අන්ධයාට කඩේ යා හැකිද?

අන්ධයනි කඩේ යමව් !

(බුද්ධිමතුන් සඳහා සංවාදයට විවෘතයි-එහෙත් මම දායක නොවෙමි)
තවත් කෙනෙකුට කන්න හෝ සද්භාවයෙන් යහතින් කරවන්නට මේ රට බාර දිය යුතු හෝරාවක-කිසිම අයුරකින් පක්‍ෂපාතී නොවී,බුද්ධියෙන් තීන්දුවක් ගත යුතු දින ළඟ ළඟ එද්දී රට(සහ එළකිරිය) ගිනියම් වී ඇති මොහොතක හිතන්න යමක් එකතු කරමි.(කරුනාකර අවලාද -මඞ -නිරර්ථක වාද විවාද නොකරනු මැනවි.මටද කිසිම අයුරක දේශපාලන ගැති බවක් නොමැති බවත් සැලකුව මැනවි)අප තැන දිය යුත්තේ රටට නම් මේ ලැබී ඇති අවස්ථාව කිසිම පක්‍ෂ-පාට ගැති බවින් තොරව සිහි බුද්ධියෙන් විමසා බලා නිවරදි තීන්දුවක් පිනිසම මෙය යොදා ගන්නා මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.(මෙහි වගකීමක් සහිතව පලකළ හැකි වෙනත් යමක් වේ නම් එය උපුටා ගත් තැන් සහිතව පලකරනු ඇතැයි විශ්වාස කරමි)
age adaviya රාමචන්ද්‍රගේ අඩවිය

Monday, December 21, 2009

කතිරය ගැසීමට පෙර - ( මේ රාජ්‍යයේ සොරු නැත)

1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.

2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදලමිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?

3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුවමිලියන 100 කි.

4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා
විදුලි බල මන්ඩලය වාර්ෂිකවබිලියන 3.9 ක්
එයාර් ලංකා ආයතනය බිලියන 9.98 ක්
වරාය අධිකාරිය බිලියන 3.5 ක්
මාර්ග සංවර්ධන අධිකාරිය බිලියන 9.9 ක්
ගමනාගමන මන්ඩලය බිලියන 4.5 ක්
තෙල් සංස්ථාව බිලියන7.1 ක් පාඩු ලබයි.
මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.

5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.

6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.

7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙසරුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය

8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම මිලියන 100 කට ආසන්න වේ.

9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදලමිලියන 1000 කි.

10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස මිලියන 324 ක් අහිමි වී ඇත.

11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.

මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.

අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.

(මූලාශ්‍රය - anticorruptsl.com )
 
Last edited:
(මෙය ඊට ලැබුන එකතු කිරිමකි)
සන්සන්දනය සම්පූර්න වෙන්න මෙන්න මේ ටිකත් හිතන්න

1. ජවිපෙ විසින් මෙහෙයවන වැඩ වර්ජන වලින් රටට අහිමි වන මිනිස් පැය ගණන.
2. ජවිපෙ පෙලපාලි වලට හිරවෙන වාහන වලට පිච්චෙන පැට්‍රල් වියදම සහ අහිමි වන මිනිස් පැය ගණන
3. විශ්ව විද්‍යාල වල ජවිපෙ විසින් මෙහයවන වර්ජන, කෝලාහල ආදිය නිසා අහිමි වන අද්‍යයන දින ගණන, අපතේ යන සේවක පැය ගණන
4. අසූ ගණන් වලත්, හැත්තෑ ගණන් වලත් ජවිපෙ ත්‍රස්තවාදයෙන් රටට අහිමි වූ මුලු මුදල
5. ජවිපෙ විසින් විනාශ කරන ලද විදුලි ට්‍රාන්ස්ෆොර්මර් වල මුලු වටිනාකම
6. ජවිපෙ විසින් පුළුස්සන ලද බස් වල මුළු වටිනා කම සහ ඒ නිසා රස්තියාදු වූ මිනිසුන්ට නැතිවූ මිනිස් පැය ගණන සහ ඒවායේ වටිනා කම
7. ජවිපෙ විසින් ගිනි තියන ලද ඇඹිලිපිටිය කඩදාසි කම්හල ආදී ජාතික දේපල වල මුලු වටිනා කම සහ ඒ නිසා රටට අහිමි වූ දල ජාතික නිශ්පාදනය
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    right now i hate politics with a passion ...sorry for the shallow comment ..but i don't even go to other politic threads ..tired of seen king fans trying to convert sf fans into king and vice versa...
    how ppl become and stay such pathetic faggots is totally beyond me..
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්තම කියන්න අක්කේ මම විස්තරයේ මුල විතරයි කියෙව්වේ. එවන් විස්තර ඕනේම පක්ෂයකට අදාලව ඕනෑ තරම් දුරට කිව හැකියි.

    මටත් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. ඒක ම්ගේම අත්දැකීම් වලින් උනු දෙයක්. ඒ නිසා මම තදින්ම විශ්වාස කරනවා ලංකාවේ දේශපාලුවන් විසින් "දේශපාලනය" කියා ලේබල් ගසා කරන ඇන්ද්වීමක් මිස සැබෑ දේශපාලනයක් නැහැ කියන එක. අවස්ථාවාදීන් සහ බඩ ගෝස්තර කාරයින්ගෙන් ලංකාවෙ දේශපාලනය පිරිලා.

    නමුත් ලොකුම ගැටලුව ජනතාව මේ සත්‍යය තේරුම් නොගැනීමයි. එවන් මෝඩ ගෝල බාලයන් සිටින තාක්කල් දේශපාලුවන් වැජඹෙනවා. එලකිරි එකෙත් එහෙම කඩේ යන්නන් සෑහෙන...

    අපිට මුලු රටම වෙනස් කල නොහැකිනම්, අඩුම තරමේ අපේ සාමජිකයන්වත් ඔබේ විස්තරය කියවා බලා යමක් තේරුම් ගනිත්වා යන්න මගේ පැතුමයි !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    (මේ කියන කරුණු ඇත්ත නම්)
    ඉතාම හොඳ කරුණු දැක්වීමක්

    බලයේ පවතිනා රජයක අඩුපාඩුකම් දූෂණ හොර මැරකම්, විපක්ශය විසින් හෝ වෙනයම් කෙනෙක් විසින් පෙන්නන එක ඉතාම ලේසි වැඩක්

    නමුත් වගකීම කරට අරගෙන අරගෙන දූෂණ හොර මැරකම් වලින් තොර රජයක් පවත්වාගෙන යෑම ඉතාම අපහසු කාර්‍යයක් :)

    විපක්ශය මේ වන විටත් ඇඟිලි දික් කර කර දහසක් අඩු පාඩු පෙන්නුවට
    වැරදිලාවත් විපක්ශය බලයට පත් වුවොත් බලයෙන් පහ වූ හිටපු ආණ්ඩු පක්ශයටත් මේ විදියටම හෙළි දරව් කරන්න දූෂ‍ණ ඔනෙ තරම් තියේයි :)

    කවුරු කොහොම බලයට අවත් ආණ්ඩු පක්ශය හැමදාමත් කියන්නෙ එකම කතාවක්
    විපක්ශය කියන්නෙත් එකම කතාවක්

    මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න පුළුවන්
    නමුත් එක ඉතාම අනුමාන සහිත අවදානම් තීරණයක් බවත්(අනුවණ හෝ වැරදි තීරණයක් නොවන බවත්) මෙහිලා මතක් කිරිමට කැමතියි:)

    හරියට ඒ කාලෙ Airtell වසංගතය වගේ වෙන්නත් පුළුවං

    ප.ලි:- මවිසින් ඉහත දක්වන ලද කරුණු නිරර්ථක , ලාබාල හෝ එම කරුණු විමසීමට ඔබලාගෙ ප්‍රවීණ මොල යෙදවීම සම්පත් අපතේ යාමක් නම් , සමාව ඉල්ලමි
     
    හරි කපටියෙක් නේ:lol:ලස්සනයි පරිපූර්ණයි අදහස.:)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p

    අපිට මුලු රටම වෙනස් කල නොහැකිනම්, අඩුම තරමේ අපේ සාමජිකයන්වත් ඔබේ විස්තරය කියවා බලා යමක් තේරුම් ගනිත්වා යන්න මගේ පැතුමයි !

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි කපටියෙක් නේ:lol:ලස්සනයි පරිපූර්ණයි අදහස.:)

    මොනව උනත් අක්කෙ දැනට බලයේ ඉන්න මහින්ද කරන දේවල් සාධාරණි කරනය කරන්න හදනව කියල වැරදියටනම් හිතන්න එපා :no:
    මම කියන්නෙ
    සරත් බලයට ආවත් තව ටික කාලෙකින් මේ කතා ටිකම පොදු පෙරමුණේ අය කියනවා.

    මේ පාර ඡන්දය දිය යුත්තෙ කාටද කියන තීරණයේදි හැම කරුණක් දිහාම මම තවමත් මධ්‍යස්ථව විමසිල්ලෙන් ඉන්නෙ :)
    මොකද මෙදා පාර තියෙන තරඟකරිත්වය නිසාම තනි (පුංචි :P:rofl:) අපේ ඡන්දෙටත් සෑහෙන්න වාටිනාකමක් වගකීමක් තියෙන නිසා :D
    (මගේ පළවෙනි ඡන්දෙ :oo:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    (මේ කියන කරුණු ඇත්ත නම්)
    ඉතාම හොඳ කරුණු දැක්වීමක්

    බලයේ පවතිනා රජයක අඩුපාඩුකම් දූෂණ හොර මැරකම්, විපක්ශය විසින් හෝ වෙනයම් කෙනෙක් විසින් පෙන්නන එක ඉතාම ලේසි වැඩක්

    නමුත් වගකීම කරට අරගෙන අරගෙන දූෂණ හොර මැරකම් වලින් තොර රජයක් පවත්වාගෙන යෑම ඉතාම අපහසු කාර්‍යයක් :)

    විපක්ශය මේ වන විටත් ඇඟිලි දික් කර කර දහසක් අඩු පාඩු පෙන්නුවට
    වැරදිලාවත් විපක්ශය බලයට පත් වුවොත් බලයෙන් පහ වූ හිටපු ආණ්ඩු පක්ශයටත් මේ විදියටම හෙළි දරව් කරන්න දූෂ‍ණ ඔනෙ තරම් තියේයි :)

    කවුරු කොහොම බලයට අවත් ආණ්ඩු පක්ශය හැමදාමත් කියන්නෙ එකම කතාවක්
    විපක්ශය කියන්නෙත් එකම කතාවක්

    මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් සරත් ෆොන්සේකාට ඡන්දය දෙන්න පුළුවන්
    නමුත් එක ඉතාම අනුමාන සහිත අවදානම් තීරණයක් බවත්(අනුවණ හෝ වැරදි තීරණයක් නොවන බවත්) මෙහිලා මතක් කිරිමට කැමතියි:)

    හරියට ඒ කාලෙ Airtell වසංගතය වගේ වෙන්නත් පුළුවං

    ප.ලි:- මවිසින් ඉහත දක්වන ලද කරුණු නිරර්ථක , ලාබාල හෝ එම කරුණු විමසීමට ඔබලාගෙ ප්‍රවීණ මොල යෙදවීම සම්පත් අපතේ යාමක් නම් , සමාව ඉල්ලමි

    මම අවංකවම 95% ඔබේ අදහස සමග එකග වෙනවා සහෝදරයා....

    පැහැදිලිවම මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් ජෙනරල් ට
    ඡන්දය පාවිච්චි කලත් ඒක පැහැදිලිවම හරි තීරනයක් නොවේ...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වැටත් නියරත් ගොයම් කා නම්
    කාට පවසම් ඒ අමාරුව

    :):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම අවංකවම 95% ඔබේ අදහස සමග එකග වෙනවා සහෝදරයා....

    පැහැදිලිවම මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් ජෙනරල් ට
    ඡන්දය පාවිච්චි කලත් ඒක පැහැදිලිවම හරි තීරනයක් නොවේ...

    කවුද දන්නෙ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු පාලන ක්‍රමයම උඩු යටිකුරු කරල දුෂණ වලින් තොර පාලනයක් ගෙනියන්න ජෙනරාල් සමත් වෙයිද කියල :)

    විමලධර්මසූරිය රජ්ජුරුවො පෘතිගීසීන්ගෙන් වාසි අරගෙන පස්සෙ කන්ද උඩරට පෘතුගීසීන්ගෙන් බේරගෙන. රටේ එකීයභාවය රැකගෙන යහපත් පාලනයක් ගෙනිච්ච හැටි අපේ ඉතිහාසයේම ලියවිලා තියෙනවනෙ :)

    මොන දේ වෙයිද කියල අපිට හරියටම කියන්න බෑ අක්කෙ :)
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    කවුද දන්නෙ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු පාලන ක්‍රමයම උඩු යටිකුරු කරල දුෂණ වලින් තොර පාලනයක් ගෙනියන්න ජෙනරාල් සමත් වෙයිද කියල :)

    විමලධර්මසූරිය රජ්ජුරුවො පෘතිගීසීන්ගෙන් වාසි අරගෙන පස්සෙ කන්ද උඩරට පෘතුගීසීන්ගෙන් බේරගෙන. රටේ එකීයභාවය රැකගෙන යහපත් පාලනයක් ගෙනිච්ච හැටි අපේ ඉතිහාසයේම ලියවිලා තියෙනවනෙ :)

    මොන දේ වෙයිද කියල අපිට හරියටම කියන්න බෑ අක්කෙ :)

    :yes:yes:yes:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    කවුද දන්නෙ ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු පාලන ක්‍රමයම උඩු යටිකුරු කරල දුෂණ වලින් තොර පාලනයක් ගෙනියන්න ජෙනරාල් සමත් වෙයිද කියල :)

    විමලධර්මසූරිය රජ්ජුරුවො පෘතිගීසීන්ගෙන් වාසි අරගෙන පස්සෙ කන්ද උඩරට පෘතුගීසීන්ගෙන් බේරගෙන. රටේ එකීයභාවය රැකගෙන යහපත් පාලනයක් ගෙනිච්ච හැටි අපේ ඉතිහාසයේම ලියවිලා තියෙනවනෙ :)

    මොන දේ වෙයිද කියල අපිට හරියටම කියන්න බෑ අක්කෙ :)

    කියද්දි එහෙමයි
    කරද්දී මෙහෙමයි කියලා කතාවකුත් තියෙනවනෙ මල්ලි

    මිනිස්සු තියෙන නිසා
    ඡන්දය දානවා
    කාලයක් ගියාම බැන බැන හරි ජීවත් වෙනවා

    ඕක තමා හැමදාම උනේ. මම මගේ
    ඡන්දය හැමදාම වර්ජනය කලා. මොකද පවතින එක ක්‍රමයක්වත් මට දිරවන්නේ නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කියද්දි එහෙමයි
    කරද්දී මෙහෙමයි කියලා කතාවකුත් තියෙනවනෙ මල්ලි

    මිනිස්සු තියෙන නිසා
    ඡන්දය දානවා
    කාලයක් ගියාම බැන බැන හරි ජීවත් වෙනවා

    ඕක තමා හැමදාම උනේ. මම මගේ
    ඡන්දය හැමදාම වර්ජනය කලා. මොකද පවතින එක ක්‍රමයක්වත් මට දිරවන්නේ නෑ

    :yes:

    :D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    blind-cat.jpg
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    තම නිවසේ මෙහෙකරුවන්ට ඇමති කාර්යාලයේ රැකියා ලබාදී, ඔවුන්ගේ වැටුප ගසාකන ඇමතිවරුද සිටිති.

    :shocked::shocked::shocked::shocked: