අධික කෝපය වලක්වා ගන්න

kendaraya

Active member
  • Jul 14, 2010
    146
    35
    28
    අධික කෝපය වලක්වා ගන්න

    දිනක් මිනිසෙක් තමන් අලුතින් මිලදී ගත් මෝටර් රථය සෝදමින් සිටින අතර දුටුවේ තම පස් හැවිරිදි පුත්‍රයා ගල් කැබැල්ලක් ගෙන මෝටර් රථය සූරමින් සිටින ආකාරයයි. අධික කෝපයට පත් මිනිසා අසල තිබූ යමක් රැගෙන කෝපය නිවෙන තුරු පුතාගේ අතට පහර පිට පහර එල්ල කලා.

    කෝපය නිවී ගිය පසු තමා කල වරදේ බරපතලකම තේරුම් ගත් ඔහු පුතාව රෝහලකට ගෙන ගියා.වෛද්‍යවරුන් දරුවාට ශල්‍යකර්මයක් සිදු කල යුතු බව තීරණය කලා
    . මිනිසා එල්ල කල පහරවල් වල බරපතල කම නිසා කුඩා පිරිමි දරුවාට ඔහුගේ ඇගිලි සියල්ල අහිමි වුනා.

    පිරිමි දරුවාට සිහිය ආ පසු පියා දෙස වේදනාවෙන් බැලූ ඔහු මෙසේ ඇහුවා
    "මගේ ඇගිලි ආයෙත් හැදෙන්න ගොඩක් කල් යාවිද තාත්තේ"

    මිනිසාට ගොඩක් දුක හිතුන නිසා ඔහු නිවසට ගොස් තමන් ගැනම කෝපයෙන් මෝටර් රථයට පහර කීපයක් එල්ල කලා. මෝටර් රථය අසල වාඩි වුනු ඔහු පුතා විසින් මෝටර් රථයේ සිදු කල සීරීම් පරීක්‍ෂා කලා.

    කුඩා දරුවා ගල් කැබැල්ලෙන් මෝටර් රථය මත සටහන් කර තිබුනේ
    "තාත්තට මම ආදරෙයි" යනුවෙන්.

    ඊළග දිනයේ අධික ශෝකය නිසා මිනිසා සිය දිවි නසා ගත්තා.

    ඊලග දිනයේ සුලු සිදුවීමක් නිසා ඔබේ ඉවසීම ගිලිහී ගොස් කෝප වන විට මෙම කතාව සිහියට නගා ගන්න.. සීරුන මෝටර් රථ අලුත්වැඩියා කල හැකි නමුත් බිදුනු හදවත් නැවත අලුත්වැඩියා කල නොහැකියි :shocked: :shocked:

    FB aken gaththai