දෙකතුනක් තියනවා rough ගතිය වැඩි වැල්ල ටිකක් ගාන අඩුයි කොන්ක්‍රීට් වලට හොදයි, මීට ටිකක් අඩු rough ගතියක් තියන වැල්ල බිත්ති බඳින්න හොදයි වගේම කපරාරු වලට වෙනම වැල්ලක් තියනවා. ඉතින් අවශ්‍ය වැඩේට අවශ්‍ය වැල්ල පුළුවන්තරම් ගෙනගන්න බලන්න

    #කපරාරු වලට rough ගතිය වැඩි වැල්ලක් ගෙනාවොත් හලලා ගන්නකොට වැලි ගොඩෙන් බාගයක් අහක..

    #පුළුවන් තරම් අතරමැදියෝ අඩු කරලා අමුද්‍රව්‍ය ගන්න බලන්න එතකොට සැහෙන්න වියදම අඩුකරගන්න පුළුවන්
    උදා:- hardware වලින් order කරනවට වඩා කෙලින්ම ලොරියකින් ගන්න පුලුවන්නම් වැලි, ගඩොල්, ගල් වගේ දේවල්
    අතරමැදියට යන මුදල ඉතිරිවෙනවා

    # hardware වලින් order කරත් තැන් දෙකතුනක ගණන් අහලා අඩු වියදමකින් වඩා හොඳ භාණ්ඩ ගෙන්වා ගැනීමට සැමවිටම කටයුතු කරන්න

    #කිසිවිටක භාණ්ඩ සහ සේවා හෙට්ටු කරලා ගන්න ලජ්ජා වෙන්න එපා මොකද බොහෝ තැන් වල ගානක් කියන්නේ අඩුකරන්නත් බලාගෙන ඒක ලංකාවේ හැටියක්ද කොහෙද ?? 450ට තියන දේ තමා 500ට විකුනන්නේ අඩුකරලා ඉල්ලුවොත් 450ට දෙනවා නැත්නම් 500ම තමා

    අද වැඩ ගොඩක් වැඩි දවසක් මේ මාතෘකාවට අදාලව තව ගොඩක් දේවල් තියනවා කියන්න
    එව්වා පස්සේ දාන්නම් ... මතු සම්බන්ධයි
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලොරියක් තියන යාලුවෙක් ඉන්නවනම් බඩු හදන කොම්පැනියටම ගියානම් 25% විතර අඩු කරල ගන්න පුලුවන්

    තමන් කර transport ගන්න ඕනෙ