ඇත්තෙන්ම මේ වගේ උපුටා ගැනීමක් සිදුකිරීමේදී එය උපුටාගත් මූලාශ්‍ර සඳහන් කරනවානම් එය වැදගත්. ඒ වගේම එයයි මිනිසත් කම. යම් කිසි පුද්ගලයෙක් මෙවන් ලිපියක් ලියන්න වචන පවා ගලපන්න යම් වෙහෙසක් ගන්නව. එලෙස වෙහෙස මහන්සි් වී ලිපියක් ලියන්නෙ පාඨක ඔබගේ දැනුම තව තවත් වැඩිදියුණු කිරීමට. එය එම ලිපිය ලියනු ලබන පුද්ගලයාගේ සතුටක් හේතුවෙන්. එම ලිපිය කෙතරම් පුද්ගලයන් උපුටා ගැනීම් සිදුකර තමන් දන්නා වෙබ් අඩවි වල පළකිරීම කිසිම ගැටලූවක් නෑ. නමුත් එම ලිපිය උපුටාගත් මූලාශ්‍ර, එම ලිපිය ලියූ ලේඛකයා සඳහන් කිරීම මිනිසත් කමයි. එයින් ලේඛකයා ප්‍රසිද්ධියක් කිසිසේත්ම බලාපොරොත්තු නොවන අතර එහෙත් ලේඛකයා දිරිමත් කිරීමක් එහිදී සිදුවනු ඇත.
මෙම ලිපිය මෙහි පළකළ පුද්ගලයා මෙම ලිපිය කිසිදු වෙනස් කිරීමක් සිදු නොකොට මෙය තමන් විසින්ම ලියුවක් මෙන් මෙහි පළකර ඇති අතර මා මෙය දුටුවේ අහම්බයෙනි.නමුත් මට මෙම ලිපිය කියවීමේදී ඉමහත් දුකක් ඇති වූයේ මෙම ලිපිය උපුටා ගැනීම පිළිබඳව කිසිදු සටහනක් මෙම පුද්ගලයා සඳහන් කර නොමැති බවයි.
මෙම ලිපිය ලියන ලද්දේ මවිසින් වන අතර එම දැනුම ඔබ අතර බෙදා හැරීම අගය කොට සලකමි. මක් නිසාද යත් මගේ අරමුණත් මෙම දැනුම සෑම දෙනා අතරම බෙදාහැරීමයි. නමුත් එලෙස උපුටා ගැනීම් සිදුකිරීමේදී මූලාශ්‍ර පිළිබඳ දැනුවත් කිරීම මිනිසත් බවයි..
"මෙම ලිපියේ මූලාශ්‍ර ලිපිය trickslanka වෙබ් අඩවියේ ඔබේ අත්‍යාවශයම ෆයිල්ස් ඔබේ අතින් delete උනාද? මළා! දැන් මොකෝ කරන්නෙ. දුක්වෙන්න එපා මෙන්න ඒකට සාර්ථක පිළියමක්.." යන මැයෙන් පළකළ අතර ඒ සඳහා මෙතනින් ඔබට යොමු විය හැක.
http://www.trickslanka.com/2011/05/delete.html