අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අනාගතය දුටු මහා ප්‍රාඥයා - 8

    wPOIPCb.jpg

    ඩා වින්චි ගැන ලියවෙන ලිපි පෙල තාම අවසන් වුනේ නැහැ.ඒත් දවස් තුනකට විතර පස්සේ තමයි එම ලිපි පෙලේ අටවන දිගහැරුම ඉදිරිපත් කරන්න වෙන්නේ.එහෙනම් වැල්වටාරම් නැතුව ඩා වින්චිගේ පැරෂූටය ගැන කතා කරමු.



    ඩා වින්චිගේ පැරෂූටය

    ඩා වින්චිගේ පැරෂූටය යනු ඔහුගේ පියාඹන යන්ත්‍රවල හැකියාව මැන බැලූ එක් අවස්ථාවක් යැයි කිව හැකිය.එසේ වුවත් මෙම කිසිම යන්ත්‍රයක් ඩා වින්චි විසින් පෞද්ගලිකවම අත්හදා බැලූවා යැයි කිව නොහැකිය.මන්ද ඔහු එම කාලයේ තරුණ විය ඉක්මවා සිටි නිසාය.බොහෝවිට ඔහුගේ ගෝලයෙක් හෝ වෙන යම් අයෙක් මේවා අත්හදා බලන්නට යොදවන්නට ඇති.ඔහුගේ පැරෂූටයේ කටු සටහන්වල දක්වා තිබෙන්නේ මිනිසෙක් තම අත් පමණක් යොදාගෙන පැරෂූටයේ ඉල්ලී සිටින ආකාරයකි.

    V1DGNC1.jpg



    ඔහු එම සටහනේ මෙලෙස ලියා තිබේ.

    "If a man have a tent made of linen of which the apertures (openings) have all been stopped up, and it be twelve braccia (about 23 feet) across and twelve in depth, he will be able to throw himself down from any great height without suffering any injury."


    ලිනන් වලින් මැහූ අඩි 23ක් දිග අඩි 23ක් උස ටෙන්ට් එකක් සහිතව ඕනෑම ඉහල උසකින් පනින අයෙක් කිසිම තුවාලයක් නැතිව බිමට ගොඩ බැසිය හැකිබව ඉන් ඔහු කියා තිබේ.

    kyf3nec.jpg



    මෙම සැලැස්ම ගැන ඔහුට කිසිම සැකයක් තිබී නැත.ඩා වින්චි මෙම නිර්මාණයට ඔහු සතු සුළගේ ප්‍රතිරෝධය සහ ඝර්ෂණය සම්බන්ධ දැනුම සහ ගණිතමය හැකියාව යොදාගෙන තිබේ.




    පැරෂූටය ඇත්තටම වැඩ කලාද?

    පිළිතුර නම් ඔව්!


    qbv3FZj.jpg
    ඇන්ඩ්‍රියන් නිකොලස් සහ ඩා වින්චිගේ පැරෂූටය​


    ඩා වින්චිගේ පැරෂූටය සැලසුම් කිරීමෙන් වසර 500කට පසුව එනම් 2000 ජූනි මාසයේදී ඒ ගැන ආසාවක් තිබූ පිරිසක් සහ පැරෂූට්කරුවන් පිරිසක් ඔහුගේ පැරෂූටය නිර්මාණය කර අත්හදා බලන ලදි.එහිදී ඔවුන් සිදුකල එක වෙනස නම් නූතන පැරෂූට්කරුවාගේ ඇඳුමක් භාවිතා කිරීම පමණි.ඇන්ඩ්‍රියන් නිකොලස් නම් පැරෂූට්කරුවා මීටර් 3000ක් ඉහළින් වූ වායු බැලූනයක සිට ඩා වින්චිගේ පැරෂූටය සමග බිමට පනින ලදි.ඔහු නූතන පැරෂූටයක්ද රැගෙන ගියේ අත්හදා බැලීම අසාර්ථක වුව හොත් දිවිගලවා ගැනීමටය.නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් ඩා වින්චිගේ පැරෂූටය මගින් ඔහුව ආරක්ෂා සහිතව පහළට ගෙන එන ලදි.නමුත් මීටර් 600ක උසකදී ඔහු තම අමතර පැරෂූටය ක්‍රියාත්මක කර පොළොවට ලගාවිය.






    Source:Leonardodavincisinventions.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: olu bakka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සය ගැන ඩාවින්සි කෝඩ් පොතේ තියන දේවල් නම් හරි ද මන්දා, ඒක ප්‍රබන්ධයක් නිසා....
    නමුත් මනුස්සය මොකක් හරි ලොකු දේකට ඉන්වෝල්ව් වෙච්චි පොරක් කියල නම් තේරෙනවා....
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය මනුස්සය ගැන ඩාවින්සි කෝඩ් පොතේ තියන දේවල් නම් හරි ද මන්දා, ඒක ප්‍රබන්ධයක් නිසා....
    නමුත් මනුස්සය මොකක් හරි ලොකු දේකට ඉන්වෝල්ව් වෙච්චි පොරක් කියල නම් තේරෙනවා....

    මොකද්ද කිඹුල් මාමි ඒ කතාව? මොකකටද පොර ඉන්වෝල්ව් වුනේ? :eek:
     
    Nov 29, 2015
    128
    29
    0
    වැදගත් ලිපියක්...
    මචන් මේක Ezio Auditore විසින් සාර්තකව අත්හදා බලනු ලැබුවා:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකද්ද කිඹුල් මාමි ඒ කතාව? මොකකටද පොර ඉන්වෝල්ව් වුනේ? :eek:
    ඒඒඒ....හ්....
    කොහොමද ඒක කියන්නේ.?

    මොකද ඒව දැන ගන්න නම් උඹට යුරෝපා ඉතිහාසය, කිතු සමයේ පැතිරීම,වර්ධනය සහ කතෝලික නිකාය වල උපත, බයිබලය, ජේසු සමිදානන් ගේ කුරුසිය මත මරණය සහ උත්ථානය, එතුමා ගේ ජීවිතය සහ එහ පරස්පර, කිතු දහම ප්‍රචාරණය, ශ්‍රද්ධ වූ දේශය වෙනුවෙන් කල කුරුස යුද්ධ, 6 වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ගේ සිට දෙවන් පියුස් පාප්තුමා දක්වා පාප්වරුන් ගේ රාජකාරි සහ අත යට දේශපාලනය ආදී ලොකු කන්දක් කියවන්න වෙනවා.........