අධිවේගයේ~බල්ලන්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අධිවේගයේ~බල්ලන්

    "මේ වන විට ගතවූ පැය 48 ක් පමණ කාලයක් තුල පැය රථ වාහන 25000 කට ආසන්න ගණනක් ගමන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාමාධ්‍යය වෙත අදහස් පළකර තිබුණි.

    මේ අතුරින් බරපතල ගනයේ රිය අනතුරු දෙකක් සිදු විය.ප්‍රථම අනතුර වේගය පාලනය කරගත නොහැකි වූ රියදුරෙකු නිසාත් දෙවන අනතුර බිමත් රියදුරෙකු නිසාත් ඇතිවූ ඒවා වේ.මිට අමතරව සුළු අනතුරු 20 ගණනක් පමණ වාර්තා වී ඇත.

    අධිවේගී මාර්ගයේ සුනඛයන් රංචු වශයෙන් ගැවසීම මේ වන විට ගැටළුවක් බවට පත්ව ඇත.:eek:අධිවේගී මාර්ගය විවෘත කල පසු සුනඛයන් විශාල සංඛ්‍යාවක් වාහන වලට හැපී මියගොස් සිටි අතර කහතුඩුව හා පින්නදූව දක්‌වාමාර්ගයේ ගැවසෙන මෙම සුනඛයන් කුඩා මෝටර් රථ වලට තවමත් අනතුරුදායක විය හැකියි....... :confused:


    ......අධිවේගී මාර්ගය විවෘත කිරීමට ප්‍රථම එහි ගමන්කලයුතු ආකාරය පිළිබඳව මාධ්‍යය මගින් ජනතාව දැනුවත් කරනු ලැබුවත් තවමත් ඔවුන් ඒවා පිළිපදින බව පෙනෙන්නට නැහැ.බොහෝ දෙනෙකු වාහනය අතර මග නවත්වා අධිවේගී මාර්ගයේ ජායාරුප ගැනීමත් යහළුවන් සමග සිට ජායාරුප ගැනීමත් සිදු කරනු ලබනවා. :lol:

    පහතින් දැක්වෙන්නේ දොඩන්ගොඩ සහ ගැලනිගම මාර්ගය අතරතුර ඊයේ දිනයේදී (29) ගමන්ගත් මගියෙකු සිය වාහනය නවත්වා අධිවේගී මාර්ගයේ ජායාරුප ගත් අන්දමයි." :nerd:

    HIGHWAY-1.jpg


    HIGHWAY-1.jpg


    HIGHWAY2.jpg


    Code:
    Source:Gossip9
     
    • Like
    Reactions: madsugath and emil

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද? :eek:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    පිස්සු බන් කකුල් දෙකේ එවුන් හැප්පුනොත් Driver ta අවුලක් නැනේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වැඩක් නෑ බන් කූඩැල්ලන්ව කොට්ටෙ උඩින් තියන්න බෑ කියනවනෙ..
    ගොන් හරක්..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සු බන් කකුල් දෙකේ එවුන් හැප්පුනොත් Driver ta අවුලක් නැනේ.

    කකුල් 2 හරි 4 හරි හැප්පුනොත් බං හයිවේ එකේ සල්ලි ගෙවල යන මිනිස්සුන්ට ආරක්ෂාවක් කෝ :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද? :eek:

    :lol::lol: mole nathi un ban mun.. epa kiwwoth ekamai karanne :yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලොල්වඩන;11495265 said:
    ගොන් හරක් බන්.
    ඔන්න අද ඉඳන් 5000 ක් දඩ ගහනවලු නිකන් නවත්තන් හිටියොත්.
    කාල වරෙන්කො..

    ඉතිං බං ඔය නවත්තන් ඉන්නෙ :lol: කෝ ඇල්ලුවද? 100 පන්නලත් යන එවුන් ඉන්නව කෝ ඇල්ලුවද? :lol:
    හයිවේ එකේ පාර අයිනේ ට්‍රැෆික් පොලිස් තියන්න බෑනෙ බං කැමරා වලින් තමයි ඕව හොයාගන්න ඕන ඒවත් නෑ වගෙයි මට නම් පේන්නෙ :rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතිං බං ඔය නවත්තන් ඉන්නෙ :lol: කෝ ඇල්ලුවද? 100 පන්නලත් යන එවුන් ඉන්නව කෝ ඇල්ලුවද? :lol:
    හයිවේ එකේ පාර අයිනේ ට්‍රැෆික් පොලිස් තියන්න බෑනෙ බං කැමරා වලින් තමයි ඕව හොයාගන්න ඕන ඒවත් නෑ වගෙයි මට නම් පේන්නෙ :rolleyes:

    ඔව් බන්, නීති පොතේ විතරයි වගේ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අධිවේගී මාර්ගයේ කකුල් 4 වගේම කකුල් 2 බල්ලොත් ඉන්නවනේ ඒකයි අධිවේගී මාර්ගයේ බල්ලන් කියල දැම්මෙ. පුදුම හරක් මුන් නම්. එපා කියන දේමයි කරන්නෙ.මේවා හොයාගන්න කැමරා පද්ධතියක් වත් නැද්ද? :eek:
    ඒකනම් සම්පුර්න ඇත්ත මචෝ...
    අපේ ගොන් හරකුන්ට කොච්චර එපා කියුවත් ඒකමයි කරන්නේ..
    තව ටික දවසකින් පාර අයිනේ
    බෝතල් කඩාගෙන බොන්ඩත්ගනී
    පොලිසියෙනුත් ඇවිල්ලා ෂොට් එකක් ගහලා යයි..
    ඔය බීලා ඉන්න උන්ව අල්ලන්ඩ පිවිසුම් මාර්ගවල
    ඉන්න පොලිසියට බැරිද ඇත්තට............
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මැරුණු බල්ලන් දැක අමාත්‍ය පාඨලී චම්පික රණවකට අධි‍වේගය ‍ඵපා ‍‍වෙයි


    දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඔස්සේ ඊයේ (28) ගාලූ නගරයට ගිය විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම ගමන අතර වාරයේ වාහනවලට හැපී මියගිය බල්ලන් ප‍්‍රමාණය දැකීමෙන් සංවේගයට පත්ව, ‘‘කොහොමද අපේ ආශ්චර්ය. මඟ දිගට දැක්ක නේදැ’’යි ඔහු සමග ගිය නිලධාරීන්ගෙන් විමසා තිබේ. කොළඹ සිට ගාල්ල දක්වා මහාමාර්ගයේ වේගයෙන් ගමන් කළ වාහනවල හැපීමෙන් බල්ලන් 50 කට වැඩි සංඛ්‍යාවක් මැරී තිබූ ආකාරය තමන් දුටු බව ඇමතිවරයා පවසා ඇත.
    බල්ලන් පාරට එන එක වැළැක්වීමට මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් නිසි පියවර ගෙන නැතැයි ඇමතිවරයා එහිදී චෝදනා කර තිබේ. ‘‘කොහේද ඉතිං අපි ආශ්චර්යයටනේ යන්නේ’’ යැයි ඇමතිවරයා තමන්ට හිතවත් මෙම නිලධාරීන් පිරිස සමග උපහාසයෙන් යුතුව පවසා තිබේ.
    පසුගියදා දකුණට හැමූ චණ්ඩ මාරුතයෙන් බිඳ වැටී ඇති දකුණේ විදුලිබලය වහාම යථා තත්ත්වයට පත් කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව සොයා බැලීමට විදුලිබල ඇමතිවරයා ඊයේ ගාලූ නගරයට ගියේය.

    source - thambapanne.net