සල්ලි ඉවරයි
අපි බොන්නෙ පැලවත්ත
හෙට තමා අම්මලාට සල්ලි හම්බෙන්නෙ
11000 ක් ණය බේරන්නත් තියෙනව
මේ මාසෙ බිල් දෙකට ඒත් 11000 ක්
මාසෙ බේත්වලට 16000-17000 ක් විතර යනව
අම්ම කොහොමත් සල්ලි හම්බුණ දවසෙම ණය බේරනව
ඇත්තටම ජීවත් වෙන්න මේ හම්බෙන ටික මදි බං
මං කිව්වෙ සති දෙකකට ඇති.
සල්ලි නැති නිසා මේ ටිකේම ගෙනාවෙ සාලයො
ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරක් වුණාට බල්ලයි පූසො දෙන්නටයි එක්ක හතර දෙනෙකුට විතර කෑමට වියදම යනව. අපි එයාලටත් තුන්වේල හොදට කන්න දෙනව
මොකක්හරි කරල රෝලක් ගහනව ඉතිං
අම්මගෙ අග්‍රහාර වැඩෙත් හරි
රේඩියන්ට් එකෙන් බිලක් ඉල්ලගෙන අග්‍රහාර එකට ගිහිල්ලම දුන්න. නංගි තමා ඒ වැඩේ කෙරුවෙ
දැං අග්‍රහාර වෙබ්සයිට් එකේ processing payment කියල වැටෙනව