අත්හැරීමේ බය v. නිවන

hpalpola

Well-known member
  • අත්හැරීමේ බය v. නිවන

    බෞද්ධයන් තරම් අත්හැරීම ගැන දැනුමක් ඇති වෙනත් දර්ශනයක් දරන්නෝ මෙලොව තවත් ඇත් ද? මා නම් සිතන්නේ නොමැති බවයි. අත්හැරීම ගැන කෙතරම් නම් අපි කථා කරන්නේ ද? නිවන... නිවන ගැන ද බෞද්ධයන් තරම් කථා කරන්නෝ ලොවේ නැත. ධම්මචක්කපවත්තන සූත්‍රයට අනුව බලන විට නිවන යනු දුක නැති ස්ථානයයි. බුදුරජාණන්වහන්සේ ලොව පහලවන්නේ දුක නැති කිරීමේ ක්‍රමවේදය මහජනතාවට උගන්වනු සඳහා වේ. බ්‍රහ්මජාල සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා ඔබට මතක ඇතැයි සිතමි.
    මහණෙනි, පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පුර්වාන්තාපරාන්තකල්පික වූ හෝ යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පූර්වාන්ත අපරාන්ත අරමුණු කොට පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීතානාගත ස්කන්ධ පරම්පරා කොටස් අරමුණු කොට, අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාන්නෝ ද, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම (මගේ මේ) දේසනාදැල තුලට හසු කරන ලදුවෝ, මේ දේසනාදැලෙහි බැඳුණෝ ම, මෙහි තුළ ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙයට ඇතුළත් වූහු ම ඉපිලෙන්නාහු ඉපිලෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මහණෙනි, යම් සේ දක්ෂ වූ කෙවුළෙක් හෝ කෙවුළකුගේ අතැවැසියෙක් හෝ සියුම් ඇස් ඇති දැලින් මඳ දිය ඇති දියවළක් කිබිසිනි කොටැ අතුරන්නේ ද, “මේ දියවළෙහි යම් කිසි මහත් ප්‍රාණි කෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ම මේ දැලට හසු කැරැ ගන්නා ලද්දෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නාහු ගැලෙත්. මෙහි ඇතුලත් වූවෝ දැල තුලට හසු වූවෝ ම මතු වන්නෝ මතුවෙත්. ගැලෙන්නෝ ගැලෙත් යැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම පූර්වාන්තකල්පික වූ හෝ අපරාන්තකල්පික වූ හෝ පූර්වාන්තාපරාන්තකල්පික වූ හෝ පූර්වාන්ත අපරාන්ත දෙක අනුවැ පහළ කරැගත් දෘෂ්ටි ඇති යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෙසැටක් කරුණින් පූර්වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, ඒ සියල්ලෝ මේ දෙසැට කරුණින් ම (මගේ) දේසනාදැලට හසු වූවෝ ම, මේ දේසනාදැලෙහි බැඳුණෝ, මෙහි ම මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති. මෙහි ම ඇතුළත් වූවෝ මේ දේසනා දැල තුළට හසු වූවෝ ම, මතු වන්නෝ මතු වෙති. ගැලෙන්නෝ ගැලෙති.

    මේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව ය.

    මා දැන් ඔබෙන් පැනයක් අසමි. සරල පැනයක්. අත්හැරීමට ඔබ බිය ද? සමහරක් විට ඔබ මේ පැනය ඔබගෙන් මේ වන විටත් අසා තිබෙන්නටත් ඇත. නැත්නම් අසා බලන්න. පිළිතුර නොඅසමි.

    මා මේ පැනය ඔබෙන් ඇසුවේ අවට ලෝකය දෙස බැලූ විට බහුතරයක් දෙනා අත්හැරීමේ බියෙන් පෙලෙන බව පෙනෙන නිසාවෙනි. අත්හැරීමේ බිය නිවනට එදිරිව ක්‍රියාත්මක වේ. ඒ ඇයි? අත්හැරීමේ බිය ඇති තැන අල්ලා ගැනීම පවතී. අල්ලා ගැනීම පණ ඇති දේ සමඟ මෙන්ම පණ නැති දේ සමඟ ද වේ. දෙමව්පියන් දරුවන් සැමියා බිරිඳ තමුන්ගේ ආගමික ගුරුවරුන් සුරතල් සතුන් ආදීන් පණ ඇති දේ වේ. මුදල් ගේ දොර යාන වාහන පණ නැති දේ වේ. සමහරුන්ට ධර්මය ම අත්හැරීමට බියක් වේ. මෙනිසා ද හානියට පත්වෙයි. මන්දයත් ගුරුවරුන් සොයා යෑමත්, ධර්මය කියැවීමටත් ඇසීමටත් තර්ක කිරීමටත් කාලය යොදවනවා මිස එය පුහුණ කිරීමට තරම් කාලයක් නොමැති වීම නිසාවෙනි. මේ ගැනත් බුදුරජාණන්වහන්සේ ධම්මපදයේදී දේශනා කර ඇත. අත්හැරීමේ බිය නිසා අල්ලා ගැනීම සිදු වෙන බව පෙරදී සඳහන් කළෙමි. මේ බිය ඔබටත් ඇත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම බාධාකාරී වන්නේ ය.

    අත්හැරීමේ බිය ඇත්තේ දුක නිසාවෙනි. අත්හැරීමේ බිය ඇත්තාට දුක නැති කිරීමට නොහැක. එය සෘජුවම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, යම් දෙයක් නොලැබීමේ දුක සමඟ බැඳී ඇත. දුක, චතුරාර්ය සත්‍යයේ පළමු සත්‍යයි. දුකට හේතුව තණ්හාව වේ. තණ්හාව යනු සරලව ගත්විට අත්කර ගැනීමයි. පෙර කී දුක් ඇති වන්නේ තණ්හාව නිසාවෙනි. දුක නැති කිරීමට නම් තණ්හාව නැති කළ යුතු වේ. ඒ සඳහා වන මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග සහ ඵල විඳීමේ හැකියාව ලැබේ. මේ මග - ඵල අංගයන් සම්පූර්ණ කරන්නා, සසරට අප බැඳ තබන දස සංයෝජනයන් බිඳ ලන්නේ ය. සංයෝජනයන් බිඳලීම තුළ නිවන පියවරෙන් පියවර අපට ලන් වේ. මේ බිඳලීම සඳහා අනිවාර්යයෙන්ම අත්හැරීමේ බිය පහ කර ගත යුතු ය. ඔබ අත්හැරීමේ බිය පහ කරනා තරමට ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පහසු වේ.

    අත්හැරීමට ඔබ බියද යන පැනයට ඔබගේ පිළිතුර වැදගත් වන්නේ මෙනිසාවෙනි. ඔබ අවංක විය යුත්තේ ඔබටම ය. ඒ බව කරණීයමෙත්ත සූත්‍රයේ දැක් වේ. එක්වරම ඔබට අනේ විකාරද, මන් කොහෙද අත්හරින්න බය කියා සිතෙනු ඇත. ඔබ එය හොඳින් පිරිසිඳ දැන ගත යුතු වේ. වඤ්ඤක ධර්මයන්ගේ බලපෑම කෙතරම් ද යත් එක්වරම අත්හැරීමට බිය නැතැයි පෙන්වීමට තරම් ඒවා සමත් බව සිත් තබා ගන්නේ නම් මැනවි. මෙනිසා නිවන් දැකීමට කැමැති නම් අත්හැරීමේ බිය පහ කිරීමට කටයුතු කිරීම සුදුසු ය.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ අත් හැරීම ගැන බුද්ධ වචනයේ නිවන සඳහා උපකාර වන්නක් ලෙස සඳහන් වන තැන් තිබේද?
    මගේ අදහස නම් අත්හැරීම දර්ශනයෙන් වන ශුද්ධියත් සමඟ වන්නක් බවයි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අත් හැරීම කියලා අද බණට ඇහෙන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන්න කියන එකයි. ඒක තමයි බමුණන්ගේ අත් හැරීම. ළමයි, භාර්‍යාව, වතුපිටි, හරකා බාන වගේ සේරම අත් හැරලා තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් කැලේට ගියේ....

    බුද්ධ දේශනාවේ අත් හැරීම ඕක නෙවෙයි. නිවන් දකින අත් හැරීම ඕක නෙවෙයි.

    බුද්ධ දේශනාවට අනුව නිවන් දකින්න අත හරින්න ඕනේ රූප අරමුණේ තණ්හාවයි.

    නිවාස, යාන වාහන, අඹු දරුවන් ආදී භෞතික වස්තූන් පරිහරණය කරමින් උපාදානයයෙන් මිදීම නම් වූ සැබෑ අත්හැරීම සිදු කරන ආකාරය..



     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අත් හැරීම කියලා අද බණට ඇහෙන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන්න කියන එකයි. ඒක තමයි බමුණන්ගේ අත් හැරීම. ළමයි, භාර්‍යාව, වතුපිටි, හරකා බාන වගේ සේරම අත් හැරලා තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් කැලේට ගියේ....

    බුද්ධ දේශනාවේ අත් හැරීම ඕක නෙවෙයි. නිවන් දකින අත් හැරීම ඕක නෙවෙයි.

    බුද්ධ දේශනාවට අනුව නිවන් දකින්න අත හරින්න ඕනේ රූප අරමුණේ තණ්හාවයි.

    නිවාස, යාන වාහන, අඹු දරුවන් ආදී භෞතික වස්තූන් පරිහරණය කරමින් උපාදානයයෙන් මිදීම නම් වූ සැබෑ අත්හැරීම සිදු කරන ආකාරය..




    මේ තවත් තමන් රහත් වෙලා කියලා නොකියා කියන ධර්මය විකෘති කරන මැන්ටලයක්.

    ගේ දොර හරකාබාන වතු පිටි - රූප නෙවෙයිද? ඒව අරූපද? හෙහ්... හෙහ්...
    සද්ධර්ම ප්‍රතිරූපකයොන්ගෙත් මොන්ගල්ම සෙට් එකට ගැලපෙන අමන බන! :ROFLMAO: :ROFLMAO:

    මේ චීවරේ පොරවගත්ත ඩයල් එක ලැජ්ජ නැතුව බන්දන සූත්‍රයත් කෝට් කරලා කියනවා පෘතග්ජන පුද්ගලයා උපදිනකොටත් බැඳිලාලු- ඉතිං යකෝ උපදිනකොටම බැඳිලා නං අලුත් උපන් ලමයෙකුට රූප ගැන ඔය කියන තන්හාවක් තියෙනවද? ගැටීමක් ඇලීමක් වෙන්නේ කොහොමද කියලා කියන්න ගිහින් නාගන්න හැටි බලන්න 15.16 ඉඳලා

    ඔය වගේ රලු බෙදලා වෙන් කොරලා තන්හාවක් ගැන නෙවෙයි බුද්ධ වචනයේ තියෙන්නේ. ඒක ඉතාම සියුම් !
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ අත් හැරීම ගැන බුද්ධ වචනයේ නිවන සඳහා උපකාර වන්නක් ලෙස සඳහන් වන තැන් තිබේද?
    මගේ අදහස නම් අත්හැරීම දර්ශනයෙන් වන ශුද්ධියත් සමඟ වන්නක් බවයි.
    ඒ කියන්නෙ අත්හරිනවාට වඩා අත්හැරෙනවා කියන දේ නේද?
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්නෙ අත්හරිනවාට වඩා අත්හැරෙනවා කියන දේ නේද?
    ඔව් ඔබ සමඟ එකඟයි, මට තේරෙන විදියට නම් දර්ශනයෙන් ප්‍රහාණය කල යුතු කෙලෙස් ප්‍රහාණය කල සෝතාපන්න ශ්‍රාවකයා සංකාරයේ අනිත්‍ය ප්‍රඥා ඇසින් දකින විට නිත්‍ය සඥාවෙන් මිදෙනවා- ලෝකයේ (පංච උපාදානස්කන්ධයේ) යතාභූත ස්වභාවය-අනිත්‍ය දකින විට විඥානයේ මායාව කෙරෙහි කලකිරෙනවා. අත් හැරීම සිදුවන්නේ ඒ නිසායි.
     

    hpalpola

    Well-known member
  • ඒ කියන්නෙ අත්හරිනවාට වඩා අත්හැරෙනවා කියන දේ නේද?
    අත්හැරෙන්නෙ නැහැ. ඡන්දය හේතුවෙනවා අත්හැරීම සහ අත්හැරෙන එකට. මේ දෙක දෙකක්. ඡන්දය හේතුවෙන් සමහර දේ අපි නිත්‍ය විදියට දැන ගෙන අල්ලගන්නවා. සමහරක් දේ ඡන්දය නිසාම නිත්‍ය නොවන විදියට අරන් අත්හැරෙන්න අරිනවා. ඒකනෙ ප්‍රායෝගික ජීවිතයේ දි සමහර දේට විතරක් අපි කැමැති.

    ඔව් ඔබ සමඟ එකඟයි, මට තේරෙන විදියට නම් දර්ශනයෙන් ප්‍රහාණය කල යුතු කෙලෙස් ප්‍රහාණය කල සෝතාපන්න ශ්‍රාවකයා සංකාරයේ අනිත්‍ය ප්‍රඥා ඇසින් දකින විට නිත්‍ය සඥාවෙන් මිදෙනවා- ලෝකයේ (පංච උපාදානස්කන්ධයේ) යතාභූත ස්වභාවය-අනිත්‍ය දකින විට විඥානයේ මායාව කෙරෙහි කලකිරෙනවා. අත් හැරීම සිදුවන්නේ ඒ නිසායි.
    මේ අදහස් දැක්වීම එක්ක මමත් එකඟයි.
    ------ Post added on Aug 7, 2021 at 9:46 AM

    ⁣ම
    අත් හැරීම කියලා අද බණට ඇහෙන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන්න කියන එකයි. ඒක තමයි බමුණන්ගේ අත් හැරීම. ළමයි, භාර්‍යාව, වතුපිටි, හරකා බාන වගේ සේරම අත් හැරලා තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් කැලේට ගියේ....

    බුද්ධ දේශනාවේ අත් හැරීම ඕක නෙවෙයි. නිවන් දකින අත් හැරීම ඕක නෙවෙයි.

    බුද්ධ දේශනාවට අනුව නිවන් දකින්න අත හරින්න ඕනේ රූප අරමුණේ තණ්හාවයි.

    නිවාස, යාන වාහන, අඹු දරුවන් ආදී භෞතික වස්තූන් පරිහරණය කරමින් උපාදානයයෙන් මිදීම නම් වූ සැබෑ අත්හැරීම සිදු කරන ආකාරය..




    මේක එක්ක එකඟ වෙන්න අමාරුයි. නමුත් මේ ඉගැන්වීමත් පිලිගන්න අය ඉන්නවා. තමුන් හිසට තම අතමය සෙවණැල්ල
    ------ Post added on Aug 7, 2021 at 9:48 AM
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නිවන.. එසේත් නැතිනම් විමුක්තිය පිණිස ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කළ යුතු බව බෞද්ධ දර්ශනගත ඉගැන්වීමයි. බුදු දහමේ යථාභූත ඥාන දර්ශනය ලෙස හදුන්වන්නේ එයයි. එමගින් සත්වයා හා ලෝකයා කෙරෙහි පවත්නා පොදු ලක්ෂණ 3ක් ඇති බව වැටහේ. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුනයි. නමුත් ඇත්‍ත ඇති සැටියෙන් දැකීමට තරම් පැසුණු යථාභූත ඥානයක් පෘථුජ්ජනයාට නොමැත. අවිද්‍යාවෙන් දූෂිත වූ හේ, සත්වයා හා ලෝකයා දකින්නේ නිත්‍ය, සුඛ, ආත්ම ලෙසය. යම්තාක් නිත්‍ය, සුඛ, ආත්ම ලෙස දකී ද ඒතාක් තණ්හාව උපදවා ගනී. තණ්හාව හේතුවෙන් නැවත් නැවත උපදින්නේ ජරා ව්‍යාධි මරණාදී දුක්ඛයන්ට ගොදුරු වේ.

    පැහැදිලිව එක් දෙයක් පෙනෙන්නේ නොවේද? අවිද්‍යාදීන්ගෙන් උපන්නා වූ තණ්හා යදමින් සත්වයා බැදී ඇත්තේ ය. ලෝභය, ආලය, කැමැත්ත, ස්නේහය, ආශාව ආදී සියයක් අනුවර්ත නාමයන්ගෙන් ආමන්ත්‍රණය කරනුයේ එකම තණ්හාවට ම ය. ජීවිත ආශාව ඇත්තාට දිවි තොරවීම පිළිබද ඇත්තේ මහත් බියකි. පුත්‍ර ස්නේහය ඇත්තාට පුත්‍රයාගේ වෙන්වීම පිළිබද ඇත්තේ බියකි. ධන තණ්හාව ඇත්තාට ධන විනාශය පිළිබද ඇත්තේ බියකි. ඒ හෙයින් කින ලදී.

    "තණ්හාය ජායතී සොකො
    තණ්හාය ජායති භයං"

    ඉදින් බියක් ඇති වේ නම් එයට ද හේතුව තණ්හාව නොවේ ද? තණ්හාව ඇතිතාක් බිය දුරු නොවේ.
     
    • Like
    Reactions: hpalpola