අනාගතය දුටු මහා ප්‍රාඥයා - 7
වෙනදා වගේම කල්වේලා නොගෙන ලියනාඩෝ ඩා වින්චිගේ ඉතිරි නිර්මාණ සහ සොයාගැනීම් සම්බන්ධව පළවන හත්වන ලිපියට පිවිසෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.කලින් ලිපිය අවසානයේදී කිව්වා වගේ මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ ඩා වින්චිගේ ග්ලයිඩර ගැනයි.
ලියනාඩෝ ඩා වින්චිගේ ග්ලයිඩරයේ කටු සටහන තවත් පියාඹන යන්ත්‍ර සහ යාන්ත්‍රණ වල එකතුවකි.මෙම කටු සටහන් දෙස බැලීමේදී එම යන්ත්‍රය බොහෝවිට ඩා වින්චි ජීවත්ව සිටි සමයේ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැක.පහත රූප සටහන්වලින් පෙන්නේ ඔහු එම කටුසටහන් සඳහා සරුංගල සහ කුරුල්ලන් අධ්‍යනය කර තිබෙන බවයි.ඔහු සරුංගලයේ සැකිල්ල පියාඹන යන්ත්‍රයක් බවට පරිවර්තනය කරන්නට උත්සාහ ගෙන තිබෙන බව පෙනේ.
නූතන අමුද්‍රව්‍ය වන ඇලුමිනියම් සහ කෘත්‍රීම රෙදි ඔහුගේ සමයේ නොතිබිණි.ඉතිහාසඥයින් පසුකාලයේදී ඩා වින්චි ජීවත්ව සිටි සමයේ සපයා ගත හැකි වූ ද්‍රව්‍ය යොදාගෙන මෙම යන්ත්‍රය නිර්මාණය කල අතර ඊට සුලු නවීකරණයන් කිහිපයක් සමග පියාසර කිරීමේ හැකියාව තිබිණි.එහිදී ඔවුන් අලුත් එක් කලේ දිසාව වෙනස් කරන්නට සුක්කානමක් පමණි.
පහත දැක්වෙන්නේ ඩාවින්චි ඔහුගේ ග්ලයිඩරය නිර්මාණය කිරීමට යොමුකල මුල්ම කටුසටහන්ය. මෙයින් ඔහුගේ පරිකල්පන ශක්තියේ හික්මවීම කොපමණ දැයි සිතා ගත හැකිය.මෙය වවුලෙක්ගේ පියාපතක් පිළිබඳව කල අධ්‍යනයකි.
ඔහු නිතරම කුරුල්ලන් මිලදී ගත් අතර ඔවුන්ගේ පියාපත්වල ව්‍යුහය,පියාසැරිය,හැඩය ආදිය අධ්‍යනය කර මුදා හැරතිබේ.
ඊළඟ කටු සටහනේ දැක්වෙන්නේ කුරුළු පියාපතක සැකිල්ලට යාන්ත්‍රික චලනයක් ලබාදීමට ගත් උත්සාහයකි.
එහි මිනිසෙකුට ගමන් කල හැකි ආකාරයද ඔහු චිත්‍රයට නඟා තිබේ.මිනිසාගේ ඉගටිය මුදුව තුල තිබිය යුතුය.ඔහු පියාපත් දෙකෙන් පහලට එන දඬු දෙක අතින් අල්ලාගත යුතුය.පියාපත් පාලනය කිරීම පාදවලින් සිදු කරයි.
පහත වීඩියෝව BBCහි වාර්තා වැඩසටහනකින් ලබාගෙන තිබෙන අතර එය ඩා වින්චිගේ ග්ලයිඩරය ප්‍රතිනිර්මාණය කිරීමකි.ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ ඔහුට සපයා ගැනීමට හැකිවූවා යැයි උපකල්පනය කරන අමුද්‍රව්‍ය යොදාගෙනය.ඊට අමතරව එක් කර තිබෙන්නේ සුක්කානමක් පමණි.ඩා වින්චි ග්ලයිඩරය නිර්මාණය කිරීමේදී වායුගතික විද්‍යාවේ සමහර මූලධර්මයන්ද සොයාගෙන තිබෙන බව සමහරුන්ගේ අදහසයි.ඒ නිසා ලියනාඩෝ ඩා වින්චි වායුගති විද්‍යාවේ පීතෘවරයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.
ඊළඟ ලිපියෙන් ඩා වින්චිගේ පැරෂූටය ගැන කතා කරමු.
Source:Leonardodavincisinventions.com
-HarshaLulzSec-

ඩා වින්චිගේ ග්ලයිඩරය

පහත දැක්වෙන්නේ ඔහුගේ නියම ග්ලයිඩරයේ කටු සටහනයි.
එහි මිනිසෙකුට ගමන් කල හැකි ආකාරයද ඔහු චිත්‍රයට නඟා තිබේ.මිනිසාගේ ඉගටිය මුදුව තුල තිබිය යුතුය.ඔහු පියාපත් දෙකෙන් පහලට එන දඬු දෙක අතින් අල්ලාගත යුතුය.පියාපත් පාලනය කිරීම පාදවලින් සිදු කරයි.
ඩා වින්චිගේ සරල ග්ලයිඩර් සැලැස්ම
පහත දැක්වෙන්නේ ඩා වින්චි ඇඳි සරල ග්ලයිඩරයක සටහනකි.එහි සරල බව නිසා බොහෝ විට එය ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන්නට ඇති.
පහත වීඩියෝව BBCහි වාර්තා වැඩසටහනකින් ලබාගෙන තිබෙන අතර එය ඩා වින්චිගේ ග්ලයිඩරය ප්‍රතිනිර්මාණය කිරීමකි.ඒ සඳහා යොදාගෙන තිබෙන්නේ ඩා වින්චි ජීවත්ව සිටි සමයේ ඔහුට සපයා ගැනීමට හැකිවූවා යැයි උපකල්පනය කරන අමුද්‍රව්‍ය යොදාගෙනය.ඊට අමතරව එක් කර තිබෙන්නේ සුක්කානමක් පමණි.ඩා වින්චි ග්ලයිඩරය නිර්මාණය කිරීමේදී වායුගතික විද්‍යාවේ සමහර මූලධර්මයන්ද සොයාගෙන තිබෙන බව සමහරුන්ගේ අදහසයි.ඒ නිසා ලියනාඩෝ ඩා වින්චි වායුගති විද්‍යාවේ පීතෘවරයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.
Assassin's Creed වීඩියෝ ක්‍රීඩාවේ එන ඩා වින්චිගේ ග්ලයිඩරය