අණ්ඩ කෝෂයක් අහිමි වූ රෝගියා
මාතලේ රෝහලේ වාට්ටු අංක 14 ගෙන එන ලද තරුණයාගේ සරම ලේ වලින් නැහැවී තිබේ. එහෙත් ඔහුගේ මුහුනේ වේදනාවක හෝ බියක සේයාවක් නැත. හෙද නිලධාරී ලොකු බණ්ඩාගේ සහායෙන් මම ඔහු සිටි ස්ට්‍රෙචරය මැහුම් දමන කාමරයට දමා තුවාලය පරික්ෂා කොට බැලුවෙමි. රෝගියාගේ එක් අණ්ඩ කෝෂයක් තියුණු පිහියකින් කපා දමලාය. ලේ ගලා යයි. එහෙත් රෝගියා ස්ථායි ය. එහෙත් මම රෝගියා ගේ දකුණු අතට කැනියුලාවක් දමා සේලයින් බෝතලයක් එයට සම්බන්ධ කලෙමි. එසේම ආටරි ෆෝර්සෙප් එකක් ගෙන අණ්ඩ කෝෂය කැපී තිබෙන ස්ථානයෙන් ලේ විදින රුධිර වාහිනිය තද කොට ලේ ගැලීම නැවැත්වූයෙමි.
දැන් රුධිර වහනය නැවතී තිබේ. එහෙත් කැපුම් තුවාලය බරපතලය. මම කැපී ගිය පටක යථා තත්වයට ගෙන ඒම සඳහා මැසුවෙමි. තරුණයා කිසිදු ශබ්දයක් නොකොට වේදනාව ජනනය කරන මැසීම ඉවසා සිටියේය. එහෙත් මම ඔහුට පෙතඩීන් වේදනා නාශක මාත්‍රාවක් දුන්නෙමි.
රෝගියාගේ තුවාලය මසා දමා මම ඔහුව වාට්ටුවට දැමුවෙමි. දැන් රෝගියාගේ ඇඳ ඉහ පත ලිවිය යුතුය. එම නිසා මේ තුවාලය ඇති වූයේ කෙසේද කියා ඇසුවෙමි. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත. මා දෙස අමුතු සිනහවක් දමා බලා සිටියා පමණි.
මඳ වේලාවකින් ඔහුගේ ඥාතීන් රොත්තක් වාට්ටුවට කඩා වැදුනහ. මේ වන විට ඇඳන් හිඟය නිසා රෝගියා සිටියේ බිම දමන ලද මෙට්ටයකය. එය දුටු එක් මධ්‍යම වයසේ පුරුෂයෙකු වාට්ටුවේ හෙදියට දොස් කීවාය. මේ පුරුෂයා තරුණයාගේ පියා බව අප පසුව දැන ගත්තෙමු.
මේ අතර වාරයේ තවත් කෙනෙකු රෝගියාගේ තත්වය කොහොමද කියා මගෙන් ඇසුවේය. ඒ අවසරයෙන් සිදුවූයේ කුමක්ද කියා මම එකී පුද්ගලයාගෙන් ඇසුවෙමි. තරුණයාගේ මාමා කෙනෙකු වූ මේ පුද්ගලයා මට සත්‍ය සිද්ධිය කීවේය.
තරුණයා හමුදා සෙබලෙකි. ඔහු අසල්වැසි නිවසක වෛවාහක තරුණ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. මේ තරුණ කාන්තාවගේ පුරුෂයා ප්‍රදේශයේ දාමරිකයෙකි. තරුණ හමුදා සෙබලා මෙම කාන්තාව සමග පෙම් සුව විඳිද්දී සැමියාගේ අතටම අසු විය. තදින් කෝප ගත් සැමියා දැලි පිහියකින් හමුදා සෙබලාගේ වෘෂණ කෝෂයක් කපා දැම්මේය. ඉන් පසුව දොර පොල්ලක් අතට ගත් ඔහු බිරිඳටද සොර සැමියාටද පහර දුන්නේය. හමුදා සෙබලා ලේ පෙරාගෙන නිරුවතින් පැන දිවීය. ඔහු ඤාතියෙකුගේ නිවසට ගොස් සැඟවුනේය. ඉන්පසු එම ඤාතියා විසින් හමුදා සෙබලාව රෝහලට ගෙන එන ලදි.
මේ කරුණු ගලපා මම ඇඳ ඉහ පත ලීවෙමි. එසේම පොලිස් මුර පොළටද දැණුම් දීමක් කලෙමි. තරුණ හමුදා සෙබලා අපගේ වාට්ටුවේ තව සතියක් දෙකක් පමණ සිටියේය. තුවාලය සුව වූයෙන් ඔහුගේ ටිකට් කපන ලදි. එහෙත් සදහටම ඔහුට දැන් ඇත්තේ එක වෘෂණ කෝෂයකි. ඔහු තම අනාගත ජීවිතය කෙසේ ගත කරනු ඇද්ද කියා මට සිතුනි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Link

එතකොට දෙයියෝ මේ දුදන මනුස්සයාගේ කීම අහල දර්මිෂ්ට මනුස්සයට එහෙම කරානම් එක අසාදරනයි...