අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

අද ට්‍රැෆික් එකේ ඉදිද්දී තමයි දැක්කේ :nerd:

epq0wi.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි උඹට මේ පද පේලි දෙක ඔය තරම්ම වැදගත් උනේ..?
    උඹ මේ සිංදුව කලින් අහල නැද්ද..?
    අමරදේව මාස්ටර්ගෙ සිංදුවක්..:)

    උඹට බයික් එකකුත් තියෙනව නේහ්..:cool:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කබාය ඉරිලා ට කමක් නැත
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහලු වියේ...!!!
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    a bola tho oya sinduva ahala nathda :shocked::shocked:

    lide panapiya :angry::angry::angry:

    ඇයි උඹට මේ පද පේලි දෙක ඔය තරම්ම වැදගත් උනේ..?
    උඹ මේ සිංදුව කලින් අහල නැද්ද..?
    අමරදේව මාස්ටර්ගෙ සිංදුවක්..:)

    උඹට බයික් එකකුත් තියෙනව නේහ්..:cool:

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

    අඩෝ මේ ඒ සින්දුව නේද ?
    මට මේක මිට ඉස්සෙල්ල කොහේදී හරි අහල පුරුදුයි බන් .
    කිලෝමීටර 5 ක් විතර කල්පනා කර කර ආව මේක කොහෙද තිබුනේ කියල.
    අයියෝ මන් වගේ මෝඩයෙක් :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේ ඒ සින්දුව නේද ?
    මට මේක මිට ඉස්සෙල්ල කොහේදී හරි අහල පුරුදුයි බන් .
    කිලෝමීටර 5 ක් විතර කල්පනා කර කර ආව මේක කොහෙද තිබුනේ කියල.
    අයියෝ මන් වගේ මෝඩයෙක් :(
    ඔය වගේ සිංදුවක් ලේසියෙන් අමතක වෙනවද කුකුලො..:( නෙදකිං තෝ..:sorry:

    හා හා දැන් තෝට මේක වැදගත් උනේ ඇයි කියහංකො..:cool:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා

    ඇත්තටම මන් වගේ බුරුවෙක් බන් .
    මම හිතුවේ උබ '' මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා '' කියන රෙප්ලයි එක දාල තියෙන්නේ මන් දාපු ෆොටෝ එක බලලා , ඒක ටිකක් අදුරු නිසා තව ටිකකින් වහින්න හදනවා කිවුව කියල .
    මම ඒත් පුදුම උනා බන් උබේ ඒ හැකියාව ගැන .මොකද ඇත්තටම තව ටිකකින් මේ පැත්තට වහින්න වගේ තමයි යන්නේ. ශික් මන් වගේ බුරුවෙක් :(

    විහිලුවට නෙමේ බන් කිවුවේ ඇත්තටම මම හිතපු විදිය :sorry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    e kiyanne ? :nerd:

    පණ්ඩිත් අමරදේවයානන්ගේ ගීතයක් බං ඔය..

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
    කවුලුව අතරින් හිරිකඩ එනවා
    මල්පැණි වඩියක උනුසුම ලබනට
    යන්නට ඕනෑ කඩමන්ඩිය වෙත
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහලු වියේ //

    පාරට බැස්සම නොවැ සීතල වැඩි
    තනිකම ඊට වැඩී
    සිරිපොද වැස්සේ එකම කුඩය යට
    තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොද හැටි මතකයි

    මීවිතකින් ගත උනුසුම් වූවද
    සිත උනුසුම් වේදෝ
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    එපා එපා මීවිත මගෙ දෙතොලට
    ආපසු මගෙ කුටුයට යනවා
    මා ආපසු යනවා

    කබාය ඉරිලා ඊට කමක් නෑ
    කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහලු වියේ
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ඔය වගේ සිංදුවක් ලේසියෙන් අමතක වෙනවද කුකුලො..:( නෙදකිං තෝ..:sorry:

    හා හා දැන් තෝට මේක වැදගත් උනේ ඇයි කියහංකො..:cool:

    අනේ මන්ද .
    මම නිකන් ඒක ලස්සනයි කියල හිතුවේ .
    ඒක මන් ඉස්සෙල්ල කොහේ හරි අහලා තිබුන නිසා වෙන්න ඇති .
    කොහොමත් මට දැන් 60 කටත් කිට්ටු වෙන්න එනව නේ :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ මේ ඒ සින්දුව නේද ?
    මට මේක මිට ඉස්සෙල්ල කොහේදී හරි අහල පුරුදුයි බන් .
    කිලෝමීටර 5 ක් විතර කල්පනා කර කර ආව මේක කොහෙද තිබුනේ කියල.
    අයියෝ මන් වගේ මෝඩයෙක් :(

    මෙන්න මේ සිංදුව අහපන්. ජීවිතේ තියෙන ඉපදීම-විවාහය-මරණය තුන නියමෙට කියැවෙන ගීතයක්..


    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ


    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ


    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මoගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....


    පද රචනය - මහගම සේකර
    ගායනය - පන්ඩිත් අමරදේව