කැස්ස සඳහා ඇති අත් බෙහෙත් ද අප දැනගෙන සිටිය යුතුය.
පානය කරන තරල ප්‍රමාණය වැඩි කරන්න. උණුසුම් පාන වඩාත් ගුණදායකය. මෙහිදී කොත්තමල්ලිවතුර, තේවතුර, සුළු හා කැඳවර්ග මෙන්ම මඳ උණුසුම් වතුර ද සුදුසුය. දෙහි යුෂ සහ පලතුරු යුෂ පවා ගුණදායකය. එහි ඇති වෛද්‍යමය ගුණය නම් උගුර ප්‍රදේශය තෙත්ව තැබීම මගින් කැස්ස පහ කරවීමයි.
* උණුසුම් වාතය (වාෂ්ප) ආඝ්‍රාණය කිරීම. (උණුවතුර භාජනයකින් නැගෙන දුම ඉරීමෙන් වායු මාර්ග තෙත්ව තැබීමටත්, ආශ්වාස වාතයෙන් ආර්ද්‍රතාවට ඉහළ නැංවීමටත් හැකිවේ.
* දෙහි කෑල්ලක් හෝ කැස්ස සමනයට දෙන ලොසින්ජරයක් හා ටොෆියක් කටේ දමාගෙන සිටීම ද යම් සහනයක් තාවකාලිකව සපයයි.
* මද වශයෙන් ලුණු මිශ්‍ර වතුරෙන් උගුර සේදීම ද යම් ගුණයක් සපයයි.
කැස්සට බෙහෙත් සලකින් පැණි - සිරප් හෝ බෙහෙත් ගැනීමට පළමුව ඔබගේ සැලකිල්ල කැස්සේ තත්වය කෙරෙහි යොමුවිය යුතුය. සෙම කඩාගෙන එන කැස්සක් යටපත් නොකළ යුතුය. ඖෂධ මගින් කළ යුත්තේ සෙම කැඩී ගෙන ඒම තව තවත් උත්තේජනය කිරීමය.
සමහරවිට ඔබ පෙළන කැස්ස වියළි කැස්සක් නම් එය යටපත් කිරීම උදෙසා කැස්ස පීඩකයක් යොදා ගත හැකිය. වෙළෙඳපොලෙහි ඇති කැස්සට ලබාදෙන සුලබ ඖෂධවල ලේබලයෙහි දැක්වෙන ගුණ වලින් අදහස් වන්නේ කවරේදැයි බලමු.
කැස්ස මර්දක (සප්පේරසන්ට්)
කැස්ස සඳහා ලබාදෙන වඩාත්ම සුලබ ඖෂධ ජාතිය මෙය වෙයි. මෙහි ඖෂධීය බලපෑම මොළයේ කැස්ස කේන්ද්‍රය මත කි‍්‍රයා කරයි. සමහර මර්දන ඖෂධ තුළ කොඛේන් වැනි අබිං වල අඩංගු රසායනික ද වෙයි. මෑත කාලයේ කළ පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ කොඛේන් කැස්ස මර්දකයක් ලෙස ඵල රහිත බවය. වර්තමාන බොහෝ මර්දක ඖෂධ තුළ “ඩෙක්ස් ටේරා මෙතොර්පන්” නම් රසායනිකය අඩංගුය. එය කොඛේන් වලට වඩා සාර්ථක බවත්, කොඛේන් නිසා ඇති විය හැකි මලබද්ධය, ඔක්කාරය හා නිදිමත ගතිය වැනි අතුරු ආබාධ ඇති කිරීමේ ගුණය ද අඩු බව පෙන්වා දෙයි.