අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...

    මේක බොහොම ඈත අතීතයෙ වෙච්ච කතාවක්..

    ඒ කාලෙ භාණ්ඩ ප්‍රවාහනය කරන්න යොදා ගත්තෙ විශාල රුවල් නැව්. දන්නව නෙ ඉතිං. කපිතාන් ඇතුළු කට්ටිය මහ මුහුදෙ සති ගනන් මාස ගනන් යාත්‍රා කරනවා ඒ කාලෙ. ඔහොම යද්දි මුහුණ දෙන අතුරු අන්තරා බොහොමයි.

    ඔන්න ඒ කාලෙ හිටපු කැප්ටන් කෙනෙක් තමන්ගෙ කට්ටියත් එකතු කරගෙන බඩු බාහිරාදිය ගොඩකුත් පටවගෙන නැව් නඟින්න ලෑස්ති උනා. නැවේ නාවිකයින්ට අමතරව ගමනට එක් වුන මගීන් අතරෙ සාත්තර කාරයෙකු වගේම කපිතාන්ගෙ ප්‍රිය භාර්යාවත් හිටියා.

    කට්ටිය බොහොම සාමකමීව දින ගනන් යාත්‍රා කරලා ගැඹුරු මුහුදට ආවා. එක දවසක් මෙච්චර කල් තිබුන යහපත් කාළගුණ තත්ත්වය එක පාරටම වෙනස් උනා. මහ මුරුගසන් වරුසාවත් එක්ක ඉතා දරුණු කුණාටුවකට මේ යාත්‍රාව මැදි උනා.

    මේ කපිතාන් පුරුදු වෙන්න යන ගමනක් නෙවෙයි, දන්න දන්න වැඩ දාලා නැව නොගිලී තියා ගන්නයි වෑයම.නමුත් කුණාටුව තුරල් උනේ නෑ. මේ වෙද්දි කපිතාන්, නාවිකයො පමණක් නෙවෙයි නැවත් බොහොම හෙම්බත් වෙලා ගිලෙන එක සැපක්ය කියලා හිතෙන තරමට.

    මේ අතරෙ අර සාත්තර කාරයා තමන්ගෙ දැනුමට අනුව විමසලා බැලුවා මේ තත්ත්වයෙන් ගැලවෙන්න මඟක්. "අහා! අපි අතරෙ කෙනෙක් ඉන්නවා මිය යායුතු! ඒ කෙනා මිය යන තුරු අනිත් අයටත් ගැලවීමක් නෑ" සාත්තර කරු කිව්වා. "අපි කොහොමද දැන ගන්නෙ කවුද ඒ කෙනා කියලා?" කපිතාන් තුමා විමසා සිටියා. තුණ්ඩු ඇදීමෙන් ඒ කෙනාව හොයා ගන්න සියලු දෙනා එකඟ උනා.

    තුන් වරක් ම සිදු කෙරුනු තුන්ඩු ඇදීම් වලින් තුන් පාරම තේරුනේ එකම එක්කෙනෙක්.. ඒ තමා කපිතාන්ගෙ ආදරණීය බිරිද!

    කපිතාන් මුහුණ දුන්නෙ කුණාටුවටත් වඩා දරුණු ප්‍රශ්ණයකට.. තම බිරිඳත් නැවේ සහෝදර නාවික පිරිස ඇතුළු මගීනුත් වටිනා බඩුත් අතරින් එකක් තෝරා ගන්නේ කොහොමද?? ඔහු ඉතා අසරණ වෙනවා.

    මේ වෙලාවෙ කපිතාන්ගෙ බිරිඳ ඔහු ලඟට ඇවිත් බොහොම ආදරෙන් දුකෙන් නමුත් ස්ථිර ලෙස මෙහෙම කියනවා...

    "රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණනී...
    නොගිලී දළ රළ පෙල අතරේ
    මා හා යා නොහැකිය ගොඩබිමකට...
    රුවල් ඉරී ගිය නෞකාවේ...

    දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට...
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින...
    දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...

    සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට...
    අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
    දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට...
    ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට..."


    කපිතාන් තුමා ඉතා කණස්සල්ලෙන් මේ තීරණයට එකඟ වෙලා ඇයව කුඩා ඔරුවක නංවා කුණටුව අතරින් පිටත් කර අරිනවා. සාත්තර කරු කිව්ව වගේම ටික වෙලාවකින් අහසත් මුහුදත් තමන්ගෙ රුදුරු හැසිරීම් පාලනය කර ගන්නවා. කපිතාන් ඇතුළු සියළු දෙනා නැවත ගමන පිටත් වෙලා ගමනාන්තයට ගියත් තෙරක් නොපෙනෙන සයුරේ පෙනෙන මානයක අර කුඩා ඔරුව ඔවුන්ට දකින්න නම් ලැබුනේ නෑ.


    warship_0001.jpg
    ---------------------------------

    ප.ලි.: මහාචාර්ය සුනිල් අරියරත්නයන්ගෙ පද රචනයන් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩ කොට නන්දා මාලිනියන් විසින් ගයන මේ අපූරු ගීතයෙ තේරුම ගැන ගොඩක් හිතුවත් ගැලපෙන විස්තරයක් හම්බ උනේ නෑ. මේ කතාව බණකදිද කොහෙද අහපු අපේ නැන්දා මේ ලඟදි මා එක්ක කිව්ව වෙලාවෙ මට මතක් උනේ මේ ගීතයමයි.
    ඇත්තටම ඒ කතාවට ලියපු ගීතයක් ද කියන්න මං දන්නෙ නෑ ඒත් ඒ දෙකේ ගැලපීම අපූරුයි නේද?!


    උපුටා ගැනීමක් නොවේ.
    © ♥-Aurora-♥ @ elakiri.com 2014
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    me sinduwa matupita arthayata eha giya gamburu arthayak tiyana ekak bro jiwitha gamane kunatu maha muhude kunatu walata wada biyakarui
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගොඩක් ලස්සනට සින්දුවේ පසුබිම ගැන කියල තියනවා.මට නම් මේ සින්දුව අහද්දී මුලින් තේරුනේ නැහැ ඇයි මෙහෙම කියන්නේ කියල.දැන් තමයි තේරුනේ. ඔය මේ වගේ සින්දුත් අහනවා කියල දන්නේ අද තමයි. :D
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මේ ගීතය ගැන මාගේ කියවීම සහ විදීම මීට වඩා වෙනස් ය.........

    කිබුලයියේ දාමුද බලන්න මේ ගීතය ගැන හොද වෙනත් විදිහක විග්‍රහයක් අපිටත් බලන්න :)