අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ යාමක්

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ පළමු දිනය අද දිනයයි.

    ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකකට ආසන්න වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11,080.14ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 113.63ක එනම් 1.04% ක ඉහළ යාමකි.

    එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL 20) දර්ශකය ඒකක 3,156.76ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 54.56ක එනම් 1.76%ක ඉහළ යාමකි.

    CSE-1024x536.jpg

    මෙහිදී මේ දක්වා සමාගම් 113ක කොටස් මිල ඉහළ යාම සිදුව ඇති අතර, සමාගම් 45ක වටිනාකම් පහළ යෑම සිදුව තිබේ. ඒ අතරින් සියලු කොටස් මිල දර්ශකය සඳහා ඉහළම දායකත්වයක් ලබාදුන් සමාගම් වන්නේ සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යන සමාගම්ය.

    මේ අතර අද දිනයේ පළමු පැය දෙක තුළදී කොටස් 31,512,972ක් ගනුදෙනු වී ඇති අතර, එහි සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 586ක් (589,260,760.65ක්) ලෙස සටහන්ව තිබේ.

    Source : LINK
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    හැම එකටම කොටස් වෙළඳ පොලක් ඇදල ගන්න එපා ලංකාවේ , ලංකාවේ එහෙම effect එකක් නැහැ turnover එක දැනෙන්නේවත් නැහැ , එහෙම උඩ ගියේ දෙපාරයි . 2009-2011 යුද්දේ ඉවර උන ගමන් , තව කොරෝනා කාලේ ඒ ලෝකේ හැම එකක්ම වැඩි උනා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හැම එකටම කොටස් වෙළඳ පොලක් ඇදල ගන්න එපා ලංකාවේ , ලංකාවේ එහෙම effect එකක් නැහැ turnover එක දැනෙන්නේවත් නැහැ , එහෙම උඩ ගියේ දෙපාරයි . 2009-2011 යුද්දේ ඉවර උන ගමන් , තව කොරෝනා කාලේ ඒ ලෝකේ හැම එකක්ම වැඩි උනා
    NPP එක ආවම කොටස් වෙළදපොල කඩා වැටෙනවා කියපු තෙඩ් තිබ්බා ඒ කාලේ :lol: :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    NPP එක ආවම කොටස් වෙළදපොල කඩා වැටෙනවා කියපු තෙඩ් තිබ්බා ඒ කාලේ :lol: :lol:
    ඔව්නේ ඕක පහල ගියානම් ඔය කතා නෑ 🤣🤣🤣. කොමියුනිස්ට් පාලනේ හින්ද කොටස් වැටුන අම්මෝ අපි ඉවරයි පෝලිම් ඔන්දවේ ගගා ත්‍රෙඩ් 100ක් විතර දායි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    හැම එකටම කොටස් වෙළඳ පොලක් ඇදල ගන්න එපා ලංකාවේ , ලංකාවේ එහෙම effect එකක් නැහැ turnover එක දැනෙන්නේවත් නැහැ , එහෙම උඩ ගියේ දෙපාරයි . 2009-2011 යුද්දේ ඉවර උන ගමන් , තව කොරෝනා කාලේ ඒ ලෝකේ හැම එකක්ම වැඩි උනා
    Aluth account eka hadagena awe meka kiyannamada?
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    NPP එක ආවම කොටස් වෙළදපොල කඩා වැටෙනවා කියපු තෙඩ් තිබ්බා ඒ කාලේ :lol: :lol:
    පොඩි market එකක් red වෙන්න , පිට රට එකෙක්ට මොකක් හරි ගන්න සල්ලි ඕන වෙලා , ලංකාවෙන් අරන් තිබ්බ stocks ටිකක් විකුණුවත් ඇති .
    ඒ වගේ දෙයක් cabinet එක පත් කරද්දී උනොත් කොහොමද? එතකොට කියනවා cabinet එක පත් කරපු නිසා කඩා වැටුන කතාවක් , ඔය වගේ දේවල් ඇදල ගන්න එක green උන වෙලාවට වත් ඒ තරම් වාසි දායක නැහැ .