අඩෝ හරියටම හරි මචන් මටත් මේ scene එක සෑහෙන්න වෙලා තියෙනවා.එහෙම වෙලා තියෙන්නෙත් හොල්මන් films බය හිතෙන දේවල් බලන දවස් වල තමයි. මට නම් හීනෙක ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ. එත් ඇත්තට මන් ඇහැරිලා මොකක් හරි දෙයක් වෙනවා එත් මට කෑ ගහන්නවත් නැගිටින්නවත් බෑ. මම සෑහෙන්න try කරනවා නැගිටින්න හරියන්නෙම නෑ. අමාරුවෙන් ඇදෙන් පොඩ්ඩක් හැරෙනවා වගේ නම් මතකයි. එහෙම try කරලා කරලා එක පාරටම හාන්සි වෙලා ඉන්න එකෙන් ඇග උස්සගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ටිකක් දාඩියත් දාලා පියවි සිහියට එන්නේ. ඊට පස්සේ ගිහින් වතුර එකක් එහෙම බිලා ආයෙත් නිදාගන්නවා.
එත් අන්තිමට මට ඔහොම උන දෙතුන් පාරේදී නම් මට ඒ වෙලේ තේරුණා මේක කලිනුත් උනා වැඩක් නෑ දගලලා එහෙම්ම ඉදලා හෙමිට නැගිටිනවා කියලා හිතාගෙන calm down වෙලා එහෙමම නැගිටලා ආයෙත් නිදාගත්ත අවස්ථා දෙකක් වගේ තියෙනවා.
හැබැයි කලින් උන scene වලදී නම් සෑහෙන්න බය වෙලානම් තියෙනවා මම. මට හීනෙක ඉන්නවා කියලා නම් මතක නෑ මගේ සාමාන්‍ය කාමරයේ මට කතා කරගන්නවත් බැරුව නගිටගන්නවත් බැරුව බයෙන් ඉන්න හැගීමක් මට දැනිලා තියෙන්නේ. අදත් මෙහෙම වෙයිද කියලා දැන් නම් බයයි. එහෙම උනොත් එකත් දාන්නම්කො මේකේ.
හැබැයි මචන් අද තමයි දැනගත්තේ මෙහෙම scene එකක් තියෙනවා කියලා.
හැමෝටම දැනගන්න මේ ගැන දැම්ම එකනම් වටිනවා යාලුවා.
ඔන්න මමත් මගේ අත්දැකීම කිව්වා.
hamadatama 7ta wage wash ekak ganin
room eke ventilation hodata wenawada balapan
hwasa gedaranam inne kohe hary gihin sellam karala hodata mahansi wela wash ekak daganin ethokota oya ekakwath na gahala maruwa wage ninda yanawa 
දවසක් හීනයක් ඇතුලෙ හීනයක් දැක්ක. හීනෙන්ම උත්සාහ කළා අනිත් හීනෙන් ගැලවෙන්න. එතකොට ඇහැරුනා.




මටත් ඔය වගේම දේවල් වෙලා තියෙනවා , හැබැයි ඔය කියන දේම නෙවෙයි.මට වෙලා තියෙන්නේ , මම නිදාගෙන ඉන්නවා ඊට පස්සේ මම ඇහැරෙනවා , ඒ උනාට මට හොදට මතකයි මම ඊට කලින් ඇහැරුනා නේද කියල.මටත් හිතාගන්න බැහැ මොකද උනේ කියල.
තව දෙයක් තමයි නිදාගෙන ඉද්දි ගැස්සිලා ඇහැරෙනවා එක පාරම , මූලු ඇගම උඩ ගිහින් වැටිලා ඇහැරෙන්නේ.මට ඔය සීන් එක එකම දවසේ එකම නින්දේ 3න් 4 පාරක් වෙලා තියෙනවා.ගැස්සිලා ඇහැරෙනවා ඊට පස්සේ එවෙලේම ආයෙත් නින්ද යනවා , ඊටපස්සේ ආයෙත් ගැස්සිලා ඇහැරෙනවා.නිකන් පිස්සු වගේ ඒ වෙලාවට.![]()



. පට්ට විදිහට බයවෙනවා බිමට වැටෙයි කියලා


මේ ක්‍රියාවලිය හදුන්වන්නේ ස්ලීප් පැරලයිසස් කියලා. සිංහලනේ මේකට කියන්න පුළුවන් නිදි අංශභාග තත්වය එහෙමත් නැත්තං නිදි ආඝාතය කියලා. මේක වෙන්නේ මේ කාරණය නිසයි.
මිනිස්සුන්ට නින්ද ගියාම විවිද හීන පේනවා. ඉතිං මේ වගේ හීන පෙනෙද්දී ඒ දකින හීනය අනුව අතපය/ශරීරය චලනය වෙන්න ඉඩ තියෙනවනේ. අන්න ඒ විදියට මිනිස්සු දකින හීනය අනුව ඒ අයගේ ශරීරය චලනය වීම වැළැක්වීමට අපේ ඇග තුලම ආරක්ෂක උප්‍රකමයක් තියෙනවා. මේ නිසා අපි හීනයක් දකිද්දී අපේ ඇග සම්පුර්ණයෙන්ම පන නැති වෙලා,මුළු ශරීරයම අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයකට පත්වෙනවා. ඉතිං ඒ නිසා අපි හීන දකිද්දී ඒ අනුව අතපය/ශරීරය චලනය වෙන එක බොහෝ දුරට නැවතිලයි තියෙන්නේ. සමහර වෙලාවට මේ වැඩේ හරියට වෙන්නේ නැති උනාම තමයි හීනෙන් ඇවිදිනවා කියන සිදුවීම ඇතිවෙන්නේ.
ඉතිං ඔය කිව්ව විදියට නින්දේදී හීන පේනකොට අප්‍රාණික වෙලා,අංශභාගය හැදුනා වගේ තියෙන ශරීරය අදාල හීනය අවසන් උනාම ආයේ යතා තත්වයට පත්වෙනවා. හැබැයි හැම වෙලේම හීනය දැකලා ඉවර උනගමන්ම ශරීරය යතා තත්වයට පත් නොවෙන්නත් පුළුවන්. මෙහිදී හීනය දැකලා, මනස අවදි වෙලා,ටික වෙලාවක් යනකන් අපේ ශරීරය තියෙන්නේ අර කලින් කිව්ව අංශභාග රෝගියෙක්ගේ වගේ තත්වයේයි.
මෙන්න මේ සුළු කාල පරතරය අතර තුලදී මිනිස්සුන්ට තමන්ගේ මනසේ තියෙන විවිද භයංකාර අදහස් මැවිලා පේන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අයට අයට සක්වල ජීවින් එනවා වගේ, නැත්තං යක්ෂයන් එනවා වගේ පේනවා.
ඒ වගේම තවත් සමහර අයට නින්ද ඉවර වෙලා, අවදිවෙන්න හැදුවත් ඒක කරන්න විදියක් නැතිව ඉන්න වෙන්නත් පුළුවන්. මේ අය මොකුත් භය වෙන දෙයක් දකින්නේ නෑ. හැබැයි ඇදෙන් නැගිටින්න,කාටවත් කතාකරන්න මොකුත් කරන්න විදියක් නෑ. මේ වෙලේදී ශරීරය අප්‍රාණික නිසා මෙහෙම උනත්,මනස වැඩ කරන නිසා අවට ඇති දේවල් පෙනෙන්න, අවට කවුරු හරි ඉන්නවා නං එයා කරන කියන දේ දකින්න/අහන්න පුළුවන්. ඒත් හැබැයි ඔලුව හරවන්න බෑ. ඔලුව තියෙන අතට තියාගෙන පේන දෙයක් බලන්න/ඇහෙන දෙයක් අහන්න විතරක් පුළුවන්.
ඇත්තටම කිව්වොත් මේක රෝගයක් නෙමෙයි. ලෝකේ පුරා ඉන්න ගොඩක් දෙනෙක් අත්විදින දෙයක්. මෙහෙම දෙකට ඔයාත් මුහුණ දෙනවා නං ආයේ බය වෙන්න ඕනි නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1675655

මටත් ඔහොම වෙලා තියෙනවා බං..

)

මට ඇති තරම් වෙලා තියෙනවා, ඕකෙදි වෙන්නේ මචන් ඇස් දෙකයි තව ඉන්ද්‍රියන් කිහිපයකුටයි පන එන එක. අපි නිදාගද්දී මොලෙන් අපිව paralise කරනවා අනතුරක් නොවෙන්න. මෙතනි වෙන්නේ අර කියපු ඉන්ද්‍රියන් ටික paralise තත්වයෙන් මිදෙනවා. එතකොට අපිට අතකවත් හොල්ලන්න බැහැ. කට ඇරෙන්නෙත් නැහැ. ලේසිම දේ ඇස් දෙක පියාගන්න එක ආයෙමත් හීනෙට ඇදිල යනවා.

matath me seen eka wela thiyenawa. magitinna try kalata nagitinna be. a welawata api awata parisaraya background eken penne, hina lokaya ita issarahin penawa. serama shadows wage penne. samahara welawata ape ege blood yana sound ekath ehenawa.

