අන්තිමයා වී ලොකපූජිත වූ අපේ රටේ මිනිසා ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    අන්තිමයා වී ලොකපූජිත වූ අපේ රටේ මිනිසා ..

    පිට පොඩි කාලෙ ඉඳන්ම ඉස්කොලෙදිත් ගෙදරදීත් ,නිතරම බල කෙරෙන්න කොහෙ ගියත් මොනව කලත් ප්‍රථමයා වෙලා එන්න. "නැත්තම් වැඩක් නැහැ ,කවුරුත් ගනන් ගන්නේ නැහැ". ආදී දේවල් තම අපිට ඇහුනේ .
    ඒක හින්ද වෙන්න ඇති අපේ එවුන් ඉගෙන ගනිද්දි උනත් දැනගත්ත දේ කාටවත් කියල දෙන්න පවා අකමැතියි .කොහොම හරි බලන්නේ තව එකෙක් ව පාගල හරි තමන්ගේ වැඩේ කරල පළවෙනියා වෙන්න .ඒක O/L පන්තියෙදිත් ,A/L පන්තියෙදිත් ,වගේම විශ්වවිද්‍යාලයෙදීත් සහ අනෙකුත් රැකියා කරන ස්ථාන වලදීත් බහුලව දකින දෙයක් ..

    මොකද හැමෝන්ම බලන්නේ අනික් අය අතරේ කැපී පෙනීම තුළින් තමන් හට වරප්‍රසාද දිනා ගන්න.හැබැයි ඒ කිව්ව වරප්‍රසාද සීමිත නිසාත් ,එව්ව ගන්න අසීමිත පිරිසක් වළි කන නිසාත් ,එම වරප්‍රසාද ලබදෙන්නාවු ක්‍රමවේදය විසින් විවිධ අන්දමේ බාධක යොදනව.පස්සේ ඒ බාධක ජයගන්න පුලුවන් එවුන් ටික විතරක් දක්ෂයි කියලා ලෙබල් එක ගහලා(ලේබල් කළාට මේ සියල්ලන්ම දක්ෂයන් නොවේ ) පෙරල අරගන්නවා .

    එහෙම පෙරලා ගත්ත අයට තමයි අර කිව්ව වරදාන වරප්‍රසාද හම්බවෙන්නේ.මේ කිව්ව දෙට හොඳම පැහැදිලිම උදාහරණය තමා A/L විභාගය සහ Z-Score එක .
    හරි කමක් නැහැ .එව්වයින් ...හබැයි මම නම් විශ්වාස කරන්නේ කාට හරි ගෞරවාන්විත පුද්ගලයෙක් වෙන්න ඕනෙම නම් හෝ කැපී පෙනෙන්න ඕනෙම හෝ වගේ දෙයක් අවශ්‍ය නම් පළවෙනියා වෙන්නම ඕනේ නැහැ .
    හරි දේ, හරි තැනදි ,හරි වෙලාවට ,හරියට කරන්න පුළුවන් නම් .එහෙම කරන ඕනෙම කෙනෙක් ගෞරවාන්විත කෙනෙක් වෙනවා .කැපී පෙනෙනවා .
    මන් මේ දැන් කිව්ව කතාවට පොඩි උදාහරණයක් කියන්නම් .

    ඕගොල්ලො හැමොම දන්නවනේ ඔලිම්පික් ?

    මන් හිතන්නේ ඒක දන්නෙ නැති කෙනෙක් නැහැ ..ඉතින් අපේ රටිනුත් ඔලිම්පික් ගිය අය ඉන්නවනේ.දැන් මන් මේ කියන්නේ 1964 දී අපි කවුරුත් දන්න ජපානේ තිබ්බ ඔලිම්පික් එකේදි වෙච්ච පොඩි සිද්ධියක් ගැන .
    මේ සිද්ධියේ කතා නායකය ගේ නම කරුණානන්ද .ඔහු 1964 ඔලිම්පික් එක ලංකාව වෙනුවෙන් නියෝජනය කල අයෙක් ..ඔහුගේ ඉසව්ව වුනේ මීරට් 10,000 දුර දිවීමේ තරඟය .ඉතිං රේස් එක පටන් අරන් අන්තිම තත්පරේ දක්වා ගෙවිල රේස් එක ඉවර උනා .ඒ රේස් එකේ පළවෙනිය වුනේ අමෙරිකානු ජාතිකයෙක් .ඔන්න දැන් රේස් එක නම් ඉවරයි.ඉවර වුනාට මොකෝ එක මනුස්සයෙක් තවම රේස් එක දුවනවා .මිනිස්සු මුළින්ම මේ මනුස්සයට හූ තියන්න පටන් ගත්තා .ඒත් ඒ මනුස්සයා දුවන එක නතර කලේ නැහැ .පස්සේ මිනිහ දිගටම දුවන කොට මිනිස්සු හූ කියන එක නවත්තල දුවන මනුස්සයව දිරි ගන්වන්න සද්දේන් කෑගැහැව්වා.අත්පුඩි ගැහැව්ව .බලද්දි මේ දුවන මනුස්සයා රේස් එකේ පළවෙනිය වෙච්ච මනුස්සයට වඩා වට 4ක් පස්සෙන් ඉඳලා තියෙන්නෙ ..ඉතිං කොහොම හරි ඒ මනුස්සාය අර කිව්ව වට ගනන ඉවර කරලා රේස් එක ඉවර කළා .ඉවර කරායින් පස්සෙ එතන හිටපු පත්තර කාරයෝයි ටීවී චැනල් කාරයොයි එකතු වෙලා අර මනුස්සයව වට කරගත්ත ..වට කරගෙන ඔහුගෙන් විස්තර ඇහැව්වා.මුලින්ම ඇහැව්වේ නම සහ ආපු රට .ඒක ඇහැව්වම ඒ මනුස්සයගේ උත්තරේ උනේ

    "මගේ නම කරුණානන්ද , මන් ආවේ ශ්‍රිලංකාව කියන පුංචි රටක ඉඳලා " .

    පස්සේ මාධ්‍ය කාරයෝ ඇහැව්වා
    "ඇයි ඔබ මේ රේස් එක ඉවර වෙලා තියෙද්දිත් තනියම දිව්වේ ?" කියල .පස්සේ කරුණානන්ද ඔලිම්පික් පහන ලඟ තිබ්බ ඔලිම්පික් ලාංඡනය දිහාට එයාගේ අත දික් කරල මාධ්‍ය වේදීන්ට මෙහෙම කිව්වා .

    "අර බලන්න..අතන පේනවද ඔලිම්පික් පහන ගාව තියෙන ඔලිම්පික් ලාංඡනය ගාවින් ලියල තියෙන දේ ? ඒකේ කියල තියෙන්නෙ වැදගත් වන්නේ ජයග්‍රහණය නොව සහභාගීත්වයයි ..ඉතිං මන් ආවෙත් දිනන්නම නොවේ සහභාගී වෙන්න. සහභාගී වෙච්ච වැඩේ ඉවර කරල යන්න .ඒකයි මං අර විදියට අන්තිම වට ගාන ඉවර කරල මගේ තරඟය මං ඉවර කෙලේ ".

    මේ කතාවෙන් පසු එම ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ හිටපු සියළුම දෙනා අත්පොලසන් නාද දුන්නා .ඒ විතරක් නෙමෙයි ඒ කලේ ජපානේ ළමයින්ගේ වීරයෙක් බවටත් ඔහු පත්වුනා .ඒ වගේම ඔහුගේ මේ සිදුවීම අදටත් ජපානේ පෙළපොත් වල තියෙනව "අධිෂ්ඨානයේ කථාව " නමින් .පස්සේ කාලෙක අර රේස් එක දින්න අමෙරිකානු ක්‍රීඩකයා කියල තියෙනව "හරිනම් ඒ තරඟයේ රන් පදක්කම කරුණානන්දට හිමිවිය යුතුයි " කියල .

    ඉතිං පේනවා නේද ? හරි දේ හරි තැනදි හරි වෙලාවට හරියට කලාහම ඉබේම ගෞරවය කීර්තිය ලැබෙනව ..ඒකට පළවෙනිය වෙන්නම ඔනේ නැහැ.ජයග්‍රහණය හොය හොය යන්න ඔනෙ නැහැ ..එව්ව තමන්ව හොයාගෙන එනව ..:yes::yes::yes::yes::yes:

    මා විසින් පළ කර ඇති වටිනා ත්‍රේඩ්ස් ..

    අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1583946

    අපිට නැතිවී ගිය අපේ සම්පත .2 වෙනි කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1584163

    බුදුන් දවස කොසොල් රජතුමා දුටු සිහින 16
    http://www.elakiri.com/forum/showthread.php?t=1584075

    ලොවපුරා ඇඳි ඉස්තරම්ම ත්‍රිමාන චිත්‍ර (3D Arts) 50
    http://www.elakiri.com/forum/showthread.php?t=1584259
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Othana api nodanna kathawe ithiriyak tiyenawa machan. Oya manussayata Japanen PR dilaa inna invite karala tibilaa tiyanawa.. Eheta yanna masayak vitara tiyeddi pora abirahas lesa gagaka gilila marila tiyanawa.. Ape unge kuhaka kama ban. Irisiyawata uwa maranna athi..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ow oya kathawa Aththa .mamath ahala thiyenawa oka.:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,332
    1
    13,261
    113
    Gotham City
    Othana api nodanna kathawe ithiriyak tiyenawa machan. Oya manussayata Japanen PR dilaa inna invite karala tibilaa tiyanawa.. Eheta yanna masayak vitara tiyeddi pora abirahas lesa gagaka gilila marila tiyanawa.. Ape unge kuhaka kama ban. Irisiyawata uwa maranna athi..

    ඔව් මචං ඒකනම් ඇත්ත් තමා ..අපේ උන් එදා ඉඳන් කුහකයි .අපේ උන්ගේ කුහක කමේ ආනුභාවය නිසා අපිට නැතිවෙච්ච තව වටිනා මනුස්සයෙක් ගැන පළ කරපු ත්‍රේඩ් මම මේ ත්‍රෙඩ් එකේ පල්ලෙහාම ලින්ක්ස් වලින් දාලා ඇති .ගිහින් කියවපන්කෝ ..:yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow oya kathawa Aththa .mamath ahala thiyenawa oka.:yes:
    :(:(:(

    ඔව් මචං ඒකනම් ඇත්ත් තමා ..අපේ උන් එදා ඉඳන් කුහකයි .අපේ උන්ගේ කුහක කමේ ආනුභාවය නිසා අපිට නැතිවෙච්ච තව වටිනා මනුස්සයෙක් ගැන පළ කරපු ත්‍රේඩ් මම මේ ත්‍රෙඩ් එකේ පල්ලෙහාම ලින්ක්ස් වලින් දාලා ඇති .ගිහින් කියවපන්කෝ ..:yes::yes::yes::yes:
    :yes::yes::yes: ++
     
    sam094

    Member
    Jul 16, 2008
    5
    0
    0

    Attachments

    • TKY201205080275.jpg
      TKY201205080275.jpg
      76.9 KB · Views: 64

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    In 1975, Karunananda had been offered a job in Japan in appreciation of his deed. But few days before he was to leave Sri Lanka, Karunananda mysteriously died, drowning in the Namal Oya tank. Some say he died in an accident and some say he was murdered. Some theories say that he just disappeared.

    Karunananda’s wife lost her mind following her husband’s death and the family was forced onto the streets. Later one of relative offered to fund and take care of his family. The Sri Lankan government did not acknowledge his legacy or look after his family.:no:

    - http://en.wikipedia.org/wiki/Ranatunge_Karunananda
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Othana api nodanna kathawe ithiriyak tiyenawa machan. Oya manussayata Japanen PR dilaa inna invite karala tibilaa tiyanawa.. Eheta yanna masayak vitara tiyeddi pora abirahas lesa gagaka gilila marila tiyanawa.. Ape unge kuhaka kama ban. Irisiyawata uwa maranna athi..

    ow oya kathawa Aththa .mamath ahala thiyenawa oka.:yes:

    ඔව් මචං ඒකනම් ඇත්ත් තමා ..අපේ උන් එදා ඉඳන් කුහකයි .අපේ උන්ගේ කුහක කමේ ආනුභාවය නිසා අපිට නැතිවෙච්ච තව වටිනා මනුස්සයෙක් ගැන පළ කරපු ත්‍රේඩ් මම මේ ත්‍රෙඩ් එකේ පල්ලෙහාම ලින්ක්ස් වලින් දාලා ඇති .ගිහින් කියවපන්කෝ ..:yes::yes::yes::yes:

    okun nathi wenna. edath hitiya adath innawa hetath innawa
    elakiri ekema kochchara innawada
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    පිට පොඩි කාලෙ ඉඳන්ම ඉස්කොලෙදිත් ගෙදරදීත් ,නිතරම බල කෙරෙන්න කොහෙ ගියත් මොනව කලත් ප්‍රථමයා වෙලා එන්න. "නැත්තම් වැඩක් නැහැ ,කවුරුත් ගනන් ගන්නේ නැහැ". ආදී දේවල් තම අපිට ඇහුනේ .

    ..............................

    මේ කතාවෙන් පසු එම ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ හිටපු සියළුම දෙනා අත්පොලසන් නාද දුන්නා .ඒ විතරක් නෙමෙයි ඒ කලේ ජපානේ ළමයින්ගේ වීරයෙක් බවටත් ඔහු පත්වුනා .ඒ වගේම ඔහුගේ මේ සිදුවීම අදටත් ජපානේ පෙළපොත් වල තියෙනව "අධිෂ්ඨානයේ කථාව " නමින් .පස්සේ කාලෙක අර රේස් එක දින්න අමෙරිකානු ක්‍රීඩකයා කියල තියෙනව "හරිනම් ඒ තරඟයේ රන් පදක්කම කරුණානන්දට හිමිවිය යුතුයි " කියල .

    ඉතිං පේනවා නේද ? හරි දේ හරි තැනදි හරි වෙලාවට හරියට කලාහම ඉබේම ගෞරවය කීර්තිය ලැබෙනව ..ඒකට පළවෙනිය වෙන්නම ඔනේ නැහැ.ජයග්‍රහණය හොය හොය යන්න ඔනෙ නැහැ ..එව්ව තමන්ව හොයාගෙන එනව

    මම හිතන්නෙ අපෙ පොත් වලත් තියෙනවා ......... :angry::angry::baffled::baffled::rofl::rofl::rofl::rofl::rofl::confused::confused::confused::lol::lol::lol::lol::lol::lol::lol: