අනාත්ම

Jul 5, 2012
1,773
265
0
:yes: අපි මේ ලෝකෙ ජීවත් වෙනව කියල දැනෙන හැඟීම..

:D:D
මේක බුදු බනේද තියෙන්නේ???

බුදු හමුදුරුවෝ වදාලා " මහණෙනි සඥාව මිරිඟුවක් වගේ" කියල. තමුන්නාන්සේගෙ ඔය මනසට දැනෙන "හැඟීමත්" සඥාවක් කියල ගන්න.
:yes:
 
romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අනාත්ම (අනත්‍ය) වෙන්නේ කොහොමද
    අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව.
    ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ..

    ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක් නෑ.....

    අපි පෙර කළ පුරුදු මේ අත්මයේ දි කරන්න ලෙසි වෙනවා....... මේ වගේ පෙර භව වලදී භාවන කරලා පුරුදු කෙනෙකුට මේ අත්මයේදීත් භාවනා කරන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් සිත සමාදිගත වෙනවා..... මොකද පෙර කළ පුරුද්ද මෙතනට උපකාරි වුනා...... හැබැයි 100% ම උපකාරිෙ වනවාද හැම දෙයක්ම එහෙමද කියන්න බෑ ඒ දේ කියන්න මම දන්නේ නෑ මන් හිතන්නේ එක කියන්න පුලුවන් බුදු කෙනෙකුට තමයි....

    මගේ අවබොධයට අනුව මේ තෙරැම් කරදීම වැරදියි.........

    කරැණු කාරණා තම තමනිව මනසින් සිතා කල්පනා කර තෙරුම් ගන්න අරයා කිව්වා මෙයා කිව්ව අර හමුදුරැවො කිව්වා මේ හමුදුරැවො කිව්වා කියලාත්, විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා...... විශේසයෙන් මේ කාලයේදී මොකද ධර්මය නැතිවෙමින් යන සමයක් මේක.......
    එකම කරැණ ගැන නැවත නැවතත් කල්පනා කරන්න..... මොකද
    එක වරක් කල්පනා කරලා එන පිළිතුර සත්‍ය පිළිතුර ලෙස බාර නොගන්න මේ මනස මොහයෙන් පිරැනු දෙයක්....
    ධාර්මානු කුලව සත්‍ය අසත්‍ය සොයන්න.....

    සියලු දෙනාටම තෙරැවන් සරණයි......

    සියලු සත්වයනට ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණිමට මේ පින හේතු වාසනා වේවා

    සාදු... සාදු... සාදු...

    මම අන්‍යාගමිකයෙක් එත් මෙකයි මම අවබොධ කරගෙන ඉන්න දේ .....

    මම ඉතාම කෙටියෙන් අනිච්ච දුක්ක අනත්‍ය ගැනි ඉතාම කෙටියෙන් මගේ අවබොධයෙන් පැහැදිලි කරලා තියෙනවා
    මෙන්න මෙකේ
    post - http://www.elakiri.com/forum/showthread.php?t=1700099

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    අනේ මංද බං..
    උඹලට ඕන විදියකට හිතා ගනිල්ල..
    මට කමක් නෑ..
    මම දන්න ටික මට ඇති.. උඹල තේරුම් ගත්තත් එකයි, නැතත් එකයි මට..
     
    මේ බුදු බණ නම් නෙවෙයි.

    බුදු බණ දන්න ධර්මධර ද්විභාෂා පඬිවරු වන භික්ෂූන් වැඩ ඉඳලා තියෙනවා නේ.ලංකාවේ වැඩ සිටි භික්ෂුන් දෙනමක් තමයි පුජ්‍ය වල්පොල රාහුල සහ පූජ්‍ය පියදස්සී. වල්පොල රාහුල හාමුදුරුවොන්ගේ පශ්චාත් ආචර්‍ය උපාදි නිබන්දනය සෝබෝන් වල කලේ අවුරුදු 17ක් ගියා. ඒක තමයි What the Buddha Taught කිය්ලා ලෝක ප්‍රසිද්ද පොතක් විදියට පලවුනේ. පියදස්සි හාමුදුරුවොත් Buddha's Ancient Path කියල පොතක් ලිව්වා. මේ හාමුදුරුවරු කාලයක් තිස්සේ පර්යේෂන කරල වෙනත් බුදු සමයේ නිකායන්, සූත්‍ර, අටුවා ඒ වගේම, පාලි දන්න බටහිර භික්ශූන්ගේ අර්ත දක්වීම් බලලා, තමයි මේ ශාස්ත්‍රීය දේවල් කලේ. මෙව ඇකඩමික් වැඩ.

    දැන් පහල වෙලා ඉන්නවා එහෙම මොකුත් ශාස්ත්‍රීය දනුමක් පර්යේශනයක් නැහැ. ත්‍රිපිටකය කියෙව්වා, අටුවාව කියව්වා, ඊටපස්සේ තමන්ට හෝ දායකයනට තේරෙන විදියට බුද්ධ වචනය "වෙනස් කරල, සරල කරලා' පැකට් කරලා දෙන බික්සූන්. මේ ගොල්ල තමයි අනිත්‍ය කියන්න අනිච්ච, අනාත්ම කියන්නේ අනර්ත වගේ සිම්පල් පද නිරුක්තියෙන් මිනිස්සු සෝවාන් කරන්නේ. මේ බික්සූන්ට ඇති භාෂා දනුමකුත් නැහැ, මේ අයට Linguistic වගෙ ෆීල්ඩ් එකක උපාදියක් වත් නැහැ. ඔහෙ ඔලුවට එන මනස්ගාත කියවනව.

    මේකට හරි කැමතියි ඔය මෑතකදී බුදුසමයට ආපු ලංකාවේ අන්‍යාගමික කට්ටිය. අනාත්ම කියන එක ඒගොල්ලන්ට දිරව ගන්න අමාරුයි.

    බුදු සමයේ කෝර් එක (core ) තමයි ත්‍රිලක්ෂනය. ඒකට කවුරු හරි කෙලිනව කියන්නේ බුදු දහම මේ ලෝකෙන් තුරන් කරන්න කටයුතු කරනවා කියන එකයි.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    වෙනස්නොවන කිසි දෙයක් නෑ කිවුවම, මේ තරුවනෙ දැං උඹලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..
    සමහරක් දේවල් වචනවලින් කියන්ඩ හරි අමාරුයි.. මම මේ ටිකේම කල්පනා කළේ උඹලට මේක කොහොමද තේරුම් කරන්නෙ කියල..

    මේකෙ ඉන්නව අති පණ්ඩිතයො.. ඒ හින්ද නිහතමානීව මම කියන දේ තේරුම් ගත්ත එක්කෙනෙක් හරි ඉන්නවනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ.. එතකොට මගේ පැහැදිලි කිරීම සාර්ථක වුණා කියල මට සතුටු වෙන්ඩ පුලුවන්..

    මෙන්න තරුවෙ පැහැදිලි කිරීම.. පොඩි දෙයක් තියෙන්නෙ..
    අපි හිතමු ක්‍රේසි බඩී මැරුණ කියල. බුද්ධාගමේ හැටියට එයාගෙ ආත්මයත් එතනින් ඉවරයි..
    ඒ වුණාට මෙතන තව සියුම් දේවල් ටිකක් තියෙනව තේරුම් ගන්ඩ..
    ක්‍රේසි බඩී මැරිල එයාගෙ ආත්මයත් මැරුණනං ආයෙ මොකටද මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙ..
    උඹල වචන පටලගෙන තියෙන්නෙ..
    ආත්මය කියන්නෙ කෙනෙක්ගෙ මානසික ස්වරූපය, එයාගෙ මතකය, එයාගෙ රුචි අරුචි කම්..
    මේ හැම දෙයක්ම එකම විදියට ස්ථිරව පවතින්නෙ නෑ කියන්ඩයි අනාත්මයි කියන්නෙ..
    ඒත් කාට හරි සිත දියුණු කරපු කෙනෙක්ට කියන්ඩ පුලුවන්, මේ ඉන්නෙ ගිය ආත්මෙ මේ විදියට හිටපු ක්‍රේසි බඩී කියල.. එයාගෙ විදියයි වෙනස්, ගිය භවෙත් හිටියෙ එයාමයි, මැරුණ කියල එයා අතුරු දහන් වෙන්නෙ නෑ.. මේ ඉන්නෙත් එයාමයි.. අන්න ඒ සම්බන්ඳෙ පෙන්නන්ඩ තමා මම තරුව ගත්තෙ.. වෙන දේකට නෙමේ.. ඇයි මචංල කියන දේ හරියට තේරුම් නොගෙන, මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකකට මේ වගේ දේවල් කියන්නෙ...
    පොඩ්ඩක් ගැඹුරට හිතපල්ල..
    ක්‍රේසීබඩී තව භවයන් කීයක් ගෙවන්ඩ ඕනද ? ඒ හැම තැනකම ඉන්නෙ එකම පුද්ගලය නෙමේද ? ඒක අනාත්මයි කියන කතාවත් එක්ක පටලව ගන්ඩ එපා..

    කරුණාකරල මං කියන දේ එක්කෙනෙක් හරි තේරුම් ගත්තනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    කොහොම හරි ඉන්නෙ එයාමනෙ.. භවයෙන් භවයට යන පුද්ගලය එකමනෙ.. එයා මැරුණ කියල ආයෙත් ඒ වෙනුවට ඉපදෙන්නෙ වෙනකෙනෙක් නෙමේනෙ.. එයාගෙ එක එයාගෙ, එක පුද්ගලයෙක් ගත්තොත් එයා සංසාරෙ දිගටම යනව.. ඒ එක්කෙනෙක්.. අන්න එහෙම එකක් කියන්ඩ තමා මම ඔය තරුව ගත්තෙ..
    දැං තේරෙනවද උඹලට ? උඹල ඒක හරියට තේරුම් ගන්නෙ නැතුව, මේ අදහසට ආත්මය කියල දාගෙන..
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    වෙනස්නොවන කිසි දෙයක් නෑ කිවුවම, මේ තරුවනෙ දැං උඹලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..
    සමහරක් දේවල් වචනවලින් කියන්ඩ හරි අමාරුයි.. මම මේ ටිකේම කල්පනා කළේ උඹලට මේක කොහොමද තේරුම් කරන්නෙ කියල..

    අපොයි ඔව්, තමුන්නාන්සේගේ බුද්ධියෙන් අවබෝධ කරගත්ත එක අපිට තේරුම් කොරවන එක තමයි පුරස්නේ නේද? නැතුව සීයක් හමාරක් උගත් ධර්මදර හාමුදුරුවරු කියන එක තමුන්නාන්සේ අවබෝධ කරගන්න එක නෙවෙයි?

    මේකෙ ඉන්නව අති පණ්ඩිතයො.. ඒ හින්ද නිහතමානීව මම කියන දේ තේරුම් ගත්ත එක්කෙනෙක් හරි ඉන්නවනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ.. එතකොට මගේ පැහැදිලි කිරීම සාර්ථක වුණා කියල මට සතුටු වෙන්ඩ පුලුවන්.

    ඇත්ත. ඇත්ත. ඔය අතිපන්ඩිත ගතිය මමායනයත් එක්ක එන මෙව්වා එකක්. උන්ට නම් තේරෙන්නෙම නැහැ අනාත්ම කියන එක. දන්න බම්බුවකුත් නැහැ ඒත් හිතං ඉන්නව මට විතරයි මේක තේරුනේ කියල. මොකක් හරි බම්බුවක් භවයෙන් භවයට යනවා මයි, එහෙම නැත්තං කොහොමද, කවුද සංසාරේ සැරිසරන්නේ කියලා ආත්මයක් නොවන "ආත්මයක්" හදාගන්නව. ඒක අපිටත් "තේරුම් කොරන්න" මහන්සි ගන්නවා.

    මෙන්න තරුවෙ පැහැදිලි කිරීම.. පොඩි දෙයක් තියෙන්නෙ..
    අපි හිතමු ක්‍රේසි බඩී මැරුණ කියල. බුද්ධාගමේ හැටියට එයාගෙ ආත්මයත් එතනින් ඉවරයි..

    මේන්න මෙතනම තියෙනවා අවිඳු අඳුර, අවිද්‍යාව. හැබැයි ඒක පේන්නේ නැහැ. බුද්දාගමේ අපි දන්න තරමින් "ආත්මයක්" නැහැ! ඒක තමයි අනාත්ම කියන්නෙ. මේ යයි කියල පෙන්වන්න පුලුවන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කිව්වේ. දැන් තේරෙනවනේ කවුද උදේ පාන්දර අනාගෙන ඉන්නේ කියලා.

    ඒ වුණාට මෙතන තව සියුම් දේවල් ටිකක් තියෙනව තේරුම් ගන්ඩ..
    ක්‍රේසි බඩී මැරිල එයාගෙ ආත්මයත් මැරුණනං ආයෙ මොකටද මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙ..

    සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.

    උඹල වචන පටලගෙන තියෙන්නෙ..
    ආත්මය කියන්නෙ කෙනෙක්ගෙ මානසික ස්වරූපය, එයාගෙ මතකය, එයාගෙ රුචි අරුචි කම්..

    හෑ? ඒ කියන්නෙ ආත්මයක් තියෙනව කියල ඔබතුමා පිලිගන්නව? බුදු බණේත් ඔහොම තියෙනවද?

    මේ හැම දෙයක්ම එකම විදියට ස්ථිරව පවතින්නෙ නෑ කියන්ඩයි අනාත්මයි කියන්නෙ.

    ඕක තමුන්නාන්සේගේ අර්ත දක්වීමක් විතරයි. ඔහොම බුදු බණේ නම් නැහැ

    ඒත් කාට හරි සිත දියුණු කරපු කෙනෙක්ට කියන්ඩ පුලුවන්, මේ ඉන්නෙ ගිය ආත්මෙ මේ විදියට හිටපු ක්‍රේසි බඩී කියල..
    "පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ.

    එයාගෙ විදියයි වෙනස්, ගිය භවෙත් හිටියෙ එයාමයි, මැරුණ කියල එයා අතුරු දහන් වෙන්නෙ නෑ.. මේ ඉන්නෙත් එයාමයි.. අන්න ඒ සම්බන්ඳෙ පෙන්නන්ඩ තමා මම තරුව ගත්තෙ..
    මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද?

    වෙන දේකට නෙමේ.. ඇයි මචංල කියන දේ හරියට තේරුම් නොගෙන, මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකකට මේ වගේ දේවල් කියන්නෙ...
    පොඩ්ඩක් ගැඹුරට හිතපල්ල..
    ක්‍රේසීබඩී තව භවයන් කීයක් ගෙවන්ඩ ඕනද ? ඒ හැම තැනකම ඉන්නෙ එකම පුද්ගලය නෙමේද ? ඒක අනාත්මයි කියන කතාවත් එක්ක පටලව ගන්ඩ එපා..

    යකෝ, උඹේ ඔලුවෙ තියෙන ආත්මවාදය මෙතන වපුරලා, බුදු බණත් වෙනස්කරන්න හදලා පව්පුරව ගන්නේ නැතුව, ගිහිල්ලා අනත්ත ලක්ඛන සුත්‍රය හොයාගෙන කිවපං!, මිලින්ද පැනයේ පලවෙනි පුරස්නේ කියවලා තේරුම් ගන්න බලපිය!

    කරුණාකරල මං කියන දේ එක්කෙනෙක් හරි තේරුම් ගත්තනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ

    :lol::lol::lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ජිංතක ජිල්ලබකිට;19499953 said:

    අපොයි ඔව්, තමුන්නාන්සේගේ බුද්ධියෙන් අවබෝධ කරගත්ත එක අපිට තේරුම් කොරවන එක තමයි පුරස්නේ නේද? නැතුව සීයක් හමාරක් උගත් ධර්මදර හාමුදුරුවරු කියන එක තමුන්නාන්සේ අවබෝධ කරගන්න එක නෙවෙයි?

    ඇත්ත. ඇත්ත. ඔය අතිපන්ඩිත ගතිය මමායනයත් එක්ක එන මෙව්වා එකක්. උන්ට නම් තේරෙන්නෙම නැහැ අනාත්ම කියන එක. දන්න බම්බුවකුත් නැහැ ඒත් හිතං ඉන්නව මට විතරයි මේක තේරුනේ කියල. මොකක් හරි බම්බුවක් භවයෙන් භවයට යනවා මයි, එහෙම නැත්තං කොහොමද, කවුද සංසාරේ සැරිසරන්නේ කියලා ආත්මයක් නොවන "ආත්මයක්" හදාගන්නව. ඒක අපිටත් "තේරුම් කොරන්න" මහන්සි ගන්නවා.

    මේන්න මෙතනම තියෙනවා අවිඳු අඳුර, අවිද්‍යාව. හැබැයි ඒක පේන්නේ නැහැ. බුද්දාගමේ අපි දන්න තරමින් "ආත්මයක්" නැහැ! ඒක තමයි අනාත්ම කියන්නෙ. මේ යයි කියල පෙන්වන්න පුලුවන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කිව්වේ. දැන් තේරෙනවනේ කවුද උදේ පාන්දර අනාගෙන ඉන්නේ කියලා.

    සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.

    හෑ? ඒ කියන්නෙ ආත්මයක් තියෙනව කියල ඔබතුමා පිලිගන්නව? බුදු බණේත් ඔහොම තියෙනවද?

    ඕක තමුන්නාන්සේගේ අර්ත දක්වීමක් විතරයි. ඔහොම බුදු බණේ නම් නැහැ

    "පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ.

    මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද?

    යකෝ, උඹේ ඔලුවෙ තියෙන ආත්මවාදය මෙතන වපුරලා, බුදු බණත් වෙනස්කරන්න හදලා පව්පුරව ගන්නේ නැතුව, ගිහිල්ලා අනත්ත ලක්ඛන සුත්‍රය හොයාගෙන කිවපං!, මිලින්ද පැනයේ පලවෙනි පුරස්නේ කියවලා තේරුම් ගන්න බලපිය!

    :lol::lol::lol:

    මිලින්ද රජුගේ පැන තියෙන සිංහල ඡෘෆ එකක් හො පොතක් තියෙන ගන්න තැනක් තියේද මම හොයනවා....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මිලින්ද රජුගේ පැන තියෙන සිංහල ඡෘෆ එකක් හො පොතක් තියෙන ගන්න තැනක් තියේද මම හොයනවා....

    http://www.buddhanet.net/pdf_file/milinda.pdf

    සිංහල එක හම්බුනොත් ඔබතුමාට එවන්නම්. මේකත් කියවල තේරුම් ගන්ඩ පුලුවන් නෙව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;19499953 said:
    සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.

    මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට :oo: . උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    මෙහෙම ගන්න. මැරුන කියන සන්සිද්ධිය වුනා - ඊඅලඟට උපත කියන සංසිද්ධිය වුනා. Arising and decaying of Phenomena සන්සිද්ධීන් ඇති වෙනවා නැතිවෙනවා, එපමනයි, පුද්ගලයෙක් සත්වයෙක් නැහැ. එහෙත් උපතෙන් පසු විඳීමක් තියෙනවා (විඳීම් රාශියක් ඇතිවෙලා නැතිවෙලා යනවා), එතනත් පුද්ගලයෙක් නෙවෙයි විඳින්නේ, විඳීමක් තියෙනවා (ඇත්තටම විඳීමක් ඇතිවෙලා නැතිවෙලා යනවා- තියෙනවා කියන කොටම නිත්‍ය සඥාව එනවා)

    කර්ම-විපාක මිනිසුන්ට විෂය නොවේ කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. ඒක බුදු කෙනෙක්ට පමණක් විෂය වන්නක් නේද?

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට :oo: . උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?

    මචෝ උඹ අහන ප්‍රශ්නෙන්ම තේරෙනව මේ ගැන උඹ කොච්චර දැනුවත්ද කියල...
    මේ භවයෙ ඉන්න කෙනෙක් මැරුණොත් ඊළඟ භවයෙ ඉපදෙනකොට එයාගෙ ලක්ෂණ ටිකක් වෙනස් වෙයි, ආයෙ තව භවයකට ගියාම තවත් ටිකක් වෙනස් වෙයි, ඔහොම දිගටම යනකොට කොච්චර වෙනස් වෙලා තියෙියිද... අන්න ඒකටයි මම නං අනාත්ම කියන්නෙ... ඒත් මේ දිගටම යන්නෙ එක පුද්ගලයෙක්, එයා තව පුද්ගලයෙක් නෙමේ.. මේ භවයෙදිත් විඳින්නෙ උඹමයි ලබන භවයෙදිත් විඳින්නෙ උඹමයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට :oo: . උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?

    මම සම්බන්ධයක් දකින්නෙ වෙන මොකකින්වත් නෙමේ මචං
    මේ භවයෙ උඹට දුක සතුට දැනෙනව, ලබන භවයෙ උඹට දුක සතුට දැනෙන්නෙ නැද්ද ? වෙන කෙනෙක්ටද ඒක දැනෙන්නෙ ? උඹට නෙමේද දැනෙන්නෙ.. ආත්මයි වෙනස් වෙවී ගියත් උඹ උඹමයි..
    මේ භවයෙ හිටිය උඹමයි ලබන භවයටත් යන්නෙ, ඒකයි මේ සංසාරෙ කෙලවර කරන්ඩත් මහන්සි වෙන්නෙ.. නැත්තං උඹ මැරිල ගියාට පස්සෙ කතාව ඉවරයි නෙ... ආයෙ ඉපදෙන්නෙ නෑනෙ.. :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    මම තරුවෙන් සංකේතවත් කරන්නෙ එක පුද්ගලයෙක් කියන එකයි.. වෙනස් නොවන ආත්මයක් ගැන නෙමේ.. එහෙම කිව්වොත් තේරෙයිද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    ජිංතක ජිල්ලබකිට;19500138 said:

    මෙහෙම ගන්න. මැරුන කියන සන්සිද්ධිය වුනා - ඊඅලඟට උපත කියන සංසිද්ධිය වුනා. Arising and decaying of Phenomena සන්සිද්ධීන් ඇති වෙනවා නැතිවෙනවා, එපමනයි, පුද්ගලයෙක් සත්වයෙක් නැහැ. එහෙත් උපතෙන් පසු විඳීමක් තියෙනවා (විඳීම් රාශියක් ඇතිවෙලා නැතිවෙලා යනවා), එතනත් පුද්ගලයෙක් නෙවෙයි විඳින්නේ, විඳීමක් තියෙනවා (ඇත්තටම විඳීමක් ඇතිවෙලා නැතිවෙලා යනවා- තියෙනවා කියන කොටම නිත්‍ය සඥාව එනවා)

    කර්ම-විපාක මිනිසුන්ට විෂය නොවේ කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. ඒක බුදු කෙනෙක්ට පමණක් විෂය වන්නක් නේද?

    මට මේක කියපං මචං
    උඹ මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි.. තව භවයක් ගැන හිතල, සංසාරෙ කෙටි කරගැනීමක් ගැන හිතල උඹ මොකුත් කරන්ඩ ඕනෙම නැද්ද ? මොකද උඹ කියන විදියට මේ ආත්මෙන් උඹ ඉවරයි.. ආයෙ නිවන් දකින්ඩ දේකුත් නෑ.. ඇයි ඉතිං උඹ නෑනෙ.. (උඹෙ තරුව නෑනෙ) ලබන ආත්මෙ දුක සතුට විඳින්ඩ උඹ නෑ.. (උඹ කියන තරුව නෑ) එහෙම කිව්වොතින්වත් තේරෙයිද ? :confused: