අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

    images

    ඉස්සර කාලේ එ කිව්වෙ අපි පොඩි කාලේ ,මොකක් හරි වැදගත් උත්සවෙකට හරි විනෝදගමනකට හරි,වන්දනා ගමනකට හරි ගිහින් ෆොටෝ එකක් ගන්න බාල්දු වෙච්ච හැටි අද වගේ මතකයි .මොකද ඒ කාලේ හැමොන් ගාවම කැමරා තිබුණේ නැහැ.තිබුණත් තිබුණේ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් ගාව.නැත්තම් කැමරාවක් ගන්න මුදල් යහමින් තිබ්බ අය ගාව.ඒත් පස්සෙ පස්සෙ කැමරාව කියන අයිටම් එක ෆෝන් එකට සෙට් වෙලා ආවයින් පස්සේ කලින් කිව්ව බාල්දු ගතිය ටිකක් විතර අඩු වුනා වගේ පෙනුනා .ඒත් එච්චරම නැහැ .මොකද කැමරා ෆෝන් එකේ කැමරාවට වෘත්තීමය කැමරාවකට කරන්න පුලුවන් තරම් වැඩ කිඩ ඇඩ් වෙලා අවේ නැහැ.ඒත් ඊටත් පස්සේ වෙන කොට ඩිජිටල් කැමරාව කියන අයිටම් එක තැන් තැන්වල දකින්න පෙන්න තිබුණා .ඒත් ඒකත් අර කිව්ව වගේ සල්ලි තිබ්බ අය ගාව විතරයි තිබුණේ .සමහරු සල්ලි තිබ්බත් කැමරාවක් වගේ දෙයකට වියදම් කරන්න එච්චර කැමැත්තක් දැක්වුයේ නැහැ.ඉතිං කොහේ හරි ගිහින් ෆොටෝ එකක් ගන්න පුළුවන් උනේ ඒවගේ කැමරාවක් ලඟ තියෙන එකෙක් අපේ යාළුවෙක් වෙලා හිටියනම් විතරයි .අනෙක් වෙලාවට ඔහේ ගිහින් එන එක තමා කරන්නේ.හැබැයි අද කාලෙ නම් කැමරා ෆෝන් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්, තව ඩිජිටල් කැමරා ඕනෑ තරම් තියෙනව .ඒක ඉතිං මන් අමුතුවෙන් ඔප්පු කරන්ඩ ඔනේ නැහැ නේ .Facebook එකේ අප්ලොඩ් වෙන පින්තූර තොගය දැක්කහම හිතාගන්න පුළුවන්නේ ..එත් දැන් තියෙන අළුත්ම කතන්දරේ වගේම අළුත්ම වසංගතේ තමයි , කවුරු හරි එකෙක් මොකක් හරි හොඳ බ්‍රැන්ඩ් එකකින් SLR(single-lens reflex) ,හරි DSLR(Digital single reflex camera) හරි කැමරාවක් ගත්තොත් ඌ එදා ඉඳන් ෆොටොග්‍රැෆර් .කැමරාව අරං නිකන් ඉන්නෙත් නැහැ ,හදාගන්නාව Facebook Page එකක් .ගහනව කැමරාවෙන් පොල්ගස්වල,අඹ ගස්වල ගෙඩි දෙක තුනක් Zoom කරල කරලා ,එහෙම නැත්තම් පිපිලා තියෙන මල් වල ෆොටෝ ගන්නව ZOOM කරලා ,එහෙමත් නැත්තම් කොහේ හහරි ඉස්කොලේක් Institute එකක Party එකක Function එකක Ceremony එකක ඒව්වා බලන්න එන කෙල්ලන්ගෙ අඟ-පසඟ පේන්න ෆොටෝ ගන්නවා ..ඊට පස්සේ ෆොටෝ එක යටට වෙන්න වගේ ෆොටෝ ගහපු එකාගෙ නම ,විස්තර, ගත්ත වෙලාව ඇතුළු මුළු ජාතකේම දාල පොඩි ලාවට වගේ ලෙබල් එකක් ගහනව .ඒ ගහපු ෆොටෝ ටික අප්ලෝඩ් කරනව Facebook එකට .ඔන්න ඉතිං ඌ ෆොටෝග්‍රැෆර් .හනේ හපොයි මෙහෙමත් වින්නැහියක් ? කොච්චර ගෞරවාන්විත වෘත්තියක් ද මේ සවුත්තු වෙන්නේ .
    මම පැරණි කියමනක් අහල තියෙනව එක පින්තූරෙකින් වචන 1000 ක් ප්‍රකාශ වෙනව කියල. ඒක අතින් අඳින චිත්‍රයකට වගේම කැමරාවෙන් ගන්න ෆොටෝ එකටත් අදාලයි ..එත් මේ අද සමහර ෆොටෝග්‍රැෆර් ලගේ ෆොටෝස් දැක්කහම වචනා 1000 ක් තියා එක කුණුහරපයක් වත් මතක් වෙන්නෙ නැහැ ..අම්මපා !!. නිකන් Zoom එකයි Pixel එකයි විතරයි තියෙන්නෙ.

    කසන්න සල්ලි තිබ්බ පළියට කැමරාවක් ගත්තට කමක් නැහැ .ඒකෙන් තමන්ගේ ආතල් එකට ෆොටෝ ගත්තට කමකුත් නැහැ ..නමුත් යම් කිසි දේයක වෘත්තීමය පැත්තට ඇතුල් වෙන කොට එකේ තියෙනව යම් ක්‍රියාදාමයක් හා ප්‍රමිතියක් කියල එකක් .තියෙනව තව දැන ගන්න දේවල් .එව්ව නොකර එම වෘත්තියට ඇතුල් වෙනව කියන්නේ හරියට මෙඩිසින් නොගිහින් නිර්වින්දන පාඨමාලවක් කරල නිර්වින්දන දොස්තර මහත්තයෙක් වෙනවා වගේ වැඩක් .මන් කියන දේ :yes::yes::yes::yes::yes:

    photo-31.jpg

    තෙරෙනව ඇති කියල මන් හිතනවා ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    P2ixuT9FBzfrjgJ1d3Tb-225x300.jpg

    උබට හොද දේ තව කෙනෙක්ට හොදයි තව කෙනෙක්ට නරකයි.
    මම නම් දකින විදිහට photography කියන්නේ තමන් දකින දේ අනිත් අයත් එක්ක share කරන්න පුළුවන් හොද media එකක් කියල. එකම දෙයක් දිහා photographers ල(camera use කරන ඕනෑම කෙනෙක්) 10 දෙනකේ දකින්නේ 10 විදිහකට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැමරාමන් සහ ෆොටෝගැෆර් අතර වෙනස දැන් හැමතැනින්ම පේනවා බන්... සමහරු කැමරාවෙ අඩුම ගානෙ බේසික් තියරි ටිකවත් නොදැන හැම එකක්ම ඔටෝ දාගෙන ෆොටෝ ගහනව දැක්කම දුක හිතෙනව බන්... සමහර සබ්ජෙක්ට් එක දන්න උන්ට කැමරා නැහැ... කැමරා තියෙන සමහරු සබ්ජේක්ට් එක දන්නෙ නැහැ.. අනිච්චේ දුක්ඛේ
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    පට්ට කතාව බන්..සහතික ඇත්ත..ඒ එක්කම දැන් මගුලක් පටන්ගෙන තියෙනවා modeling කියලා ..PS වලින් effects දැම්ම ඔකොම හරි කියල හිතන්නේ :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    P2ixuT9FBzfrjgJ1d3Tb-225x300.jpg

    උබට හොද දේ තව කෙනෙක්ට හොදයි තව කෙනෙක්ට නරකයි.
    මම නම් දකින විදිහට photography කියන්නේ තමන් දකින දේ අනිත් අයත් එක්ක share කරන්න පුළුවන් හොද media එකක් කියල. එකම දෙයක් දිහා photographers ල(camera use කරන ඕනෑම කෙනෙක්) 10 දෙනකේ දකින්නේ 10 විදිහකට.

    උඹ කියන කතාව හරි මචං .ඒත් උබට මම මෙතනින් කියන්න හදපු දේ හරියට තේරිලා නැහැ .මම කිව්වේ මේකයි .කැමරා ගත්තට කමක් නැහැ .ඒක හොඳයි .ෆොටෝඅ ගැහැව්වට කමකුත් නැහැ .මොකද කැමරාවකින් ෆොටෝ ගහන්නේ නැතිව තණකොළ කපන්න යෑ .ඒත් මචං අවුල තියෙන්නේ වෘතීය මට්ටම ගැන .මේ අවුල කැමරා කේෂේස්ත්‍රයේ විතරක් නෙමේ .නාට්‍ය වෘතියේ ,නිවේදන වෘතියේ ,ගායන වෘතියේ ඔය අවුල තියෙනවා .උදාහරණයක් කියනවානම් ,සුනිල් එදිරිසිංහ මහත්තයා "වලා කුළක් ගෙන මුවා කරමු හිරු " ගීතය කියද්දි දැනෙන ගතිය මේධානි ජෙසී ගේ EX-Alien කියද්දි දැනෙනවද ? මයිකල් ජැක්සන් Earth Song එක කියන කොට දැනෙන ගතිය ජස්ටින් බීබර් ගේ Baby සිංදුව අහද්දි දැනෙනවද ? .දොරමඬලාවේ හසන්ත හෙට්ට්ටිආරච්චි නිවේදනය කරනකොට තියෙන ගතිය ,දෙරණේ මියුසික් ප්‍රොග්‍රෑම් කරන නිවේදකයෙකු ඒ කාර්‍ය කරන කොට දැනෙනවද ? ෂාරුක් ඛාන් රඟපානකොට තියෙන ගතිය ලංකාවේ රොෂාන් රණවන රඟ පානකොට කොට දැනෙනවද ? වෙනසක් පේනවානේ ? අන්න ඒ වගේ තමා මචං මේ කතාව .වෘතිමය ඡායාරුප ශිල්පියෙක්ගේ ෆොටෝ එකකයි සහ සල්ලි තියෙන ප්ලියට කැමරාවක් ගත්ත එකෙක් ආතල් එකට සූම් එකයි පික්සල් එකයි විතරක් බේස් කරන් ගන්න ෆොටෝ එකේයි වෙනසක් තියෙනවා .අන්න ඒ වෙනස අද ගොඩක් අය දන්නේ නැහැ .ඒක නිසා වෘතීමය ගතිය විනාශ වේගෙන යනවා .මම හිතනේ මම කිව්ව එක තේරුණා වෙන්න ඕනේ .;);););)
     
    Last edited:

    එකෙන්ම මචං ,හැබැයි ඒ එෆෙක්ට්ස් දාලා ෆොටෝස් සමහර දාන එවුන්ගේ ඇත්තට පෙනුම නිකන් අහක බලන් දාපු කොත්තු රොටියක් වගේ
    :lol::lol::lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    all i see is jealousy here :)
    no offense but yeah it is :)
    machan meke penne ara praveena set eka aluth unta wala kapan seen eka tamay :)

    :lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Dan wedding ekakata giyama sansare kiyala hithenawa. Wayasa 10-65 okkoma camera ussan eka wikarayai. Photographerta harendawath idak na wadagath awastha (Poruwe wada wage ) waladi. Okkoma camera ussan ethana porakanawa. Mage yaluwek langadi wedding eka gaththa. uge invitation eke gahala thibba camera genda epa ena hamotama photos 2k (Poruwa, Goingaway) nikan denawa kiyala :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ කියන එක ඇත්ත. ලෙන්ස් ගැන මෙලෝ දැනීමක් නැති කැමරාවෙ ෆීචර්ස් වහ තියරි දන්නෙ නැති උන් හුඟක් ෆීල්ඩ් එකේ ඉන්නව.:yes:

    මම දන්න හැටියට වීඩීයෝග්‍රැෆි පැත්තෙ නම් මේ තත්වෙ ටිකක් අඩුයි:dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    උඹ කියන එක ඇත්ත. ලෙන්ස් ගැන මෙලෝ දැනීමක් නැති කැමරාවෙ ෆීචර්ස් වහ තියරි දන්නෙ නැති උන් හුඟක් ෆීල්ඩ් එකේ ඉන්නව.:yes:

    මම දන්න හැටියට වීඩීයෝග්‍රැෆි පැත්තෙ නම් මේ තත්වෙ ටිකක් අඩුයි:dull:

    වීඩියෝ ග්‍රැපි වල මචං ටිකක් කට්ට වැඩී නේ .මොකද විඩීයෝඅ කරලා එඩිට් කරන්න ඕනේ .සමහර උන් වීඩියෝඅ කලාට එඩිට් කරන්න දන්නේ නැහැ නේ .එක එක ඇන්ගල්ස් වලට වීඩියෝ කරද්දි එක එක යාන්ත්‍රික ඇටවුම් ඕනේ(ට්‍රැක් ඩොලි වගේ ).අනික නිකම්ම කැමරාව විතරක් මදි වීවියෝ කරන්න Sounds ගැනත් අවදානය යොමුවෙන්න ඕනේ .eaka නිසා වීඩියෝඅ ග්‍රැඵි වල ඔය තත්වේ අඩුයි .විඩියෝඅ කැමරාවක් තිබ්බ පලියට එව්වා කරන්න බැහැ නේ .උපරිම ඕනේ නම් අතල් එකට ට්‍රිප් එකක් ගිහින් වීඩියෝ පාරක් දාලා you යුබෙ අප්ලෝඩ් කරයි .එහෙම නැත්තම් පොඩියට ආතල් එකට් Documentary එකක් ගහයි .එච්චරයි :yes::yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    Dan wedding ekakata giyama sansare kiyala hithenawa. Wayasa 10-65 okkoma camera ussan eka wikarayai. Photographerta harendawath idak na wadagath awastha (Poruwe wada wage ) waladi. Okkoma camera ussan ethana porakanawa. Mage yaluwek langadi wedding eka gaththa. uge invitation eke gahala thibba camera genda epa ena hamotama photos 2k (Poruwa, Goingaway) nikan denawa kiyala :D

    ඇයි වෙඩින් විතරද ? කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගියත් කන එකට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .මැක්ඩොනල් KFC වගේ ගියොත් අනිවා ඔය වැඩේ කරනවා .කරලා ඒ ෆොටෝස් දානවා ෆේස්බුක් කවර් ෆොටෝඅ එකට .ඇයි පොෂ් කියලා පේන්න එපැයි .පන්සලකට ගියත් වඳිනවට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .ට්‍රිප් එකක් ගියත් ට්‍රිප් එකේ ආතල් එක ගන්නවට වඩා වෙන්නේ ෆොටෝ ගහන එක .මළ ගේක ගියත් ඔච්චරම තමා .ඉතිං මෙකෙන් වෙන්නේ අදාල වැඩේ කෙරෙන එක නෙමේ .වෙන මොකක්ද එකක් වෙන එක .කොහේ හරි ඇක්සිඩන්ට් එකක් උනොත් ඒකත් ෆොටෝ ගහනවා .අනේ මන්දා මෙව්වා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ .
    :no::no::no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැමරාමන් සහ ෆොටෝගැෆර් අතර වෙනස දැන් හැමතැනින්ම පේනවා බන්... සමහරු කැමරාවෙ අඩුම ගානෙ බේසික් තියරි ටිකවත් නොදැන හැම එකක්ම ඔටෝ දාගෙන ෆොටෝ ගහනව දැක්කම දුක හිතෙනව බන්... සමහර සබ්ජෙක්ට් එක දන්න උන්ට කැමරා නැහැ... කැමරා තියෙන සමහරු සබ්ජේක්ට් එක දන්නෙ නැහැ.. අනිච්චේ දුක්ඛේ
    :yes::yes::dull: