ඔබේ ප්‍රශ්නෙට උත්තරේ කමයි මචං ඒ කෙනාගේ මානසික මට්ටම සහ ආර්ථික මට්ටම
ටිකක් විස්තර කරන්නම්
මානසික මට්ටම
හොදට හිතලා ප්ලෑන් කරලා වැඩ කරන එකෙක් නම් මචං මුලින්ම රස්සාවකට යන්නේ අත්දැකීම් අරගෙන තව අවුරුදු 5කින් විතර හොද රස්සාවකට යන්න බලාගෙන.
එතකොට මිනිහට පුලුවන් ඒ අත්දැකීම් එක්ක හොද රස්සාවකට යන්න.
ආර්ථික මට්ටම
දැන් හිතපං මෙහෙම. හොදට ප්ලෑන් කරලා වැඩ කරන එකෙක් ඉන්නවා ගෙදර මාර විදිහට ආර්ථික ප්‍රශ්ණ. එහෙම කෙනෙක්ටනම් මචං වේතනය බලාපොරොත්තුවෙන් වැඩට යන්න වෙනවා.
දැන් ගොඩක් කොල්ලෝ හිතාගෙන ඉන්නේ බල්ලෝ මරලා හරි සල්ලි හම්බෙනවානම් එච්චරයි කියලා.
ඒත් මචං පැවැත්මක් නෑ. හදිසියේ හරි ජොබ් එක නැති වුනොත් වෙන තැනකට යන්න අමාරුයි