අද කාලේ ෆොටෝග්රැෆි (Photography)
ඉස්සර කාලේ එ කිව්වෙ අපි පොඩි කාලේ ,මොකක් හරි වැදගත් උත්සවෙකට හරි විනෝදගමනකට හරි,වන්දනා ගමනකට හරි ගිහින් ෆොටෝ එකක් ගන්න බාල්දු වෙච්ච හැටි අද වගේ මතකයි .මොකද ඒ කාලේ හැමොන් ගාවම කැමරා තිබුණේ නැහැ.තිබුණත් තිබුණේ වෘත්තීමය ඡායාරූප ශිල්පීන් ගාව.නැත්තම් කැමරාවක් ගන්න මුදල් යහමින් තිබ්බ අය ගාව.ඒත් පස්සෙ පස්සෙ කැමරාව කියන අයිටම් එක ෆෝන් එකට සෙට් වෙලා ආවයින් පස්සේ කලින් කිව්ව බාල්දු ගතිය ටිකක් විතර අඩු වුනා වගේ පෙනුනා .ඒත් එච්චරම නැහැ .මොකද කැමරා ෆෝන් එකේ කැමරාවට වෘත්තීමය කැමරාවකට කරන්න පුලුවන් තරම් වැඩ කිඩ ඇඩ් වෙලා අවේ නැහැ.ඒත් ඊටත් පස්සේ වෙන කොට ඩිජිටල් කැමරාව කියන අයිටම් එක තැන් තැන්වල දකින්න පෙන්න තිබුණා .ඒත් ඒකත් අර කිව්ව වගේ සල්ලි තිබ්බ අය ගාව විතරයි තිබුණේ .සමහරු සල්ලි තිබ්බත් කැමරාවක් වගේ දෙයකට වියදම් කරන්න එච්චර කැමැත්තක් දැක්වුයේ නැහැ.ඉතිං කොහේ හරි ගිහින් ෆොටෝ එකක් ගන්න පුළුවන් උනේ ඒවගේ කැමරාවක් ලඟ තියෙන එකෙක් අපේ යාළුවෙක් වෙලා හිටියනම් විතරයි .අනෙක් වෙලාවට ඔහේ ගිහින් එන එක තමා කරන්නේ.හැබැයි අද කාලෙ නම් කැමරා ෆෝන් ඕනෑ තරම් හොයාගන්න පුලුවන්, තව ඩිජිටල් කැමරා ඕනෑ තරම් තියෙනව .ඒක ඉතිං මන් අමුතුවෙන් ඔප්පු කරන්ඩ ඔනේ නැහැ නේ .Facebook එකේ අප්ලොඩ් වෙන පින්තූර තොගය දැක්කහම හිතාගන්න පුළුවන්නේ ..එත් දැන් තියෙන අළුත්ම කතන්දරේ වගේම අළුත්ම වසංගතේ තමයි , කවුරු හරි එකෙක් මොකක් හරි හොඳ බ්රැන්ඩ් එකකින් SLR(single-lens reflex) ,හරි DSLR(Digital single reflex camera) හරි කැමරාවක් ගත්තොත් ඌ එදා ඉඳන් ෆොටොග්රැෆර් .කැමරාව අරං නිකන් ඉන්නෙත් නැහැ ,හදාගන්නාව Facebook Page එකක් .ගහනව කැමරාවෙන් පොල්ගස්වල,අඹ ගස්වල ගෙඩි දෙක තුනක් Zoom කරල කරලා ,එහෙම නැත්තම් පිපිලා තියෙන මල් වල ෆොටෝ ගන්නව ZOOM කරලා ,එහෙමත් නැත්තම් කොහේ හහරි ඉස්කොලේක් Institute එකක Party එකක Function එකක Ceremony එකක ඒව්වා බලන්න එන කෙල්ලන්ගෙ අඟ-පසඟ පේන්න ෆොටෝ ගන්නවා ..ඊට පස්සේ ෆොටෝ එක යටට වෙන්න වගේ ෆොටෝ ගහපු එකාගෙ නම ,විස්තර, ගත්ත වෙලාව ඇතුළු මුළු ජාතකේම දාල පොඩි ලාවට වගේ ලෙබල් එකක් ගහනව .ඒ ගහපු ෆොටෝ ටික අප්ලෝඩ් කරනව Facebook එකට .ඔන්න ඉතිං ඌ ෆොටෝග්රැෆර් .හනේ හපොයි මෙහෙමත් වින්නැහියක් ? කොච්චර ගෞරවාන්විත වෘත්තියක් ද මේ සවුත්තු වෙන්නේ .





තෙරෙනව ඇති කියල මන් හිතනවා ...
මම පැරණි කියමනක් අහල තියෙනව එක පින්තූරෙකින් වචන 1000 ක් ප්රකාශ වෙනව කියල. ඒක අතින් අඳින චිත්රයකට වගේම කැමරාවෙන් ගන්න ෆොටෝ එකටත් අදාලයි ..එත් මේ අද සමහර ෆොටෝග්රැෆර් ලගේ ෆොටෝස් දැක්කහම වචනා 1000 ක් තියා එක කුණුහරපයක් වත් මතක් වෙන්නෙ නැහැ ..අම්මපා !!. නිකන් Zoom එකයි Pixel එකයි විතරයි තියෙන්නෙ.
කසන්න සල්ලි තිබ්බ පළියට කැමරාවක් ගත්තට කමක් නැහැ .ඒකෙන් තමන්ගේ ආතල් එකට ෆොටෝ ගත්තට කමකුත් නැහැ ..නමුත් යම් කිසි දේයක වෘත්තීමය පැත්තට ඇතුල් වෙන කොට එකේ තියෙනව යම් ක්රියාදාමයක් හා ප්රමිතියක් කියල එකක් .තියෙනව තව දැන ගන්න දේවල් .එව්ව නොකර එම වෘත්තියට ඇතුල් වෙනව කියන්නේ හරියට මෙඩිසින් නොගිහින් නිර්වින්දන පාඨමාලවක් කරල නිර්වින්දන දොස්තර මහත්තයෙක් වෙනවා වගේ වැඩක් .මන් කියන දේ





තෙරෙනව ඇති කියල මන් හිතනවා ...





