අදිසි මිනිසා..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොඩ කාලෙකින් කට්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුන..
    කලින් අහපුවටත් පට ගාල උත්තර දුන්නනේ එලකිරි පොරවල්.. ;)

    මේකයි සීන් එක,
    මේක විද්‍යාත්මකව (ජීව විද්‍යාව + භෞතික විද්‍යාව ප්‍රශ්නයක්) හිතල බලල උත්තර දෙන්න ඕනි ප්‍රශ්නයක්..
    විකල්ප උත්තර නැත.කතාවක් ගොතලම අහන්නම් ලස්සන වෙන්න.


    එක්තරා විශ්ව විද්‍යාලයක විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් මිනිසෙක්ව අදිසි භාවයට පත් කරන ඖෂධයක් නිපදවනව..
    මේකෙන් මිනිසෙකුගේ සජීවී පටක සහ ප්‍රෝටීනමය කොටස් (කෙස් , නිය ) වල ව්‍යුහය වෙනස් කර පාරදෘශ්‍ය කරනව..
    කෙටියෙන් කිවුවොත් ඒවා තුලින් ආලෝකය ගමන් කරන්න සලස්වනව.. එමගින් පානය කල තැනැත්තා අදිසි භාවයට පත් වෙනව.
    යම් විදියකින් මෙම ඖෂධය විද්‍යාගාරයෙන් සොරකම් කරනව.
    මේ ගැන දැනගත් මහාචාර්යවරයා තම ශිෂ්‍යාවකට පවසන්නේ ඖෂධය සොරකම් කල තැනැත්තා කාන්තා නේවාසිකාගාරයේ රැදී සිටිය හැකි බවයි.
    මේ පිලිබදව අධ්‍යනය කරන ඇය පවසන්නේ ,
    එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වී සිටියත් ඔහු සම්පූර්ණයෙන්ම අදිසි භාවයට පත් වී ඇත්නම් ඒ ගැන බිය වීමට කිසිසේත් අවශ්‍ය නැති බවයි.


    ඇය එසේ සදහන් කිරීමට හේතුව කුමක් විය හැකිද?

    කට්ටියම ට්‍රයි කරන්න. යමක් ඉගෙනගන්න පුලුවන් මේකෙන්





    ..Updated..

    හරි උත්තරේ දීල තිබ්බ ගොඩක් කට්ටිය.. සතුටුයි, මොකද මට වත් හිතාගන්න බැරිඋනා 1st time.
    Comment කරපු හැමෝටමත් Thanks.​


    මෙම ඖෂධයෙන් මිනිසා සම්පූර්ණයෙන් අදිසි විය යුතුයි, නැත්තම් මොහුට කාන්තා නේවාසිකාගාරයට ඇතුල් වෙන්න බැහැ.
    මේ පුද්ගලයා සම්පූර්නයෙන්ම අදිසි වූවා නම් ශරීරයේ සියලුම පටක ආදිය පාරදෘශ්‍ය විය යුතුයි.
    එනම් පුද්ගලයා අනිවාර්යෙන්ම අන්ධ භාවයට පත් විය යුතුය.
    අපට යමක් පෙනීමට නම් එම වස්තුවේ සිට එන ආලෝක කිරණ ඇසේ දෘෂ්ටි විතානය මගින් අවශෝෂණය කරගත යුතු වේ.
    පුද්ගලයා අදෘෂ්‍යමාන නම් ආලෝක කිරණ ඔහුගේ දෘෂ්ටි විතානය පසුකර යයි, එනම් එම පුද්ගලයාට කිසිවක් නොපෙනේ.
    යම් හෙයකින් ඔහුට ආලෝකය අවශෝෂණය කරගැනීමේ හැකියාවක් පවතීනම් ඔහුගේ දෘෂ්ටි විතාන කලු ලප ලෙස දිස් විය යුතුය.
    එනම් ඔහු අදෘශ්‍යමාන නොවේ.

    මේ අනුව අදෘෂ්‍යමාන නම් දෘෂ්ටිය නොමැති වීමද දෘෂ්ටිය පවතීනම් අදෘෂ්‍යමාන නොවීමද සිදුවේ.

    ආලෝකය දේහය හරහා විනිවිද යැවීම මගින් අදෘශ්‍යමාන තත්වය ලගා කර ගැනීමේ සංකල්පය ප්‍රායෝගික නොවේ


    ..මෙය උපුටා ගැනීමක් නොවේ..
    All Rights Reserved
     
    Last edited:

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    උත්තරෙත් දාපන් බන්, දිගටම Thread follow කරන්න බෑ.
    :confused::confused::confused:
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.

    උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ. :)
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Ehema adisi minisekta es penna widihak ne machan. e hindai lady's hostel eke hitiyata baya wenna deyak ne kiyanna aththe :D thats physics by the way
     

    nandana10

    Junior member
  • Mar 12, 2009
    97
    14
    18
    shriraye siyaluma kotas paaradrushya karanawanam, as walatath e dema wela minihata as penne nathuwa athi (as welata alokaya athul wela eka parawarthanaya unahamane penne)
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    සියලුම අවයව පාරදෘශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි විතනයත් පාරදෘශ්‍ය වෙනවා කියන එකනේ. එහෙම වුනොත් උගේ දිෂ්ටිවිතනයේ ප්‍රතිබිම්බ හදන්න බැනේ බන්. එ හරහත් ආලෝකය ගමන් කරනවනේ. එහෙම වුනොත් ඌ අන්ද මිනිහෙක් වෙනවානේ.

    උත්තරේ මේකද නම් දන්නේ නෑ. තියන දනුමෙනුයි මේගැන මෙහෙම හිතුවේ. :)

    Sira uththarayak. Godak welawata meka venna puluwan.