බයික්කේ ලයිසන් අලුත් කරගන්නයි ඉන්ෂුවරන්ස් එක දාගන්නයි කච්චේරියට ගියා. ගොවිජන රක්ශනේ දාන්න උඩ තට්ටුවට ගියාම වෙනදා තිබ්බ තැන පොට් එක නෑ. පස්සේ වැඩ කරන ඩයල් එකක් ඇහුවා මොකක්ද බැලුවේ කියලා. මම කිව්වා ගොවිජන රක්ශනේ කියල. වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දාගන්නද ඇහුවා. මම කිව්වා ඔව් කියලා. දැන් ඒක එතන නෑ දැන් තියෙන්නේ පල්ලෙහා කැන්ටිම ගාව කිව්වා. ඔයා මෙතනින් ලිෆ්ට් එක අරගෙන පහලට ගිහිල්ලා එතනින් කැන්ටිම පැත්තෙන් ගිහිල්ලා යන්න ඕන. එන්නකෝ පෙන්නන්න කියල උඩ තට්ටුවේම ජනේලයක් ගාවට ගිහිල්ලා පෙන්නුවා අන්න අතන තියෙන්නේ කියලා. ඔතන පඩිපෙළෙනනුත් යතහැකි කමක් නෑ ඔයා ලිෆ්ට් එකේ යන්නකෝ, මහන්සිත් ඇතිනේ. කියල තව ඒකෙ වැඩ කරන මනුස්සයෙක් ආව ලිෆ්ට් එකේ යන්න. එයාට බාරදුන්නා මාව ගිහිල්ලා ගොවිජන එක පෙන්නන්න කියල. සිකුරිටිලත් නෙමෙයි මේ හොඳට ෂර්ට් එක යට කරගෙන හිටපු ඔෆිස් වැඩ කරන ඩයල්.
අනුර කුමාරයා CCTV ගහලා ඔත්තු බලනවද දන්නේ නෑ මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල. අම්මෝ දෙයියන්ට වගේ සලකන්නේ දැන්..
ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන...
අනුර කුමාරයා CCTV ගහලා ඔත්තු බලනවද දන්නේ නෑ මුන් හරියට කස්ටමර් සර්විස් එක දෙනවද කියල. අම්මෝ දෙයියන්ට වගේ සලකන්නේ දැන්..
ගිහිල්ලා ගුගල් මැප් එකේ 5 stars rating එකක් දාන්න ඕන...