අද මම බඳින්න හිටිය දවස,

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    කෙල්ලත් ඉන්නවා, පොරොන්දම් අවුලකුත් නැහැ, වෙන සම්බන්දයකුත් නහ, දෙමව්පියෝ සහෝදරය විරුද්දයි, Hall එකට, photographer ට, decorations වලට, advance කරලා, jewelry අරගෙන දීල, wedding card ගහල, ලඟම නෑදැයෝන්ටත් කියල ඔක්කොම කලාට පස්සේ තමයි වෙනස් උනේ.

    මොකක්ද උනේ බන් ?
    :dull:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මුලින්ම ප්‍රශ්න ආවේ නැහැ මචන්, ලස්සනට වැඩ ටික කෙරුණ, මම ගෙවල් පොළොන්නරුවේ මචන්, වැඩ කරන්නේ කොළඹ, කෙල්ල තමයි කොළඹ ඉතින් මට බැඳලා ඉන්න වෙන්නේ කෙල්ලගේ ගෙදර. ගෙදරත් බාගෙට වැඩ ඉවර වුනු ගෙයක්, අපි ප්ලෑන් කරේ බැන්දට පස්සේ මගේ නමට ලෝන් එකක් අරගෙන ගේ හදාගන්න. ගෙදර ඉන්නේ එයයි අම්මයි විතරයි. මට ගෙදර නවතින්න වෙන නිසා අපේ තාත්ත ඇහුව දේපල කාගේ නමටද තියෙන්නේ කියල, කෙල්ලගේ නමට තියෙන්නේ කිව්වම එක බලන්න ඕන කිව්වා. එකේදී එයාල කිව්වා එහෙම බලන්න දෙන්න බැහැ, හොර ඔප්පු හදල ලියව ගනී කියල හිතුවේ, (ප්‍රයෝගිකව එක කරන්න අමාරුයි, අපි පිට මිනිසසු අපි කොහොමද එයාලට පාරම්පරිකව හිමි උන මෙහෙ ඉඩම් ලියාගෙන පදිංචි වෙන්නේ, අනිත් එක ඒවගේ චෝදනාවක් කරාම එක සැහෙන්න බරපතල විදිහට අපෙ අම්මලට දැනුන, විශ්වාසය සැහෙන්න විදිහට බිඳිලානේ එහෙම චෝදනාවක් කරන්නේ, එයාලගේ පැත්තෙන් බැලුවත් අපි එහෙම ඔප්පු බලන්න ඉල්ලන එකෙන් එගේල්ලෝ ගැන අපෙත් එච්චර විශ්වාසයක් නැහැ කියල හිතෙන්න ඇති) කෙල්ලයි කෙල්ලගේ අයියයි විතරයි පව්ලේ ඉන්නේ, අයිය වෙනම ඉන්නේ, කෙල්ලගේ නමට ඉඩම් ලියලා තිබුනත්, අයියගේ නමට ඉඩකඩම් ලියලා දීල නැහැ, එයාට ඔප්පු ගාස්තු ගෙවාගන්න සල්ලි නැති නිසා ලියවාගෙන නැහැ. ඉති මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි එයා බය වෙන්න ඇති එයාගේ දේපල වලට තියෙන හිමිකාරිත්වයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.

    මුලින් දේපල ගැන අහන එක ප්‍රශ්නයක් නෙමේ, හැබැයි දෙගොල්ලෝ අතර විශ්වාසය ගොඩනැගිල, සුහදතාවයකින් ඒවා ගැන කතා වෙන්න ඕන, මුලින්ම අහන්න යන්නත් එපා, එතකොට හිතන්නේ දේපල වලට තියෙන ආසාවට මගුල කතාකරනවා කියල, අන්තිමට අහන්න යන්නත් එපා, (ඔක්කොම ලෑස්ති කරගෙන, මගුල් සාරී අරගෙන hall බුක් කරලා, ඔය දේවල් උනාට පස්සේ) එතකොට හිතන්නේ දැන් මේක නොකර බැරි හින්ද අහනවා කියලා. (මට උනේ ඔය දේ )

    මචන් තරහ වෙන්න එපා දේපල ගැන උඹල ඔහොම ඇහුව නම් මට පෙන විදිහට උඹල තමයි වැරදි. කෙල්ලගේ අයියට තරහ යන එක සාදරානයි.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම නම් උබලගේ තාත්තාගේ ඉල්ලිම වරදක් විදිහට දකින්නේ නැහැ, එත් තත්තා ඒ කෙල්ලගේ අම්මලාගෙන් අහපු විදිහ කොහොමද අපි ඩනේ නැහැනේ,මොකොද මන් එහෙම කුවේ.....අපේ එහා ගෙදර ඉන්නවා ලෝයල 2 ක් යාලු වෙලා බැන්දේ, කෙල්ලගේ මහ ගෙදර තමා ඉන්නේ,බදින්න කලින් හිටන් උන් දෙන්නම එකතුවෙලා ගේ කඩ කඩ තට්ටු 3 නේ ගෙයක් ගැහුවා, අනිතිමට උන්ගේ ප්‍රශ්නයක් වෙලා ඩිවෝස් වෙන්නම ගියා, දැන් හැබැයි මාස තුනක ඉදන් ආපහු සෙට් වෙලා ඉන්නවා,ඒත් උට කෙල වුනා නම් ඌ හම්බ කරලා කරපු දේ වල් නම් තෙරුමක් නැහැ, ඌට ආයේ ජිවිතේ අලුතින් පටන්ගන්න එපැ මුල ඉදලාම, උන්ගේ කේස් එකනම් තාම ලමයි නැති එක එකට ඉතින් කෙල්ලගෙ තාත්තා කේස් දානවා අරුට, එකම කෙල්ල ඉට හපන්.....

    ඒ විදිහට බැලුවහම උබලාගේ තාත්තා සාදාරනයි කියලා මට හිතෙනවා.....කොයි දෙමාපියත් බලන්නේ දරුවන්ගේ සුරක්ෂිතබාවය නිසා........

    දැන් උබේ මගුල අයි හාවුනත්උබ කෙල්ලගේ ගෙදර පදින්ච්යියට ගියත්, උබලගේ දෙපර්ශවයේ හිත් රිදිලා නිසා ඕක ඕනම ප්‍රශ්නයකදි අලුත් වෙන්න ඉඩ කඩ වැඩි නේද?
    ප්‍රොපෝසල් එකක් නිසා ඕක ඔහොම්මම අත ඇරිලා ගිය එක හොදයි කියලා වෙන අතක් බලා ගනින් මචං, හිත් රිදි රිදි ජිවත් වෙනවට වඩා.......​
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සිද්ද උන දේ ගැන කනගාටුව මචන්.
    2.gif
    ආයෙත් පාරක් කතා කරලා බලමු... :cool::cool:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අඩෝ මචං උඹ photo proof දාලා තියෙනවා නේද? හැමෝම අසහන ත්‍රෙඩ් දාලා දැන් ඇත්ත කියන් එකෙකුටත් එහෙම කියලා හිතලා දැම්මේ මං අරහෙම. සොරි මචං වැරුද්දක් උනේ මගේ අතින්. සොරි.

    අනේ මන්ද බං දෙමව්පියෝ රිදවල කරන මගුල් හරියන්නෙත් නෑ බං ගොඩක් වෙලාවට. විශේෂයෙන් අම්ම කියන දේ අහන්නේ නැතුව කරපු ගොඩක් සීන් කෙලවන් තියෙනවා බං මං. පොඩ්ඩක් දෙපැත්තේ හීට් එක අඩුවෙනකම් ඔහොම හිටහං සීන් එක ලීක් කරන්නේ නැතුව බලපං මොකද වෙන්නේ කියලා. අයියට පුක දෙන්න එපා කියහං
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මචන් තරහ වෙන්න එපා දේපල ගැන උඹල ඔහොම ඇහුව නම් මට පෙන විදිහට උඹල තමයි වැරදි. කෙල්ලගේ අයියට තරහ යන එක සාදරානයි.

    අපේ තාත්තාගෙන් උන වැරැද්ද (එයා එහෙමෙ දෙයක් වෙය් කියල හිතන්නේ නැතුව කිව්වා උනත්) මම ඒ වැරැද්ද වැරද්දක් හැටියට දැක්ක එක මම තාත්තටත් කිව්වා එයාලටත් කිව්වා, එයාලත් එක පිලිඅරගත්තා. හැබැයි මේ හින්දම මුලින් කැමතිව ඉඳල (මේ සිදුවීමෙන් පස්සේ උනත්) කෙල්ල, එතකොට කෙල්ලගේ අම්මල කැමතිව ඉන්දිද්දීත්, මේක විසඳගන්න මම, කෙල්ල ලොකු උත්සාහයක් ගන්නකොට. එයා විතරක් අකමතිවෙලා නවත්තපු එක නම් මට අනුමත කරන්න බැහැ. එහෙම නේද.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dan owa gena hithanna epa ban.
    kohomath dan aith set unath issarahata inna amaru wei mey case tika nisa.
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අඩෝ මචං උඹ photo proof දාලා තියෙනවා නේද? හැමෝම අසහන ත්‍රෙඩ් දාලා දැන් ඇත්ත කියන් එකෙකුටත් එහෙම කියලා හිතලා දැම්මේ මං අරහෙම. සොරි මචං වැරුද්දක් උනේ මගේ අතින්. සොරි.

    අනේ මන්ද බං දෙමව්පියෝ රිදවල කරන මගුල් හරියන්නෙත් නෑ බං ගොඩක් වෙලාවට. විශේෂයෙන් අම්ම කියන දේ අහන්නේ නැතුව කරපු ගොඩක් සීන් කෙලවන් තියෙනවා බං මං. පොඩ්ඩක් දෙපැත්තේ හීට් එක අඩුවෙනකම් ඔහොම හිටහං සීන් එක ලීක් කරන්නේ නැතුව බලපං මොකද වෙන්නේ කියලා. අයියට පුක දෙන්න එපා කියහං

    කිසි අව්ලක් නැහැ මචන්, මම මේක දැම්මේ මගේ හිතේ තියෙන දේ කාටවත් කියාගන්න බැරි නිසා වගේම, මේ වගේ දෙයක් වෙනකෙනෙකුට උනත් සිද්ද වෙන එක වලක්වගන්න කියලදෙන්න මචන්, දෙයක් දැනගන්නත් එක්ක, හිතේ කිසිම දුකක් නැහැ මචන්, කිසිම අව්ලක් නැහැ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන්. අපිටත් වටිනවා ඔයා කියන ඔය කතාව.:yes::yes:
    අපිට වුනත් ?ක් ආවම හිත ශක්තිමත් කරන හිත හදාගන්න ගොඩක් උදව් වෙනවා ඔය කතාව. :yes:
    (request : Thread ekak daapanko e gana)

    ඒක ත්‍රෙඩ් දාන්න තරම් ලොකු දෙයක් නෙමෙයි බං. අනික ඔව්වා දැම්මම මේකේ ඉන්න සමහරක්ගෙන් කුණු කතා අහගන්න වෙනවා. :baffled:
     
    shammi lakshan

    Active member
  • Mar 23, 2008
    141
    173
    43
    Amaruwen hari hitha hadaa ganin macho.Wedima karala iwara wela divorce wenna unanam meeta wada case 1ne.ehema nowee me widihata una 1 hondai kiyala hithapan.umbata oyta wada honda deyak hari yai.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කිසි අව්ලක් නැහැ මචන්, මම මේක දැම්මේ මගේ හිතේ තියෙන දේ කාටවත් කියාගන්න බැරි නිසා වගේම, මේ වගේ දෙයක් වෙනකෙනෙකුට උනත් සිද්ද වෙන එක වලක්වගන්න කියලදෙන්න මචන්, දෙයක් දැනගන්නත් එක්ක, හිතේ කිසිම දුකක් නැහැ මචන්, කිසිම අව්ලක් නැහැ

    Proposal එකක්නේ බං ඒක හින්දා කිසිම දෙයක් කියන්න බෑ බං. මොකද Proposal සීන් එකේදී ‍දෙපැත්තේ අය ගැනත් බලපානවා affair එකකින් බැන්ද නම් දෙන්න ගැන අවුරුදු ගානක් හොදට දන්නවා ගෑනි ඉන්නවා ඕනේ වෙලාවක තමන් එක්ක එක තීරනේ එක හින්දා ඕන හුයන්නක් කියලා කැමති දෙයක් කරන්න පුලුවන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    sirawata ban.. matath meewa dakkama marry karana eka epaa wela thiyenne.... serious mamath marry karanne naha:no:

    මේකෙම ත්‍රෙඩ් කීයක් වැටෙනවද බන් ගෑනු නිසා කට්ට කන එවුන්ගේ. ඇත්තටම මට නම් දැන් එපාම වෙලා තියෙන්නේ.

    ANNA KATHAWA
    GAHANNA MALLI APPUDIYAK
    CHEERS

    ජය වේවා... :cool::cool: :yes::yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මම නම් උබලගේ තාත්තාගේ ඉල්ලිම වරදක් විදිහට දකින්නේ නැහැ, එත් තත්තා ඒ කෙල්ලගේ අම්මලාගෙන් අහපු විදිහ කොහොමද අපි ඩනේ නැහැනේ,මොකොද මන් එහෙම කුවේ.....අපේ එහා ගෙදර ඉන්නවා ලෝයල 2 ක් යාලු වෙලා බැන්දේ, කෙල්ලගේ මහ ගෙදර තමා ඉන්නේ,බදින්න කලින් හිටන් උන් දෙන්නම එකතුවෙලා ගේ කඩ කඩ තට්ටු 3 නේ ගෙයක් ගැහුවා, අනිතිමට උන්ගේ ප්‍රශ්නයක් වෙලා ඩිවෝස් වෙන්නම ගියා, දැන් හැබැයි මාස තුනක ඉදන් ආපහු සෙට් වෙලා ඉන්නවා,ඒත් උට කෙල වුනා නම් ඌ හම්බ කරලා කරපු දේ වල් නම් තෙරුමක් නැහැ, ඌට ආයේ ජිවිතේ අලුතින් පටන්ගන්න එපැ මුල ඉදලාම, උන්ගේ කේස් එකනම් තාම ලමයි නැති එක එකට ඉතින් කෙල්ලගෙ තාත්තා කේස් දානවා අරුට, එකම කෙල්ල ඉට හපන්.....

    ඒ විදිහට බැලුවහම උබලාගේ තාත්තා සාදාරනයි කියලා මට හිතෙනවා.....කොයි දෙමාපියත් බලන්නේ දරුවන්ගේ සුරක්ෂිතබාවය නිසා........

    දැන් උබේ මගුල අයි හාවුනත්උබ කෙල්ලගේ ගෙදර පදින්ච්යියට ගියත්, උබලගේ දෙපර්ශවයේ හිත් රිදිලා නිසා ඕක ඕනම ප්‍රශ්නයකදි අලුත් වෙන්න ඉඩ කඩ වැඩි නේද?
    ප්‍රොපෝසල් එකක් නිසා ඕක ඔහොම්මම අත ඇරිලා ගිය එක හොදයි කියලා වෙන අතක් බලා ගනින් මචං, හිත් රිදි රිදි ජිවත් වෙනවට වඩා.......​

    තාත්තගේ ඉල්ලීමේ වරදක් මමත් දකින්නේ නැහැ, එයා මට හොඳක් කරන්නනේ හැදුවේ, මොකද කෙල්ල අපේ ගෙදර එක්කන් ඇවිත් ජීවත් වෙනවට වඩා වෙනස්නේ මෙතන. මමනේ එහෙ නවතින්න යන්නේ, මොනවා උනත් ගෑණිගේ වහල යටනේ මට ඉන්නවෙන්නේ. ඒ ගැන එයා හිතන්න ඇති, එත් ඒ ඉල්ලීම කරපු විදිහ, අවස්තාව ගැලපෙන්නේ නැහැ මචන්, මම ඒ වැරැද්ද කොයි වෙලාවෙදීත් කියනවා,
    ඔව් උඹ කියන කතාව ඇත්ත, මායි කෙල්ලයි දැන අඳුනගෙන ආශ්‍රය කළා උනත් එකත් ප්‍රෝපොසල් එකක් හින්දනේ සිද්ද උනේ, අපි කොය්තරම් නම් අඳුන ගත්තට වැඩක් නැහැ, දෙපාර්ශවයේ මේ වගේ අමනාපයක් සිදු උනාට පස්සේ ආයේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ, මමමනේ ඒ වහල යට ඉන්නවනම් ඉන්න වෙන්නේ, අව්ලක් නැහැ මචන්, ඔය එන හැටියට මුහුණ දෙනවා, කාලය විසඳයි මචන් මේ ඔක්කොම,