අද අපි Deadlift හරියට කරමුද ?
අද අපි Deadlift හරියට කරමුද ?
මේ Deadlift කියන්නේ Powerlifting exercises තුනෙන් එකක්. අනිත් දෙක තමයි squat සහ bench press කියන්නේ. සරලව කියනවනම් deadlift එකකදී කරන්නෙ weight එක දාල barbell එක ඔයාගේ hips ළඟට පොලවේ ඉදන් උස්සන එකයි ආපහු පොළව දක්වාම පහලට දාන එකයි තමයි. Deadlift වලින් ඔයාලගෙ upper වගේම lower body එකටත් exercise එකක් වෙනවා.
සම්බන්ධ වන මාන්ශ පේශින් : butt, upper thighs, hamstring , lower back, upper middle back සහ traps. ගොඩක් mucles වලට exercises එකක් දෙනවා ඒනිසාම compound exercises ගනයට මේ deadlift එකතු වෙනවා .
යාලුවනේ පහළ පින්තූරය බලන්න.
Deadlift එකක් කරණකොට සැලකිලිමත් වෙන්න ඕනෙ කාරණා කීපයක් තියනවා.ඒවගෙන් ප්රදානම දෙයක් තමයි. ඔයාල ඔයාලට හරියට form එක තියාගන්න පුළුවන් උපරිම බර පාවිච්ච් කරල මේ deadlift එකක් කරන එක. මොකද මේක නිසා තමයි ගොඩක් අය පහලින් මම කියන වැරදි දේවල් කරන්නේ .
අනිත් දේ තමයි ඔයාලගෙ back එක. ඔයාලා barbell එක උස්සනකොට ඔයාලගෙ back එක arc එකක් විදිහට කරන්න එපා. ඒකෙන් ඔයාගේ කොදු අට පෙළට ගොඩක් හානි වෙන්න පුළුවන් ගොඩක් කාලයක් කරද්දි.
අනිත් දේ තමයි barbell එක ගන්න කොට squat එකක් තරම් පහළට ගිහින් බර උස්සන්න try කරන්න එපා.ඒක ඔයාගේ knee එකට ගොඩක් හොඳ නැහැ.
barbell එක ඔයාලගෙ කකුල් වලින් ගොඩක් දුරින් තියාගන්න එපා.එහෙම උනොත් ඔයාල bar එක ගන්න පහළට යනකොට වගේම bar එක පහළට දාන කොට ඔයාගෙ form එක නැති වෙයි .
අන්තිම කාරණය තමයි ඔයාලට barbell එක පහතට දාන්කොට ඔයාලගෙ knees කලින් bend කරොත් ඔයාලගෙ lower back එකට ඒකෙන් ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලගෙ knees ඔයාල bend කරන්න පටන්ගන්න ඕනෙ barbell එක knees pass කරල ගියාට පස්සෙ තමයි.
ඉතින් යාලුවනේ එහෙනම් හරියට deadlift කරල ඉක්මනට result එකක් ගමු .
YOUTUBE : https://www.youtube.com/c/MalithHiranthaFitnessMotivation
ජයවේවා..!
#fitgeek #fitgeekyoutube #howtodo #slfitness #srilankanfitness #fitnessmotivation
ඉතින් යාලුවනේ එහෙනම් හරියට deadlift කරල ඉක්මනට result එකක් ගමු .
YOUTUBE : https://www.youtube.com/c/MalithHiranthaFitnessMotivation
ජයවේවා..!
#fitgeek #fitgeekyoutube #howtodo #slfitness #srilankanfitness #fitnessmotivation
Last edited: