අද නම් ජීවිතේ ගොඩක්ම දුක දැනුන දවසක්. මම යලුවෙක් ව හන්දියට දාන්ඩ ගිහින් එනකොට වයස අ 65 ක් විතර මනුස්සයෙක් එනව දැක්ක අව් 1.5 විතර ලමයෙක් ව වඩාගෙන.මම කාර් එක නතර කරල ඇහුව කොහෙටද යන්නෙ කියල. මම යන තැන ඉදල තවත් කිලො මීටර් 8ක් විතර යන්ඩ ඔනෙ මේ මනුස්සය කිව්ව තැනට පස්සෙ මම කිව්ව මම පර ලගින් දාන්නම් කියල. යනකොට මේ මනුස්සය හරියට පින් දෙනව. ඒ වගේම තව කතාවකුත් කිව්ව මට පොඩ්ඩක් සැක හිතුන. මම හිතුවෙ එහෙම දේවල් වෙන්නෙ ෆිල්ම් වල කියල. පස්සෙ මම ගියා ඒ මනුස්සයගෙ ගෙදරට. මුලු ගේම වඉග අඩි 500-600 වගේ ඇති බ්ලොක් ගල් වලින් බැදල තිබුනෙ. බිමට රතු සිමෙන්ති දාල කපරාදුකරල නෑ.
කියල තියන කතව ඇත්ත. පුතගෙ වයස අව් 35 යි කසිප්පු අදින වාහනේකින් හප්පගෙන ගිහිල්ල එකතැන් වෙලා ඉන්නෙ. මේ මිනිස්සු බයඉ වන්දියක් වත් ඉල්ලන උන් මැරයොලු පොලිසිය උන්ගෙ අතේ ලු. දුව වැටිල කොන්ද මොකක්ද වෙලා එයත් එකතැන් වෙලා ඉන්නෙ දුවගෙ මහත්තය හාට් ඇටෑක් එකකින් නැතිවෙලා. දුවට ලමයි 4 දෙනෙක්. එක්කෙනෙක් උ/පෙ කරනව ලබන අව් රුද්දෙ දෙන්න්ක් ව මහන කරල පොඩි එක්කෙනා තමඉ මේ මනුස්සය වඩ ගෙන ඇවිල්ල තියෙන්නෙ. ඒත් කාටද හදාගන්ඩ දීල ඉදල එක්කගෙන එන ගමන්.පොඩි එකාව එක්කගෙන ආපු ගමන් මුලු ගෙදරම සතුටෙන් ඉපිල ගියා.
ඒ අම්මයි තාත්තයි තමඉ දරුවො දෙන්නගේ කැත කුනු අතගන්නෙ.
නැති බරි මොහොතට පිහිටට ඉන්නෙ මව්නි පියානනි ඔබ පමනයි
බුදුන් ලගට අපගේ දුක දන්නෙ මව්නි පියානනි ඔබ පමනයි.
ඒ අතින් බලපුවම අපි හරි වාසනාවන්තයි.
මචං මෙකී සීන් එක අපේ ගොඩක් අය තමන්ට නැති දේවල් ගැන දුක් වෙනවා, එත් අපි මතක් කර ගන්න ඕනේ තව පිරිසක් බඩගින්නට කෑම වේලක් නැතිව දුක් විදිනවා...එයාලට ජිවිතේ ලොකු අසාවල් නැ. තව පිරිසක් ඉස්කෝලේ යන්න නැතිව දුක් වෙනවා. ලෝකේ හැටි එහෙමයි..මම හිතනවා කිරියට එන අයට මේ වගේ ප්රශ්න නැතිව ඇති.
පුළුවන් හැම වෙලාවකම අපි අසරණ වෙලා ඉන්න අයට උදව්වක් කරන්න පුළුවන් නම් එවැනි දෙකිං ලැබෙන සතුට වෙන කොහොමත් ගන්න බැ. එවැනි අවස්තාවක එයාලට දැනෙන සතුට වචනයනේ කියන්න බැ.
පුළුවන් වන් නම් දුප්පත් ළමයකුට පොත් ටිකක් අරන් දෙන්න ..එක මාර පිනක් මචන් ලා ....කාටවත් කියා කියා ඉන්න ඕනේ නැ..තමන්ට පුළුවන් හැටියට යමෙකුට උදව්වක් කරන්න බලන්න. කට හරි නැගිටින්න උදව් කරන්න...අපි කරනා හැම දෙයක්ම return එක අනිවා හම්බෙනව. මම අත්දැකීමෙන් කියන්නේ..

