අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.

    මුලාශ්‍ර:
    BBC DOC
    :lol: BBC උන් බොරදියේ මාළු බානවා ඒ අස්සේ කොටි ත්‍රස්තවාදියෝ කරපු දේවල් හීන් නුලෙන් සදරිකරණය කරන්න හදනව .

    බණ්ඩාරනායක බේසිගේ පුතා තමයි මේ හැම දේටම මුල.
    පරයා සිංහල රාජ්‍ය භාෂාව නොකරන්න,
    අදටත් සිංහලු දෙමලු සමගියෙන් ඉන්නවා
    දක්ෂ දමිළ මොළ රටේ දියුණුවට යොදවන්න තිබුණා.
    බොහෝ දුරට 1971 වගේ කැරැල්ලක් නොවෙන්න පවා ඉඩ තිිබුණා.
    (1971 වගේ කාලේ වෙද්දි ඉංග්‍රීසි නොදන්න තරුණ පරම්පරාවක් බිහි වීමෙන් ඔවුන් අව වරප්‍රසාදිත තත්වයට වැටිලා තිබුනේ)
    bambuwa jathi wadeta baleta kadara kamata koti jathi wade market karala yudda kare, wijewira thrathawadiyath e tika, uge maha ekage pakshen goda enna bari nisa moda kolla saha pal horu set karagena baleta enna datha kaawa marum kanakan ,
    ------ Post added on Jul 23, 2023 at 9:55 PM
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    නාකි මටත් මතකයක් තියනව කලු ජූලිය ගැන. ඒ කාලේ මම හිටපු බත්තරමුල්ල පැත්තේ පවා වැදගත් ධනවත් දමිළ අයගේ ගෙවල් ගිනිතිබ්බා. ඒ පලාත් වල දමිල අය හිටියේ බොහොම ටික දෙනයි. නමුත් ඒ මිනිස්සු පවා ඒ පලාත් ඉඩම් අත ඇරලා ගියා. මිනිස් ජීවිත වලට නම් අසල් වැසියෝ හානියක් වෙන්න දුන්නේ නෑ. ඒ ගෙදර ගින්ගන්න එකයි පස්සෙ කාලෙක Overseas School of Colombo එකට ගිනි තියපු එකයි ඉතාම දුක්බර දෑසින්ම දැකපු අමතක නොවෙන මතකයන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,117
    113
    ඕකට "වාර්ගික කෝලහාලය" "83 කලබලය" වගේ නම් කියන එකටත් මම අකමැතියි. එහෙම කියද්දි මනසෙ ඇදෙන්නෙ සිංහල දෙමල සිවියල්න්ස්ලා කඩු කැති පොලු ඇරගෙන දෙපැත්තකට වෙලා ගහ මරාගත්ත දර්ශණයක්. මේක සමූල ඝාතනයක්. නොමඟ යවන සුලු භාෂාව- ක්‍රිශ්ටල්නාක්ට් (Kristallnacht) වගේ තමා.

    වැඩිය කතා නොකරන කාරණය- එල්ටීටීය සිංහල සිවිලියන්ස්ලව ඉලක්ක කරන ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ වගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට යන්නෙත් මේ සිද්ධියෙන් පස්සෙ බව. එතෙක් මේක අවිගත්තන් දෙපිරිසක් අතර ගැටුමක්. මේකෙන් අවුරුද්දකට පස්සෙ කොටි ඩොලර් ෆාම් සමූල ඝාතනය කරනවා.

    ගොඩක් ගම්වල වැඩේ ස්ටාට් කරලා තියෙන්නේ ඒ ගමේ උන් නෙවෙයි පිට ගමන්වලින් ආවා උන් කියල තමා සීයලා, මාමලා නං කියන්නේ. මොකද සමහර දෙමළ අයව ගෙවල් අස්සේ දාගෙන බේරාගෙන ත්ටියෙන්නේත් ඒ ගමේම උන් තමා.

    කෝමත් සිංහළු ලේසියෙන් අවුස්සල ගන්න පුළුවන් මතකනේ ගිය අවුරුද්දේ මැයි 9.

    සෝෂල් සයන්ටිස්ට් ලා කියන කතාව මේකයි. පොග්‍රොම් එකේදි පාරවල් වලට බැහැල ක්‍රියාකාරීව ගහපු මරපු අය අතරෙ වැඩිපුරම හිටියෙ කාලෙකට කලින් ගම් පැති වලින් ඇවිත් නගර සීමාවල පදිංචි වෙලා ඒලියනේට් වෙලා හිටපු ලුම්පන් පාන්තිකයො කියන එකයි. මෙයාලට නගරාශ්‍රිත ප්‍රදේශ වල පදිංචි වෙන්න සිද්ධ වෙන්නෙ ඊට කාලෙකට කලින් සිංහල මිනිස්සු පදිංචි කරවන්න ඉඩම් බෙදන්න රජය ගත්ත ක්‍රියාමාර්ග වල යම් යම් ස්වභාවයන් නිසා. කොහොම උනත් මෙයාල එහෙටත් නැති මෙහෙටත් නැති ඉකොනොමික් ගැටලු වලින් පිරුණු ඉන්ටර්ස්ටීෂියල් ජනතාවක්. ගනනාත් කියන විදිහට ඕල්ඩ්ස්කූල් බෞද්ධ හෘද සාක්ෂිය අහිමි උන පිරිසක්.

    සාම්ප්‍රදායික සිංහල ගම්වල මිනිස්සු මේ ජාතියෙ ඝාතන අනුමත නොකරාම කියල මම කියන්නෙ නෑ නමුත් මේ තරම් සාහසික වෙන්න බැරි තරමෙ මෙන්ටල් බැරියර් එකක් අහිංසක බවක් එයාලට තියෙනව.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    :lol: BBC උන් බොරදියේ මාළු බානවා ඒ අස්සේ කොටි ත්‍රස්තවාදියෝ කරපු දේවල් හීන් නුලෙන් සදරිකරණය කරන්න හදනව .

    bambuwa jathi wadeta baleta kadara kamata koti jathi wade market karala yudda kare, wijewira thrathawadiyath e tika, uge maha ekage pakshen goda enna bari nisa moda kolla saha pal horu set karagena baleta enna datha kaawa marum kanakan ,
    ------ Post added on Jul 23, 2023 at 9:55 PM
    Lol wadi kal nogihin radical ponnayo tika

    “ape prabakarnwa marapu un ellapiyaw. Hamduwa apita epa, police apita epa” kiyala pelapaali yanne nadda kiyala balapan 🤣🤣
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    සෝෂල් සයන්ටිස්ට් ලා කියන කතාව මේකයි. පොග්‍රොම් එකේදි පාරවල් වලට බැහැල ක්‍රියාකාරීව ගහපු මරපු අය අතරෙ වැඩිපුරම හිටියෙ කාලෙකට කලින් ගම් පැති වලින් ඇවිත් නගර සීමාවල පදිංචි වෙලා ඒලියනේට් වෙලා හිටපු ලුම්පන් පාන්තිකයො කියන එකයි. මෙයාලට නගරාශ්‍රිත ප්‍රදේශ වල පදිංචි වෙන්න සිද්ධ වෙන්නෙ ඊට කාලෙකට කලින් සිංහල මිනිස්සු පදිංචි කරවන්න ඉඩම් බෙදන්න රජය ගත්ත ක්‍රියාමාර්ග වල යම් යම් ස්වභාවයන් නිසා. කොහොම උනත් මෙයාල එහෙටත් නැති මෙහෙටත් නැති ඉකොනොමික් ගැටලු වලින් පිරුණු ඉන්ටර්ස්ටීෂියල් ජනතාවක්. ගනනාත් කියන විදිහට ඕල්ඩ්ස්කූල් බෞද්ධ හෘද සාක්ෂිය අහිමි උන පිරිසක්.

    සාම්ප්‍රදායික සිංහල ගම්වල මිනිස්සු මේ ජාතියෙ ඝාතන අනුමත නොකරාම කියල මම කියන්නෙ නෑ නමුත් මේ තරම් සාහසික වෙන්න බැරි තරමෙ මෙන්ටල් බැරියර් එකක් අහිංසක බවක් එයාලට තියෙනව.
    :love:
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    රටේ අවාසනාවට සිද්ද වෙච්චි දෙයක්. කොටි කරපු වැඩේට අහිංසක දෙමළ මිනිසුන්ගේ දේපල විනාශ කරපු එක, ඒ මිනිස්සුව මරපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. මේකෙන් අන්තිමට සිද්ධ වුණේ දෙමළ ජන සමාජය කොටි සංවිධානයට විශාල පක්ෂපාතිත්වයක් දැක්වීමක් සහ විශේෂයෙන් පිටරට ගියපු දෙමළ ජාතිකයන් ගෙන් කොටි සංවිධානයට අඛණ්ඩ ආධාර ගලායාමක් පමණයි. ඒ කාලේ හිටපු ජේ ආර් ගේ ආණ්ඩුවේ පාතාල මැරයෝ තමයි මේකෙ මූලිකත්වය ගත්තේ. ලංකාවට මැර දේශපාලනය පාතාලය හදුන්වා දුන්නේ ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරනවා කියලා බලයට ආපු ඔය කාලකන්නියා තමයි
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔය විදියටම සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන්නත් දේශපාලකයෝ කිහිපසැරයක්ම උත්සාහ කලා වාසනාවකට ඒ වැඩේ සාර්ථක වුනේ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    1983 ජූලි 23 වෙනිදා එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සෙබළු දහතුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියට වසර 40ක් ගත වුව ද එහි මතකයන් තවමත් බොහෝ දෙනෙකුගේ සිත් තුළ රැඳී ඇත.

    xTH6L64.jpg

    1983 ජූලි මස මුල් භාගයේ දී හමුදාව චාවකච්චේරියේ දී එල්ටීටීඊ සාමාජිකයන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයක දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකු සහ එල්ටීටීඊ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන චාල්ස් ලූකස් ඇන්තනී හෙවත් සීලාන් ඇතුළු කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    70l2spN.jpg

    මෙයට ප්‍රතිප්‍රහාරයක් ලෙස පලාලි මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ ගුරුනගර් කඳවුරින් පිටවුණු හමුදා හමුදා ජීප් රියක්‌ සහ ට්‍රක්‌ රථයකට එල්ටීටීය විසින් බෝම්බ සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමෙන් සෙබළුන් දහතුන් දෙනෙක් මිය ගියහ.

    මෙම සිද්ධියෙන් පසු, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ද්‍රවිඩ පුද්ගලයන්ට පහර දෙන්නත්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කඩා දමා ගිනිබත් කිරීමත් ඇරඹිණි. එයින් නොනැවතුණු කළු ජූලිය, 3000කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළේය.

    qxHhDXk.jpg

    කළු ජුලියට මුහුණ දුන් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි රත්නම් ධර්මු සිය අත්දැකීම් මෙසේ හෙළි කළේය.
    "1983 ජුලි මාසයේ 23 වැනිදා එල්ටීටීඊ සංවිධානය යාපනය තිරුනෙල්වෙලි ප්‍රදේශයේ යුද හමුදා ට්‍රක් රථයකට බරපතල බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් ට්‍රක් රථයේ පැමිණි යුද හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා."

    ae6jdub.jpg

    "ඒ සිද්ධිය මුල් කරගෙන තමයි කළු ජුලියේ ප්‍රහාර ඇතිවුණේ. සෙල්වකිලි කියන නමින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කෙනෙක් තමයි බෝම්බය තියලා තියෙන්නේ."
    "තිරුනෙල්වේලි ප්‍රදේශයේ දී හමුදාවේ 13 ක් මියගිය එකට පලිගන්න වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ හිටපු එල්ටීටීඊ සැකකරුවන් පනස් දෙනෙක් විතර පිරිසක් බන්ධනාගාරය ඇතුළේ ම මරලා තිබුණා."

    "ඒත් එක්කම කොළඹ ඇතුළු දකුණු පළාත්වල හිටපු දෙමළ ජනතාවට පහර දුන්නා. එකට එක කරන්න උතුරේ තරුණයෝ උතුරේ හිටපු සිංහල පිරිසට පහර දුන්නා. ඒ පහරදීම් එක්ක ගෙවල් ගිනි තියලා බස් ගිනි තියලා මිනිස්සු මරලා මහා විනාශයක් සිද්ධ වුණා," යැයි රත්නම් ධර්මු පැවසීය.

    kxTqThK.jpg

    1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.
    එවක පැවති රජය මෙම කෝලාහල මුල් අවධියේ දී නතර කිරීමට අවශ්‍ය පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බව වරක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස ක්‍රියා කළ තිස්ස අත්තනායක බීබීසී සංදේශයට වරෙක ප්‍රකාශ කර තිබුණි.

    කළු ජූලිය "ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත" සිද්ධියක් ලෙසින් හැඳින්වූ තිස්ස අත්තනායක, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් "ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්" මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද පැවසුවේය.

    F7U2jCS.jpg

    මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මෝහන් මින් පෙර බීබීසී සිංහල සේවයේ පළ වූ ලිපියකට කළු ජූලිය පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර සිටියාය.
    මෙයින් හතලිස් වසරකට පෙර කළු ජූලිය අවස්ථාවේ අට හැවිරිදි පාසල් දැරියකව සිටි සුලෝචනාගේ ජීවිතය බේරා දී ඇත්තේ මහනුවර ලක්පහන විදුහලේ ගුරු භවතුන් සහ ගම්වාසීන් බව ඇය පැවසීය.

    ඉන් පසු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දින කිහිපයක් ගත කර කොළඹට පැමිණි අවස්ථාවේ, සිය නිවසත් ගිනි තබා ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ.
    "මම හිතුවේ නෑ අපේ ගමේ හිටපු මිනිස්සුම අපේ ගේ ගිනි තියාවි කියල," සුලෝචනා රාමයියා මෝහන් පැවසුවාය.

    QxGpW5l.jpg

    නම හෙළි කිරීමට අකමැති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක කළු ජූලිය පිළිබඳ සිය මතකයන් මෙසේ අවදි කළාය.
    "මම සිංහල ජාතිකයෙක්. 1983 මම කොළඹ රැකියාව කළ තැන හිටියා දෙමළ ජාතික ගණකාධිකාරීවරයෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක්. එදා රැකියා ස්ථානයෙන් එළියට බහින්න බැරි තරමට කලබල ඇවිලිලා තිබුණා. මගේ මිත්‍රයා එළියට ගියොත් අනිවාර්යයෙන් මැරෙන්න වෙන තත්වයක් තිබුණේ."

    PZGwhEZ.jpg

    කළු ජූලිය අතර කොළඹ කොටුවේ දර්ශනයක්

    මෙම සිද්ධි මාලාවෙන් ඇරඹුණ නොසන්සුන් තත්වය දරුණු සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය විය.
    වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙතැයි ඇතැම් වාර්තා සඳහන් කරයි.

    W918PXL.jpg

    රට පුරා පැතිරී ගිය මෙම කෝලාහල හේතුවෙන් අති විශාල දේපළ හානි සිදු වූ අතර, ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ද ලක් විය. මේ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ.

    කවුරු කෙසේ කුමන ආකාරයේ අදහස්, මතිමතාන්තර පල කළත් 1983හි කළු ජූලිය ශ්‍රී ලංකාව විසින් මුහුණ දුන් 30-අවුරුදු සිවිල් යුද්ධයට මග පෑදූ එක් සිදුවීමක් බව ප්‍රකාශ කළහොත්, එය අතිශයෝක්තියක් නොවනු ඇති. 2023 වසරේ ජූලි මසට යෙදෙන්නේ කළු ජූලියෙන් පසු 40 වන වසරයි.

    මුලාශ්‍ර:
    BBC DOC
    wathman palanaye abilashaya nawatha mewan kalayakata rata genayamai, eya owun deergakalina balaye sitimata upakramayak lesa bawithayata ganimata uthsaha arai, thawath ewani anduru yugayakata owunge wahasi bas walata norawati, siyalu jathin samaga mithrawa karayuthu kirima nuwanathi obage ha mathu parapurehi rakawaranayata hethuwe.............

    thawath wahal palakainta ha ounge wahasi basata norawatenna...
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බණ්ඩාරනායක බේසිගේ පුතා තමයි මේ හැම දේටම මුල.
    පරයා සිංහල රාජ්‍ය භාෂාව නොකරන්න,
    අදටත් සිංහලු දෙමලු සමගියෙන් ඉන්නවා
    දක්ෂ දමිළ මොළ රටේ දියුණුවට යොදවන්න තිබුණා.
    බොහෝ දුරට 1971 වගේ කැරැල්ලක් නොවෙන්න පවා ඉඩ තිිබුණා.
    (1971 වගේ කාලේ වෙද්දි ඉංග්‍රීසි නොදන්න තරුණ පරම්පරාවක් බිහි වීමෙන් ඔවුන් අව වරප්‍රසාදිත තත්වයට වැටිලා තිබුනේ)
    බණ්ඩා පර බල්ල තමයි මේකට මුල.
    දැන් දෙගොල්ල සමගි කරවන එක හෙන අමාරු වැඩක්.
    English උනත් හරියටම set උනේ බං 2000න් පස්සේ උන්ට ඊට කලින් ඉඳන් 1950 ගණන් ඉඳන් 1999 වෙනකං ම english නොදන්නා සෙට් එකක් බිහි උනා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    බණ්ඩා පර බල්ල තමයි මේකට මුල.
    දැන් දෙගොල්ල සමගි කරවන එක හෙන අමාරු වැඩක්.
    English උනත් හරියටම set උනේ බං 2000න් පස්සේ උන්ට ඊට කලින් ඉඳන් 1950 ගණන් ඉඳන් 1999 වෙනකං ම english නොදන්නා සෙට් එකක් බිහි උනා
    56 සිංහල රාජ්‍ය භාෂා මරාලයෙන් පස්සේ 71 වෙනකොට ඉංග්‍රීසි නොදත් තරුණ පරම්පරාව බිහිවුණා. ඉංග්‍රීසි නොදත් කම නිසා ඔවුන්ට හරිහමන් ජොබ් එකක් වත් ගන්න බැරි වුණා. ඉතින් ඔවුන්ව ඉහළ පංතිය විසින් නිකංම කොන් කරලා දැම්මා. ඔවුන්ට ඉතිරි වුනේ විප්ලවය විතරයි. මේ තනිකරම රදළ වලව් දෙශ්පාලනයෙන් හප කරලා දාපු රටක්.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කොහොම උනත් tamil තව සෙට් එකකට ලොතරැයියක් අදුන වගේ වැඩක් උනා යුරෝපයේ සරණාගත තත්ත්වය ලැබීමත් එක්ක. මොල ටික රට ගියේ නැත්නම් යුද්ධයක් නෑ වගේම රට ගිය මොල ටික ltte එකට සල්ලි පොම්ප කරල නොදුන්න නම් ඒත් යුද්ධයක් නෑ. දැනුත් ඒ අනුකම්පාව යුරෝපයෙන් ලබාගන්න හදන බව අමතක කරල ප්‍රභාකරන් හරි කියල කියන්න එපා.
    ගොබ්බ සිංහලයෝ ගැන ආයෙ අමුතුවෙන් මේ thread එකේ කියන්න ඕනෙ නෑ. Jr ගෙ පරම්පරාවම ලංකාව විනාස කරන්න ආපු පිළිලයක් වගේ
     
    අන්තිම පුරුක තමයි හාමු.. ඔය දැන් වැඩ පෙන්වන්නේ.. india එක්ක යටින් game ගහ ගහ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    56 සිංහල රාජ්‍ය භාෂා මරාලයෙන් පස්සේ 71 වෙනකොට ඉංග්‍රීසි නොදත් තරුණ පරම්පරාව බිහිවුණා. ඉංග්‍රීසි නොදත් කම නිසා ඔවුන්ට හරිහමන් ජොබ් එකක් වත් ගන්න බැරි වුණා. ඉතින් ඔවුන්ව ඉහළ පංතිය විසින් නිකංම කොන් කරලා දැම්මා. ඔවුන්ට ඉතිරි වුනේ විප්ලවය විතරයි. මේ තනිකරම රදළ වලව් දෙශ්පාලනයෙන් හප කරලා දාපු රටක්.
    කැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම.
    බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු සක්කිලියෙක්.
    ඕකගේ පරම්පරාව එහෙමම ඉවර උනා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    කැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම.
    බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු සක්කිලියෙක්.
    ඕකගේ පරම්පරාව එහෙමම ඉවර උනා.
    කන්නංගර ශ්‍රීමතාණන් හඳුන්වා දුන් මධ්‍ය විද්‍යාල සංකල්පය රටපුරාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිගටම පැවතුණානං අද වෙනකොට ලංකාව තියෙන තැන ගැන හිතාගන්නවත් බෑ.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    කැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම.
    බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු සක්කිලියෙක්.
    ඕකගේ පරම්පරාව එහෙමම ඉවර උනා.
    ඩී එස් සේනානායක කිව්වා කියල බුකියේ තිබුණ මතකයි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    අදවගේ මතකයි සින්ඝලු ..සිකුරාදා හරි සෙනසුරාදා හරි දවසක් ..දැන් වගේ fb වට්ට්ස් app තිබ්බේ නැ ඒකාලේ අපේ ගෙදර පාර ඉස්සරහ st. mary's එක කැරි සින්ඝලු ඉස්කෝලේ ගේට්ටුව කඩන සද්දෙට තමයි මම එලියට ආවේ ...නැ එදා සෙනසුරාදා මොකද ඉස්කෝලේ ළමයි හිටියේ යුනිෆෝර්ම් එකෙන් නෙමේ ගෙටුව කඩල කෙල්ලෝ එක එක එලියට ගන්නවා දෙමල කෙල්ලෝ දෙන්නෙක් මම ඉස්සරහ දීම ලොරියකට දාගත්තා අවූරුදු 15 ඇති ..උන් ලොරියට දානකොටම ඇදුම් ගැලේවූවා ..ගලෝල විසික් කරා ඔතන ජාතිවාදී ප්‍රශ්නෙට වැඩිය ධනපති පන්ති අරබුදයක් තිබ්බේ දමිල දනේශ්වරය මම ලග සාක්ෂි සහ ඇසින්දුටු සාක්ෂි තියනවා එක මාරම මතකයක් දෙමල උන්ට නෙමේ අපිටත් ගැහුවා අපේ පවුලම හිටියේ ගංගාරාමේ සති දෙකක් විතර ..කොලබ එදා නිකන් අවුස්විෂ් වගේ..මගේ රිසර්ච් එක කරෙත් ඒගැන නමුත් එක ලංකාවේ පබ්ලිෂ් කරනන් දුන්නේ නැ එකේ සාක්ෂිත් එක්ක තියනවා ..මට ISBN එක පවා දුන්නේ academic purposes only කියල ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ඔතන ජාතිවාදී ප්‍රශ්නෙට වැඩිය ධනපති පන්ති අරබුදයක් තිබ්බේ දමිල දනේශ්වරය මම ලග සාක්ෂි සහ ඇසින්දුටු සාක්ෂි තියනවා එක මාරම මතකයක් දෙමල උන්ට නෙමේ අපිටත් ගැහුවා
    පැහැදිලි මදි මහත්තයෝ.
     
    • Like
    Reactions: NRTG