dan owa gena hithanna epa ban.
kohomath dan aith set unath issarahata inna amaru wei mey case tika nisa.
Amaruwen hari hitha hadaa ganin macho.Wedima karala iwara wela divorce wenna unanam meeta wada case 1ne.ehema nowee me widihata una 1 hondai kiyala hithapan.umbata oyta wada honda deyak hari yai.
මුලින්ම ප්‍රශ්න ආවේ නැහැ මචන්, ලස්සනට වැඩ ටික කෙරුණ, මම ගෙවල් පොළොන්නරුවේ මචන්, වැඩ කරන්නේ කොළඹ, කෙල්ල තමයි කොළඹ ඉතින් මට බැඳලා ඉන්න වෙන්නේ කෙල්ලගේ ගෙදර. ගෙදරත් බාගෙට වැඩ ඉවර වුනු ගෙයක්, අපි ප්ලෑන් කරේ බැන්දට පස්සේ මගේ නමට ලෝන් එකක් අරගෙන ගේ හදාගන්න. ගෙදර ඉන්නේ එයයි අම්මයි විතරයි. මට ගෙදර නවතින්න වෙන නිසා අපේ තාත්ත ඇහුව දේපල කාගේ නමටද තියෙන්නේ කියල, කෙල්ලගේ නමට තියෙන්නේ කිව්වම එක බලන්න ඕන කිව්වා. එකේදී එයාල කිව්වා එහෙම බලන්න දෙන්න බැහැ, හොර ඔප්පු හදල ලියව ගනී කියල හිතුවේ, (ප්‍රයෝගිකව එක කරන්න අමාරුයි, අපි පිට මිනිසසු අපි කොහොමද එයාලට පාරම්පරිකව හිමි උන මෙහෙ ඉඩම් ලියාගෙන පදිංචි වෙන්නේ, අනිත් එක ඒවගේ චෝදනාවක් කරාම එක සැහෙන්න බරපතල විදිහට අපෙ අම්මලට දැනුන, විශ්වාසය සැහෙන්න විදිහට බිඳිලානේ එහෙම චෝදනාවක් කරන්නේ, එයාලගේ පැත්තෙන් බැලුවත් අපි එහෙම ඔප්පු බලන්න ඉල්ලන එකෙන් එගේල්ලෝ ගැන අපෙත් එච්චර විශ්වාසයක් නැහැ කියල හිතෙන්න ඇති) කෙල්ලයි කෙල්ලගේ අයියයි විතරයි පව්ලේ ඉන්නේ, අයිය වෙනම ඉන්නේ, කෙල්ලගේ නමට ඉඩම් ලියලා තිබුනත්, අයියගේ නමට ඉඩකඩම් ලියලා දීල නැහැ, එයාට ඔප්පු ගාස්තු ගෙවාගන්න සල්ලි නැති නිසා ලියවාගෙන නැහැ. ඉති මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි එයා බය වෙන්න ඇති එයාගේ දේපල වලට තියෙන හිමිකාරිත්වයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.
මුලින් දේපල ගැන අහන එක ප්‍රශ්නයක් නෙමේ, හැබැයි දෙගොල්ලෝ අතර විශ්වාසය ගොඩනැගිල, සුහදතාවයකින් ඒවා ගැන කතා වෙන්න ඕන, මුලින්ම අහන්න යන්නත් එපා, එතකොට හිතන්නේ දේපල වලට තියෙන ආසාවට මගුල කතාකරනවා කියල, අන්තිමට අහන්න යන්නත් එපා, (ඔක්කොම ලෑස්ති කරගෙන, මගුල් සාරී අරගෙන hall බුක් කරලා, ඔය දේවල් උනාට පස්සේ) එතකොට හිතන්නේ දැන් මේක නොකර බැරි හින්ද අහනවා කියලා. (මට උනේ ඔය දේ )
එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්රශ්නය මේ තරම් දුර දිග ගියේ,
මම ඒ ගැන එච්චර හිත අවුල් කරගෙන නැහැ මචන්, පසුතැවිල්ලක් තමයි තියෙන්නේ,
බොහොම ස්තුතියි මචන්,,
දෙන්න අතර ඇතිවෙන ප්‍රශ්න කෙසේ වෙතත් අනිත් අයගේ ප්‍රශ්න තමයි ගොඩක්ම දෙන්නට බලපාන්නේ,
එහමම හිතන්න එපා මචන්, පුළුවන් තරම් ස්වාදීන තීරණ ගන්න, අනිත් අයගේ තීරණ වලට අහුන්න්කම් නොදේනම නෙවෙයි, එත් දෙන්න කතාවෙලා තීරණ ගන්න අය අතරේ ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි, ඇතිවුණත් විසඳගන්න ලේසියි,

Ubala 2na bedapan bn mona reddakda..![]()

) කොල්ලගේ අම්මට බැනලා! 





machan mehemai ube kellage amma hari modai, idama owner ge details dannawa nam palathe land registeryen oppuwe copyak ganan puluwan. ithin ehema beluwoth lankawe hema idamakata hora oppu liyalane bun. hora oppu liyana ena newei othana prashne wenna aththe. ayyage baya......
Thaththa dura diga hithapu eka sadarai ne bun. uba loan gahal agewal hadala eliyata enna bahinna unoth, ubata geth nehe genith nehe sallith nehe hoda namath nehe......demaupiyanta apita wada experience thiyenwa bun e addekeemen kiyanne. apita wada society eka gena therenawa
Ohioma deyak unama katada bun disappointed nowenne. hitha hadagnna balapan. eka lesi nehe. eth akalyak ekka hariyai.
independednt decisions ganna eka hodai. eth machan anith ayatath ahum kan denna. specially demaipiyanta. kawadawath apita narakak karanne nehe. samaharawita api gaththa independent decision gena apahhu hithakota parakku wedi wei bun.................
finally................
dont worry bun. sometimes if u marry her brother may be brig trouble to ur family. (uba ge haduwata passe ayya randu kaloth ubata heppena puluwanda pita gamaka uth ekka.....)
mata hithuna dewal thamai machan kiwwe. good luck.
![]()
Denawanam dei nattam nikan indiy


කෙල්ලගේ අම්මට බයක් තිබුන ඔය දේපල ලියවගනී කියල, එකට මම විසඳුමකට ආව (අපේ තාත්තට තියෙන්නේ ඉඩම එයාගේ නමට තියෙනවද නැද්ද කියල බලාගන්නනේ,) ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් පත් ඉරු අරගෙන අපේ තාත්තට ගෙනිහින් දෙන්න. කෙල්ල ලව්වා එකත් අරගෙන. මම ගියා අය්යලයි ගෙදර මට එන්න කියල තිබුන, මම ගියා, කෙල්ල, කෙල්ලගේ අම්මයි, තව මේව සම්බන්දව සැහෙන්න කැපවෙලා වැඩකරපු කෙල්ලගේ මාම වෙන කෙනෙකුත් හිටිය.
කෙල්ලගේ පව්ලේ කෙල්ලයි අම්මයි විතරයි (තාත්ත නැතිවෙලා). අයියා හිටියට මේ වගේ කටයුත්තකට සහබාගී කරගන්න තරම් වෙලාවක් අයියට නැහැ, එක හින්ද තමයි මාම කෙනෙක් සම්බන්ධකරගෙන තිබුනේ, ඒ මාමත් එදා ඇවිල්ල හිටිය, එදා අයියලාගේ ගෙදරදී එක තීරණයකට ආව මේ මගුල කෙරෙනවා, අර ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් අරගෙන ආව පත් ඉරු මම අපේ තාත්තට පෙන්නල කැමැත්ත ගත්තට පස්සේ,
ඉතින්මෙක අන්තිම තීරණය උනාට පස්සේ මම ලෑස්ති උන පහුවෙනිදා ලීව් එකක් දාල ගෙදර යන්න. පහුවෙනිදා කතාකරල කියනවා ගෙදර යන්න එපා අයිය කැමති නැහැ කියල මේකට. මට ඒ වෙලාවේ නම් හෙන අප්සෙට්. ඇයි අපි කතාකරේ මොකක්ද දැන් කියන්නේ මොකක්ද. මම පුළුවන් තරම් උත්සාහ කර තේරුම් කරලා දෙන්න එත් අන්තිම තීරණය එක නම් මම ඊට පස්සේ කතාකරන්න ගියේ නැහැ මචන්, මේක විසඳගන්න උපරිම උත්සාහයත් අරගත්තා, එත් බැරිනම් අත ඇරල දැම්ම.
තාත්ත දුරදිග හිතපු එක සාදාරනයි එත් එයා මේ ප්‍රශ්නේ ඇදල ගත්ත වෙලාව විදිහ වැරදියි. එක හැමෝම කියනවා. එක තමයි මේ ඔක්කොටම මුල.
මට අප්සෙට් එකක් නැහැ මචන් මාව ඒගොල්ලන්ගේ ෆැමිලි එකට ගැලපෙන්නේ නැත්නම් මම මොකටද බලෙන් එල්ලෙන්න යන්නේ, අනෙත් එක යෝජිත විවාහයකදී දෙන්නගේ රුචි අරුචිකම් වගේම අනෙත් අයගේ, විශේෂයෙන් දෙමව්පියන්ගේ අදහස් දෙන්නගේ විවාහ ජීවිතේට සැහෙන්න බලපානවා, ආදරය කරලා බඳින දෙන්නෙකුට වඩා. මෙහෙම වුනු එක එක අතකින් බලපුවහම සැනසිල්ලක්, බැරි වෙලාවත් බැන්දට පස්සේ මේක උනානම් මම ඉවරයි.

අපි නම් තියන දෙයක් දෙන කියනේ අපේ අක්කලට නංගිලට. උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.
නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.
anyway good luck for your future


ජිවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන එක තමයි මචෝ. එක අබියෝගයක්. ගොඩක් ඔය වගේ ප්‍රශ්න කාලය විසදනවා. මෙතන උබටත් වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙල්ල.



උඹේ කතාවේ ගොඩක් තැන වලින් මම කියෙවුවා.
දෙපැත්තෙන්ම බලපුවාම වරදක් කියන්නත් බෑ. දෙපැත්තේම මිනිස්සු හරි කියන්නත් බෑ.
පේන විදිහට ලොකුම ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ "විශ්වාසයේ".
අවුරුද්දක් වත් ආශ්‍රය කරලා එකිනෙකා ගේ පවුල්වල අය හොඳින් දැන අඳුන ගත්තේ නැද්ද උඹලා?
ඔය දැවැදී කෙස් ප්‍රපෝසල් වල ගොඩක් ප්‍රශ්න ඇතිවෙන තැන් වගේ.
හොඳ අවබෝදයකින් දෙන්නා හිටියා නං ඔය අවුලක් නෑ මං හිතන්නේ.
එක අතකට, ගෙවල් වල මිනිස්සුන්ට ඕන ගැනුන්ව බැඳලා, ගෙවල් වල මිනිස්සු නෙවේ නේ බං ඒ ගෑනි එක්ක ජිවත් වෙන්නේ උඹ නේ?
ඒ නිසා උඹ හොඳ ගෑනි උඹ හොයා ගනින්!
ගෙවල් වල මිනිස්සු හා කිඋවම කොරන්ඩ යි එපා කිවුවම නවත්තන්නයි මොන මගුලක් ද ඕක?
ඔන් හෙළ ප්‍රපෝසල්!
උඹට වෙන එකක් හරියයි!
ඉවසීමෙන් හිටපන්.
ඔක්කොම වෙන්නේ හොඳටයි කියලත් කියනවා නේ!![]()
ජය වේවා!![]()
![]()
ජිවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන එක තමයි මචෝ. එක අබියෝගයක්. ගොඩක් ඔය වගේ ප්‍රශ්න කාලය විසදනවා. මෙතන උබටත් වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙල්ල.
කෙල්ලගේ අයියා මෙතන මොකක් හරි ගේමක් ගහනවා.අපි නම් තියන දෙයක් දෙන කියනේ අපේ අක්කලට නංගිලට.