අදත් මං ඈ ආවා දැක්කා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    බොරුවක් නෙවෙයි මිස් මම කියන්නේ
    අදත් ඈ ආවා මං දැක්කා
    පෙරදාක මම දීපු මල් කුඩය
    ඇගෙ අතේ තිබ්බා
    අදත්, රෑ හීනෙන් දකින ඒ
    සොඳුරු සිනහව දෙතොලෙ තිබ්බා
    ඇත්තමයි මිස් මං කියන්නේ
    අදත් මං ඈ ආවා දැක්කා

    බොරුවක් නෙවෙයි මිස් මං කියන්නේ
    අදත් ඈ මගෙ ළඟට ආවා
    ගත දුබල මුත් සිතේ ඇති පෙම
    හයිය බව මං ඈට කීවා
    තව තවත් ඈ මගේ දෙනෙතට
    එබී හොඳට ම රවා බැලුවා
    උඹට හොඳට ම පිස්සු මිනිහෝ
    "මම බෙහෙත් දෙන නර්ස්" කීවා

    ඇත්තමයි මිස් මං කියන්නේ
    මට පිස්සුවක් නැතැයි කීවා
    තව තවත් මා වෙතට රවමින්
    ඈ බෙහෙත් පෙති ගණන් කෙරුවා
    බෙහෙත් මොකටද සුදු මැණික මට
    කියා මා ඇගෙ දෑස බැලුවා
    සිහින් කඳුලක් අතින් පිසිමින්
    ඉක්මනට ඈ ඉවත බැලුවා
    ඇත්තමයි මිස් මම කියන්නේ
    මං ඈට ආදරේ කෙරුවා!

    ✍
    දසුන් පෙරමුණ.

    - Copied from FB -


    214_1_news.jpg