අඩේ මේ එකම තැන නේද..?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මේ එකම තැන නේද..?

    ඊයේ ලංකාදීප සයිට් එක බලද්දි දැක්කෙ සීන් එක..
    අද උදේ බලද්දි තවත් එකක්...:baffled:
    එකම වංගුවකදි වගේ නේද මේ දෙකම වෙලා තියෙන්නේ..:eek:

    වෑන් රිය ගලේ හැපේ : තුනක් රෝහලේ
    2015 අගෝස්තු මස 28 12:01:48 | . , ප්‍රසාද් රුක්මාල්

    විනෝද චාරිකාවක් සඳහා මාතර සිට නුවරඑළියේ හරහා බදුල්ල බලා වෑන් රියක් අද (28) හාලිඇළ දී ගලක හැපී තරුණයන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

    HALIELA_ABAWAKA_ACCDENT_181.jpg

    HALIELA_ABAWAKA_ACCDENT_21.jpg

    HALIELA_ABAWAKA_ACCDENT_51.jpg

    HALIELA_ABAWAKA_ACCDENT_91.jpg

    HALIELA_ABAWAKA_ACCDENT_151.jpg

    මේ තියෙන්නෙ අනිත් එක...

    2015-08-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.132.87 , විකුණුම් මිල රු.136.77 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.14 , විකුණුම් මිල රු.211.63 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.148.52 , විකුණුම් මිල රු.154.65 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.136.61 , විකුණුම් මිල රු.142.57 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.100.15 , විකුණුම් මිල රු.104.47 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.94.63 , විකුණුම් මිල රු.99.23 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.94.46 , විකුණුම් මිල රු.98.25 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.09 , විකුණුම් මිල රු.1.13 |

    ආණමඩුවේ පිරිසකට මංගල උත්සවයට යන්න බැරි වෙති​

    2015 අගෝස්තු මස 29 07:53:41 | . , ප්‍රසාද් රුක්මල්,පාලිත ආරියවංශ, චන්ද කුරුප්පුආරච්චි

    පුත්තලම ආණමඩුවේ සිට දියතලාවේ මංගල උත්සවයක සහභාගීවීම සඳහා යන පිරිසක් රැගත් බසයක් හාලිඇළ අඹවකදී පාරෙන් ඉවතට පැන ගලක හැපීමෙන් දස දෙනෙක් තුවාල ලැබීය. තුවලාකරුවන් අතර කාන්තාවන් පස් දෙනකු සිටින බව පොලිසිය කියයි. තුවාල කරුවෝ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ එහි 34 දෙනක් ගමන් කර ඇතැයි පොලිසිය කියයි. පෙරදින ද මෙම ස්ථානයේ දී වෑන් රථයක් මේ ආකාරයෙන් අනතුරට ලක් වීමෙන් තිදෙනෙක් තුවාල ලැබූහ.

    1151.jpg

    1161.jpg

    .

    1171.jpg

    1181.jpg

    1191.jpg

    ට්‍රිප් එහෙම ගිහින් එද්දි පරෙස්සමෙන්....

    විශෙෂයෙන් බීලා ඩ්‍රයිවින් සීට් එකේ ඉඳ ගන්න කලින් දෙතුන් පාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතල බලන්න....

    ඉස්කෝල නිවාඩු නිසා සති අන්ත දවස් වල ගොඩක් අය විනෝද චාරිකා එහෙම ගිහින් එනව ඇතිනේ...
    සතුට විඳ ගන්නව වගේම හැමෝගෙම ආරක්ෂාව ගැනත් මොහොතක් හිතන්න...!
     
    • Like
    Reactions: netsurfer

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එකම තැන...... එකම පැත්ත..... එකම angle 1ක
    මෙකනම් පුදුමයි :shocked::shocked::shocked::shocked:...
    එක වගේම අනතුරු 2ක්
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මීදුම නිසා පාර පේන්නේ නැතුව වගේ. නැත්නම් මෙහෙම offside ගිහින් වදින්නේ නෑ. වංගුව පෙනිලා නෑ වගේ.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    speed limit karala ne,, paara pramithiya madi hinda thama off gihin atte,, paare kaanuwa thiyena patta balanna aniwa para hadana un bend eke anik pattata thama angle karala atte
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මීදුම නිසා පාර පේන්නේ නැතුව වගේ. නැත්නම් මෙහෙම offside ගිහින් වදින්නේ නෑ. වංගුව පෙනිලා නෑ වගේ.

    පාරෙ බ්‍රේක් පාරක්වත් වැදිල නැත්තේ ඒ නිසා වෙන්න ඇති....:baffled:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බදුල්ල පාර ටිකක් තත්වයෙන් අඩුයි ..බණ්ඩාරවෙලට වෙනකන්ම පාර හොදයි ..ඊට පස්සේ අවුල් ..හේතුව බණ්ඩාරවෙල වෙනකන්ම පර හැදුවේ කියන්නෑම් කියලා චීන සමාගමක් ...බණ්ඩාරවෙල ඉදන් බදුල්ලට RDA එකෙන් හැදුවේ ...
    අනිත් එක බදුල්ල පාරේ වංගු වැඩි ..මීදුම නම් එනවා අඩුයි ...එත් වැස්සත් එක්ක පාර ලිස්සනවා.. පිට පළාත් වල අයට එකපාරටම අපු වේගයටම වංගු ගන්න බැරිව තමයි ඇන ගන්නේ ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බදුල්ල පාර ටිකක් තත්වයෙන් අඩුයි ..බණ්ඩාරවෙලට වෙනකන්ම පාර හොදයි ..ඊට පස්සේ අවුල් ..හේතුව බණ්ඩාරවෙල වෙනකන්ම පර හැදුවේ කියන්නෑම් කියලා චීන සමාගමක් ...බණ්ඩාරවෙල ඉදන් බදුල්ලට RDA එකෙන් හැදුවේ ...
    අනිත් එක බදුල්ල පාරේ වංගු වැඩි ..මීදුම නම් එනවා අඩුයි ...එත් වැස්සත් එක්ක පාර ලිස්සනවා.. පිට පළාත් වල අයට එකපාරටම අපු වේගයටම වංගු ගන්න බැරිව තමයි ඇන ගන්නේ ..

    :yes::yes::yes::yes::yes::yes::yes::baffled::sorry:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    පාරෙ බ්‍රේක් පාරක්වත් වැදිල නැත්තේ ඒ නිසා වෙන්න ඇති....:baffled:

    ඔව්.:baffled::baffled:
    ගිහින් වදිනකන් දන්නෙ නැතුව ඇති.:baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    බදුල්ල පාර ටිකක් තත්වයෙන් අඩුයි ..බණ්ඩාරවෙලට වෙනකන්ම පාර හොදයි ..ඊට පස්සේ අවුල් ..හේතුව බණ්ඩාරවෙල වෙනකන්ම පර හැදුවේ කියන්නෑම් කියලා චීන සමාගමක් ...බණ්ඩාරවෙල ඉදන් බදුල්ලට RDA එකෙන් හැදුවේ ...
    අනිත් එක බදුල්ල පාරේ වංගු වැඩි ..මීදුම නම් එනවා අඩුයි ...එත් වැස්සත් එක්ක පාර ලිස්සනවා.. පිට පළාත් වල අයට එකපාරටම අපු වේගයටම වංගු ගන්න බැරිව තමයි ඇන ගන්නේ ..

    ehamanam un drivers la newei ne ban , anika balapanko eka gihin thiyana heti harahatath newei