අන්ධ ගුරුවරයාට කුණුහරුපෙන් බැන වදුනු කොන
මාර්ග අංක 180 නිට්ටඹුව-කොළඹ බස් රථයකට සුදු සැරයටියක් අතැතිව ගමන් ගත් දෙනෙත් අඳ ගුරුවරයෙකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් පරුෂ වචනයෙන් බැන බස් රථයෙන් බසින ලෙස තර්ජනය කිරීමක් නිසා ඔහුට දැඩි ලෙස අවවාද කර දින තුනක සංස්කරණ පුහුණුවකට යොමු කළ බව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පවසයි.
නිට්ටඹුව පදිංචි දෙනෙත් අඳ ගුරුවරයෙකුට මේ සිද්ධිය වී ඇත්තේ බස් රියෙන් ගොස් කැළණියේ දී ඉන් බැස යාමට සූදානම් වූ අවස්ථාවේ දීය.
තමාගේ සහායට පැමිණි කුඩා ළමයාගෙන් බස් රථයේ අංකය දැන ගෙන ගුරුවරයා මෙම සිද්ධිය මගී ප‍්‍රවාහන අධිකාරි කාර්යාලයට දුරකතනයෙන් දැනුම් දී ඇත. වහා ක‍්‍රියාත්මක වූ එම නිළධාරීන් අදාළ බස් රථයේ ගමන් වාර නතර කොට ගුරුවරයාත් කොන්දොස්තර හා බස් රථයේ හිමිකරුවාත් කැඳවා පරීක්ෂණයක් පවත්වා තිබේ.
එහි දී වරද පිළිගත් සැකකරු ගුරුවරයාට වැඳ සමාව ගෙන ඇත. බස් රථයේ හිමිකරු කොන්දොස්තර සේවයෙන් පහ කිරීමට සූදානම් වුවද ගුරුවරයාගේ බලවත් ඉල්ලීම මත එම අදහස වෙනස් කර ගෙන තිබේ.
from lankacnews