මුන් ඔය කොච්චර රැගුවත් පෙරැට්ටන්ට පාර්ලිමේන්තුවේ එක සීට් එකක්වත් නෑ.
ඇයි ඔය කැම්පස් සැට් එකට බැරි එක සීට් එකක්වත දිනොලා දෙන්න

ඔය පිකටිං එන බාගෙට බාගයක්ම අන්තරේ උන් බලෙන් එක්කන් එන අහිංසක කොල්ලෝ කෙල්ලෝ.
අනේ මචං ගොඩක් රටවල ඕම පිනට උගන්නන් නෑ බං. ඒ මදිවට උබලට මහපොලත් ගෙවනව නේද?
ලක්ෂ ගාණක උපාධියයි මාසේ ගාණේ දෙන පනදාහයි , අනෙක් යටිතල පහසුකම් හොස්ටල් වලට , කරන්ට් වලට , wifi වලට , වතුර වලට වියදම් කරන්නේ මේ රටේම මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ සල්ලි වලින් උගන්නන දේ හරියට ඉගෙනගෙන ඊට පස්සේ ඕන දේශපාලනයක් කරපන්ලා.
උබල කරන්නේ යුනි ඉන්න කාලේ පිස්සු නටලා විකාර කරල ඊට පස්සේ රජයෙන් ජොබ් එකක් දෙනකන් ඒකටත් පෙලපාලි යන එක. ඊට පස්සේ රජයේ රැකියා පුරප්පාඩු නැතත් අතිරික්ත බදවාගෙන මහා බරක් එක්ක රාජ්ය සේවය පවත්වාගෙන යනවා.
අන්තිමට හිතල බලපන් උබල එක වසරේ ඉදන් කැම්පස් එකෙන් එලියට ඇවිත් , අවුරුදු පනස් පහක් වෙනකන් රජයෙ ජොබකුත් කරල , ඊට පස්සේ මැරෙනකන්ම පැන්ශන් එකත් අරන් ජීවත් වෙනව. හිතල බලපන් උබල මුලු ජීවිත කාලේම ජීවත් වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නෙවේද කියල ?