අන්තේර කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට යාප
අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට
යාපනේ සරසවි සිසුහු පහර දී පළවා හරිති
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිය දේශපාලන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ගිය අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු දකුණේ සරසවි සිසුන් පිරිසකට යාපනය සරසවියේ සිසුන් විසින් ගල්මුල් වලින් පහර දී පන්නා දමා ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල ප්‍රේමරත්න ඇතුළු දකුණේ සරසවි සිසුන් 70 ක පමණ පිරිසකට පෙරේදා (12 වැනිදා) සවස මෙම ප්‍රහාරය එල්ල වී ඇත. අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිත සරසවි සිසුන් අතර භික්ෂූන් වහන්සේලා 06 නමක් සහ සරසවි සිසුවියන් කීපදෙනකු සිට ඇත.
මෙම පිරිස යාපනය සරසවි සිසුන් වෙත ගොස් ඔවුන් තම සංගමයට බඳවා ගැනීමට උත්සාහ දරමින් සිටියදී ඊට විරෝධය පෑ යාපනයේ සරසවි සිසුන් පිරිසක් මෙසේ ගල්මුල් වලින් පහර දී දකුණේ සරසවි සිසුන් පිරිස පළවා හැර ඇත.
ඉන් අනතුරුව ඊයේ (13 දා) උදේ දකුණේ සරසවි සිසුන් වෙත ගිය යාපනය සරසවි සිසුන්ගේ දෙමවුපියන් සහ ශිෂ්‍යයන් පිරිසක් යාපනයේ සරසවියේ කටයුතු සඳහා දේශපාලන ශිෂ්‍ය සංගම්වල සහයෝගයක් හෝ මැදිහත්වීමක් අවශ්‍ය නැති බව පවසා වහාම යාපනයෙන් පිටවී යන ලෙසට තර්ජනය කර ඇත.
තමන්ට රජය සහ හමුදාව සහාය ලබාදෙන බැවින් ඒ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, වසර ගණනාවක් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්වී අඩපණව තිබූ අධ්‍යාපන කටයුතු දැන් සාර්ථකව සිදුකරගෙන යන අවස්ථාවේදී පටු දේශපාලනය ඊට රිංගවා තම දරුවන්ගේ අධ්‍යාපනය නැවත අඩාල කිරීමට ඉඩ නොතබන බවත් දෙමවුපියෝ වැඩිදුරටත් පවසා ඇත.
සිරිමෙවන් කස්තුරිආරච්චි
Today දිවයින