අන්තිමයා වී ලොකපූජිත වූ අපේ රටේ මිනිසා ..
අපිට පොඩි කාලෙ ඉඳන්ම ඉස්කොලෙදිත් ගෙදරදීත් ,නිතරම බල කෙරෙන්න කොහෙ ගියත් මොනව කලත් ප්‍රථමයා වෙලා එන්න. "නැත්තම් වැඩක් නැහැ ,කවුරුත් ගනන් ගන්නේ නැහැ". ආදී දේවල් තම අපිට ඇහුනේ .
ඒක හින්ද වෙන්න ඇති අපේ එවුන් ඉගෙන ගනිද්දි උනත් දැනගත්ත දේ කාටවත් කියල දෙන්න පවා අකමැතියි .කොහොම හරි බලන්නේ තව එකෙක් ව පාගල හරි තමන්ගේ වැඩේ කරල පළවෙනියා වෙන්න .ඒක O/L පන්තියෙදිත් ,A/L පන්තියෙදිත් ,වගේම විශ්වවිද්‍යාලයෙදීත් සහ අනෙකුත් රැකියා කරන ස්ථාන වලදීත් බහුලව දකින දෙයක් ..
මොකද හැමෝන්ම බලන්නේ අනික් අය අතරේ කැපී පෙනීම තුළින් තමන් හට වරප්‍රසාද දිනා ගන්න.හැබැයි ඒ කිව්ව වරප්‍රසාද සීමිත නිසාත් ,එව්ව ගන්න අසීමිත පිරිසක් වළි කන නිසාත් ,එම වරප්‍රසාද ලබදෙන්නාවු ක්‍රමවේදය විසින් විවිධ අන්දමේ බාධක යොදනව.පස්සේ ඒ බාධක ජයගන්න පුලුවන් එවුන් ටික විතරක් දක්ෂයි කියලා ලෙබල් එක ගහලා(ලේබල් කළාට මේ සියල්ලන්ම දක්ෂයන් නොවේ ) පෙරල අරගන්නවා .
එහෙම පෙරලා ගත්ත අයට තමයි අර කිව්ව වරදාන වරප්‍රසාද හම්බවෙන්නේ.මේ කිව්ව දෙට හොඳම පැහැදිලිම උදාහරණය තමා A/L විභාගය සහ Z-Score එක .
හරි කමක් නැහැ .එව්වයින් ...හබැයි මම නම් විශ්වාස කරන්නේ කාට හරි ගෞරවාන්විත පුද්ගලයෙක් වෙන්න ඕනෙම නම් හෝ කැපී පෙනෙන්න ඕනෙම හෝ වගේ දෙයක් අවශ්‍ය නම් පළවෙනියා වෙන්නම ඕනේ නැහැ .
හරි දේ, හරි තැනදි ,හරි වෙලාවට ,හරියට කරන්න පුළුවන් නම් .එහෙම කරන ඕනෙම කෙනෙක් ගෞරවාන්විත කෙනෙක් වෙනවා .කැපී පෙනෙනවා .
මන් මේ දැන් කිව්ව කතාවට පොඩි උදාහරණයක් කියන්නම් .
ඕගොල්ලො හැමොම දන්නවනේ ඔලිම්පික් ?
මන් හිතන්නේ ඒක දන්නෙ නැති කෙනෙක් නැහැ ..ඉතින් අපේ රටිනුත් ඔලිම්පික් ගිය අය ඉන්නවනේ.දැන් මන් මේ කියන්නේ 1964 දී අපි කවුරුත් දන්න ජපානේ තිබ්බ ඔලිම්පික් එකේදි වෙච්ච පොඩි සිද්ධියක් ගැන .
මේ සිද්ධියේ කතා නායකය ගේ නම කරුණානන්ද .ඔහු 1964 ඔලිම්පික් එක ලංකාව වෙනුවෙන් නියෝජනය කල අයෙක් ..ඔහුගේ ඉසව්ව වුනේ මීරට් 10,000 දුර දිවීමේ තරඟය .ඉතිං රේස් එක පටන් අරන් අන්තිම තත්පරේ දක්වා ගෙවිල රේස් එක ඉවර උනා .ඒ රේස් එකේ පළවෙනිය වුනේ අමෙරිකානු ජාතිකයෙක් .ඔන්න දැන් රේස් එක නම් ඉවරයි.ඉවර වුනාට මොකෝ එක මනුස්සයෙක් තවම රේස් එක දුවනවා .මිනිස්සු මුළින්ම මේ මනුස්සයට හූ තියන්න පටන් ගත්තා .ඒත් ඒ මනුස්සයා දුවන එක නතර කලේ නැහැ .පස්සේ මිනිහ දිගටම දුවන කොට මිනිස්සු හූ කියන එක නවත්තල දුවන මනුස්සයව දිරි ගන්වන්න සද්දේන් කෑගැහැව්වා.අත්පුඩි ගැහැව්ව .බලද්දි මේ දුවන මනුස්සයා රේස් එකේ පළවෙනිය වෙච්ච මනුස්සයට වඩා වට 4ක් පස්සෙන් ඉඳලා තියෙන්නෙ ..ඉතිං කොහොම හරි ඒ මනුස්සාය අර කිව්ව වට ගනන ඉවර කරලා රේස් එක ඉවර කළා .ඉවර කරායින් පස්සෙ එතන හිටපු පත්තර කාරයෝයි ටීවී චැනල් කාරයොයි එකතු වෙලා අර මනුස්සයව වට කරගත්ත ..වට කරගෙන ඔහුගෙන් විස්තර ඇහැව්වා.මුලින්ම ඇහැව්වේ නම සහ ආපු රට .ඒක ඇහැව්වම ඒ මනුස්සයගේ උත්තරේ උනේ
"මගේ නම කරුණානන්ද , මන් ආවේ ශ්‍රිලංකාව කියන පුංචි රටක ඉඳලා " .
පස්සේ මාධ්‍ය කාරයෝ ඇහැව්වා
"ඇයි ඔබ මේ රේස් එක ඉවර වෙලා තියෙද්දිත් තනියම දිව්වේ ?" කියල .පස්සේ කරුණානන්ද ඔලිම්පික් පහන ලඟ තිබ්බ ඔලිම්පික් ලාංඡනය දිහාට එයාගේ අත දික් කරල මාධ්‍ය වේදීන්ට මෙහෙම කිව්වා .
"අර බලන්න..අතන පේනවද ඔලිම්පික් පහන ගාව තියෙන ඔලිම්පික් ලාංඡනය ගාවින් ලියල තියෙන දේ ? ඒකේ කියල තියෙන්නෙ වැදගත් වන්නේ ජයග්‍රහණය නොව සහභාගීත්වයයි ..ඉතිං මන් ආවෙත් දිනන්නම නොවේ සහභාගී වෙන්න. සහභාගී වෙච්ච වැඩේ ඉවර කරල යන්න .ඒකයි මං අර විදියට අන්තිම වට ගාන ඉවර කරල මගේ තරඟය මං ඉවර කෙලේ ".
මේ කතාවෙන් පසු එම ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ හිටපු සියළුම දෙනා අත්පොලසන් නාද දුන්නා .ඒ විතරක් නෙමෙයි ඒ කලේ ජපානේ ළමයින්ගේ වීරයෙක් බවටත් ඔහු පත්වුනා .ඒ වගේම ඔහුගේ මේ සිදුවීම අදටත් ජපානේ පෙළපොත් වල තියෙනව "අධිෂ්ඨානයේ කථාව " නමින් .පස්සේ කාලෙක අර රේස් එක දින්න අමෙරිකානු ක්‍රීඩකයා කියල තියෙනව "හරිනම් ඒ තරඟයේ රන් පදක්කම කරුණානන්දට හිමිවිය යුතුයි " කියල .
ඉතිං පේනවා නේද ? හරි දේ හරි තැනදි හරි වෙලාවට හරියට කලාහම ඉබේම ගෞරවය කීර්තිය ලැබෙනව ..ඒකට පළවෙනිය වෙන්නම ඔනේ නැහැ.ජයග්‍රහණය හොය හොය යන්න ඔනෙ නැහැ ..එව්ව තමන්ව හොයාගෙන එනව ..

මා විසින් පළ කර ඇති වටිනා ත්‍රේඩ්ස් ..
අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1583946
අපිට නැතිවී ගිය අපේ සම්පත .2 වෙනි කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1584163
බුදුන් දවස කොසොල් රජතුමා දුටු සිහින 16
http://www.elakiri.com/forum/showthread.php?t=1584075
ලොවපුරා ඇඳි ඉස්තරම්ම ත්‍රිමාන චිත්‍ර (3D Arts) 50
http://www.elakiri.com/forum/showthread.php?t=1584259

Last edited: