අත් පා මුඛ රෝගය (Hand Foot and Mouth disease – HFMD)

මොකද්ද මේ අත් පා මුඛ රෝගය/Hand Foot and Mouth (HFMD) කියන්නේ?
[FONT="]අත් පාද හා මුඛ රෝගය කියන්නේ එන්ටෙරෝවයිරස් නමින් හඳුන්වන වයිරස් කාණ්ඩයක් මගින් ඇතිවන වයිරස් ආසාදනයක්.[/FONT]
[FONT="]
[/FONT]
මෙය සාමාන්‍යයෙන් වැළඳෙන්නේ කුමන වයස් වල අයටද?
[FONT="]මෙම රෝගය බහුලවම වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳුනත් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම්කරන්නේ නැහැ.[/FONT]
[FONT="]නමුත් රෝගී ලක්ෂණ නොමැති රෝගය ශරීරගත වූ වැඩිහිටියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.[/FONT]
[FONT="]
[/FONT]
HFMD පැතිරෙන්නේ කෙසේද?
[FONT="]රෝගී අයෙකුගේ කෙල හෝ සෙම වලින් බිබිලි පිපිරී නිකුත් වන ශ්‍රාවයෙන් සහ මලපහ වලින් රෝගය ඇතිකරන වයිරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.[/FONT]
[FONT="]ඒ කියන්නේ රෝගී දරුවෙකු සමග ගැවසීම, රෝගී දරුවෙකුගේ කැස්සට හෝ කිඹුහුමකට නිරාවරණය වීම හෝ රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු මගින් තවත් දරුවෙකුට මෙම රෝගය බෝවෙන්න පුළුවන්.[/FONT]
[FONT="]
[/FONT]
මෙම රෝගය බලපාන්නේ ශරීරයේ කුමන කොටස් වලටද?
[FONT="]රෝගයේ මුලික හඳුනාගැනීමේ ලක්ෂණයක් වන “වතුර බිබිලි” හෝ රතු පැහැති පලු/කුෂ්ඨ වැඩිපුරම හටගන්නේ අත්, අත්ල,වැලමිට, පාද, පතුල්, මුඛය, උගුර, තට්ටම් ප්‍රදේශය සහ පිට යන ප්‍රදෙශයන් වලයි. සමහර දරුවන්ට ඉහත කී ප්‍රදේශ වලට අමතරව ශරීරය පූරා මෙම පලු හටගන්නත් පුළුවන්.[/FONT]
[FONT="]උණ, උගුරේ අමාරුව, කෑම අරුචිය සහ දරුවාගේ මලානික බව තමයි මුලින්ම ඇතිවන්නේ. මේ රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකින් පමණ පසුඉහත කී ප්‍රදේශවල රතු පැහැති කුෂ්ඨයක් හෝ වතුර බිබිලි හටගන්න පුළුවන්. [/FONT]
[FONT="]රෝගයේ පීඩාකාරී බව ඇතිවන්නේ මුඛයේ ඇතිවන වේදනාකාරිබිබිලි/තුවාල නිසයි. [/FONT]
[FONT="]දින කිහිපයකින් පසු මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් ඇතිවනවා. ඉන්පසු රෝගයේ අවසානයේදී මෙම බිබිලි ඇතිවුණු තැන් වලසම වියලී ගලවීයාමටත් ඉඩ තිබෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
HFMD වැළඳුනු දරුවකුට සාත්තු කරන්නේ කෙසේද?
[FONT="]රෝග ලක්ෂණ පහල වූ විට දරුවාව වෛද්‍යවරයෙකුට පෙන්වා රෝග විනිශ්චය කරගැනීම තමයි මුලින්ම කල යුත්තේ. කුෂ්ට සහ වතුර බිබිලි වෙනත් රෝගයන්හීත් ඇතිවන නිසා නිවැරදි රෝග විනිශ්චය ඉතාම වැදගත්. [/FONT]
[FONT="]වෛද්‍යවරයෙකු රෝගය මෙයම බව තහවුරු කර ඊට අදාල බෙහෙත්වර්ග නියම කරනු ඇත. [/FONT]
[FONT="]ඔබ කල යුත්තේ එම බෙහෙත් නිසි වෙලාවට දීමත් දරුවා පිරිසිදුව තබා ගැනීමත්ය. උණ සුවවුණු පසු (බිබිලි තවමත් තිබුනත්) දරුවාව ජලයෙන් පිරිසිදු කරාට හානියක් නැහැ.[/FONT]
[FONT="]
[/FONT]
මේ රෝගය ඇති විට කෑමට නුසුදුසු දේවල් තිබේද?
[FONT="]විශේෂයෙන් සඳන් කල යුත්තේ මුඛයේ ඇති බිබිලි නිසා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි. [/FONT]
[FONT="]මෙම තුවාල ඉතාමත් වේදනාකාරී බැවින් රළු, ඉතා උණුසුම්, ඇඹුල්, සැර, ලුණු අධික අහාර මගින් වේදනාව වැඩිවන්න පුළුවන්. [/FONT]
[FONT="]ඒ නිසා සියුම් සහ මද සිසිල් අහාරපාන දරුවටලබාදෙන්න. දරුවා විජලනයට පත් නොවීමට හොඳින් ජලය සහ කැඳ වර්ග ලබාදෙන්න. මාස 6ට අඩු ළදරුවෙක් නම් මව්කිරි පමණක් ප්‍රමාණවත්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම රෝගයසුවවීමටකොපමනකල්ගත වෙනවාද?[/FONT]
[FONT="]සාමන්‍යයෙන් රෝගය දින 7-10ක් ඇතුලතදී සුව වෙනවා.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]HFMD රෝගයෙන්වැළකියහැකිද?[/FONT]
[FONT="]රෝගයසැදුනු දරුවන්ව පාසල්, පෙරපාසල් නොයවා රෝගය සුව වෙනතුරු සිටීමෙන් අනිත් දරුවන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂාකල හැක.[/FONT]
[FONT="]සැමවිටම ගමන් බිමන් වලින් පසුව, දරුවාගේ මලපහ පිරිසිදු කිරීමෙන් පසුව අත් සේදීම ඉතා වැදගත්.[/FONT]
[FONT="]නිවසේඑක රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු අනිත් දරුවන්ට නොදීම මගින් අනිත් දරුවට රෝගය සම්ප්‍රේෂණය වීම් හැකියාව අඩු කල හැක.
[/FONT]
[FONT="]
[/FONT]
HFMD රෝගයට එන්නතක් තිබේද?
[FONT="]නැහැ. මෙම රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කරලා නැහැ.[/FONT]
[FONT="]
[/FONT]
මෙම රෝගය නැවත නැවත සැදෙන්න පුළුවන්ද?
[FONT="]මෙම රෝගයට හේතුකාරක වන වයිරස් කාණ්ඩයක් සිටිනවා. එක වරකට රෝගී වන්න හේතු කාරක වුනු ප්‍රභේධයට ප්‍රතිශක්තිය ඇති වුවත් නැවත එම කාණ්ඩයේම වෙනත් ප්‍රභේදයක් මගින් මෙම රෝගයම නැවත ඇතිවිය හැක.[/FONT]
https://lk.theasianparent.com/අත්-පා-මුඛ-රෝගය-hfmd

[/FONT][FONT="]
අත් පා මුඛ රෝගය
[/FONT]
මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

Last edited: