අනාගතය දුටු මහා ප්‍රාඥයා - 4

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 4

    uQrJAVl.jpg

    ලියනාඩෝ ඩා වින්චි සහ ඔහුගේ නිර්මාණ ,සොයාගැනීම් ගැන පළකරන ලිපි පෙළේ හතරවන ලිපිය තමයි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.Da Vinci's Demons ටෙලි කතා මාලාවත් මේ හා සමගාමීව නරඹනවා නම් ඩා වින්චි ගැන ඔබේ කුතුහලය උනන්දුව තවත් වැඩිකරාවි.පසුගිය ලිපිය අවසානයේ සඳහන් කල පරිදි මෙම ලිපියෙන් කතා කරන්නේ ඩා වින්චිගේ කැටපෝලය සම්බන්ධවයි.


    ලියනාඩෝ ඩා වින්චිගේ කැටපෝලය

    ලියනාඩෝගේ කැටපෝල සැලැස්ම සරල මෙන්ම බුද්ධිමත් නිර්මාණයකි.එය දැතිරෝද පද්ධතියක් සහ අඩයකින් සමන්විතය.එහි තන්තුවල බලය ගබඩා වන සේ ඇදීමට ලක් කර අඩය යොදාගෙන පද්ධතිය අඟුල් දමයි.අඩය මුදා හැරි වහාම එහි දණ්ඩ ක්‍රියාත්මක වේ.දණ්ඩේ කෙළවර රඳවා තිබෙන උණ්ඩය හෝ වෙනයම් දෙයක් ඒ බලය නිසා දුරට විදිනු ලැබේ.

    LbDWjEu.jpg



    පෙනෙන පරිදි මෙම කැටපෝලය සෙබලුන් කිහිපදෙනෙක් විසින් ක්‍රියාත්මක කරන්නට ඇති.එහාමෙහා ගෙනයාම,ඉලක්ක කිරීම ආදියට සෙබලුන් 4-5ක් ,දැති රෝදය කැරකවීම සහ උණ්ඩය මුදා හැරීමට දෙදෙනෙක් යොදවා සිටින්නට ඇති.

    kTj9tB7.jpg



    මෙය මාළිගා සහ බලකොටුවලට පහර දෙන්නට යොදාගන්නට ඇතැයි සිතිය හැකිය.මෙය ඉතා ඉක්මණින් නැවත පුරවා පහර දිය හැකි ලෙස නිපදවා තිබේ.මධ්‍යතන යුගයේ අනෙකුත් කැටපෝල මෙන් මෙයත් ගිනි බෝල හෝ රෝග ආසාදනයෙන් මියගිය මිනිසුන්ගේ මළසිරුරු සතුරු බලකොටුවල තාප්පවලට ඉහළින් ගෙන යන්නට උපකාරීවන්නට ඇති.


    පහත දැක්වෙන්නේ ඩා වින්චිගේ කැටපෝලයේ ක්‍රියාත්මක කල හැකි තත්ත්වයේ පවතින ප්ලාස්ටික් නිර්මාණයකි.​

    XSNrMbA.jpg


    zSgErKR.jpg




    කැටපෝලය ක්‍රියාත්මක වන අයුරු






    ඊළඟ ලිපියෙන් ඩා වින්චිගේ හරස්දුන්න ගැන කතා කරමු



    Source:Leonardodavincisinventions.com

    -HarshaLulzSec-
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔක්කොම ටික කියෙව්වා බං
    එක හුස්මට !

    පුළුවන් නං Tesla ගැනත් ලියන්න මචං
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔක්කොම ටික කියෙව්වා බං
    එක හුස්මට !

    පුළුවන් නං Tesla ගැනත් ලියන්න මචං

    ටෙස්ලා ගැන දිග ලිපියක් එළකිරියේ තිබ්බා වගේ මතකයි මචං