අපි මේ ලෝකෙ ජීවත් වෙනව කියල දැනෙන හැඟීම..


මේක බුදු බනේද තියෙන්නේ???
බුදු හමුදුරුවෝ වදාලා " මහණෙනි සඥාව මිරිඟුවක් වගේ" කියල. තමුන්නාන්සේගෙ ඔය මනසට දැනෙන "හැඟීමත්" සඥාවක් කියල ගන්න.

අපි මේ ලෝකෙ ජීවත් වෙනව කියල දැනෙන හැඟීම..



අනාත්ම (අනත්‍ය) වෙන්නේ කොහොමද
අනත්‍ය කියන්නේ කිසිම සාරයක් නෑ කියන අදහස.. මෙතන සාරය යෙන් අදහස් කරන්නේ අපි සමාන්‍ය දන්න සාරය නොවෙයි.. ලොකයෙන් එතර (ලොකොත්තර) වීමට අවශ්‍ය උපකාරය හේතුව.
ගොඩක් දෙවල් ලෞකීක සාරයන් තියෙන්නේ ලෞකීක සාරය ලොකයෙන් එතර වීමට උපකාරි වෙන්නේනෑ..
ගොඩක් අය කියනවා අනාත්ම (අනත්‍ය) කියන්නේ අත්මයක් නෑ කියන එක කියලා .... එක වැරදියි බුදු රාජානන් වහන්සේලා ආත්මයක් සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ මගේ දැනුම හැටියට... අනික බුද්ධ ධර්මයේ ලොකොත්තර හො ලෞකීක දෙකෙම අත්මයක් කියලා දෙයක් නෑ.....
අපි පෙර කළ පුරුදු මේ අත්මයේ දි කරන්න ලෙසි වෙනවා....... මේ වගේ පෙර භව වලදී භාවන කරලා පුරුදු කෙනෙකුට මේ අත්මයේදීත් භාවනා කරන්න පටන් ගත්තොත් ඉතා ඉක්මනින් සිත සමාදිගත වෙනවා..... මොකද පෙර කළ පුරුද්ද මෙතනට උපකාරි වුනා...... හැබැයි 100% ම උපකාරිෙ වනවාද හැම දෙයක්ම එහෙමද කියන්න බෑ ඒ දේ කියන්න මම දන්නේ නෑ මන් හිතන්නේ එක කියන්න පුලුවන් බුදු කෙනෙකුට තමයි....
මගේ අවබොධයට අනුව මේ තෙරැම් කරදීම වැරදියි.........
කරැණු කාරණා තම තමනිව මනසින් සිතා කල්පනා කර තෙරුම් ගන්න අරයා කිව්වා මෙයා කිව්ව අර හමුදුරැවො කිව්වා මේ හමුදුරැවො කිව්වා කියලාත්, විශ්වාස කරන්නත් එපා අහක දන්නත් එපා...... විශේසයෙන් මේ කාලයේදී මොකද ධර්මය නැතිවෙමින් යන සමයක් මේක.......
එකම කරැණ ගැන නැවත නැවතත් කල්පනා කරන්න..... මොකද
එක වරක් කල්පනා කරලා එන පිළිතුර සත්‍ය පිළිතුර ලෙස බාර නොගන්න මේ මනස මොහයෙන් පිරැනු දෙයක්....
ධාර්මානු කුලව සත්‍ය අසත්‍ය සොයන්න.....
සියලු දෙනාටම තෙරැවන් සරණයි......
සියලු සත්වයනට ඒ උතුම් ධර්මය අවබොධ කරගෙන ඒ නිවන් පුරයට පැමිණිමට මේ පින හේතු වාසනා වේවා
සාදු... සාදු... සාදු...
මම අන්යාගමිකයෙක් එත් මෙකයි මම අවබොධ කරගෙන ඉන්න දේ .....
මම ඉතාම කෙටියෙන් අනිච්ච දුක්ක අනත්‍ය ගැනි ඉතාම කෙටියෙන් මගේ අවබොධයෙන් පැහැදිලි කරලා තියෙනවා
මෙන්න මෙකේ
post - http://www.elakiri.com/forum/showthread.php?t=1700099
වෙනස්නොවන කිසි දෙයක් නෑ කිවුවම, මේ තරුවනෙ දැං උඹලට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..
සමහරක් දේවල් වචනවලින් කියන්ඩ හරි අමාරුයි.. මම මේ ටිකේම කල්පනා කළේ උඹලට මේක කොහොමද තේරුම් කරන්නෙ කියල..
මේකෙ ඉන්නව අති පණ්ඩිතයො.. ඒ හින්ද නිහතමානීව මම කියන දේ තේරුම් ගත්ත එක්කෙනෙක් හරි ඉන්නවනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ.. එතකොට මගේ පැහැදිලි කිරීම සාර්ථක වුණා කියල මට සතුටු වෙන්ඩ පුලුවන්.
මෙන්න තරුවෙ පැහැදිලි කිරීම.. පොඩි දෙයක් තියෙන්නෙ..
අපි හිතමු ක්‍රේසි බඩී මැරුණ කියල. බුද්ධාගමේ හැටියට එයාගෙ ආත්මයත් එතනින් ඉවරයි..
ඒ වුණාට මෙතන තව සියුම් දේවල් ටිකක් තියෙනව තේරුම් ගන්ඩ..
ක්‍රේසි බඩී මැරිල එයාගෙ ආත්මයත් මැරුණනං ආයෙ මොකටද මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙ..
උඹල වචන පටලගෙන තියෙන්නෙ..
ආත්මය කියන්නෙ කෙනෙක්ගෙ මානසික ස්වරූපය, එයාගෙ මතකය, එයාගෙ රුචි අරුචි කම්..
මේ හැම දෙයක්ම එකම විදියට ස්ථිරව පවතින්නෙ නෑ කියන්ඩයි අනාත්මයි කියන්නෙ.
"පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ.ඒත් කාට හරි සිත දියුණු කරපු කෙනෙක්ට කියන්ඩ පුලුවන්, මේ ඉන්නෙ ගිය ආත්මෙ මේ විදියට හිටපු ක්‍රේසි බඩී කියල..
මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද?එයාගෙ විදියයි වෙනස්, ගිය භවෙත් හිටියෙ එයාමයි, මැරුණ කියල එයා අතුරු දහන් වෙන්නෙ නෑ.. මේ ඉන්නෙත් එයාමයි.. අන්න ඒ සම්බන්ඳෙ පෙන්නන්ඩ තමා මම තරුව ගත්තෙ..
වෙන දේකට නෙමේ.. ඇයි මචංල කියන දේ හරියට තේරුම් නොගෙන, මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකකට මේ වගේ දේවල් කියන්නෙ...
පොඩ්ඩක් ගැඹුරට හිතපල්ල..
ක්රේසීබඩී තව භවයන් කීයක් ගෙවන්ඩ ඕනද ? ඒ හැම තැනකම ඉන්නෙ එකම පුද්ගලය නෙමේද ? ඒක අනාත්මයි කියන කතාවත් එක්ක පටලව ගන්ඩ එපා..
කරුණාකරල මං කියන දේ එක්කෙනෙක් හරි තේරුම් ගත්තනං පොඩි කමෙන්ට් එකක් දාන්ඩ



ජිංතක ජිල්ලබකිට;19499953 said:
අපොයි ඔව්, තමුන්නාන්සේගේ බුද්ධියෙන් අවබෝධ කරගත්ත එක අපිට තේරුම් කොරවන එක තමයි පුරස්නේ නේද? නැතුව සීයක් හමාරක් උගත් ධර්මදර හාමුදුරුවරු කියන එක තමුන්නාන්සේ අවබෝධ කරගන්න එක නෙවෙයි?
ඇත්ත. ඇත්ත. ඔය අතිපන්ඩිත ගතිය මමායනයත් එක්ක එන මෙව්වා එකක්. උන්ට නම් තේරෙන්නෙම නැහැ අනාත්ම කියන එක. දන්න බම්බුවකුත් නැහැ ඒත් හිතං ඉන්නව මට විතරයි මේක තේරුනේ කියල. මොකක් හරි බම්බුවක් භවයෙන් භවයට යනවා මයි, එහෙම නැත්තං කොහොමද, කවුද සංසාරේ සැරිසරන්නේ කියලා ආත්මයක් නොවන "ආත්මයක්" හදාගන්නව. ඒක අපිටත් "තේරුම් කොරන්න" මහන්සි ගන්නවා.
මේන්න මෙතනම තියෙනවා අවිඳු අඳුර, අවිද්‍යාව. හැබැයි ඒක පේන්නේ නැහැ. බුද්දාගමේ අපි දන්න තරමින් "ආත්මයක්" නැහැ! ඒක තමයි අනාත්ම කියන්නෙ. මේ යයි කියල පෙන්වන්න පුලුවන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. ඒකයි අනාත්ම කිව්වේ. දැන් තේරෙනවනේ කවුද උදේ පාන්දර අනාගෙන ඉන්නේ කියලා.
සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.
හෑ? ඒ කියන්නෙ ආත්මයක් තියෙනව කියල ඔබතුමා පිලිගන්නව? බුදු බණේත් ඔහොම තියෙනවද?
ඕක තමුන්නාන්සේගේ අර්ත දක්වීමක් විතරයි. ඔහොම බුදු බණේ නම් නැහැ
"පෙර විසු කඳ පිලිවෙල දන්නා නුවණ" පහලවූ කෙනෙක්ට එහෙම කියන්න පුලුවන් තමයි- ඒකෙන් කියවෙන්න නැහැ නේ ආත්මයක් තියෙනවා කියලා. ඒක සම්මුති ලෝකයට ගැලපෙන්න කියනව. ඒත් පරමාර්ත වශයෙන් එහෙම දෙයක් නැහැ.
මේන්න අමු ආත්මවාදය! අම්මෝ මේකද මේ අපිට තේරුම් කොරන්න හදන්නේ මහත්තයෝ? සම්බන්දෙ පෙන්නන්න නේහ්? කනෙක්ශන් එක නේහ්? ඒක නැති වුනොත් ඉවරයි නේද?
යකෝ, උඹේ ඔලුවෙ තියෙන ආත්මවාදය මෙතන වපුරලා, බුදු බණත් වෙනස්කරන්න හදලා පව්පුරව ගන්නේ නැතුව, ගිහිල්ලා අනත්ත ලක්ඛන සුත්‍රය හොයාගෙන කිවපං!, මිලින්ද පැනයේ පලවෙනි පුරස්නේ කියවලා තේරුම් ගන්න බලපිය!
![]()
මිලින්ද රජුගේ පැන තියෙන සිංහල ඡෘෆ එකක් හො පොතක් තියෙන ගන්න තැනක් තියේද මම හොයනවා....
ජිංතක ජිල්ලබකිට;19499953 said:සංසාරේ පවතින්න ආත්මයක් ඔනේද? සංසාරය කියන්නේ මොකද්ද? සන්සාරේ කියන්නේ පටිච්ච සමුප්පාදය. එක උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා- තව උපතක් ඇතිවුනා, ජරාවට පත්වුනා, මලා. ඕකට මොකටද ආත්මයක්? ඔතන එක මරනයකින් අනිත් උපතට යන යමක් නැහැ. බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව කිව්වා එහෙම යන යමක් නැහැ කියල! ඒ වුනාට සමහරුන්ට ඔකේ මොකක් හරි කනෙක්ශන් එකක්, සම්බන්දයක් හදාගන්න ඔනේ. එක වෙලවකට කියනවා විඥානය යනවා කියල, තව වෙලාවකට කියනව "තරුවකින් පෙන්නන වෙනස් වෙවී යමක් යනවා" කියලා. තමන් කියන දේ කිසිම සංගත බවක් නැහැ කියලාවත්, අනෙත් අයට තමන් "ජෝක්" වෙනව කියලවත් පේන්නේ නැහැ.
. උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ? මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට. උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?
මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට. උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?
මචන් මේ දේ මටත් තේරුම් ගන්න අමාරුයි දන්නවනං කියල දීපන්, මිනිස්සු ඉපදෙනව මැරෙනව ආය ඉපදෙනවා මැරෙනව. මේ මැරුන කෙනෙක් නැවත උපදිනවා කියනකොට ඒ දෙක සම්බන්ද කරන මොනම වත් දෙයක් නැද්ද උඹ කියන විදියට. උපතකට අපි අරන් යන මොනවත්ම නැද්ද ? එතකොට අපි පෙර කල කුසල් අකුසල් කියල දෙයක් අරන් යන්නෙත් නැද්ද ? එහෙම අරන් යන දෙයක් නැතිනං අලුතෙන් ඉපදෙන කෙනා අලුතෙන්ම ඉපදෙන ජීවියෙක් මිසක් කලින් ඉපදිලා ඉඳල මැරිල ගිය කෙනෙක් නෙවේ නේද ?

ජිංතක ජිල්ලබකිට;19500138 said:
මෙහෙම ගන්න. මැරුන කියන සන්සිද්ධිය වුනා - ඊඅලඟට උපත කියන සංසිද්ධිය වුනා. Arising and decaying of Phenomena සන්සිද්ධීන් ඇති වෙනවා නැතිවෙනවා, එපමනයි, පුද්ගලයෙක් සත්වයෙක් නැහැ. එහෙත් උපතෙන් පසු විඳීමක් තියෙනවා (විඳීම් රාශියක් ඇතිවෙලා නැතිවෙලා යනවා), එතනත් පුද්ගලයෙක් නෙවෙයි විඳින්නේ, විඳීමක් තියෙනවා (ඇත්තටම විඳීමක් ඇතිවෙලා නැතිවෙලා යනවා- තියෙනවා කියන කොටම නිත්‍ය සඥාව එනවා)
කර්ම-විපාක මිනිසුන්ට විෂය නොවේ කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කලේ. ඒක බුදු කෙනෙක්ට පමණක් විෂය වන්නක් නේද?
