ලංකාවට ෆෙඩරල් එක්සත් ජාතීහු නිර්දේශ කරති
ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයට ස්ථිර විසඳුමක් ලෙස බලය විමධ්‍යගත කරන පෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යයි සුළු ජන කොටස් පිළිබඳ කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක් ජිනීවා මානව හිමිකම් සමුළුවට නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාව කැබලිවන අයුරින් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් මානව හිමිකම් සමුළුව වෙත පෙඩරල් විසඳුමක් දීමේ යෝජනාවක් ඉදිරිපත් කළ මුල් වතාව මෙයයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 10 සිට 20 දක්වා උතුරේ සංචාරය කළ රීටා අයිසැක් මෙම බරපතළ නිර්දේශය දැන් පැවැත්වෙන මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත.
මේ ගැන මාර්තු 22 දා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් සිය නිගමනය ප්‍රකාශයට පත්කරයි.
මේ හැර ඇය ශ්‍රී ලංකා රජය ඉටුකළ යුතු ඉල්ලීම් යෑයි දක්වමින් නිර්දේශ 24 ක්ද මානව හිමිකම් සමුළුවට යොමුකර ඇත. මෙයට අමතරව උඩරට වතුකරයේ සියලු පවුල්වලට පර්චස් හත බැගින් ලබාදිය යුතු බවද ඇය නිර්දේශ කර ඇත.
එසේම උතුරේ ක්‍රියාත්මක වන තේසවලාමෙයි නීතිය එලෙසම පවත්වාගෙන යා යුතු බවද රීටා අයිසැක් සඳහන් කර සිටී.
Divaina
මේ නිව්ස් එක දැකලා උඹලාගේ ලේ රත් උනේ නැද්ද..ආණ්ඩුවෙන් සිංහල මිනිහා වෙනුවෙන් දෙයක් වෙන්නේ නැති එකේ අපේ දරුවොන්ට ඉන්න හිටින්න තැනක් නැති වේගෙන යන්නේ.. පර කොටි උන්ට පර කොටි කියලා වැඩක් නෑ උන් උන්ගේ ජාතිය වෙනුවෙන් හැම දෙයක්ම කරනවා එකට එකමුතු වෙලා. අපේ ගොන් හරක් පිල් බෙදිලා මරා ගන්නවා. ඒකෙන් වාසි උන්ට. කරන්න දෙයක් නෑ මචන්ලා අපේ මිනිස්සු පිල් බෙදිලා මරා ගන්නකොට උන් උන්ගේ වැඩ කරගෙන ඉවර වෙයි. ජාතියට ආගමට ආදරය කරන නායකයෙක් දේශපාලන පක්ශයක් ආයේ මේ රටේ පහල වෙන්නේ නැති වෙයි මචන්ලා.. හිත හදා ගනිල්ලා.. උඹලගේ අනාගත පරපුර ගැන දැන් හිතලා වැඩක් නෑ