අද මම බඳින්න හිටිය දවස,

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
Amaruwen hari hitha hadaa ganin macho.Wedima karala iwara wela divorce wenna unanam meeta wada case 1ne.ehema nowee me widihata una 1 hondai kiyala hithapan.umbata oyta wada honda deyak hari yai.

ඔව් මචන්, මේක මෙහෙම වෙද්දී විශ්වාසයක් තියාගන්නේ කොහොමද, බැරිවෙලාවත් බැන්දට පස්සේ උනානම් වහකන්නයි වෙන්නේ,
හිතේ දුකක් නැහැ මචන්, කලකිරීමක් ඇරෙන්න,
 
ruwper

Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    මුලින්ම ප්‍රශ්න ආවේ නැහැ මචන්, ලස්සනට වැඩ ටික කෙරුණ, මම ගෙවල් පොළොන්නරුවේ මචන්, වැඩ කරන්නේ කොළඹ, කෙල්ල තමයි කොළඹ ඉතින් මට බැඳලා ඉන්න වෙන්නේ කෙල්ලගේ ගෙදර. ගෙදරත් බාගෙට වැඩ ඉවර වුනු ගෙයක්, අපි ප්ලෑන් කරේ බැන්දට පස්සේ මගේ නමට ලෝන් එකක් අරගෙන ගේ හදාගන්න. ගෙදර ඉන්නේ එයයි අම්මයි විතරයි. මට ගෙදර නවතින්න වෙන නිසා අපේ තාත්ත ඇහුව දේපල කාගේ නමටද තියෙන්නේ කියල, කෙල්ලගේ නමට තියෙන්නේ කිව්වම එක බලන්න ඕන කිව්වා. එකේදී එයාල කිව්වා එහෙම බලන්න දෙන්න බැහැ, හොර ඔප්පු හදල ලියව ගනී කියල හිතුවේ, (ප්‍රයෝගිකව එක කරන්න අමාරුයි, අපි පිට මිනිසසු අපි කොහොමද එයාලට පාරම්පරිකව හිමි උන මෙහෙ ඉඩම් ලියාගෙන පදිංචි වෙන්නේ, අනිත් එක ඒවගේ චෝදනාවක් කරාම එක සැහෙන්න බරපතල විදිහට අපෙ අම්මලට දැනුන, විශ්වාසය සැහෙන්න විදිහට බිඳිලානේ එහෙම චෝදනාවක් කරන්නේ, එයාලගේ පැත්තෙන් බැලුවත් අපි එහෙම ඔප්පු බලන්න ඉල්ලන එකෙන් එගේල්ලෝ ගැන අපෙත් එච්චර විශ්වාසයක් නැහැ කියල හිතෙන්න ඇති) කෙල්ලයි කෙල්ලගේ අයියයි විතරයි පව්ලේ ඉන්නේ, අයිය වෙනම ඉන්නේ, කෙල්ලගේ නමට ඉඩම් ලියලා තිබුනත්, අයියගේ නමට ඉඩකඩම් ලියලා දීල නැහැ, එයාට ඔප්පු ගාස්තු ගෙවාගන්න සල්ලි නැති නිසා ලියවාගෙන නැහැ. ඉති මම හිතන්නේ මේ ප්‍රශ්නෙදි එයා බය වෙන්න ඇති එයාගේ දේපල වලට තියෙන හිමිකාරිත්වයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.

    මුලින් දේපල ගැන අහන එක ප්‍රශ්නයක් නෙමේ, හැබැයි දෙගොල්ලෝ අතර විශ්වාසය ගොඩනැගිල, සුහදතාවයකින් ඒවා ගැන කතා වෙන්න ඕන, මුලින්ම අහන්න යන්නත් එපා, එතකොට හිතන්නේ දේපල වලට තියෙන ආසාවට මගුල කතාකරනවා කියල, අන්තිමට අහන්න යන්නත් එපා, (ඔක්කොම ලෑස්ති කරගෙන, මගුල් සාරී අරගෙන hall බුක් කරලා, ඔය දේවල් උනාට පස්සේ) එතකොට හිතන්නේ දැන් මේක නොකර බැරි හින්ද අහනවා කියලා. (මට උනේ ඔය දේ )

    machan mehemai ube kellage amma hari modai, idama owner ge details dannawa nam palathe land registeryen oppuwe copyak ganan puluwan. ithin ehema beluwoth lankawe hema idamakata hora oppu liyalane bun. hora oppu liyana ena newei othana prashne wenna aththe. ayyage baya......

    එයාගේ නමට තියෙන දේවල් ඔක්කොම පැහැදිලිව කියලා තිබුන, ප්‍රශ්නේ උනේ එය ඉන්න ගෙදර වැඩ සම්පුරණයෙන් ඉවර වෙලා නැති නිසා මම ප්ලැන් කල ලෝන් එකක් අරගෙන ගෙදර වැඩ කටයුතු ටික ඉවරයක් කරන්න, මේකෙදි අපේ තාත්තට ප්‍රශ්නයක් ආව මම ගෙදර හදන්නේ අනුන්ගේ ඉඩමක නේද කියන එක, එක නිරවුල් කරගන්න තාත්තට අවශ්‍ය උන (එයාල පදිංචිව ඉන්න ඉඩමේ නිරවුල් භාවය තහවුරු කරගන්න, (මේකෙදි එය වැරදියි එක මම පිලිගන්නවා, චේතනාව කොයිතරම් පිරිසිදු උනත්, එයා දුරදිග හිතල සංයමයෙන් වැඩ කලේ නැහැ, එක මම එයාලටත් කිව්වා,) තාත්ත හින්ද තමයි මේ ප්‍රශ්නය මේ තරම් දුර දිග ගියේ,

    Thaththa dura diga hithapu eka sadarai ne bun. uba loan gahal agewal hadala eliyata enna bahinna unoth, ubata geth nehe genith nehe sallith nehe hoda namath nehe......demaupiyanta apita wada experience thiyenwa bun e addekeemen kiyanne. apita wada society eka gena therenawa

    මම ඒ ගැන එච්චර හිත අවුල් කරගෙන නැහැ මචන්, පසුතැවිල්ලක් තමයි තියෙන්නේ,
    බොහොම ස්තුතියි මචන්,,

    Ohioma deyak unama katada bun disappointed nowenne. hitha hadagnna balapan. eka lesi nehe. eth akalyak ekka hariyai.

    දෙන්න අතර ඇතිවෙන ප්‍රශ්න කෙසේ වෙතත් අනිත් අයගේ ප්‍රශ්න තමයි ගොඩක්ම දෙන්නට බලපාන්නේ,
    එහමම හිතන්න එපා මචන්, පුළුවන් තරම් ස්වාදීන තීරණ ගන්න, අනිත් අයගේ තීරණ වලට අහුන්න්කම් නොදේනම නෙවෙයි, එත් දෙන්න කතාවෙලා තීරණ ගන්න අය අතරේ ප්‍රශ්න ඇතිවෙනවා අඩුයි, ඇතිවුණත් විසඳගන්න ලේසියි,

    independednt decisions ganna eka hodai. eth machan anith ayatath ahum kan denna. specially demaipiyanta. kawadawath apita narakak karanne nehe. samaharawita api gaththa independent decision gena apahhu hithakota parakku wedi wei bun.................

    finally................

    dont worry bun. sometimes if u marry her brother may be brig trouble to ur family. (uba ge haduwata passe ayya randu kaloth ubata heppena puluwanda pita gamaka uth ekka.....)

    mata hithuna dewal thamai machan kiwwe. good luck.

    :D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Ubala 2na bedapan bn mona reddakda.. :frown:

    ලව් කරලා බන්දනම් ලොවෙත්, එත් මේවා ප්‍රොපොසල් නේ මචන්, කාලයක් ආශ්‍රය කලානම් තමයි, එත් එච්චර ෆිට් එකක් නැහැනේ, බඳිනකම් වගේම, බැඳලා ටික දවසක් යනකම් දෙමව්පිය බලපෑම සැහෙන්න දැනෙනවා. එක මත තමයි අපි දෙන්නගේ පවුල් ජීවිතේ රඳාපවතින්නේ,
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹේ කතාවේ ගොඩක් තැන වලින් මම කියෙවුවා.
    දෙපැත්තෙන්ම බලපුවාම වරදක් කියන්නත් බෑ. දෙපැත්තේම මිනිස්සු හරි කියන්නත් බෑ.
    පේන විදිහට ලොකුම ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ "විශ්වාසයේ".
    අවුරුද්දක් වත් ආශ්‍රය කරලා එකිනෙකා ගේ පවුල්වල අය හොඳින් දැන අඳුන ගත්තේ නැද්ද උඹලා?

    ඔය දැවැදී කෙස් ප්‍රපෝසල් වල ගොඩක් ප්‍රශ්න ඇතිවෙන තැන් වගේ.

    හොඳ අවබෝදයකින් දෙන්නා හිටියා නං ඔය අවුලක් නෑ මං හිතන්නේ.

    එක අතකට, ගෙවල් වල මිනිස්සුන්ට ඕන ගැනුන්ව බැඳලා, ගෙවල් වල මිනිස්සු නෙවේ නේ බං ඒ ගෑනි එක්ක ජිවත් වෙන්නේ උඹ නේ?
    ඒ නිසා උඹ හොඳ ගෑනි උඹ හොයා ගනින්!
    ගෙවල් වල මිනිස්සු හා කිඋවම කොරන්ඩ යි එපා කිවුවම නවත්තන්නයි මොන මගුලක් ද ඕක?

    ඊයේ මට ආරංචි වෙච්චි කතාවක් උඹට කියන්නම්,

    මගේ කෙල්ලගේ යාලුවෙක්(කෙල්ලක්) ගේ එකත් ප්‍රපෝසල් එකක්.
    කෙල්ලත් දේපල නිසා කැමති වුනේ. ගිහින් ගෙවල් දොරවල් බලන කම් හරියට වචනයක් දුන්නේ නෑ! ලොල් තමා ඉතින්! එත් එහෙමයි වුනේ.
    කෙල්ලටත් කොල්ලටත් යමක් කමක් තියනවා. කෙල්ලට ඉන්නෙත් මල්ලි විතරයි. ඌ ඉගෙනගන්න එකෙක්. කැම්පස් එකේ.
    කෙල්ලයි කොල්ලයි එළකිරි වගේ හිටියා දැන් මාස 6ක් වගේ.
    කොල්ලගේ පැත්තෙන් කෙල්ලට හරී....... ආදරෙයි! ;)
    බැලින්නම් දේපල වලටලු!
    මල්ලිටයි එයාටයි තියන ගේයි ඉඩමයි දැන්ම දේකට බෙදන්න කියලා කොල්ලගේ අම්මා කෙල්ලට කියලා.
    ඒ වෙනකොට කෙල්ලගේ පවුලට මාට්ටු වෙලා තිබිලා තියෙන්නේ ඇත්තටම ගෙයක් ඉඩමක් තියනවද කියලා බලන්න කෙල්ලගේ ගමටත් ගිහිල්ලා.
    කෙල්ල කොල්ලා දෙන්නම ඔය කොළඹ අවට. කෙල්ලගේ දේපල කොළඹින් පිට. ඔය කොහෙද නමක් කිවුවා මතක නෑ ටිකක් දුර.
    අන්තිමට කෙල්ලට කොල්ලගේ අම්මා අරෙහෙම කිවුවම කෙල්ලට මල පැනලා (කෙල්ලට ටිකක් මළ පනිනවා! :D) කොල්ලගේ අම්මට බැනලා! :dull:
    කොල්ලා - ඌ සද්ද වහලා ඉඳලා. ඌ අම්මා කියන දේට, ගෑනි කියන දේට එහෙයි කියන් ඉන්න ඩයල් එකක්! :D
    අන්තිමට කෙල්ලගේ පවුලෙනුත් එපා කිවුවා.
    තව මාස 8-10 කින් වගේ බඳින්න හිටියේ.
    පෙරේදා ද කොහේදෝ මගුල කෙලවර වුනා.
    ඒ අස්සේ තව බලු වැඩක් වෙලා.
    කෙල්ලගේ මල්ලි උගේ යාලුවෝ දාලා අරුගේ mobile numbers වටේ ඇරලා කුණු හරපෙන් බැනලා.! :baffled:

    ඔන් හෙළ ප්‍රපෝසල්! :sorry:

    උඹට වෙන එකක් හරියයි!
    ඉවසීමෙන් හිටපන්.
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියලත් කියනවා නේ! :baffled: :dull:
    ජය වේවා! :yes: :)
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ජිවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන එක තමයි මචෝ. එක අබියෝගයක්. ගොඩක් ඔය වගේ ප්‍රශ්න කාලය විසදනවා. මෙතන උබටත් වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙල්ල.
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    machan mehemai ube kellage amma hari modai, idama owner ge details dannawa nam palathe land registeryen oppuwe copyak ganan puluwan. ithin ehema beluwoth lankawe hema idamakata hora oppu liyalane bun. hora oppu liyana ena newei othana prashne wenna aththe. ayyage baya......

    Thaththa dura diga hithapu eka sadarai ne bun. uba loan gahal agewal hadala eliyata enna bahinna unoth, ubata geth nehe genith nehe sallith nehe hoda namath nehe......demaupiyanta apita wada experience thiyenwa bun e addekeemen kiyanne. apita wada society eka gena therenawa

    Ohioma deyak unama katada bun disappointed nowenne. hitha hadagnna balapan. eka lesi nehe. eth akalyak ekka hariyai.

    independednt decisions ganna eka hodai. eth machan anith ayatath ahum kan denna. specially demaipiyanta. kawadawath apita narakak karanne nehe. samaharawita api gaththa independent decision gena apahhu hithakota parakku wedi wei bun.................

    finally................

    dont worry bun. sometimes if u marry her brother may be brig trouble to ur family. (uba ge haduwata passe ayya randu kaloth ubata heppena puluwanda pita gamaka uth ekka.....)

    mata hithuna dewal thamai machan kiwwe. good luck.

    :D

    කෙල්ලගේ අම්මට බයක් තිබුන ඔය දේපල ලියවගනී කියල, එකට මම විසඳුමකට ආව (අපේ තාත්තට තියෙන්නේ ඉඩම එයාගේ නමට තියෙනවද නැද්ද කියල බලාගන්නනේ,) ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් පත් ඉරු අරගෙන අපේ තාත්තට ගෙනිහින් දෙන්න. කෙල්ල ලව්වා එකත් අරගෙන. මම ගියා අය්යලයි ගෙදර මට එන්න කියල තිබුන, මම ගියා, කෙල්ල, කෙල්ලගේ අම්මයි, තව මේව සම්බන්දව සැහෙන්න කැපවෙලා වැඩකරපු කෙල්ලගේ මාම වෙන කෙනෙකුත් හිටිය.

    කෙල්ලගේ පව්ලේ කෙල්ලයි අම්මයි විතරයි (තාත්ත නැතිවෙලා). අයියා හිටියට මේ වගේ කටයුත්තකට සහබාගී කරගන්න තරම් වෙලාවක් අයියට නැහැ, එක හින්ද තමයි මාම කෙනෙක් සම්බන්ධකරගෙන තිබුනේ, ඒ මාමත් එදා ඇවිල්ල හිටිය, එදා අයියලාගේ ගෙදරදී එක තීරණයකට ආව මේ මගුල කෙරෙනවා, අර ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් අරගෙන ආව පත් ඉරු මම අපේ තාත්තට පෙන්නල කැමැත්ත ගත්තට පස්සේ,

    ඉතින්මෙක අන්තිම තීරණය උනාට පස්සේ මම ලෑස්ති උන පහුවෙනිදා ලීව් එකක් දාල ගෙදර යන්න. පහුවෙනිදා කතාකරල කියනවා ගෙදර යන්න එපා අයිය කැමති නැහැ කියල මේකට. මට ඒ වෙලාවේ නම් හෙන අප්සෙට්. ඇයි අපි කතාකරේ මොකක්ද දැන් කියන්නේ මොකක්ද. මම පුළුවන් තරම් උත්සාහ කර තේරුම් කරලා දෙන්න එත් අන්තිම තීරණය එක නම් මම ඊට පස්සේ කතාකරන්න ගියේ නැහැ මචන්, මේක විසඳගන්න උපරිම උත්සාහයත් අරගත්තා, එත් බැරිනම් අත ඇරල දැම්ම.

    තාත්ත දුරදිග හිතපු එක සාදාරනයි එත් එයා මේ ප්‍රශ්නේ ඇදල ගත්ත වෙලාව විදිහ වැරදියි. එක හැමෝම කියනවා. එක තමයි මේ ඔක්කොටම මුල.

    මට අප්සෙට් එකක් නැහැ මචන් මාව ඒගොල්ලන්ගේ ෆැමිලි එකට ගැලපෙන්නේ නැත්නම් මම මොකටද බලෙන් එල්ලෙන්න යන්නේ, අනෙත් එක යෝජිත විවාහයකදී දෙන්නගේ රුචි අරුචිකම් වගේම අනෙත් අයගේ, විශේෂයෙන් දෙමව්පියන්ගේ අදහස් දෙන්නගේ විවාහ ජීවිතේට සැහෙන්න බලපානවා, ආදරය කරලා බඳින දෙන්නෙකුට වඩා. මෙහෙම වුනු එක එක අතකින් බලපුවහම සැනසිල්ලක්, බැරි වෙලාවත් බැන්දට පස්සේ මේක උනානම් මම ඉවරයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Mekai machan mulin kella marry karala kuliyata giyat kellage gedara ringanna yanna epa :) Denawanam dei nattam nikan indiy :)

    Ubata yannama oni nam, uba loan eka danawanam kellage namatada tiyenne kiyala oppuwa illanne natiwa, bank loan eka daddi oppuwa mortage karanna ganna tibbe :)

    Ehema una nam namata tiyenne kageda kiyala etana eliyata enawa..
    kelllage ammage thattage namata nam tiyenne kellata gedara wikuanawa kiyala transfer ekak gahala, ekata purchasing loan (not housing loan) ekak gahala gedara hadanna tibba :)
     
    waligamaya

    Well-known member
  • කෙල්ලගේ අම්මට බයක් තිබුන ඔය දේපල ලියවගනී කියල, එකට මම විසඳුමකට ආව (අපේ තාත්තට තියෙන්නේ ඉඩම එයාගේ නමට තියෙනවද නැද්ද කියල බලාගන්නනේ,) ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් පත් ඉරු අරගෙන අපේ තාත්තට ගෙනිහින් දෙන්න. කෙල්ල ලව්වා එකත් අරගෙන. මම ගියා අය්යලයි ගෙදර මට එන්න කියල තිබුන, මම ගියා, කෙල්ල, කෙල්ලගේ අම්මයි, තව මේව සම්බන්දව සැහෙන්න කැපවෙලා වැඩකරපු කෙල්ලගේ මාම වෙන කෙනෙකුත් හිටිය.

    කෙල්ලගේ පව්ලේ කෙල්ලයි අම්මයි විතරයි (තාත්ත නැතිවෙලා). අයියා හිටියට මේ වගේ කටයුත්තකට සහබාගී කරගන්න තරම් වෙලාවක් අයියට නැහැ, එක හින්ද තමයි මාම කෙනෙක් සම්බන්ධකරගෙන තිබුනේ, ඒ මාමත් එදා ඇවිල්ල හිටිය, එදා අයියලාගේ ගෙදරදී එක තීරණයකට ආව මේ මගුල කෙරෙනවා, අර ලෑන්ඩ් රෙජිස්ට්‍රියෙන් අරගෙන ආව පත් ඉරු මම අපේ තාත්තට පෙන්නල කැමැත්ත ගත්තට පස්සේ,

    ඉතින්මෙක අන්තිම තීරණය උනාට පස්සේ මම ලෑස්ති උන පහුවෙනිදා ලීව් එකක් දාල ගෙදර යන්න. පහුවෙනිදා කතාකරල කියනවා ගෙදර යන්න එපා අයිය කැමති නැහැ කියල මේකට. මට ඒ වෙලාවේ නම් හෙන අප්සෙට්. ඇයි අපි කතාකරේ මොකක්ද දැන් කියන්නේ මොකක්ද. මම පුළුවන් තරම් උත්සාහ කර තේරුම් කරලා දෙන්න එත් අන්තිම තීරණය එක නම් මම ඊට පස්සේ කතාකරන්න ගියේ නැහැ මචන්, මේක විසඳගන්න උපරිම උත්සාහයත් අරගත්තා, එත් බැරිනම් අත ඇරල දැම්ම.

    තාත්ත දුරදිග හිතපු එක සාදාරනයි එත් එයා මේ ප්‍රශ්නේ ඇදල ගත්ත වෙලාව විදිහ වැරදියි. එක හැමෝම කියනවා. එක තමයි මේ ඔක්කොටම මුල.

    මට අප්සෙට් එකක් නැහැ මචන් මාව ඒගොල්ලන්ගේ ෆැමිලි එකට ගැලපෙන්නේ නැත්නම් මම මොකටද බලෙන් එල්ලෙන්න යන්නේ, අනෙත් එක යෝජිත විවාහයකදී දෙන්නගේ රුචි අරුචිකම් වගේම අනෙත් අයගේ, විශේෂයෙන් දෙමව්පියන්ගේ අදහස් දෙන්නගේ විවාහ ජීවිතේට සැහෙන්න බලපානවා, ආදරය කරලා බඳින දෙන්නෙකුට වඩා. මෙහෙම වුනු එක එක අතකින් බලපුවහම සැනසිල්ලක්, බැරි වෙලාවත් බැන්දට පස්සේ මේක උනානම් මම ඉවරයි.

    කෙල්ලගේ අයියා මෙතන මොකක් හරි ගේමක් ගහනවා.:frown::frown: අපි නම් තියන දෙයක් දෙන කියනේ අපේ අක්කලට නංගිලට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උඹ ආගම මොකක් උනත් උඹේ ආගමේ ධර්මය අනුව හැසිරෙන කෙනෙක් නම් සහ මීට කලින් වෙන කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නෙමෙයි නම් ඔය වගේ දේවල් වෙන්නේ උඹේ පිටිපසින් ඉන්න මොකක් හෝ යහපත් බලවේගෙක තියෙන ආශිර්වාදය නිසා කියන එක මතක තියා ගනින්. බුදු දහමේ නම් කියන්නේ ඒකට ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කියලයි. අද නොවුනත් මතු යම් දිනයකදි අද ඔය දේ උනේ උඹේම හොඳටක කියලා හිතේවි එහෙම නම්.

    නමුත් උඹ යන්නන් වාලා යන නන්නත්තාර එකෙක් නම්, ජල්තර වැඩ කරලා හෝ මිනිස්සුන්ට ගිණි ගෙඩි දීලා ජීවත් වෙන්න හදන එකෙක් නම් හෝ වෙනත් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු එකෙක් නම් ඒ දේ උනේ ඒ අනික් කෙනාගේ පසු පසින් සිටින යහපත් බලවේගෙකට කියලා සහ උඹේ කර්මය පල දුන්නා කියලා හිත හදා ගනින්.

    anyway good luck for your future

    aththa :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජිවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන එක තමයි මචෝ. එක අබියෝගයක්. ගොඩක් ඔය වගේ ප්‍රශ්න කාලය විසදනවා. මෙතන උබටත් වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙල්ල.

    :yes::yes::yes:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    උඹේ කතාවේ ගොඩක් තැන වලින් මම කියෙවුවා.
    දෙපැත්තෙන්ම බලපුවාම වරදක් කියන්නත් බෑ. දෙපැත්තේම මිනිස්සු හරි කියන්නත් බෑ.
    පේන විදිහට ලොකුම ගැටලුව වෙලා තිබිලා තියෙන්නේ "විශ්වාසයේ".
    අවුරුද්දක් වත් ආශ්‍රය කරලා එකිනෙකා ගේ පවුල්වල අය හොඳින් දැන අඳුන ගත්තේ නැද්ද උඹලා?

    ඔය දැවැදී කෙස් ප්‍රපෝසල් වල ගොඩක් ප්‍රශ්න ඇතිවෙන තැන් වගේ.

    හොඳ අවබෝදයකින් දෙන්නා හිටියා නං ඔය අවුලක් නෑ මං හිතන්නේ.

    එක අතකට, ගෙවල් වල මිනිස්සුන්ට ඕන ගැනුන්ව බැඳලා, ගෙවල් වල මිනිස්සු නෙවේ නේ බං ඒ ගෑනි එක්ක ජිවත් වෙන්නේ උඹ නේ?
    ඒ නිසා උඹ හොඳ ගෑනි උඹ හොයා ගනින්!
    ගෙවල් වල මිනිස්සු හා කිඋවම කොරන්ඩ යි එපා කිවුවම නවත්තන්නයි මොන මගුලක් ද ඕක?

    ඔන් හෙළ ප්‍රපෝසල්! :sorry:

    උඹට වෙන එකක් හරියයි!
    ඉවසීමෙන් හිටපන්.
    ඔක්කොම වෙන්නේ හොඳටයි කියලත් කියනවා නේ! :baffled: :dull:
    ජය වේවා! :yes: :)

    මෙතන උනෙත් විශ්වාසය නැතිවීම නිසා ඇතිඋන සිත් අමනාපය. අපි දෙන්න ආශ්‍රය කළා අවරුදු එකහමාරක් විතර අපි දෙන්න අතර කිසිම අමනාපයක් නැහැ අදවෙනකම්, මේ ප්‍රශ්නය ඇතිඋනේ මීට මාස එකහමාරකට කලින්, කොටින්ම නැකතට බුලත් දුන්නටත් පස්සේ, මම ගෙදර හදන්න ගත්ත තීරණය, මගේ සැලරි එකට ලෝන් එකක් අරගෙන, (කෙල්ලට ලෝන් ගන්න බහ ස්ථිර ආදායමක් නැති නිසා, මට ගන්න බැහැ මට ඉඩමක් නැති හින්දා, බද්ධ ගිණුමක් ඕපන් කරලා තමයි ගන්න අදහස් කරගෙන හිටියේ,) තාත්ත ඇහුව මම ගෙදර හදනවනම් ගෙදර මගේ නමට ලියන්න කියල, (මෙන්න මේක තමයි මේ ප්‍රශ්නයට මුල,) අපි, මම එතකොට කෙල්ල එකම මතයක හිටිය ඉඩම හිමිකාරිත්වයක් මගේ නමට අවශ්‍ය නැහැ කියල, තාත්තත් කිව්වා එහෙනම් මගේ මතයට වැඩටික කරගන්න කියල, (බලකරලා කිව්වේ නැහැ ඉඩම මගේ නමට ලියන්නම ඕන කියල, එත් තාත්ත වැරදියි කියල කියන්නේ මම මෙතනදී, මොකද මේ ඉල්ලීම කලේ wedding එකේ කටයුතු සැහෙන්න ඉවර උනාට පස්සේ, බුලත් දුන්නටත් පස්සේ කියන්නෙ හිතාගන්නකෝ.) ඉතින් ඒ ගොල්ලන්ට අවිශ්වාස උන මේ වගේ ඉල්ලීමක් අන්තිම මොහොතේ කලාම (මම එක හෙලා කිව්වත් එපා කියලා,) එයාලට එක ප්‍රතික්ෂේප කරන්න බැරි අවස්තාවක කරපු නිසා මේක කරන්නම වෙයි කියල. පස්සේ හරි මේක ආයෙම ඇදිල එයි කියල, අනිත් එක ඒ ඉල්ලේම කරන්නේ මට කවදාහරි එලියට බහින්න වෙන එක වලක්වන්න නම් එතන තියෙන්නෙත් විශ්වාසය නැතිකමනේ.එත් ඒ මොහොතේත් මගේ වචනේ විශ්වාස කරලා registration එකට document බාරදුන්න.

    පස්සේ තාත්ත ආයෙම කතාකරලා ඉඩමේ ඔප්පුව බලන්න ඉල්ලුවට පස්සේ තමයි මේ ප්‍රශ්නය මේ තරම් දිග්ගස්සුනේ,

    ප්‍රොපොසල් වල මේ කෙස් තියෙනවා මචන්, පුළුවන් උනොත් මම එකක් හොයාගන්නවා, නැත්නම් නොබඳ ඉන්නවා, ගෙදරින් ගෙන එවටනම් කැමති වෙන්නේ නැහැ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තාමත් මිනිස්සු දේපල වලට කුලල් කා ගන්නවනෙ ඉතින්. හරියට නිකන් මැරෙන දවසට අරන් යනවා වගේ.. :sorry::sorry:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ජිවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වැලකට මුහුණ දෙන එක තමයි මචෝ. එක අබියෝගයක්. ගොඩක් ඔය වගේ ප්‍රශ්න කාලය විසදනවා. මෙතන උබටත් වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කෙල්ල.

    ඔව් මචන්, මම දැන් කිසිම දෙයකට සම්බන්ද වෙන්නේ නැහැ, කාලයට ඉඩ දුන්න හැම දෙයක්ම, වෙන දෙයක් උනාවේ, මම උපරිම උත්සාහ ගත්තනේ මේ ප්‍රශ්නේ සාදරාන විදිහට විසඳන්න,
    එයාටත් කියන්න තියෙන්නේ එදේම තමයි, දැන් අද වින්දවනවා ඇති, ජීවිතේ ලස්සනම දවස වෙන්න තිබුනනේ අද,
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    කෙල්ලගේ අයියා මෙතන මොකක් හරි ගේමක් ගහනවා.:frown::frown: අපි නම් තියන දෙයක් දෙන කියනේ අපේ අක්කලට නංගිලට.

    සිරාවට මටනම් 100% ෂුවර්, මේකිට අයිති වෙන්න තියෙන දේත් ඩැහැගන්න තමයි ට්‍රයි එක, කෙල්ලගේ නමට තියෙන ඉඩම් මෙකිගේ අකමැත්තෙන් පාලනය කරනවා, මට මුල ඉඳන්ම තේරුණා, කෙල්ලත් මට කිව්වා, මම ඉතින් පිට මනුස්සයනේ වැඩිය හොයන්න ගියේ නැහැ, කෙල්ලත් අන්තිමට මගෙන් අහල තමයි අය්යත් එක්කත් වැඩ කරේ, එත් ඉතින් ඉස්සර,