අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7

    PcYKGWL.jpg

    වෙනදා වගේම කල්වේලා නොගෙන ලියනාඩෝ ඩා වින්චිගේ ඉතිරි නිර්මාණ සහ සොයාගැනීම් සම්බන්ධව පළවන හත්වන ලිපියට පිවිසෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.කලින් ලිපිය අවසානයේදී කිව්වා වගේ මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඩා වින්චිගේ ග්ලයිඩර ගැනයි.



    ඩා වින්චිගේ ග්ලයිඩරය​

    ලියනාඩෝ ඩා වින්චිගේ ග්ලයිඩරයේ කටු සටහන තවත් පියාඹන යන්ත්‍ර සහ යාන්ත්‍රණ වල එකතුවකි.මෙම කටු සටහන් දෙස බැලීමේදී එම යන්ත්‍රය බොහෝවිට ඩා වින්චි ජීවත්ව සිටි සමයේ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.පහත රූප සටහන්වලින් පෙන්නේ ඔහු එම කටුසටහන් සඳහා සරුංගල සහ කුරුල්ලන් අධ්‍යනය කර තිබෙන බවයි.ඔහු සරුංගලයේ සැකිල්ල පියාඹන යන්ත්‍රයක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ ගෙන තිබෙන බව පෙනේ.

    PDzrvlg.jpg




    නූතන අමුද්‍රව්‍ය වන ඇලුමිනියම් සහ කෘත්‍රීම රෙදි ඔහුගේ සමයේ නොතිබිණි.ඉතිහාසඥයින් පසුකාලයේදී ඩා වින්චි ජීවත්ව සිටි සමයේ සපයා ගත හැකි වූ ද්‍රව්‍ය යොදාගෙන මෙම යන්ත්‍රය නිර්මාණය කල අතර ඊට සුලු නවීකරණයන් කිහිපයක් සමග පියාසර කිරීමේ හැකියාව තිබිණි.එහිදී ඔවුන් අලුත් එක් කලේ දිසාව වෙනස් කරන්නට සුක්කානමක් පමණි.

    පහත දැක්වෙන්නේ ඩාවින්චි ඔහුගේ ග්ලයිඩරය නිර්මාණය කිරීමට යොමුකල මුල්ම කටුසටහන්ය. මෙයින් ඔහුගේ පරිකල්පන ශක්තියේ හික්මවීම කොපමණ දැයි සිතා ගත හැකිය.මෙය වවුලෙක්ගේ පියාපතක් පිළිබඳව කල අධ්‍යනයකි.

    SRV0JGL.jpg





    ඔහු නිතරම කුරුල්ලන් මිලදී ගත් අතර ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය,පියාසැරිය,හැඩය ආදිය අධ්‍යනය කර මුදා හැරතිබේ.

    ඊළඟ කටු සටහනේ දැක්වෙන්නේ කුරුළු පියාපතක සැකිල්ලට යාන්ත්‍රික චලනයක් ලබාදීමට ගත් උත්සාහයකි.


    fe0No2i.jpg



    පහත දැක්වෙන්නේ ඔහුගේ නියම ග්ලයිඩරයේ කටු සටහනයි.​

    CHFfqqD.jpg


    එහි මිනිසෙකුට ගමන් කල හැකි ආකාරයද ඔහු චිත්‍රයට නඟා තිබේ.මිනිසාගේ ඉගටිය මුදුව තුල තිබිය යුතුය.ඔහු පියාපත් දෙකෙන් පහලට එන දඬු දෙක අතින් අල්ලාගත යුතුය.පියාපත් පාලනය කිරීම පාදවලින් සිදු කරයි.

    Bu9D0uu.jpg


    NCdyBSG.jpg


    FAs739U.jpg


    wI3PoyL.jpg






    ඩා වින්චිගේ සරල ග්ලයිඩර් සැලැස්ම

    පහත දැක්වෙන්නේ ඩා වින්චි ඇඳි සරල ග්ලයිඩරයක සටහනකි.එහි සරල බව නිසා බොහෝ විට එය ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන්නට ඇති.

    fivJoE0.jpg



    පහත වීඩියෝව BBCහි වාර්තා වැඩසටහනකින් ලබාගෙන තිබෙන අතර එය ඩා වින්චිගේ ග්ලයිඩරය ප්‍රතිනිර්මාණය කිරීමකි.ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ ඔහුට සපයා ගැනීමට හැකිවූවා යැයි උපකල්පනය කරන අමුද්‍රව්‍ය යොදාගෙනය.ඊට අමතරව එක් කර තිබෙන්නේ සුක්කානමක් පමණි.ඩා වින්චි ග්ලයිඩරය නිර්මාණය කිරීමේදී වායුගතික විද්‍යාවේ සමහර මූලධර්මයන්ද සොයාගෙන තිබෙන බව සමහරුන්ගේ අදහසයි.ඒ නිසා ලියනාඩෝ ඩා වින්චි වායුගති විද්‍යාවේ පීතෘවරයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.




    Assassin's Creed වීඩියෝ ක්‍රීඩාවේ එන ඩා වින්චිගේ ග්ලයිඩරය

    XmZ2BpF.jpg





    ඊළඟ ලිපියෙන් ඩා වින්චිගේ පැරෂූටය ගැන කතා කරමු.



    Source:Leonardodavincisinventions.com

    -HarshaLulzSec-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබේ ලිපි ඉතාමත් හරබරයි!
    රෙප් දෙන්න නම් වටේ ගිහින් වර කියල කියන්නේ ලොක්කා! :(
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මමත් මේ දවස් වල Da Vinci's Demons බලනවා, TV seriesඑකක් උනාට හොන්දින්ම කරල තියෙනව කියල තමයි කියන්න තියෙන්නෙ... පියාඹන මැසිම ගැනත් මේකෙ තියනවා...