අනිවා අනිවා ,එහෙම සමාන කරන්න ඊට වද දරුණු එකෙක් ඕනි වෙයි කියල උබම පිළිගන්නවනේ ? එල එල ,තර්ක කරනකොට කුණුහරප වැඩි උනාට කටේ සද්දේ වැඩි උනාට වැඩක් නැහැ බොස් ,බනින හැටි කුණුහරප අපහස කියවන මිනිස්සු වගේම මු මේ කියන්නේ මොකක්ද තර්කය මොකක්ද කියල බලන මිනිස්සු ඉන්නවා ... මමත් ඉස්සර එලකිරියට එන්න කලින් එල කිරියේ නුල් වල ඇර ගත්ත ඒවා කියවනවා, එතකොට අපි බලන්නේ අපහස කරන එලම එක නෙවෙයි ප්‍රයෝගිකව ඇත්ත දේවල් කතා කරන්නේ කව්ද කියන එක ,ඉතින් මම පව්ද්ගලිකව දන්නවා ඒ වගේ මේවා කියවන මිනිස්සු ඉන්නවා කියල මොකද මමත් ඉස්සර එහෙම එකෙක් , එක නිසා . උබලත් එක්ක වැඩිය තර්ක කරන්නේ නැහැ සාමාන්යෙන් මම උබ "දිනුම්" කියල දීල යනවා ...පොන්න කම වපුරමින් යනවලු ...උබ කියන දේවල් වැරදි නැති නිසාත් අපි කියන දේ වැරදි නිසාත් ..අපි මේකට කියන්නේ මෙහෙම කියල මෙතන කියල යන්නම් උබට නෙවෙයි ඒවගේ බලන අයට ,උබ හරි ආය එකේ කතා දෙකක් නැහැ
"තමාට පුද්ගලයෙකු හැටියට ආඩම්බර විය හැකි කිසිවක් නොමැති සෑම මෝඩයාම අවසාන තුරුම්පුවට වර්ධනය කරගන්නේ ජාත්යාලයයි; ඉන්පසු ඔහු තමාගේ සියලු අඩුලුහුඬුතා ඌණපූරණය කරගන්නේ තම ජාතියේ සියලු අඩුලුහුඬුතා යක්ෂාවේශයෙන් ආරක්ෂා කිරීම තුලිණි."
-ශෝපන්හාව'
ඕනිම නරුමයෙකුට වීරයෙක් විය හැකි පහසුම ක්‍රමය ජාතිවාදයයි , ඔබ අපහාසයට බයේ වැරැද්දට වැරදියි කියන එකෙන් වලකෙනවානම් හෙට ඔබේ දරුවත් අන්තවාදයේ ගොදුරු බවට පත් වෙනු ඇත . හොදම උදාහරණය ලංකාවේ ඇති වූ දෙමල අන්ත වාදයයි ඊලාම් දෙමල අන්තවාදය දෙමල මිනිසුන්ට කල කතා වල අන්තර්ගතය වුයේ ජාති ආලයයි ,වීර කමයි,දේශ ප්‍රේමයයි , ඔව්න් දෙමලුන්ගේ ජාති අලය ගැන ප්‍රශ්න කළහ ! ඔව්න්ට එරෙහි වන්නට අපහස කළහ හෙළ දක්කෙහිය ...කල් යත්ද්දී ඔබේ දරුවා පැහැරගෙන යන්නත් එරෙහි වන්නන් මරනටත් දක්වා අන්තවාදය පෝෂණය විය ,
වීර කම ගැන ප්‍රසන කරන්නන් පෙන්වන දුටුගැමුණු වැනි රජවරුන් සටන් කරේ රටේ පොදු සතුරන් වෙනුවෙනි ,එකලද ලංකාවේ විවිද ඇදහිලි ක්‍රම ජාතින් වාසය කළහ , ඔහු තමන්ගේ රටේ තිබු විවිද ඇදහිලි ක්‍රම අතර කෙටවිමක් ඇතිකොට වීරයෙක් උනේ නැත , ඔහු සටන් කලේ ලංකාවට එරෙහිව ඇති උණු විදේශ ආක්‍රමණයන් වෙනුවෙනි ,හිට්ලර්ද යුදෙව්වන්ට හිංසා කරන්න යයි ප්‍රසිද්දියේ ප්‍රකාශ කරේ නැත ඔහු කතා කලේ ජාති ආලය ගැනයි , ජනතාව හුරේ දැම්මේය ,මුලින්ම ඔහු ඉල්ලා සිටියේ යුදෙව්වන්ගේ මිලදී ගන්න එපා ,එය ඔබේ ජාතියට කරන ද්‍රෝහිකමක් වශයෙනි , එකල මිනිසුන් සිතුවේ තමන්ගේ ජාතිය තුල ඇති අඩුලුහුඩුතා වල මුලික හේතුව යුදෙව්වන් බවයි ,උන්ගෙන් බදු මිලදී නොගැනීමෙන් පටන් ගත ජාති අලය වියරු වැටිණි යුදෙව්වන් ගස් කාමර වල දම මැරීම කලද ඔහු බහුතර ජනතාවට කිවේ යුද්දෙන් අනත උනු යුදෙව්වන් හමුධා ආරක්ෂාව යටතේ සිටින බවයි ,නමුත් වචනයෙන් නොකිය සිදුවූ දෙයනම් මිනිසුන් ගැස් කාමර වල ගාතනය වීමයි , එය දන ගෙන හිටියේ හමුධ ප්‍රධානින් පමණි ,මිනිසුන් තුල තිබුනේ කට කතා පමණි ,එකල මිනිසුන් සිතුවේ ඔහු ජාතියේ එකම විරය බවයි ,අදද ජාති ආලය නාමයෙන් බලවේග ඉස්මතු වෙමින් පවතී , කතා තුල ඇත්තේ ජාති ආලය නමුදු ,යටින් සිද්ධ වෙන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුව ඇත , සබැ දේශ ප්‍රේමය දේශය දියුණු කිරීමටත් , සියලු ජාතින් අතර ප්‍රසන විසදගෙන සැමටම එක මෙන් ජිවත් විය හැකි සාමකාමී රටක් වෙනුවෙනුත් සටන් කරනු ඇත , සැමට එකට ජිවත් විය හැකි නිදහස් සාමකාමී රටක් වෙනුවෙන් සටන් කරන්නන් සහ ජාතිවාදය මුලික කොට වයිරක්කාරී හිංසා කාරී සාමය කඩ වෙන ලංකාවකට සටන් කරන්නේ කව්ද කියා වැටහ ගැනීම ඔබේ බුද්ධියට බර කරමු ....