අණ්ඩ_කෝෂයක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අණ්ඩ කෝෂයක් අහිමි වූ රෝගියා

Testicle-cat.jpg

මාතලේ රෝහලේ වාට්ටු අංක 14 ගෙන එන ලද තරුණයාගේ සරම ලේ වලින් නැහැවී තිබේ. එහෙත් ඔහුගේ මුහුනේ වේදනාවක හෝ බියක සේයාවක් නැත​. හෙද නිලධාරී ලොකු බණ්ඩාගේ සහායෙන් මම ඔහු සිටි ස්ට්‍රෙචරය මැහුම් දමන කාමරයට දමා තුවාලය පරික්‍ෂා කොට බැලුවෙමි. රෝගියාගේ එක් අණ්ඩ කෝෂයක් තියුණු පිහියකින් කපා දමලාය​. ලේ ගලා යයි. එහෙත් රෝගියා ස්ථායි ය​. එහෙත් මම රෝගියා ගේ දකුණු අතට කැනියුලාවක් දමා සේලයින් බෝතලයක් එයට සම්බන්ධ කලෙමි. එසේම ආටරි ෆෝර්සෙප් එකක් ගෙන අණ්ඩ කෝෂය කැපී තිබෙන ස්ථානයෙන් ලේ විදින රුධිර වාහිනිය තද කොට ලේ ගැලීම නැවැත්වූයෙමි.

දැන් රුධිර වහනය නැවතී තිබේ. එහෙත් කැපුම් තුවාලය බරපතලය​. මම කැපී ගිය පටක යථා තත්වයට ගෙන ඒම සඳහා මැසුවෙමි. තරුණයා කිසිදු ශබ්දයක් නොකොට වේදනාව ජනනය කරන මැසීම ඉවසා සිටියේය​. එහෙත් මම ඔහුට පෙතඩීන් වේදනා නාශක මාත්‍රාවක් දුන්නෙමි.

රෝගියාගේ තුවාලය මසා දමා මම ඔහුව වාට්ටුවට දැමුවෙමි. දැන් රෝගියාගේ ඇඳ ඉහ පත ලිවිය යුතුය​. එම නිසා මේ තුවාලය ඇති වූයේ කෙසේද කියා ඇසුවෙමි. එහෙත් ඔහු කිසිවක් කීවේ නැත​. මා දෙස අමුතු සිනහවක් දමා බලා සිටියා පමණි.

මඳ වේලාවකින් ඔහුගේ ඥාතීන් රොත්තක් වාට්ටුවට කඩා වැදුනහ​. මේ වන විට ඇඳන් හිඟය නිසා රෝගියා සිටියේ බිම දමන ලද මෙට්ටයකය​. එය දුටු එක් මධ්‍යම වයසේ පුරුෂයෙකු වාට්ටුවේ හෙදියට දොස් කීවාය​. මේ පුරුෂයා තරුණයාගේ පියා බව අප පසුව දැන ගත්තෙමු.

මේ අතර වාරයේ තවත් කෙනෙකු රෝගියාගේ තත්වය කොහොමද කියා මගෙන් ඇසුවේය​. ඒ අවසරයෙන් සිදුවූයේ කුමක්ද කියා මම එකී පුද්ගලයාගෙන් ඇසුවෙමි. තරුණයාගේ මාමා කෙනෙකු වූ මේ පුද්ගලයා මට සත්‍ය සිද්ධිය කීවේය​.

තරුණයා හමුදා සෙබලෙකි. ඔහු අසල්වැසි නිවසක වෛවාහක තරුණ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියේය​. මේ තරුණ කාන්තාවගේ පුරුෂයා ප්‍රදේශයේ දාමරිකයෙකි. තරුණ හමුදා සෙබලා මෙම කාන්තාව සමග පෙම් සුව විඳිද්දී සැමියාගේ අතටම අසු විය​. තදින් කෝප ගත් සැමියා දැලි පිහියකින් හමුදා සෙබලාගේ වෘෂණ කෝෂයක් කපා දැම්මේය​. ඉන් පසුව දොර පොල්ලක් අතට ගත් ඔහු බිරිඳටද සොර සැමියාටද පහර දුන්නේය​. හමුදා සෙබලා ලේ පෙරාගෙන නිරුවතින් පැන දිවීය​. ඔහු ඤාතියෙකුගේ නිවසට ගොස් සැඟවුනේය​. ඉන්පසු එම ඤාතියා විසින් හමුදා සෙබලාව රෝහලට ගෙන එන ලදි.

මේ කරුණු ගලපා මම ඇඳ ඉහ පත ලීවෙමි. එසේම පොලිස් මුර පොළටද දැණුම් දීමක් කලෙමි. තරුණ හමුදා සෙබලා අපගේ වාට්ටුවේ තව සතියක් දෙකක් පමණ සිටියේය​. තුවාලය සුව වූයෙන් ඔහුගේ ටිකට් කපන ලදි. එහෙත් සදහටම ඔහුට දැන් ඇත්තේ එක වෘෂණ කෝෂයකි. ඔහු තම අනාගත ජීවිතය කෙසේ ගත කරනු ඇද්ද කියා මට සිතුනි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Link
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඕක නැති උනොත් මොකෝ වෙන්නේ සිරාවට? උබේ ලිංගික ජීවිතයට බලපෑමක් වෙනවද? ප්‍රාණවත් වෙන එකට ටෙස්ටිකල් අදාළ නැහැ නේද?

    දන්නා කෙනෙක් පැහැදිලි කරන්න
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක නැති උනොත් මොකෝ වෙන්නේ සිරාවට? උබේ ලිංගික ජීවිතයට බලපෑමක් වෙනවද? ප්‍රාණවත් වෙන එකට ටෙස්ටිකල් අදාළ නැහැ නේද?

    දන්නා කෙනෙක් පැහැදිලි කරන්න

    ශිෂ්ණය ප්‍රාණවත් වීමට ගැටළුවක් මතු වෙයි කියල මම හිතන්නේ නෑ. Dr.Ruwan's comment karala thiyanawa.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔන්න එකෝමත් එක රටක ගඟක් දෙපැත්තේ සිටුවරු දෙන්නෙක් හිටිය...එක්කෙනක් ධාර්මිකයි...අනිකා ලෝක හොරෙක්...ඉතිං ධාර්මික එක්කෙනා දවසින් දවස දියුණු උනා...හොර සීටා දවසින් දවස දුප්පත් උනා...හොර සීටාට ධාර්මික එකා ගැන මාර ඉරිසියාවයි...ඉතිං මිනිහා ගේ ඉස්සරහ මල් පැලක් ගහලා දෙවියන් යදින්න පටන් ගත්තා. දවස් තුනකට පස්සේ ඔන්න දෙවියෝ ප්රාධූර්භූථ උනා...දරුවා ඇයි මේ ශෝකයෙන් ? මම එන්න එන්න දුප්පත් වෙනවා...දෙවියනේ මාව පෝසත් කරන්න...හරි උඹ දුප්පත් වෙන්නේ...උඹේ ඉරිසියාව නිසයි ඒක නැතිකර ගනිං...මං උඹට වර තුනක් දෙනවා...හැබැයි උඹට දෙන හැමදෙයක්ම දෙගුණ කරලා ගඟෙන් එහා පැත්තේ ඉන්න සිටුවරයට දෙනවා...කැමතියි මට රන්කාසි ගෝනියක් දෙන්න...ඌට ගෝනි එකයි...ගඟෙන් එහා පැත්තෙ එකාට දෙකයි...මට සුදු අශ්වයෙක් දෙන්න...ලැබුනා...ගඟෙන් එහා පැත්තෙ එකාට දෙකයි...ඉතිං පොරට මළ පැන්නා. හිටපිය මං තොට හොඳ වැඩක් කරන්න...I want to loose one of my testicles ...he lost one & the other lost both !!!!...එකෙන් දුවන්න පුළුවන් බව ඌ දැනගෙන හිටිය.
     
    :lol: එතකොට දෙයියෝ මේ දුදන මනුස්සයාගේ කීම අහල දර්මිෂ්ට මනුස්සයට එහෙම කරානම් එක අසාදරනයි...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම අහල තියෙනවා දැලි පිහියෙන් කැපුවම රිදෙන්නේ නැති බවයි ලේ යනවා දන්නෙත් නැහැ කියල..

    මුටත් වෙන්න ඇත්තේ එහෙම සීන් එකක්...