අධිවේගයේ නීති කැඩූ රියැදුරන් 19,837ක් අත්අඩංග&
දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ මේ වසරේ ජනවාරි 01 දා සිට මැයි 15 දක්වා කාලය තුළ නීති කැඩූ රථවාහන රියදුරන් 19837 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අතර ජනවාරි 01 දා සිට අප්‍රේල් 30 දා දක්වා කාලය තුළ දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් හා රථවාහන වැරදි සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් 99,199,30 ක් රජයට අය කරගෙන ඇත.
මින් වැඩි වශයෙන් සිදුවී ඇති වරද වන්නේ, අධික වේගයෙන් රිය පැදවීමයි. එම වැරදි සංඛ්‍යාව 7127 කි. බිමත්ව රිය පැදවීම් 21 ක් ද අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීම් 03 ක්ද, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම් 04 ක්ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම් 2189 ක්ද වමෙන් නොපැදවීම 197 ක්ද වශයෙන් මෙම නඩු පවරා ඇත.
සුදු ඉර කපා ධාවනය වීම් 57 ක්ද, සංඥා පුවරුවට විරුද්ධව ධාවනය වීම් 180 ක්ද, ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන 09 ක්ද, අධික කළු දුම සහිත ධාවනය 16 ක්ද, ජංගම දුරකතනයෙන් කතා කරමින් ධාවනය කිරීම් 346 ක්ද, ආසන පටි නොපැළඳ ධාවනය කිරීම් 24 ක්ද වශයෙන් නඩු පවරා තිබේ.
ඉෂ්ඨ රූප අමතර පහන් සහිතව ධාවනය 85 ක්ද, අඳුරු වීදුරු සහිතව ධාවනය 1378 ක්ද, රියදුරු බලපත් රහිතව ධාවනය 108 ක්ද, ආදායම් බලපත්‍රය හා රක්ෂණ සහතිකය නොමැතිව ධාවනය 819 ක්ද, අධික ශබ්ද හා අනවශ්‍ය ලෙස නලාව ශබ්ද කිරීම 03 ක්ද, වාහන නැවැත්වීම හා නවතා තැබිම 244 ක්ද, පහන් සම්බන්ධ වැරදි 4007 ක් සහ වෙනත් නීති උල්ලංඝනය කිරීම් 2870 ක් සඳහා මෙලෙස නඩු පවරා ඇත.
කමණී හෙට්ටිආරච්චි