අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

oyata pissuda?:frown:eka atta ekak!:rolleyes:
:oo:සෝමෙ අය්ය කියන ඒවා හිතාගන්න බෑ.ඇත්තක් නං සමාවෙන්න.මේකෙන් කාටවත් හිරිහැරයක් වෙන්නෙත් නෑනේ.මිට වඩා දෙයක් සමාජයට දෙන්න බැරිද?(පුසන්ගෙන් තොර දෙයක්?):lol:

:lol::lol::lol:
මෙන්න මළපැනලා....:P
:no:විහිළු කරන්න තැන් තියනවානේ:P
 
යාලුවනේ..! දන්න කියන දෙයක් මෙතනට එකතු කරන්න.:)මම දන්න ටික විතරක් මෙතන දාලා හරියන්නේ නෑ.මේක පොදු ත්රෙඩ් එකක්.
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :oo:සෝමෙ අය්ය කියන ඒවා හිතාගන්න බෑ.ඇත්තක් නං සමාවෙන්න.මේකෙන් කාටවත් හිරිහැරයක් වෙන්නෙත් නෑනේ.මිට වඩා දෙයක් සමාජයට දෙන්න බැරිද?(පුසන්ගෙන් තොර දෙයක්?):lol:

    :no:විහිළු කරන්න තැන් තියනවානේ:P
    meka joke ekak nemei lamayo! aththada boruda danne ne! hebei mama oka ahala thiyana nisa demme!:rolleyes:
     
    මේ දවස්වල වැස්සත් එක්ක එන පොදු රෝගී තත්වයක් කැස්ස.ඒ ගැන සිළුමිණ ලිපියක් මේ.
    (උපුටාගෙන පුරවනවට වඩා පාරම්පරික දැනුම තමයි මෙතනට බලාපොරොතු වෙන්නෙ.ඒත් ප්‍රයෝජනවත් නිසා මේක දානවා.)

    සඟවන්නට නොහැකි කරුණු දෙකක් ලෝකයේ ඇතැයි පැවසේ. ඉන් එකක් ආදරය යැයි ද අනෙක කැස්ස යයිද කියති. අප මෙහි කතා කරන්නට යන්නේ කැස්ස පිළිබඳය.
    නාසයෙන් පටන් ගෙන පෙනහලු දක්වා දිවෙන වායු මාර්ග තුළ ඇතිවන උත්කෝපන තත්වයන් හෝ අවහිර හෝ ඉවත් කිරීම සඳහා දැරෙන ආරක්‍ෂිත කි‍්‍රයා මාර්ගයක් ලෙස වෛද්‍යවරු කැස්ස හඳුන්වති.
    කැස්සත් සමග සෙම කැඩී ගෙන එන තත්වයක් ඇත්නම් එය “සෙම කැඩෙන කැස්සක්” ලෙසත් එසෙ නැති නම් එය වියළි කැස්සක් ලෙසත් අප නම් කරන්නෙමු.
    බොහෝ කැස්ස තත්ත්වයන් වායු මාර්ගයේ මුල් කොටසේ ඇතිවන උත්කෝපන තත්ත්වයක ප‍්‍රතිඵලයකි. ඒවා ඉක්මනින් සුව වෙයි. මේ අතර පෙනහලුවල ඇතිවන උග‍්‍ර රෝග තත්වයන් හී ප‍්‍රතිඵලයක් ලෙස ද කැස්ස ඇතිවේ. ක්‍ෂය රෝගය, පෙනහලු පිළිකා වැනි තත්වයන් එයට උදාහරණය.
    සෙම්ප‍්‍රතිශ්‍යාවන් ඇතිවූ විට ඒ හා සමඟම කැස්ස ද සහකරුවකු ලෙස පැමිණෙයි. දුම්පානය හෝ පරිසරයේ විසදුම් ආඝ‍්‍රාණය නිසා ද කැස්ස ඇති වෙයි.
    වායු මාර්ග ප‍්‍රදාහයට පත්වීම නිසා ඇතිවන ඇදුම රෝගයේ දී උපදින කැස්ස රාති‍්‍ර කාලයේ දී වඩාත් දරුණුය. නියුමෝනියාව නිසා ඇතිවන කැස්ස ද ඉතා උග‍්‍රය.
    දුම්පානය නිසා ඇතිවන කැස්ස උදය කාලයේදී වඩාත් දරුණු ලෙස පැවතීමට පුළුවන. රාති‍්‍ර කාලයේදී පෙනහලු හා වායු මාර්ග තුළ සෑදුන සෙම (ශ්ලේෂමල) ඉවත් කරන තුරු කැස්ස පවතින නිසා උදයවරුවේ ඒ වඩාත් දරුණුය.
    සමහර වියළි කැස්ස තත්වයන් ඉතා දරුණු ලෙස වද දෙයි. දිගින් දිගටම අල්ලා සිටින කැස්ස තැන නොතැන නොබලා වර්ධනය වීම නිසා බොහෝ ගැටලු තත්වයන් මතු කරයි. සමහරවිට රාති‍්‍ර නින්ද නැති කරන තරමට ඒ කරදරකාරී විය හැකිය.
    කැස්ස ඇතිවිට කළ යුත්තේ කුමක්ද?
    බොහෝ කැස්ස තත්වයන් කිසිදු ප‍්‍රතිකාරයක් නොකළ ද දින කිහිපයකින් ඉබේටම මෙන් සුව වෙයි. එසේ වුවද කැස්සක් ඇති වූ විට ඔබ සිතන්නේ කවර හො ප‍්‍රතිකාරයක් ගෙන එය සුවපත් කර ගන්නටය. ඒ නිසාම ෆාමසි හා බෙහෙත් අලෙවි සැල්වල කැස්ස සඳහා වන ඖෂධ සුලබය. එහෙත් පසුගිය දිනෙක බි‍්‍රතාන්‍ය වෛද්‍ය සඟාව කළ අධ්‍යනයකින් වාර්තා කළේ මේ එකද ඖෂධයක්වත් කැස්ස සුවපත් කිරීමේ ගුණයෙන් යුක්ත බව පිළිගැනීමට තරම් සාක්‍ෂි නොමැති බවය.
    කැස්ස ඇතිවට වෛද්‍ය උපදෙස් පතා යා යුතු අවස්ථා ගැන සිහිපත් කරමු.
    කැස්ස සති 2 කට වඩා පැවතීම, කැස්ස සමඟ හුස්ම ගැනීමේ අපහසුවක්, පපුව රිදීමක්, කැස්ස සමඟ කැඩී එන සෙමවල ලේ මිශ‍්‍රවීමක් හෝ පැහැයේ වෙනස් වීම හෝ කැස්ස සමඟ උණ පැවතී ඇති වට වෛද්‍ය උපදෙස් පැතීම පමා නොකළ යුතුය.
     
    කැස්ස සඳහා ඇති අත් බෙහෙත් ද අප දැනගෙන සිටිය යුතුය.
    පානය කරන තරල ප‍්‍රමාණය වැඩි කරන්න. උණුසුම් පාන වඩාත් ගුණදායකය. මෙහිදී කොත්තමල්ලිවතුර, තේවතුර, සුළු හා කැඳවර්ග මෙන්ම මඳ උණුසුම් වතුර ද සුදුසුය. දෙහි යුෂ සහ පලතුරු යුෂ පවා ගුණදායකය. එහි ඇති වෛද්‍යමය ගුණය නම් උගුර ප‍්‍රදේශය තෙත්ව තැබීම මගින් කැස්ස පහ කරවීමයි.
    * උණුසුම් වාතය (වාෂ්ප) ආඝ‍්‍රාණය කිරීම. (උණුවතුර භාජනයකින් නැගෙන දුම ඉරීමෙන් වායු මාර්ග තෙත්ව තැබීමටත්, ආශ්වාස වාතයෙන් ආර්ද්‍රතාවට ඉහළ නැංවීමටත් හැකිවේ.
    * දෙහි කෑල්ලක් හෝ කැස්ස සමනයට දෙන ලොසින්ජරයක් හා ටොෆියක් කටේ දමාගෙන සිටීම ද යම් සහනයක් තාවකාලිකව සපයයි.
    * මද වශයෙන් ලුණු මිශ‍්‍ර වතුරෙන් උගුර සේදීම ද යම් ගුණයක් සපයයි.
    කැස්සට බෙහෙත් සලකින් පැණි - සිරප් හෝ බෙහෙත් ගැනීමට පළමුව ඔබගේ සැලකිල්ල කැස්සේ තත්වය කෙරෙහි යොමුවිය යුතුය. සෙම කඩාගෙන එන කැස්සක් යටපත් නොකළ යුතුය. ඖෂධ මගින් කළ යුත්තේ සෙම කැඩී ගෙන ඒම තව තවත් උත්තේජනය කිරීමය.
    සමහරවිට ඔබ පෙළන කැස්ස වියළි කැස්සක් නම් එය යටපත් කිරීම උදෙසා කැස්ස පීඩකයක් යොදා ගත හැකිය. වෙළෙඳපොලෙහි ඇති කැස්සට ලබාදෙන සුලබ ඖෂධවල ලේබලයෙහි දැක්වෙන ගුණ වලින් අදහස් වන්නේ කවරේදැයි බලමු.
    කැස්ස මර්දක (සප්පෙ‍්‍රසන්ට්)

    කැස්ස සඳහා ලබාදෙන වඩාත්ම සුලබ ඖෂධ ජාතිය මෙය වෙයි. මෙහි ඖෂධීය බලපෑම මොළයේ කැස්ස කේන්ද්‍රය මත කි‍්‍රයා කරයි. සමහර මර්දන ඖෂධ තුළ කොඛේන් වැනි අබිං වල අඩංගු රසායනික ද වෙයි. මෑත කාලයේ කළ පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ කොඛේන් කැස්ස මර්දකයක් ලෙස ඵල රහිත බවය. වර්තමාන බොහෝ මර්දක ඖෂධ තුළ “ඩෙක්ස් ටෙ‍්‍රා මෙතොර්පන්” නම් රසායනිකය අඩංගුය. එය කොඛේන් වලට වඩා සාර්ථක බවත්, කොඛේන් නිසා ඇති විය හැකි මලබද්ධය, ඔක්කාරය හා නිදිමත ගතිය වැනි අතුරු ආබාධ ඇති කිරීමේ ගුණය ද අඩු බව පෙන්වා දෙයි.
     
    කැස්ස සඳහා වන කඵෝත්සාරක (එක්ස්පෙක්ටෝරන්ට්)

    කඵෝත්සාරක පැණි හා වෙනත් ඖෂධ මගින් සෙම බුරුල් කර කඩාගෙන ඒමේ ගුණයක් ඇති කරයි. එය වියළි කැස්සත් සෙම කැඩී එන කැස්සට පරිවර්තනය කිරීමට සමත්ය.
    මේ අතර මර්දක හෝ කඵෝත්සාරක ඖෂධ සමඟ වෙනත් ඖෂධ මිශ‍්‍ර කර සකස් කළ කැස්ස සඳහා වන පැණි වර්ග ද තිබේ. ප‍්‍රතිහිස්ටමීන, වේදනා නාශක සහ වායුවර්ග අවහිර කිරීම් වළක්වන රසායනික මෙහිදී එකතු කෙරේ.
    ප‍්‍රතිහිස්ටමීන ඖෂධ කැස්ස මර්දනයට උදව් කළ ද ඒවා මගින් නිද්‍රා ජනක තත්වයන් ඇතිවී සහ තොල්කට වියළීම වැනි අතුරු ආබාධ ඇතිවෙයි. නින්දට බාධා කරන කැස්සක් ඇතිවීට ඉන් සහනයක් ලැබෙන බව නම් කිව හැකිය.
    නාසය හිරවීම් අඩු කරන ඖෂධ නාසය හා වායු මාර්ග අවහිරතා වළක්වනවා මිස කැස්සට සහනය නොසලසයි.
    කෙසේ වෙතත් තමන්ට සුදුසු ඖෂධ තීරණය කිරීමේදී හිතූමතයට නොව වෛද්‍ය උපදෙස් මත තීරණය ගැනීම වඩාත් ගුණදායකය.
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    බොහොම වටිනා Thread 1 ක්..
    දිගටම කරගෙන යන්න මගෙන් සුබ පැතු
    ම්....
     
    මේක කිව්වෙ අපේ....කෙනෙක්.කතාව නං සහතික ඇත්ත.
    හොඳටම බර වැඩ කරන,හවසට අරක්කු ටිකක් නැතුවම බැරි පිරිසක් ඉන්නවනේ මේ සමාජයේ.ගල් කඩන..කුඹරු කොටන...නාටාමිලා..වගේ.එයාල උණක්-හෙම්බිරිස්සාවක් හැදුනම හෝ ඇඟපත රිදෙන දවසට ගන්න බේතක්.ඉස්සර යාපනෙන් ඇවිත් තියනවා කුඩක් උලුන්දුමරුප්පු කියලා.ඒක අරක්කු වීදුරුවකට දාලා බිව්වම ලෙඩ කොහෙන් ගියාද කියලවත් හිතාගන්න බැරිලු.මම හිතුවා මේක වෙන්නෙ අරක්කු නිසා කියලා.නෑ ඒ බෙහෙත වැඩකරන්නෙ අරක්කු එක්කයි.හරියට කසාය බීලා සීනි ටිකක් කනවා වගේ.
    තාම මේ බෙහෙත යාපනෙන් එනවද?
    :rolleyes:
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නගනයක් ආ විට--

    උදේ පාන්දර නින්දෙන් නෑගිට්ට ගමන්ම ඈස් දෙක අරින්නේ නෑතුව පූසෙක් ව පිරිමෑද අල්ලපු අත නගනේ ගාන්න!
    :)

    දැන් උදේ පාන්දර ඇස් දෙක අරින්නේ නැතුව කොහොමද පූසෙක් හොයා ගන්නෙ ??

    :lol::lol:
     

    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    නගනයක් ආ විට--

    උදේ පාන්දර නින්දෙන් නෑගිට්ට ගමන්ම ඈස් දෙක අරින්නේ නෑතුව පූසෙක් ව පිරිමෑද අල්ලපු අත නගනේ ගාන්න!
    :)

    :oo::baffled:
     
    • Like
    Reactions: somadasa

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න තවත් අත් බෙහෙත් කීපයක්, මේව තිබ්බෙ මෙතන


    • පනුවන් නැසීමට සියඹලා නැටි , අරළු ,පෙති පුවක් , වලගසාල් , තම්බා පානය කරයි.
    • අධිකව දහඩිය දමන අයට සියඹලා කොළ ,‍බෙලි කොළ අඹරා ඇඟ අතුල්ලා ස්නානය හොඳය.
    • අධික හිසරදයට - සියඹලා දළු , හීන් උදුපියළිය ,රතු ලූණු කොටා පොට්ටකි බැද වංඩුවේ තම්බා නළල තැවීම හොඳය.
     
    • Like
    Reactions: shammee

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    niyagala ala kaballak kota yusha gena gehi isma samaga ude his badata panaya karanna...siyalu roga niwaranai....
     
    ඔයාලා සමහරවිට සරුවත් බීලා ඇති.කාලයක් මට ඉතාම අප්‍රසන්න බීම තමයි සරුවත්.පාරක් ගානෙ,වාහන දුම-දූවිලි-මැස්සො අස්සෙ අපිරිසුදු විදිහට තියන සරුවත් දැක්කම බොන්න හිතෙනවද?
    මෑතක දවසක ගුවන්විදුලියෙන් මට ඇහුනා සරුවත්වලට දාන කස ඇටවල තියන ගුනය.
    මෙන්න බලන්නකෝ විස්තර ටිකක්.
    :D
    කස ඇට හෙවත් සරුවත් පානයේදී යොදාගන්නා කළුපාට බීජ වර්ගය ලැබෙන්නෙ ලෝකයටම වසංගතයක් වෙලා තියන පොපි මලෙන්.අබිං හදාගන්නෙත් පොපි වලින්මයි.
    මේ කස කසා ඇටවල තියනවා පුදුම වේගවත් බලයක් ශරීරය සිසිල් කරවන.හරියට ග්ලූකෝස් තරම් වේගවත්.වතුර මුසු වුන සැනකින් පිපෙන කස ඇට තේ හැන්දක ප්‍රමාණය ඕනම තද රශ්ණය දවසක සිරුර සිසිල් කරන්න ප්‍රමාණවත්.වතුර බෝතලයකට කස ඇට ටිකක් දාලා සීතකරණයක දාලා තියගත්තම අවශ්‍ය වෙලාවට බීමක් හදාගන්න පුලුවන්.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයාලා සමහරවිට සරුවත් බීලා ඇති.කාලයක් මට ඉතාම අප්‍රසන්න බීම තමයි සරුවත්.පාරක් ගානෙ,වාහන දුම-දූවිලි-මැස්සො අස්සෙ අපිරිසුදු විදිහට තියන සරුවත් දැක්කම බොන්න හිතෙනවද?
    මෑතක දවසක ගුවන්විදුලියෙන් මට ඇහුනා සරුවත්වලට දාන කස ඇටවල තියන ගුනය.
    මෙන්න බලන්නකෝ විස්තර ටිකක්.
    :D
    කස ඇට හෙවත් සරුවත් පානයේදී යොදාගන්නා කළුපාට බීජ වර්ගය ලැබෙන්නෙ ලෝකයටම වසංගතයක් වෙලා තියන පොපි මලෙන්.අබිං හදාගන්නෙත් පොපි වලින්මයි.
    මේ කස කසා ඇටවල තියනවා පුදුම වේගවත් බලයක් ශරීරය සිසිල් කරවන.හරියට ග්ලූකෝස් තරම් වේගවත්.වතුර මුසු වුන සැනකින් පිපෙන කස ඇට තේ හැන්දක ප්‍රමාණය ඕනම තද රශ්ණය දවසක සිරුර සිසිල් කරන්න ප්‍රමාණවත්.වතුර බෝතලයකට කස ඇට ටිකක් දාලා සීතකරණයක දාලා තියගත්තම අවශ්‍ය වෙලාවට බීමක් හදාගන්න පුලුවන්.
    mama eeye bonna giya cool saruwath ekak paare thibba kadayakin! eke hitapu geni kihilla kasa kasa inna widiya dekkama mata epaa wela giya!:baffled: