පාස්පෝට් ඔෆිස් - Passport office

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පහුගිය ටිකේම පාස්පෝට් ඔෆිස් එක ගැන එක එක්කෙනා අහල තිබ්බ ත්‍රෙඩ් වලට මම දාපු පෝස්ට් ටික එකතු කරල මෙතන දාන්න හිතුන. මගේ බිරිඳ පසුගිය 15 සඳුදා පාස්පෝට් එක බාරදෙන්න ගිය වෙලාවෙ උන දේවල් ඒ ඒ වෙලාවෙ අප්ඩේට් දුන්න ඒවගෙ කෝට් කරපුව එක්ක දාන්නෙ. එක මිත්‍රයෙක් ඊයෙ PM එකකින් අහපු එකට දුන්න උත්තරයත් මෙකෙම දානව. කාටවත් උදව්වක් උනොත් කියල.

    පාස්පෝර්ට් කන්තෝරු රස්තියාදු ත්‍රෙඩ් එක....​

    ඔන්න අපේ උන්දැත් අද උදේ ඉඳල පෝලිමේ. ඔන්ලයින් ඇපොයින්මන්ට් එක පෙබරවාරියෙ අරගෙන අද තමයි දවස. දැන් ඇතුලට ගිහිල්ලත් පැය තුනක් වගේ. තවම ටෝකන් එක අතට අරන් පෝලිමේ ඉන්නවලු.

    කිව්ව හැටියට එහෙම තමයි. එපොයින්මන්ට් කොලේ කනිකන් ගේට්ටුවෙන් ඇතුලට යාමට අවසර පත්‍රයක් විතරක් වගේ තමයි කියන හැටියට. පෝලිමේ ඉන්නෙ නැතුව ඉස්සරහට යන උනුත් ඉන්නවලු :(
    වන්ඩේ තමයි එපොයින්මන්ට් එක ගත්තෙ. ඒ උනාට හදිස්සි නැති නිසා නෝමල් පෝලිමට මාරු උනා බන්. වන්ඩේ එක නම් යනවලු ඉක්මනට. කොහොමත් නෝමල් එකත් මාස 5-6ක් යනව කියල තමයි දැනට ආරංචිය. ඔෆිස් එකේ නංගි කෙනෙක් ගිය නොවැම්බර් වල දාපු එක තවම ලැබිල නෑ.
    ඔව් මම අර උඩ කමෙන්ට් එකේ කිව්ව නංගිත් කිව්වෙ පැය දෙක තුනකින් බාරදීල ආව කියල නොවැම්බර් වල. මම නම් මේ අපෙ උන්දෑ කිව්ව දේ අහපු නැති පව ගෙවන්නෙ. වන්ඩේ එක 5000/= වගේ තිබ්බ කාලෙ දාල තියාගන්න කියල කිව්වට ඇහුවෙ නැහැනෙ. දැන් ඉතිං කාලය සහ මුදල දෙකම අපරාදෙ.

    -----
    ඔන්න දැන් විනාඩි 10කට වගේ කලින් තමයි ඇප්ලිකේෂන් එක බාරදුන්න කියන්නෙ. නෝමල් සර්,විස් එකෙන්.
    ------ Post added on May 15, 2023 at 1:04 PM
    ******************************************************

    තාම passport හදන්න appointment දාන්න ඕනද? ත්‍රෙඩ් එක​


    එපොයින්මන්ට් ඩේට් එකක් නම් ඇවිත් තියෙන්නෙ. ඒත් පෝලිමේ ලගින්න ඕනද පාන්දර ඉඳල. 10ට වෙලාව තියෙන්නෙ.
    නෑ නෝමල් එනව නම්. හැබැයි ඒක තීරණය කරන්නෙ එදාට නෙමෙයිද
    මම නෙමෙයි බන් වයිෆ් දාගෙන තිබ්බෙ. ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම හෝ කෝල් කරල අරන් වෙන්න ඕන. ගෙදර ගියාම අහල අප්ඩේට් කරන්නම්.
    ෆොටෝ එක ගන්න ගියාම ස්ටුඩියෝ එකෙන්ම තමයි මචං අහල දාල දීල තියෙනව එතනිනින්ම. ඇප්ලිකේශන් එකත් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් එකම එතන ප්‍රින්ට් කරල තිබිල දීල තිබ්බ. ඒක ෆිල් කරගෙන අරන් යන්න ඕන කිය කිය ඉන්නෙ. කෝකටත් ලිංක් එක වැඩ නැත්නම් ෆොටෝ එක ගන්න යන ගමන් ස්ටුඩියෝ එකෙන්ම අහපන්. උන් දන්නව ඇතිනෙ අවුලක්ද නැද්ද කියල.

    මට පොඩ්ඩක් අමතක උනා බන් රිප්ලයි කරන්න @The Chairman @blackheart

    Thank you machan. Appointment eka 10 ta nisa 10 ta witharada giye naththam pandara indanma polime da?

    Puluwan nam wife awama podi update ekak denna.

    මචං මේ පෝස්ට් එකේ මම දාපු ටික බලාගෙන යන්න. 10 එකට 9ට වගේ ගියේ.
    නැහැ මචන් අපේ පැත්තෙ එකකින්.
    අද ගියා මචං. තවම පෝලිමේලු. ඔන්ලයින් එපොයින්ට්මන්ට් එක ඕන උනේ ඇතුලට යන්න විතරලු. ෆයිල් චෙක් කරල පෝලිම වෙන් කරල දාල. එපොයින්මන්ට් එක දානකොට වන්ඩේ දාපු එකත් එතනදි ඕන නම් නෝමල් එකට මාරු කරගන්න පුලුවන් කියල. අපිට හදිස්සි නැති නිසා මෙයා නෝමල් එකටම දාගෙන. වන්ඩේ පෝලිම ඉක්මනින් යනවලු. දැන් නෝමල් පෝලිමේ ඉන්නව කිව්ව බාරදෙන්න. ඒ පෝලිම යන්නෙ හිමින් කිව්ව. (ලිෆ්ට් එකේ ඉඩ අනුව පෝලිමෙන් 10ක් වෙනකන් අරගෙන කිව්ව යවන්නෙ ෆස්ට් ෆ්ලෝ එකට) පඩිපෙලෙන්ලු ඒපාර යැව්වෙ. ඒකෙන් ගිහින් ටෝකන් එක ගන්න ඕනලු. දැන් ඔන්න ඒක අරගෙනලු ඉන්නෙ. මට හිතෙන හැටියට උදෙන් ගියොත් ඉක්මනට ඇතුලට යන්න පුලුවන් වගේ පෝලිමේ ඉස්සරහ සෙට් වෙන නිසා.

    වන්ඩේ ගන්නව නම් පැය 5ක් වගේ එනකොට ගන්න පුලුවන් කිව්වලු. දැනට අප්ඩේට් ඔච්චර තමයි :love2:

    -----------------------------------------------------------
    Mata wisthara wagayak danaganna puluwanda. Mata Friday appointment eka tynne

    1. Online appointment dapu ayath polime inna onada?
    2. Appointment eke time ekata gypuhama athida? Udenma yanna oneda?

    1. ඔව් මචං
    2. ඊට කලින් පලයන් මචං. උදේම යන තරමට හොඳයි.

    appoiment letter එක එක ගේට් එකට පෙන්නල ඇතුලට යන්න. එතනින් ගිහාම මුලින්ම එන security කියනවා migration unit එකට යන්න කියලා. කවුන්ටර් එකේ ඉන්න කෙනාට ඩොකියුමන්ට් ටික පෙන්නල ෆස්ට් ෆ්ලෝ එකට යන්න. එතනට ගිහිල්ලා ටෝකන් නම්බ එක ගන්න. මෙතනට වෙනකන් තමයි පෝලිමේ ගොඩක් වෙලා ඉන්න වෙන්නෙ. අන්න ඒකට තමයි කලින් යන්න ඕන.

    ටෝකන් එක ගන්න එක තමයි ඉක්මනින් කරගන්න් ඕන.

    one day නම් second floor එකට යන්න. වන්ඩේ පෝලිම තමයි ටිකක් දිග. අපි එපොයින්මන්ට් එක වන්ඩේ දාල පස්සෙ නෝමල් ගන්න ගිය නිසා තමයි පෝලිමේ වැඩි වෙලාවක් ඉන්න උනේ.

    නෝමල් නම් පෝලිමේ ටිකක් ඉන්න වෙනවා. එතැන ඇතුලෙ ඉන්න කෙන ඇතුලෙ ඉන්න කෙනා docment වල ඔරිජිනල් ටිකයි ඩුප්ලිකේට් වෙන් කරනවා. පෝලිමේ ගිහිල්ලා ccounter එකට ගිහිල්ලා ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනවා.

    finger print එක තියලා counter එකට ගිහිල්ලා සල්ලි ගෙවනවා. normal අයගේ වැඩේ එතනින් ඉවරයි.

    **************************************************************************
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    දැන ගියොත් පාස්පෝට් නොදැන ගියොත් පූස්පාට්

    දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමෙන් තොරව විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පැමිණීමෙන් ජනතාවට දින කීපයක් එහි පෝලිමක රැදී සිටීමෙන් එම පරිශ්‍රයෙන් පිටත අද (17) පස්වරුව වන විට තබදබදයක් නිර්මාණය වී තිබුණි.

    රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව එම පරිශ්‍රයෙන් පිටත දිගු පෝලිමක රැදී සිටින අතර ඔවුන්ගෙන් අයදුම්කරුවන් 500 ක් පමණක් දිනකට අයදුම්පත් භාරදීමේ අවස්ථාව හිමිවේ.

    අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය සහ යාපනය ආදි විවිධ දුර බැහැර ප්‍රදේශවල පුද්ගලයන් එම පෝලිමේ රැදී සිටින අතර ඇතැම්හූ කුඩා දරුවන් ද රැගෙන පැමිණ සිටිති.

    වැඩි පිරිසක් දරුවන් ද සමඟ එම ස්ථානයේම රැය පහන් කරන බව ද ඔවුහූ පැවසූහ.

    කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක වෙමින් තිබුණි.

    එම පෝලිමේ සිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයෙක් පැවසුවේ මීට දින තුනකට පෙර පෝලිමට එකතු වූ බවත් පිරිසිදුවීමට ජලය ලබාගැනීම ඇතුළු සියලු දේ මුදලට ගනීමට සිදුවීමෙන් විදේශ ගමන්බලපත්‍රය ගැනීමට යන විදයම මෙන්ම වියදමක් මේ වන විට දැරීමට සිදුව ඇති බවත්ය.

    දිනයක් හෝ වේලාවක් වෙන්කර නොගත්ත ද අවශ්‍යතාව මත විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා පැමිණි බව ද ඔහු කීය.

    නුවරඑළියේ පදිංචි කාන්තාවක් පැවසුවේ දිනයක් සහ වේලාවක් නොමැතිව එන්න එපා යැයි දැනුම්දී තිබුණ ද කෙසේ හෝ ලබාගත හැකි විශ්වාසය මත බවයි.

    ආගමන විගමන දෙපපාර්තමේන්තු පරිශ්‍රය අසළ පදිංචිකරුවෙක් පැවසුවේ එම පෝලිමේ සියලුම දේවල් මුදලට සිදුවන බවත් බස් රථ පිරෙන්න ගෙනවිත් අයදුම්කරුවන් පෝලිමට එකතු කරන බවත්ය.

    ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් මෙම තත්වය සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ දැනට පවතින තදබදය අද (17) දිනයෙන් අවසන් වන බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අවසන් අයදුම්කරුවන් 1800 කට හෙට දිනයේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කර අවසන් කරන බවයි.

    මෙම මස 17 වැනිදා දක්වා පමණක් දිනය සහ වේලාව නිකුත් කර එම ක්‍රමවේදය අවසන් කළ බව කී ඉලුක්පිටිය මහතා හෙට (18) දින ජනතාවට මීට පෙර පැවැති ආකාරයට පැමිණි පිළිවෙළ අනුව අයදුම්පත් භාරදිය හැකි බව ද සඳහන් කළේය.

    එම දෙපාර්තමේන්තුව දිනකට ගමන් බලපත්‍ර 2300 ත් 2500 ත් අතර සංඛ්‍යාවක් එක්දින සේවය යටතේ විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරන බවත් ඊට අමතරව හදිසි අවශ්‍යතා ඉදිරිපත් කරන අයට ද ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් ඒ මහතා කීය.

    මෙවැනි තත්වයක් ඇතිවිය හැකි යන උපකල්පනය මත දිනයක් සහ වේලාවක් නොමැති පුද්ගලයන් එම කාර්යාලයට පැමිණීමෙන් වැළකෙන ලෙස පසුගිය 12 වැනිදා ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම නොතකා ජනතාව පැමිණීමෙන් මෙම තත්වය ඇති වූ බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
     
    • Like
    Reactions: PHBhagya

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වෙලාව වෙන්කරගන්න ඔන්ලයින් සයිට් එක වැඩ නැති ප්‍රශ්නයක් තියෙනව, ඒක වෙන්න ඕන අවුල.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    අද ගියා. Wife ලමයා සහ මං ගියෙ. Appointment දාලා තිබ්බෙ මාස 3 කට කලින්. වෙලාව තිබ්බෙ 8.45 ට. 7 වෙනකොට එතනට ගියා. යනකොටම පෝලිම ඇතුලට දානවා.

    Appointment කතා මුකුත් තිබ්බෙ නෑ. One Day and Normal වෙන වෙනම පෝලිම් තිබ්බා. නෝමල් එකේ හිටියෙ. 9.30 වෙද්දි Token එක හම්බුනා. 10 වෙනකොට ඔක්කොම දීලා Finger Print එහෙම අරන් එලියට ආවා.

    ඊයෙ News වල පෙන්නපු නිසා ද දන්නෙ නෑ අද වැඩේ ඉක්මනට ගියා. පෝලිම් පනින උන් එනවා එක එක හේතු කිය කිය. හොදට ඇහැ ගහගෙන හිටියොත් අවුලක් නෑ. යන එකෙක් උදන්ම යන තරමට ලේසි. 7 වගෙ ඉදන් ඇතුලෙ වැඩ කරා.
     
    • Love
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අද ගියා. Wife ලමයා සහ මං ගියෙ. Appointment දාලා තිබ්බෙ මාස 3 කට කලින්. වෙලාව තිබ්බෙ 8.45 ට. 7 වෙනකොට එතනට ගියා. යනකොටම පෝලිම ඇතුලට දානවා.

    Appointment කතා මුකුත් තිබ්බෙ නෑ. One Day and Normal වෙන වෙනම පෝලිම් තිබ්බා. නෝමල් එකේ හිටියෙ. 9.30 වෙද්දි Token එක හම්බුනා. 10 වෙනකොට ඔක්කොම දීලා Finger Print එහෙම අරන් එලියට ආවා.

    ඊයෙ News වල පෙන්නපු නිසා ද දන්නෙ නෑ අද වැඩේ ඉක්මනට ගියා. පෝලිම් පනින උන් එනවා එක එක හේතු කිය කිය. හොදට ඇහැ ගහගෙන හිටියොත් අවුලක් නෑ. යන එකෙක් උදන්ම යන තරමට ලේසි. 7 වගෙ ඉදන් ඇතුලෙ වැඩ කරා.
    එල එල. මම අපේ උන්දැට කිව්ව උදෙන් යන්න ම්කම්ල ළමයි ඉස්කෝලෙ දාන වැඩ ටික කරන්නම් කියල . නෑ නෑ එපොයින්මන්ට් ටයිම් එකක් තියෙනවනෙ කියල ලොකුවට ගියා. උදෙන් ගියා නම් ඔය උඹ කිව්ව වගේ ඉක්මනින් කරගන එන්න තිබ්බ. අන්තිමට පැය 4කට වඩා ඉඳල ආවෙ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    එල එල. මම අපේ උන්දැට කිව්ව උදෙන් යන්න ම්කම්ල ළමයි ඉස්කෝලෙ දාන වැඩ ටික කරන්නම් කියල . නෑ නෑ එපොයින්මන්ට් ටයිම් එකක් තියෙනවනෙ කියල ලොකුවට ගියා. උදෙන් ගියා නම් ඔය උඹ කිව්ව වගේ ඉක්මනින් කරගන එන්න තිබ්බ. අන්තිමට පැය 4කට වඩා ඉඳල ආවෙ.
    සිරාවට මාත් තව පොඩ්ඩෙන් පන්ඩිතයා වගෙ 8.30 ට යන්න හිටියෙ. පොඩි එකත් හිටපු නිසා වයිෆ් කිව්වා ඉක්මනට යමු කියලා. 7 වෙනකොටම ඒ වෙනකන් හිටපු උන් ටික අරන් ගේට්ටු වහලා දැම්මා. මන් හිතන්නෙ ආයෙ පස්සෙ තව සෙට් එකක් ඇතුලට දාන්න ඇති. පෝලිම ගැන ඇහැ ගහන් හිටියෙ නැත්තම් පෝලිම් පනින උන් ඉන්නවා සෑහෙන්න. අපේ ළඟ හිටපු කොල්ලො දෙන්නෙකුයි මායි ගේම ඉල්ලලා ඉස්සරහින් පනින්න ගිය 4ක් වගේ එලවලා දැම්මා.

    සමහරවිට කලින් Appointment දාපු උන්ට ඇතුලට එන්න දෙනවා ඇති ඕනෙ වෙලාවක. හැබැයි මොකා කොහොම ආවත් පෝලිමේ ඉන්නම වෙනවා. කලින් යන තරමට ඇගට ගුනයි. ඊයෙ 2500 කට දෙනවා කියලා තිබ්බලු. ඒ නිසා පට්ටම පෝලිම.
     
    • Love
    Reactions: kush294 and Nu1Dnk